ඒඇස්පී ළමාහේවා ගේ තක්කඩි ගේමක් අනාවරණය වේ

 


පසුගියදා අම්බලන්ගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා දැනට ඩුබායි සිට මෙරට හෙරොයින් ජාවාරමේ නිරත පාතාල ක්‍රියකොරිකයකු වන කොස්ගොඩ සුජීවගේ මාමා බව අනාවරණය කෙරුවෙමු.

අම්බලන්ගොඩ මි⁣ටි සැන්ටා.......

ඒ සමගම කොස්ගොඩ සුජීවගේ හොරොයින් ජාවාරමට සමිබන්ධ අම්බලන්ගොඩ මි⁣ටි සැන්ටා පිළිබඳවද සඳහනක් කෙරුවෙමු.මේ මිටි සැන්ටා නම් හොරොයින් ජාවරම්කරු ගේ දුක් ගන්නා රාළ වූයේ රහස් පොලීසියේ ඒඇස්පී මෙරිල් රංජන් ළමාහේවා බවද අපි පැව⁣සුවෙමු.

මෙම අනාවරණයත් සමගම ඒඇස්පී ළමාහේවාගේ යටි බිම් ගත පැටිකිරිය පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇතැම් පොලිස් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අතර කතාබහක් ඇති වී තිබේ.ඒඇස්පී මෙරිල් රංජන් ළමාහේවා ලෝක තක්කඩියෙකි.අපගේ ප්‍රවෘත්තිය  පල වීමත් සමගම කොස්ගොඩ සුජීවගේ ගෝලයන් සමග තමන්ගේ සම්බන්ධවක් නැතැයි ඇඟවීමට ඒඇස්පී  ළමාහේවා වි⁣ශේෂ කාර්ය බලකාය බළල් අතක් ලෙස යොදවා⁣ගනිමින් අම්බලන්ගොඩ මිටි සැන්ටාගේ නිවසට විශේෂ බලකායේ නිළධාරීන් කණ්ඩායමක් යැවීම⁣ට කටයුතු කර තිබේ.එම විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම මිටි සැන්ටාගේ නිවසට ගොස් ඇත්තේ වැටලීමක් කිරීම සඳහා නොවන බව ඔවුන් එහි පැමිණ සිදු කළ රාජකාරිය ගැන අවධානයෙන් සිටි ප්‍රදේශවාසීන් පවසා සිටී.විශේෂ කාර්ය බලකාය  එහි   පැමිණ පැය ගණනාවකින් මිටි සැන්ටා ඩුබායි රාජ්‍ය  රාජ්‍යයට ගිය  බව වාර්තා වේ.

මේ සැලසුමේ ඊළඟ කොටස ගැන තොරතුරු අනාවරනය ⁣කර ගත් විට ඒඇස්පී ළමාහේවා යටි කූට්ටු ගේම ගැන අදහසක් ගත හැකිය.ඒ මිටි සැන්ටාට විදේශ ගත වීමට සළසා කොස්ගොඩ සුජීවගේ තවත් සමීපතමයකු ලෙස සැලකෙන කොස්ගොඩ සැන්ඩා විශේෂ කාර්ය බලකාය ලවා හොරොයින් ලඟ තබා ගත්තේ යැයි අත්අඩංගුවට ගැනීමය.දැන් කොස්ගොඩ සැන්ඩා බන්ධනාගාර ගත කර සිටී.

ඒඇස්පී ළමාහේවා යටි කූට්ටු ගේම .......

මිටි සැන්ටා වෙනුවට සැන්ඩා අත් අඩංගුවට ගැනීමත් මිටි සැන්ටාට ඩුබායි රාජ්‍යයට පලා යාමට අවශ්‍ය සහාය දීමත් ඒඇස්පී ළමාහේවාගේ සැලසුමට සිදු වූවකි. 

මෙවැනි තක්කඩි ගේම් වලින් පොලීසියේ ලොක්කන් හා බුද්ධි අංශ මුලා කෙරුවාට අප රවටන්නට බැරි බව මෙරිල් රංජන් ළමාහේවා ඒඇස්පීට අප ලියා දන්වන්නට කැමතිය.

අප ලියන මේවා සත්‍යයද අසත්‍යද යන්න තහවුරු කර ගැනීමට ඕනෑ කමක් තිබේ නම් කොස්ගොඩ සුජීවගේ හා මිටි සැන්ටාගේ සමීපතමයකු වන පොන්සි දසුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන ලෙස අපි ඉල්ලමු.මේ පොන්සි දසුුුන් අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය හා අනියම් සම්බන්ධය ඇති අය වේ.ධර්මාශෝක විදුහල්පතිණියට මේ වන විට බොහෝ දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී.ඇයට ආරක්ෂාව සැලසීමට පොන්සි දසුන් ගේ මැදිහත් වීමෙන්  කොස්ගොඩ සුජීවගේ මාමා නියෝජ්‍ය විදුහල්පති ලෙස පත් කර ගත් බව පැවසේ.කොස්ගොඩ සුජීවට එරෙහි ප්‍රබල පාතාල කණ්ඩායමක් විසින් පසුගියදා වෙඩි තබන ලද මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා ධර්මාශෝක විද්‍යාලයට පත් කිරීමට පොන්සි දසුන්ට දේශපාලනික උපකාරය ලබා දෙන ලද්දේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ වෙල්ගම මන්ත්‍රීවරයාගේ අවජාතක පුත්‍රයාය.

කොස්ගොඩ සුජීව........

දැන් කොස්ගොඩ සුජීවගේ සමීපතමයන් සිටින්නේ මරණ වරෙන්තුව අතේ තියා ගෙනය.මේ වන විට කොස්ගොඩ සුජීවට එරෙහිව ගේම ඉල්ලා ඇති ප්‍රබලයා හෙට අනිද්දා වන විට සුජීවගේ ගෝල බාලයන්ට බංකර් හදා ගන්නට  සිදු වේයැයි ලංකා දවසට පැවසීය.එහිදී කොස්ගොඩ සුජීවට එරෙහිව බලපිටියේ වාස හාමුදුරුවන් නම්  චීවරධාරියකුද සිටින බව පැවැසේ.මෙම වාස හාමුදුරුවන් නම් චීවරධාරීයා ප්‍රබල දේශපාලකයන් ගොනාට අන්දා හොරොයින් ජාවාරාම ජයට සිදු කරමින් සිටින කට්ටඬි වැඩ කරන අයෙකි. 

කොස්ගොඩ සුජීවට අයත් බව පැවසෙන අම්බලන්ගොඩ ව්‍යාපාර ගොඩනැගිලි දෙකක් බදු කුලී පදනම මත ලබා ගෙන ව්‍යාපාර කරන අයවළුන්ද ප්‍රවේශම් විය යුතු බව කොස්ගොඩ සුජීවට එරෙහි පාතාල ප්‍රබලයා පවසා තිබෙි.මෙම එක් ව්‍යාපාර ගොඩනැගිල්ලක් වසන්ත ජුවලරි නම් රන් බඩු ව්‍යාපාරය පවත්වාගෙන ගිය දෙමළ ජාතිකයකු අයිතිය.අසූව දශකයේ මැද භාගයේදී කොස්ගොඩ නඳුන් නැමැත්තා පානදුරයේ සන් බබා මෙම රන් බඩු මධ්‍යස්ථානය මංකොල්ල කෑමට ගිය අවස්ථාවේ අම්බලන්ගොඩ පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී.කොස්ගොඩ නඳුන් එම මංකොල්ලයෙන් ලබා ගත් ඩොලර් හා රන් බඩු රැගෙන ඉතාලියට පලා යන ලදී.ඔහු එසේ පලා යාමට පෙර එම මංකොල්ලයට සම්බන්ධ වූවන්  පාවා දුන් බවද පොලිස් බුද්ධි තොරතුරු වල දැක්වේ.

සැකකරුවන් පොලීසිය.....

එහිදී එම මංකොල්ලයට සම්බන්ධ පොලිස් අත් අඩංගුවට ගත් සැකකරුවන් පොලීසිය විසින් මරා දමන ලදී.එම ඝාතනයන්ට සම්බන්ධ වූයේ එවකට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්නය.ප්‍රපො ආරියරත්න හා කොස්ගොඩ නඳුන් අතර පැවති රහස් සම්බන්ධය පිළිිබඳව තොරතුරු අපට වාර්තා වූයේ මෙම ප්‍රධාන  පොලිස් පරීක්ෂක වරයා බිරිඳ සමග සිංගප්පූරුවේ කළ සංචාරයකදී එහි වියදම සම්පූර්ණයෙන්ම දරා තිබු⁣ණේ කොස්ගොඩ නඳුන් බව දැන ගැන්මට ලැබුණ නිසාය.මේ වන විට ⁣උපුල් ආරියරත්න ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ.මෙම වසන්ත ජුවලරි මංකොල්ලය සිදු වීමෙන් පසුව ඉන් ලබා ගත් මුදලින් එවකට ⁣අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නැමැත්තාට කොස්ගොඩ නඳුන් කාරයක් තෑගි කළ බව පොලිස් බුද්ධි තොරතුරු වල සඳහන් වේ.කෙසේ වෙතත් මෙම ජුවලරි මධ්‍යස්ථානය මංකොල්ල කෑමෙන් පසු එහි හිමිකාරිත්වය තිබූ ද්‍රවිඩ ජාතිකයන්  එම ව්‍යාපාරික කටයුතු නවතා දමන ලදී.

පොලීසියේ මුදල් විශුද්ධාකරණ අංශය.........

මෙි වන විට කොස්ගොඩ සුජීව විසින් අයිති කරගෙන ඇති වසන්ත ජුවලරි ව්‍යාපාරයට අයත් අම්බලන්ගොඩ පිහිටි ගොඩනැගිල්ල සුජීව විසින් එම ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන කර පැහැරගත් දේපොලකි.පොලීසියේ මුදල් විශුද්ධාකරණ අංශයට ඕනෑ නම් ඒ ගැන සොයන්නට පුළුවන.නමුත් කොස්ගොඩ සුජීවගෙන් ගතමනාව ගෙන ඒවා යටපත් කිරීම ඔට්ටු නැත.මීට පෙර ⁣මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් කොස්ගොඩ සුජීවගේ මාමා වන නියෝජ්‍ය විදුහල්පති ඉහින් බහින රෝග පීඩාවක් නැතුව මුදා හරින ලද්දේ කොස්ගොඩ සුජීව ගේ මුදල් විශුද්ධිකරණ අංශයේ  පොලිස් ලොක්කන්ගේ ඥාතීන්ගේ ගිනුම් වලට බැර කරන ලද කෝටි ගනන් මුදල් නිසා බව පොලිස්පති නොදැන සිටියාට  අප දන්නා නිසාය.   

Comments

Popular posts from this blog

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විමර්ෂකයන් වු රවි හා ශානි ඝාතනයකට රාජ්‍ය බුද්ධි අංශය සුදානම් වෙන බවට තොරතුරක්

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි