Posts

Showing posts from August, 2023

පාර්ලිමේන්තුව විසුරවා හැරීම ස්ථිරයි

Image
  සැමදා නියං එකදා වැහි වලාවේ ජනව⁣හරේ කතාවක් තිබේ.මේ රටේ  දේශපාලනයද මහා නියඟයකට හසු වී තිබේ.සිද්ධ වෙන්නට යන්නේ කුමක්ද යන්න ගැන ජනතාව සිටින්නේ අන්දුන් කුන්දුන් වෙලාය.දේශපාලන නියඟය තුරන් කර මහා ධාරානිපාත වැස්සක් වහින තුරු ජනතාව බලා සිටී.එහෙත් පවතින වටපිටාව තුළ මේ දේශපාලන නියඟයද තමන්ගේ වාසියට සළසා ගත්තවුන් ආණ්ඩුවේ සිටින බව අසන්නට කියවන්නට ලැබෙන තොරතුරු වලින් තහවුරු වෙමින් පවතී.කෙහෙළිය රඹුක්වැල්ල මෙරටට ගෙන්වන ඖෂධ ජාවාරමක කො⁣ටස්කරුවෙකි.   පොදුජන පෙරමුණු ආණ්ඩුව කාලයේදී මෙරටට එන ආයෝජකයන් ගසා කෑ කොමිස් කාක්කා වූ බැසිල් රාජපක්ෂ ගේ ගෙන ගිය සියයට දහයේ ජාවාරම මේ ආණ්ඩුවේ සිදු කරන්නේ සාගල රත්නායකය.නිමල් සිරිපාල හා දියණිය කල දුටු කළ මල්ල පුරවා ගනිමින් සිටී.ප්‍රසන්න රණතුංඟ කොළඹ කේන්ද්‍රීය කරගෙන පිහිටි වටිනා ඉඩම් ඔහුගේ ජාවාරම්කාර හිතවතුන්ට බදු දෙමින් ගාන කපා ගනී.විජේදාස රාජපක්ෂ හා පුත්‍රයා පාතාලයේ ගෝඩ් ෆාදර්ලා සමග ගනුදෙනු කරමින්  කෝටි ගණන් උපයා ගනිමින් අධිකරණය නැති භංගස්ථාන කරයි.කතානායක ගේ පවුලේ වුන් සියළුම දෙනාම කතානායක කාර්ය මණ්ඩලයේය. ඒත් අවාසනාවකට කතානායකට තවමත් ගෙදර බල්ලාට රැකියා අවස

ආර්පිකෝ ට්‍රැක් එකෙන් ර්ලියට ගිය ඇමති කාන්චනගේ ජිල්බෝලේ

Image
  පසු ගිය සෙනසුරාද  විදුලි හා  බල ශක්ති ඇමති කාන්චන විජේසේකර  හොරණ පිහිටි ආර්පිකෝ  ගෝකාට් ට්‍රැක් එකට  ඉන්දන හා  බලශක්ති ඇමති පැමිණසිටියේ ඔහු ගේ නව බිරිද වු ශිහාරාද සිල්වා  සමඟය. ඇයගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනාද සමඟ පැමිණ සිටියාය. රටේ ඉන්දන් මාෆියාවෙන් අසාමාන්‍ය මුදලක් හොරාකන රාජපක්ෂ පවුලේ උන් මෙන්ම සාඟල රත්නායක සමඟ ද බෙදා හදා ගෙන කැමට තරන් ඇමති කාන්චන නිහතමා නි වීම රටක් ලෙසට සමස්ථ ගව සම්පත වු ඔබ අපි ආඩමබර විය යුතුමය. කාන්චන විජේසේකර වැනි ඇමතියන් ජාති ජාතිත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වෙන දෙයක් නිසා නොවේ රාජ්‍ය භාණ්ඩාගාරයට යමින් තිබු ඉන්දන ගෙන්වීමේ හා විකිණිමේ ලාභය තම බිරිදගේ පියාගේ මැක්ලරන්ස් කොම්පැණියට හැරවීමට කට යුතු කිරීම නිසාය. මැක්ලරන්ස්  අයිතිකාර රොහාන් ද සිල්වාට සිටින එකම දියනිය ශිහාරා අද විදුලි බල හා බල ශක්ති ඇමති කාන්චනගේ ආදරණීය බිරිදය. එයත් රටක් ජාතියක් ලෙස අපි ආඩමබර විය යුතුමය. අපි අමුතුම ඇටේ මිනිස්සු බව ලෝකයා එවිට තේරුම් ගනි. රටට ඉන්දන ගෙන් වීමට් කිසිදු අයෙකුට අවසර නොදි ඒ සියල්ලම තම බිරිද අධ‍ය්‍යක්ෂක ධුරය දරණ පියා ගේ නැව් සමාගම තුලින් පමණක් එම ඉන්දන මෙරට

ටිරාන් අලස් ගේ උම්බෑ කීම අළුත්කඩේට අදාල නැත

Image
  නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස් ඊයේ බබා හුකුම් ගනයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.එහිදී ඔහු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නීතිපතිවරයා  විසින් නිදහස් කිරීම  හා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දක්වන ලද්දේ දැඩි ආතතියකිනි.වෛරයකිනි.ඔහුගේ හැම වචනයක් තුළම පැවතියේ ශානි අබේසේකර ගෙන් ද්වේෂ සහගත පලිගැනීමේ වෛරක්කාරී අපේක්ෂාවය. ශානි අබේසේකර නීතිපතිවරයා විසින් නිදහස් කිරීම ඔහු විසින් අනුමත නොකරන බව ඔහුගේ කතාවෙන් පැහැදිලිව තහවුරු විය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ටිරාන් අලස් එම මාධ්‍ය සාකච්ඡාවේ දැක්වූ අදහස්  වෙනමම සාකච්ඡා කිරීම අපගේ අපේක්ෂාවයි. මේ අප ලියන්නේ ශානි අබේසේකරගේ නිදහස් වීම ගැන නහය කසමින් ඔහු දුන් වෛරී සහගත අදහස් දැක්වීම කෙතරම් නිවැරිදිද යන්න ගැනය. ශානි අබේසේකර නීතිපතිවරයා  විසින් නිදහස් කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවේ සිටි මාධ්‍යවේදියකු ප්‍රශ්ණ කළ විට ප්‍රශ්ණයට පිළිතුරු දීමට පෙර ටිරාන් අලස් "නාසය කසන"ආකාරය දැක ගත හැකි විය. බොරු කියන පුද්ගලයකු තම අත් මගින් අසාමාන්‍ය ලෙස තම නහය කැසීම හෝ කන පි⁣ටුපස කැසීම සිදු කරන බව ශරීර අංඟ චලන භාෂාවේ දැක්වේ. ශානි අබේසේකරග

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික සභා රැස්වීමේ ආරවුලක්

Image
  පසුගිය 24 වන දින රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික සභා රැස්වීමේදී මහචාර්ය රොහාන් ගුණරත්න විසින් පාස්කු දින ප්‍රහාරය ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක් සිඳු කළ ප්‍රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වෙන්නේ යැයි අදහස් දැක්වීමේදී මුස්ලිම් කොංග්‍රස් නායක පාම රාවුෆ් හකීම් ඔහුට බාධා කරමින් දැඩි ලෙස බැණ වැදී ඇති බව වාර්තා වේ. මෙහිදී පාම රාවුෆ් හකීම් විසින් මහාචාර්ය රොහාන් ගුණරත්න මහචාර්ය වරයකු නොවන බව ප්‍රකාශ කර ඔහුට රැස්වීමෙන් පිටත්ව යන ලෙසද නියෝග කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික සභාවේ සභාපති වරයා වන්නේ පාම සරත් වීරසේකරය. මහාචාර්ය රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ සි⁣ට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික සභාවට පැමිණියේ සභාවේ ආරාධනාවක් මත බවද  ආරාධිතයකු වශයෙන් පැමිණි ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්ණ කිරීම සඳාචාර සම්පන්න නොවන බව මෙහිදී පාම සරත් වීරසේකර  ප්‍රකාශ කර තිබෙි. පාම සරත් වීරසේකර යනු මෙරට උග්‍ර ජාතිවාදියෙකි.ඔහු වැන්නකු ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආශික සභාවේ සභාපති වරයා වශයෙන් ස්වාධීනව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.මෙම සභා රැස්වීමට රොහාන් ගුණරත්න ගෙන්වා අදහස් විමසීමෙ

රාජා භවතු ධම්මකෝ

Image
  මේ ගණ්ඩතින්දු ජාතකය.උපුටගත්තෙ  මහචාර්ය විලේගොඩ අරියදේව අපේ නායක හාමුදුරුවන්ගෙ පොතකින්..... පුරාණ භාරතයේ කම්පිල්ල රාජ්‍යයේ පංචාල නම් රජ කෙනෙක් හිටියා.මේ රජාගෙ පාලනය හරිම දූෂිතයි.රටේ කිසිම සංවර්ධනයක් තිබුණෙ නැහැ.ජනතාව ගත කෙරුවෙ බොහොම දුක්ඛිත ජීවිතයක්. මේ පංචාල රජා⁣ට අවශ්‍යවුනා තමන් ගැන ජනතාව කියන්නෙ මොනවද කියල දැනගන්න.රජා වෙස් වලාගෙන තමන්ගෙ පුරෝහිතය එක්ක තමන්ගෙ රාජධානිය වටේ සැරිසරන්න ගත්තා. මේ දෙන්න යන ගමනෙ අතරමගදි වලක⁣ට වැටිලා අත පය කැඩුණු මහළු ගැහැණියක් රජතුමාට සාප කර කර විලාප දෙන හැටි දැක්කා.තමන්ගෙ නොසැලකිල්ල නිසා වලකට වැටිල ම⁣ට සාප කරන එක අසාධාරණ නේද කියල රජා ඒ මැහැල්ලගෙන් ඇහැව්වා. මහළු ගැහැණිය රාජාට  මේ විදියට පිළිතුරු දුන්නා. "..මට දීග තල දෙන වයසෙ ළමිස්සියො දෙන්නෙක් ඉන්නවා.උන් දීග ගෙනියන්න කවුරුවත් එන්නෑ.ඉතින් ඒ ළමිස්සියොන්ට කන්න බොන්න ⁣දෙන්න වෙලා තියෙන්නෙ මට.මං ඉතින් කැලේට ගිහින් දර කඩාගෙන ඇවිත් ඒව විකුණල යන්තමින් ජීවිතේ ගැට ගහ ගන්නව.තමන්ටවත් ජීවත් වෙන්න බැරි මේ වගේ කාලෙක ගෑනු ගන්න පිරිමි ලෑස්ති නෑ.මගේ ළමිස්සියො ගෙදරට නාකි වෙන්නෙ රටේ රජා හන්දා තමයි.ඒ නිසාම

කාදිනල් හිමි ජනමතවිචාරණයක් ඉල්ලයි

Image
   ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් පාලමක් ඉඳිකරන්නේ නම් ජනමත විචාරණයකින් ආණ්ඩුව එයට අනුමැතිය ගත යුතු බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කර සිටී.අපේ රට කෑලි කෑලි වලට විකුණ විකුණා එක එක රටවල විවිධ බලවේගවලට යටත් වෙමින් අඥාන තීරණ වලට එළඹී රට විනාශය කරා ගෙන යාමට කිසිවෙකු⁣⁣ට ඉඩ නොදිය යුතු බවද උන්වහන්සේ පවසයි රාගම තේවත්ත පල්ලියේ පසුගියදා පැවැති දේව⁣ මෙහෙයකදී අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් පියතුමා මේ බව සඳහන් කරන ලදී. උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය. " ඒ ගොල්ලො ඉන්දියාවට පාරක් හදනවලු.දැන් ඉන්දියාවෙන් අපට තියෙන ප්‍රශ්ණ මැදැයි.ඔබට මතක ඇති පරිප්පු ගෙනැති දැම්මා එක වතාවක්.එක කාලෙකදි හමුදාවක් එව්වා අපේ රටට.ඔබට මතකයි නම් ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපට බල කෙරුවා.බලකරලා ඒවා අපේ කර උඩ පැටේව්වා.තව පාලමකුත් හදා ගත්තාම හොඳට තියෙයි.කවුද මේ මෝඩ කතා කියන්නෙ.අපේ රට හැමදාම නිදහස් රටක්.කවදාවත් අපා කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නැහැ.වෙන රටකින් කැඩිලා ගියේ නැහැ.ලංකාව එදා ඉඳලම තිබුණෙ වෙනමම.මේ රටේ රජවරු ඉන්දියාවත් එක්ක ආර්ථික ගණු

පොහොට්ටුව පරවෙයි

Image
  පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව මහනුවර,ගාල්ල, මාතර,කුරුණෑගල,පුත්තලම,කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුව  නියෝජනය කරන දේශපාලඥයන් ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එම පක්ෂය ප්‍රධානත්වයෙන් සංවිධානය කරන සන්ධානයකින් තරග කිරීමට  අපේක්ෂිතය. ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එම කණ්ඩායම මේ එකඟතාවට පැමිණි බවද අනාවරණය වේ.මේ කණ්ඩායමට අයත් පිරිස පොදුජන පෙරමුණ මගින් කැඳවන රැස්වීම් පවා මග හරිමින් සිටින බවටද දැනගැන්ම⁣ට තිබේ.

කොස්ගොඩ සුජීව කුජීතයි -සුජීවගේ හාල් කෑලි ඩුබායි වල අනාථ නාථයන් වෙලා

Image
  Sun, 27 Aug at 19:48 අම්බලන්ගොඩ බලපිටිය රත්ගම බෙන්තොට කේන්ද්‍රීය කර ගනිමින් පවත්වාගෙන ගිය කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරම මේ වන විට කඩා වැටී ඇති බව වාර්තා වේ.රත්ගම විදුර  හා මිනුවන්ගොඩ රුවන් විසින් මුහුදු මගින් හොරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රා දෙකක් දකුණු මුහුදු සීමාවේදී අත්  අඩංගුවට ගැනීම සඳහා නාවුක හමුදාවට කොස්ගොඩ සුජීව ඔත්තු සැපයීම නිසා බලපිටියේ  ගිණි කෙලි ඇරඹීම එයට හේතුවයි. සටන ඇරඹෙන්නේ මිනුවන්ගොඩ පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු කොස්ගොඩ සුජීව ගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය  විදුහල්පති දිනුක සොයිසා හට වෙඩි තැබීමෙනි.මේ වෙඩි තැබීමෙන් කොස්ගොඩ සුජීවගේ මාමා හට බේරීමට හැකි වුවද එය සුජීවගේ පාතාල බල පරාක්‍රමයට අභියෝගයක් විය. කොස්ගොඩ සුජීවගේ සිල්ලර ගෝල බාලයන් රට පනින්නට වූයේ  එම සිදුවීමෙන් පසුවය.කොස්ගොඩ සුජීව සමග සම්බන්ධව ඔහුගේ හෙරොයින් ජාවාරමට සහ⁣යෝගය දුන් බලපිටියේ පදිංචිව සිටි  දිනුක සොයිසා,තට්ට සමන් ,පොන්සි  දසුන් ,කොට සැන්ටා,මානවඩු හා  අබිලිං නොහොත් මනෝජ් රාජපක්ෂ ඩුබායි වෙත පලා ගොස් මහල් නිවාසයක පදිංචිව සිටී.මේ අතර ඩුබායි වලට පැන ග

රනිල් ගේ 2048 රට හැදිල්ල මෙන්න ....සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව රටයනකොට රුපි; ලක්ෂ 07ක ඉන්දන දිමනාව ලේකම්ට හරවලා

Image
රනිල් රාජපක්ෂ ගේ ලබ්බේ රට හැදිල්ල අද විගනකාධිපති වාර්තාවකින් එලියට පැමිණ තිබේ. ඒ පසු ගිය දා සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විදේශ ගතවන විට ඔහු විසින් ආණ්ඩුකාරයෙකුට මසකට ඉන්දන සදහා දෙනු ලබන දිමනාව රු; ලක්ෂ 07ක් වන  එම දිමනාව තමා නොමතිකාලය තුල තම පුද්ගලික ලේකම වන  ඥාතියාට හරවා  විදේශ ගතව තිබේ.  2048 දි රනිල් රාජපක්ෂ රටහැදීමට යන්නේ ඒ ආකාරයට බවත් රනිල්ලා  වැනි නාකි මහල්ලන් සමඟ තම බඩ වියත වෙනුවෙන් ගමන් කරන කකුල් දෙකේ ගවසම්පතට අපි මතක් කරන්නෙමු.   මුන් එකට හොරා කන බව නොතේරෙන රටේ ඉහලම නිලධාරින් පැලැන්තියක් සිටීමත් ජාතියේ අවාසනාවකි.  මසකට එක් ආණ්ඩුකාරයෙකුට රු: ලක්ෂ 07 බැගින් වසරකට එක් ආණ්ඩුකාරයෙකු ගේ ඉන්දන දිමනාව පමණක් රුපි; ලක්ෂ 84 කි.  රටේ ආණ්ඩුකාරවරු 9 ක් සිටි ඒ අනුව වසරකට රටේ ධනය මුන් ගිල දමන්නේ රුපියල් 7 කෝටි 56 ලක්ෂයකි. (7,5600000 ) මෙවනි අති විශාල මුදලක් විනාශ වීමට ඉඩදි 2048 තෙක් මේ කාලකන්ණි නාකි මහල්ලන් ජනතාව ගොනාට අන්දමින් සිටීම තවත් නම් බලා නොසිට ජනතාව නැගිටිය යුතුය. 

පොහොට්ටු කාර්යාලය ආරක්ෂා කරන්නේ යුද හමුදාව බව හෙළිවේ

Image
  පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ කාර්යාලයට අද දින සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු ලිපි තොගයක් බාරදීම සඳහා ගියහ.එම ලිපි වල සඳහන්ව තිබුණේ ආණ්ඩුව ඊටීඑෆ් මංකොල්ල කෑම සඳහා ගන්නා කුමන්ත්‍රණකාරී වැඩ පිළිි⁣වෙළට නිදහස් වෙළඳ කළාපයේ සේවක සේවිකාවන්ගේ විරෝධයයි. ලිපි තොගය බාර ගැනීමට පොදු ජන පෙරමුණට සම්බන්ධ නායකයකු එහි නොසිටීම නිසා එම ලිපි තොගය කාර්යාලයේ තබා ඒමට ඒ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට සිඳු විය. ඒ අවස්ථාවේ පොදු ජන පෙරමුණ කාර්යාලයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් මුර රාජකාරියේ නිරතව සිටින ආකාරය දැක ගත හැකි විය.දැන් අපට ප්‍රශ්ණය වී ඇත්තේ දේශපාලන කාර්යාලයකට යුද හමුදාව යොදවා ඇත්තේ කවර  පදනමකින්ද යන්නය. මේ වන විටත් පොදු ජන පෙරමුණ මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂය. තමන්ගේ නිවසේ බල්ලන් නෑවීමට නාවුක හමුදා සෙබළුන් යොදා ගත් බැසිල් රාජපක්ෂ ගේ නෝනා ගේ හැට්ටයේ කටු ගැසීම පවා සිඳු කරන ලද්දේ නාවුක සෙබළියන්ය. පොදු ජන පෙරමු⁣ණේ කාර්යාලයට යුද හමුදා සෙබළුන් රාජකාරියට යොදවා ගෙන ඇත්තේද රාජපක්ෂවරුන්ගේ අධිකාරිවාදී මේනියාව නිසා බව පැහැදිලිය.මේ සිද්ධියෙන් තහවුරු වන්නේ  රාජපක්ෂ වරුන් තමන්ගේ දේශපාලන බල අධිකා

ජාතික රෝහලේ දි බෙහෙත් විද්ද තවත් අයෙක් මැරි වැටේ

Image
කොළඹ ජාතික රොහලට ප්‍රතිකාර ගැනීමට ගිය  වයස අවුරුදු 50ක වරකාපොල පදිංචිකරුවෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමත් සමඟම ඔහු මැරි වැටී ඇති බව කොළඹ ජාතික රෝහලෙන් අදවාර්තාවේ.  මේ වනවිට ලංකාවේ සමස්ථ රෝහල වලින් ප්‍රතිකාර ගැනීමට ගිය අහිංසක මිනිසුන් 09 දෙනෙකු මිය ගොස් ඇත.  ඒ කිසිදු ප්‍රමිතියකින් තොරව බල ඖෂධ මෙරටට ගෙන්වීමේ ප්‍රතිඵලයක් නිසාය .  ඇමති කෙහෙලිය කියන පරිදි රෝහල් අවට මලශාලා තිබු නොත් ඖෂධ නැතත් පෙට්ටියෙන් ගෙදර යා හැකිය. එවනි කාලකන්ණි ඇමතිවරුන් පසු පස යන අමන ජාතියක් සිටින රටටක් ඇත්තේ ලෝකයේ ශ්‍රි ලංකාවේම පමණි.

රාජ්කුමාරිගේ මරණය ඝාතනයක් බවට තීන්දු කෙරේ

Image
  වැලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලීසියේ අත් අඩංගුවේ සිටියදී මිය ගිය රාජ් කුමාරි නම් තැනැත්තියගේ අබිරහස් මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබේ. රාජ්කුමාරි නැමැත්තියගේ ඝාතනයට සම්බන්ධ සියළුම පාර්ශවයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැලිකඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පහර දීමෙන් ඇයගේ මරණය සිඳු වී ඇති බවට කරුණු අනාවරණය වී තිබියදී එය වසන් කිරීමට පොලීසිය  දැඩි උත්සාහයක  නිරත විය.එහෙත් ඇයගේ මරණයට සාධාරණය ඉටු කිරීම සඳහා මෙරට නීතිඥයන් කණ්ඩායමක් මැදිහත්ව කටයුතු කිරීම නිසා එම මිනිස් ඝාතනය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු වූ බව පැහැදිලිය. මේ වන විට වාර්තා වන ආකාරයට රාජ්කුමාරි මිය ගොස් ඇත්තේ මොට ආයුදයකින් හෝ ඊට සමාන බලයකින් පහර දීමෙන් මාංශ පේශී  වලට ඇතිවූ හානියෙන් ශරීරය තුළට රුධිරය කාන්දු වීම හා ඉන් ඇති වූ කම්පනය නිසා බව කරුණු ඉදිරිපත් වී ඇත. වැලිකඩ⁣ පොලීසිය රාජ් කුමාරි  අත් අඩංගුවට ගැනීමෙන් පසුව සුධර්මා නෙත්තිකුමාර නැමැත්තිය ඇයට එරෙහිව පැමිණිල්ලක් කළ බව ඒ දිනවල මාධ්‍ය වාර්තා කර ත

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සීඅයිඩී පරීක්ෂණයක් ඇරඹේ

Image
  ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරණ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් ලිඛිත උපදෙස් පරිදි මෙම පරීක්ෂණ අරඹා ඇති බවද දැන ගැන්මට තිබේ. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය වසරේ අරගලය පැවැති සමයේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම සදහා යුද හමුදාවට නියෝග  නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් පරීක්ෂණය අරඹන ලද  බව පැවසේ. එහිදී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවැති විරෝධතා සම්බන්ධ යෙන් අවධානය යොමු නොකිරීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිණි තැබීම දක්වා පැතුරුණ ප්‍රචන්ඩත්වය වලක්වා නොගැනීම හා රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව තහවුරු නොකිරීම  ආදී  චෝදනා ගනනාවක් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදු කළ නිර්දේශ පරිදි මෙම පරීක්ෂණය සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ. හිටපු යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා  ක⁣ට්ටඬියකු යැයි පැවසෙන මානසික ආබාධිතයකු  ගේ අනාවැකි වලට රැවටී සතියකට වරක් කෙම්මුර දින

හිටපු ඡෙ.පො.අධිකාරී ශානි අබේසේකර ගැන කෙටි සටහනක්

Image
  ⁣"....ශානි අබේසේකර එයාට හිතෙන එකට හරියන්න විමර්ශනය කරනවා.ඒ ගැන මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්ණ කරන්නේ නැහැ.යුද්දය කරපු අයවයි,නාවුක හමුදාපතිවයි,බුද්ධි අංශය හිරේ දාන්නයි,මාව හිරේ දාන්නයි.එච්චර විතරක් නොවෙයි ඒ ගොල්ලො කොහොමද මගේ නම කියන්නෙ කියල බල කරපු  නිළධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්ණ කරන්නේ නැහැ.." මිල්ටෙරි නන්දසේන 2019 නොවැම්බර් 24 වනදා සංඝයා වහන්සේලා පිරිසක් හමුවට ගො⁣ස් ශානි අබේසේකරට එරෙහිව මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබුණි. ඒ වන විට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ ⁣දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසීම් තජුඩීන් ඝාතනය,කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ශිෂ්‍යයන් 11 දෙනෙකු කප්පම් ගැනීමේ අපේක්ෂාවෙන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම,මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් කිරීම,  නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් සිඳු කළ ව්‍යාපාරික ශ්‍යාම් ඝාතනය ආදී මෙරට ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලදී .එහිදී එම අපරාධ සිදුවීම් පිළිබඳව මිල්ටෙරි නන්දසේනගෙන්ද ,බස්නාහිර පලාත බාරව ඡෙ.නි.පො දේශබන්දු තෙන්නකෝන් ගෙන් ඇතුළු ප්‍රභූ පිරිසකගෙන් ප්‍රකාශ සට

ශානි අබේසේකරට යුක්තිය ඉටුවේ -වාස් ගුණවර්ධන නඩුවෙන් ශානි නිදහස් වේ

Image
  කොළඹ අපරාධ කොට්ඨාශය විසින් 2020 මහ මමැතිවරණයට දින කිහිපයක් අත් අඩංගුවට ගෙන මාස 10 කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ඇතුළු එම නඩුවේ සියලු සැකකරුවන් නිදහස් කිරීමට ගමිපහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා අද (25) නියෝග කළාය. ත්‍රිපුද්ගල මහාධිකරණයක් විසින් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්ධන ගේ සිද්ධියට අදාල නඩුවේ ගිණි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ආදේශ කර ව්‍යාජ නඩුවක් නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පිරිසක් විසින් 2020 වසරේ ජුලි 31 දා උදෑසන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත් අඩංගුවට ගැණිනි. අනතුරුව උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක නම් නිළධාරීන් දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ.විදේශගතව සිටින හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ද මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර තිබුණි.මෙන්ඩිස් අත් අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශය ශානි අබේසේකරට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙසට ඔහුට බ

පසුගියදා දළදා පෙරහැරේ සිඳුවූ අලි කුලප්පුව ආණ්ඩුවේ මලගම ගැන අනාවැකියක්ද ?

Image
  මේ කතාවේ පෙල ගැස්ම විස්වාස කරන්නට බැරිය.විද්‍යාත්මකව එය මෙසේ සිදුවන්නට ඇතැයි තහවුරු කරන්ටද නොහැකිය.එහෙත් මෙහි සඳහන් කර ඇති ආකාරයට සියල්ල සිඳුවී ඇති බව දේශපාලනිකව තොරතුරු දන්නා අයට අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ සිද්ධි දාමයේ පවතින සම්බන්ධතාව පිළිබඳව සිතන්නෙකුට නලල රැලි ගන්වන විමතිය මිස වෙනත් තීරණයකට එළඹිය හැකි නොවේ.ඒ තරමටම මෙය අද්භූත සිඳුවීමකි. 1959 වර්ෂයේ අගෝස්තු මාසයේ දළදා පෙරහැරේ ගමන් ගත් රාජා නැමති හස්ති රාජයා කුලප්පු වී ඇති කළ කලබලයෙන් පෙරහැර නැරඹීමට පැමිණි පහලොස් දෙනෙක් මරණය පත් වී 120 ක් පමණ තුවාල ලැබීමෙන් රෝහල් ගත කර තිබේ. කුලප්පු වු රාජා හස්තිරාජයා පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුණි.මෙහි ඡායාරූපයේ ඇත්තේ වෙඩි තබා මරා දමන ලද එම හස්තිරාජයා බිම වැටී සිටි අයුරුය. 1959 වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට අගමැතිවරයා ලෙස කටයුතු කළ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායකට වෙඩි තබා ඝාතනය කරන ලදී ඊළඟට 1976 වර්ෂයේ අගෝස්තු මාසයේ දළදා පෙරහැරට සම්බන්ධ පත්තිනි දේවාල පෙරහැරේ ගමන් ගත් හස්තිරාජයකු කුලප්පු වී කලබල කීරීම නිසා ඒ හස්තිරාජයාටද පොලීසිය විසින් වෙඩි තැබිණි. ඉන් වසරක⁣ට පසුව 1977 වර්ෂයේදී මෙරට

පොලිස් ලොක්කන්ට විශ්‍රාම යන විට ලැබෙන පොලිස් දෑවැද්ද මෙහෙමය

Image
  හිටපු පොලිස්පති ගේ කෙරුවාව පිළිබඳව අප පල කරන ලද ලිපියට පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නිරත විවිධ තරාතිරමේ  බොහෝ දෙනෙකුද  පොලීසියෙන් විශ්‍රාම ගත් අයවළුන්ද අප වෙත ප්‍රතිචාර දක්වන ලදී.එහිදී යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකද විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියකුද විය. ඔවුන් අප වෙත පැවසූ තොරතුරු මෙහි සඳහන් කිරීමට පෙර යහපාලන ආණ්ඩුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ලේකම්වරයා  වූ ලයනල් ප්‍රනාන්දු තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසුව   ජනමාධ්‍ය වෙත අනාවරණය කළ කරුණක් පිළිබඳව නැවත සිහිපත් කිරීම වටී.  ජනපතිවරයාගේ ලේකම්වරයා ලෙස සිටි ලයනල් ප්‍රනාන්දු සේවයෙන් ඉල්ලා අස්වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ දුර්වල පාලනය හේතු කර ගෙනය.ලයනල් ප්‍රනාන්දු යනු මෙරට පරිපාලන සේවයේ සිටි දැවැන්තයෙකි.ජනපතිවරයා වෙත අස්වීමේ ලිපිය බාර දුන් ලයනල් ප්‍රනාන්දු පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් එලියට බැස තුන්රෝද රථයක් හයර් කරගෙන බත්තරමුල්ල නිවසට ගිය බව ඒ දිනවල ජනමාධ්‍ය වෙත පවසා තිබුණි. අවුරුදු හතලිහකට ආසන්න කාලයක් පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල තනතුරු වල සිටි ලයනල් ප්‍රනාන්දු සේවයෙන් ඉල්ලා අස්වී ගියේ එහෙමය . උතුර