Posts

Showing posts from July, 2023

පොදුජන පෙරමුණේ මන්ත්‍රී හා ඇමති අතර එකම වේදිකාවේදී මතවාදී ගැටුමක් ඇතිවෙි

Image
  අද දින (30) මාතරදී පැවැත්වූ පොදුජන පෙරමුණු රැස්වීමේදී ආණ්ඩුව හා පොදුජන පෙරමුණ අතර පවතින සීතල ආරවුල පිළිබඳව අනාවරණය වන සිදුවීමක් වාර්තා විය.මෙම රැස්වීම ඇමතූ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරන ලද්දේ  මීළඟට මෙරට බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය හා පොදු පෙරමුණ එක්ව බවය. එහිදී එම වෙිදිකාවේදීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක විසින් අමාත්‍ය කාංචන විජේසේකර ගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දක්වන ලදී. ඔහු එහිදී මෙසේ පැවසුවේය ඉදිරියේදී රටේ ජනාධිපති කවරෙක්ද ඒ කවර පක්ෂයකින්ද යන්න  අපි ඉදිරියෙදි බලාගමු.ඉදිරියේදී අප⁣ට මේ ආණ්ඩුවෙන් තනතුරු ඕන නෑ.අපි ඒක ආයෙත්  මැතිවරණයකින් දිනල පොහොට්ටුව බලය අරගෙන පෙන්වන්නම්.මෙරටේ තෙල් බෙදා හරින්න චීන සයිනො⁣ෆෙන් ආයතනය වෙන්න පුළුවන්.පෞද්ගලික  ආයතන තුනකින් තෙල් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දැම්මෙ ගෝඨාභ⁣ය ජනාධිපති තුමා.ඒත් අපි කවදාවත් බලාපොරොත්තු  වුනේ රාජ්‍ය ආයතනයක් විදියට තියෙන ⁣සිෆෙට්කෝ ආයතනය පෞද්ගලීකරණය කරන්න.පෞද්ගලික ආයතන දෙක තුනකට ⁣ලංකා⁣වෙ තෙල් බෙදන්න දීල කවද හරි දවසක ඒ තෙල් සමාගම් වලට හිතුනොත් මේ ආණ්ඩුව හොඳ නෑ ඒ හන්ද අපි තෙල් බෙ

තරිදු අත්අඩංගුවට ගත් ආකාරය ගැන ආණ්ඩුවේ ලොක්කන් කළකිරීමෙන්

Image
  "...පොලීසිය කරන මේ මෝඩ වැඩ නිසා අපට ඇඳුමක් ඇඳගෙන පාර බැහැල යන්න බෑ ගෙවල් වල අයට මූණ දෙන්නත් බෑ...." මාධ්‍යවේදී තරිඳු  උඩුවරගෙදර පොලීසිය විසින් බලහත්කාරයෙන්  පැහැර යාම පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක එසේ පවසා තිබේ.තරිදු ගේ සිදුවීම පිළිබඳව ජනපති මාධ්‍ය ඒකකයේ ලොක්කා එසේ පවසද්දී එම සිද්ධිය නිසා පොලිස් දෙපාර්තමේන්තුව පවා බරපතල ආකාරයට කම්පනය ⁣වී ඇති බව වාර්තා වෙි.පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත පොලීසිය මෙලෙස බලය අයුතු ලෙස යොදවා ඇති බවය.පොලිස්පති ⁣සී.ඩී.වික්‍රමරත්නද ඒ අදහසේ සිටින බව පැවසේ. කෙසේ නමුත් මාධ්‍යවේදී තරිඳු උඩුවර බලහත්කාරයෙන් අත් අඩංගුවට ගෙන කෘෘර වද හිංසාවට ලක් කිරීම පිළිබඳව  පොලීසියට එරෙහිව ජනපතිවරයා වෙත කරුණු දැක්වීමට ආණ්ඩුවට හිතවත් සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන් ගනනාවක් තීරණයකට එළඹ ඇති බව  වාර්තා වේ.එහිදී මේ කුමන්ත්‍රණකාරී සැළසුම ක්‍රියාත්මක කිරීමට උ⁣පදෙස් දුන් ඡෙනිපො දේශබන්දු සම්බන්ධයෙන්ද විරෝධය දැක්වීමට අදහස් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. 

ආණ්ඩුව ඇතුළේ සීතල ගැටුමක් ඇවිලේ

Image
  පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ හා ඔහුගේ පවුලේ අයවළුන් හ⁣ට මරණීය තර්ජන එල්ලවෙමින් පවතින බව වාර්තා වේ.  ඡෙ.පො.අධිකාරී ඩී.එස් .වික්‍රමසිංහ පාස්කු බෝබ්බ ප්‍රහාරය වැනි අපරාධ සිදුවීම් ගනනාවක විමර්ශන වලට සම්බන්ධ වූ පොලිස් නිළධාරියෙකි. පසුගියදා ඔහූ විශේෂ විමර්ශන අංශයේ සිට පොලීසියේ පර්⁣යේෂණ හා සංවර්ධන අංශය වෙත ස්ථාන මාරු කර යැවීම පිළිබඳව ප්‍රශ්ණ සහගත වටපිටාවක් නිර්මාණය වී තිබුණි. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව වූ විමර්ෂණ වාර්තා විශේෂ විමර්ශන අංශය සතුව පවතින අතර ඡෙ.පො.අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ ඉන් ස්ථාන මාරුවී යාම නිසා එම ගොනු පිළිබඳව අනාරක්ෂිත බවක් මතු වී ඇතැයි වාර්තා වේ. පොලීසියේ සීඅයිඩී අධ්‍යක්ෂ වරයා ලෙස දැනට සංවිධානාත්මක අපරාධ විමර්ශණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රශාන්ත  පත් කිරීමට සැලසුම් කර ඇති බවද දැන ගැන්මට තිබේ.ඡෙ.පො.අධිකාරී ප්‍රශාන්ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියා වන නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයාය. පොලිස් මූලස්ථානයේ කුමන්ත්‍රණකාරීව හා සැළසුම් සහගතව සිදුවෙමින් පවතින ඡ්

මිනිස් ඇට සැකිල්ලක් ඕනෑ කර තිබේ-ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අමතන්න

Image
  රාජපක්ෂ පවුල මෙරට සමාජයට මුදා හරින ලද වෛරස් බොහෝය.ඒ   සොරකම පාදඩකම, බලුකම වනචරකම ආදියයි.ඒ අතරේ ආගමික හා ජාතිවාදී උන්මාදයද වේ. එහෙත් රාජපක්ෂවරුන් ආගම ලෙස විශ්වාසය තැබුවේ මිථ්‍ය දෘශ්ඨික කට්ටඩි ගුරුකම් පිළිබඳවය.නැකැත් සාස්තරය ගැනය.රාජපක්ෂ වරුන්ගේ මේ ඇබ්බැහිය ඇමති මන්ත්‍රීවරුන්ටද, රජයේ උසස් නිළධාරීන්ටද බෝ විය.මේ බොහෝ දෙනාගේ සිතීම වූයේ රාජපක්ෂ වරුන්ට මෙතරම් බලයක් හිමි වූයේ කට්ටඩි ගුරුකම් නිසා බවය.ඥානා වැනි මානසික ආබාධිත ගැහැණුන්ද ජානගත මානසික ආබාධ වලින් පෙලෙන්නන්ද රාජකීය සමාජයට අනාවැකි හා  කට්ටඬි ගුරුකම් කරන්නන්⁣ ලෙස ප්‍රසිද්ධියට පත් විය.කොවිඩ් සමයේ වඩු බාස් වරයකු ගේ කාලි පැණිය  නිශ්පාදනයට රජයේ මුදල් පවා මුදා හැරුනේ මෙවැනි පසුබිමකය. ⁣මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කම⁣ට කෙලවා ගත්තේද  කට්ටඬියෙකු යැයි කියා ගත් පරම්පරාගත මානසික ආබාධිතයකු ගේ කට්ටඩි  ගුරුකම් ගැන විශ්වාස කරන්නට යාම නිසාය.මේ මානසික ආබාධිතයා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පංගාර්තු කෙරුවේ සිරිසේන මන්ත්‍රීවරයාගේ දෝනියැන්දාය.ඒ දෝනියැන්දා මේ පිස්සා හඳුනා ගන්නේ දොස්තර රාජිත සේනාරත්නගේ නෝනා ගෙන්ය.අම්බලන්ගොඩ පැත්තේ

ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැති ශ්‍රී ලංකා පොලීසිය

Image
  මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මාධ්‍ය ආවරණය කරමින් සිටියදී පොලීසිය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ.ඒ පැහැරගැනීමත් ඔහුට ශාරිරිකව වද හිංසා කිරීම පිළිබඳවත් ලංකා දවසේ පිළිකුළ හා  විරෝධය පල කරමු.  ලංකාවෙි පොලීසියට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නේ නැත.බොහෝ පොලිස්කාරයන්ගේ ලැජ්ජා නහරය කපා දමා තිබේ.ඊයේ පෙරේදා දවසක මහා ජනසන්නිපාතයක් ඉදිරියේ අවුරා සමාගමෙි අයිතිකාරයා රාජාංගනයේ ඕඅයිසීට බැණ වැදුනේ උ⁣ඹේ තරු පිටි ගලවනවා යැයි කියමිනි. ඕඅයිසී උසාවියට තමන්ට සිද්ධ වූ තර්ජනය ගැන කියා පැමිනිලි කරන විට උසාවියේ අනිත් දොරටුවෙන් ඇතුලට ආ අවුරා ලොක්කා ඇප අරගෙන එළියට ගියේ ඕඅයිසීට කොකා පෙන්වමිනි.අන්තිම තීන්දුව ආවේ ඕඅයීසී රාජාංගනයෙන් ස්ථාන මාරු කර හරිමිනි.සල්ලි වල⁣ට තමන්ගේ රැහේ එකා පාවා දී පොලිස් ලොක්⁣කෝ අවුරා ලොක්කා ගාව කලිසම ගලවා පස්ස පැත්ත උස්සා දෙකට නැවුනේ එහෙමය. තරිදු උඩුවරගෙදර කුදලාගෙන ගියේ එහෙව් නපුසංක පොලීසියේ වාහේලාය. පොලීසියට ගෙන යන අතරමගදී තරිඳු ⁣ගේ පුරුෂ ලිංගය මිරිකුවේය.පහර දුන්නේය.එහෙම පහරදුන් පොලිසියේ එකෙකුගේ අංකය 706648 බව හෙළිවී තිබේ.මරදාන පොලීසියේ මේ පොලිස් කාරයා බිජු අල්ලන්නට අත ගාන්න

පොලීසියට බැණ තර්ජනය කළ අවුරා ලංකා සභාපති ඇප මත මුදා හැරේ-සැකකරුට පොලීසිය විශේෂ වරප්‍රසාද දී ඇති බව මහේස්ත්‍රාත්වරයා පවසයි

Image
   රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ හට එම පොලිස් බල ප්‍රදේශයේ යාය 18 පැවැති අවුරා සංගීත ප්‍රසංග භූමියේදී බැණ මරණීය තර්ජනය කිරීම පිළිබඳව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී අමිල සෙනෙවිරත්න ඇතුළු රාජාංගනය පොලීසියේ නිළධාරීන් කණ්ඩායමක් අද (26) බී වාර්තාවක් මගින් නොච්චියගම මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබේ. එම අවස්ථාවේ නීතිඥවරියක මාර්ගයෙන් එම අධිකරණයට බාර වූ අවුරා ලංකා සමාගමේ සභාපති නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න විසින් නියෝග කරන ලදී.    අධිකරණයට සිද්ධිය වාර්තා කිරීමට පැමිණි පොලිස් කණ්ඩායම පිටුපසින් ආ සැකකරු අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීම ගැන මෙහිදී මහේස්ත්‍රාත් වරයා පොලීසියට තදබල ලෙස දෝෂාරෝපණය කළ බවද වාර්තා වේ.එම සිදුවීම අධිකරණයට කරුණුුට  වාර්තා කිරීමෙන් පොලීසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා  පොලීසියෙන් විමසූ විට පොලීසිය එයට පිළිතුරු සපයා නැති බවද වැඩිදුරටත් දැනගැන්මට තිබේ.මෙම සැකකරුට නීතිඥවරියක මගින් අධිකරණයට බා

දළදා මාලිගාවේ දියවඩන නිළමෙි පට්ට හොර තඩියෙක් - අස්ගිරිය පාර්ශවයේ පුත්තලම දෙදිසාවේ සංඝනායක සුමිත්ත නාහිමිපාණන් පවසයි

Image
  මහනුවර දළදා මාලිගාවෙි දියවඩන නිළමේ දෑල බණ්ඩාරගේ වැඩ තහනම් කර ඔහු විසින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති වංචා ,දූෂණ,අක්‍රමිකතා ,සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන ලෙසට අස්ගිරිය පාර්ශවයේ පුත්තලම මහ දිසාවේ සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.  එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෑතකදී ප්‍රකාශයට පත් කර ඇති "කපටි උපාසකයා" නම් පොතෙහි දළදාා මාලිගාවේ  දියවඩන  නිළමේවරයාගේ දූෂණ වංචා හා අක්‍රමිකතා ගැන සඳහන්ව ඇති බවත් එහි සඳහන්ව ඇති ආකාරයට බස්නායන නිළමේගේ සමීපතමයකු වන ක්‍රිශාන්ත හිස්සැල්ල නැමැත්තා කිසිදු වත්කමක් නැති පුද්ගලයකුව සිට මේ වන විට ප්‍රකෝටිපතියකුව සිටින්නේ දියවඩන නිළමේගේ සමග කළ වංචනික උපයාගැනීම් වලින් බවත්ය.දළදා මාලිගාව පූජනීය ස්ථානයක් වුවද මෙම දියවඩන නිළමේවරයා එය මාධ්‍ය  මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යමින් ඒ සඳහා සිය ගනනකට ආසන්න කාර්ය මණ්ඩලයක්ද බඳවා ගෙන ඇති බවද පූජ්‍ය සුමිත්ත නාහිමිපාණන් පවසා සිටී. දළදා මාලිගාව පරිශ්‍රයේ පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබූ  මිල කල නොහැකි වටිනාකමින් යුත් රන් රිදී කෞතුක භාණ්ඩ ගණනාවක් අතු

පොලිස් රාළහාමිට එරෙහිව බොරු නඩුවක් පැවරුවාට පොලිස්පති අධිකරණයෙන් සමාව ගනී

Image
  කංසා ළඟ තබා ගත් බවට චෝදනා කරමින් අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත් අඩංගුවට ගන්නා ලද තන්තිරිමලේ පොලීසියේ සේවයේ නියුතුව සිට් පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව පසුගියදා (24) මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හල්යාල හමුවේ පැවැති නඩු විභාගයේදී අනාවරණය වූයේ එම පොලිස් කොස්තාපල් වරයාට බොරු චෝදනා කර නඩු පවරා ඇති බවය.මෙම නඩු විභාගය සඳහා පොලිස්පතිවරයා වෙනුවන් අධිකරණයේ පෙනී සිටි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ මෙම පොලිස් කොස්තාපල් වරයාගෙන් සමාව අයැද සිටින ලදී. තන්තිරිමලේ පොලීසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල් වරයාගෙන් පලි ගැනීම සඳහා සැළසුම් සහගතව කංසා ග්‍රෑම් 85,010 ක් සන්තකයේ තබා ගැනීම,ජාවරම් කිරීම,  ප්‍රවාහනය කිරිම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය කළ විමර්ශනයකදී අනාවරණය වූ බව අධිකරණය වෙත ප්‍රකාශ කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහ පලි ගැනිමේ චේතනාවෙන්  ඔහුට එරෙහිව  නඩුව පවරන ලද අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරීන්

උඹේ තරු පටි ගලවනවා යැයි ම⁣ට අවුරා ලංකා සභාපති තර්ජනය කෙරුවා - රාජාංඟනය පොලිස් ස්ථානාධිපති පවසයි

Image
සංගීතෙට අවසර නුදුන්නොත් උ⁣ඹේ තරු පටි ගලවනවා යැයි තර්ජනය කරමින්  අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල නැමැත්තා තමාගේ රාජකාරියට බාධා කරන ලදැයි සඳහන් කරමින් රාජංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ පොලීසියේ තොරතුරු පොතෙහි සටහනක් තබා ඇති බව වාර්තා වේ. පසුගිය 10 වන දා සිට විශාල ශබ්ද වාහිනී පද්ධති හා විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් රාත්‍රිය පුරාවට රාජංගනය යාය 18 ප්‍රදේශයේ අවුරා ලංකා  සමාගමේ සංවිධායකත්වයෙන් දින 20ක කාලයක් පවත්වන ලද  සංගීත ප්‍රසංඟය සඳහා ලබා දී තිබූ කාලය තවත් දින හයකට දීර්ඝ කරන දෙස ඉල්ලමින් විරංජිත් තාඹුගල මෙලෙස තමාට බැණ තර්ජණය කළ බවද එහිදී පොලිස් ස්ථානාධිපති සඳහන් කර තිබේ.  විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සතුන්ට පීඩාකාරී තත්වයක් මතුවන බැවින්  මෙම සංගීත ප්‍රසංඟයට අවසර ලබා නොදෙන ලෙසද මීට පෙර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඉල්ලා තිබුණි.මෙරට බොහෝ පරිසර සංවිධානද ⁣මේ සංගීත ප්‍රසංඟයට එරෙහිව විරෝධතාව ප්‍රකාශ කරන ලදී.එහෙත් දේශපාලන මැදිහත් වීම් හා පොලීසියේ ⁣ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ගේ සහයෝගය මත මෙරට පවතින නීති උල්ලංඝනය කරමින් මෙම සංගීත ප්‍රසංඟය පැවැත්වීමට අවස

ලංකා දවසේ හෙලි දරව්වෙන් පසු විනිසුරෙක් හරක් කටාගෙන් ගත්ත මිලියන දහය රැකවරණයක් ඇති මිනිහෙක් අතේ ආපසු යවලා

Image
  ලංකා අධිකරණ ඉතිහාසයේ දුෂිතම අගවිනිසුරු වු සරත් නන්ද සිල්වාගේ අග්‍ර පුරෝහිතයෙකු වු මේ වනවිට ලංකාවේ ප්‍රභලම විනිසුරු අසුනක සිටින මොහු නම කී පමණින්ම පට්ටම දුෂිතයෙකු බවට නොදන්න කෙනෙකු නොමැති තරම්ය. කලක් තිස්සේම මහනුවර හා ඒ අවට පලාත්වල සිටි මේ දුෂිත විනිසුරු හොරා මහනුවර නිමල් පීරිස් ගේ බොසාය. ඔහු ගේ නඩු ඇහිල්ල පිලිබදව දන්නේ නිමල් පීරිස් හා ඒ අවට සැරි සැරු අයයි. අද දේශපාලන හෙන් චයියෙකු වී සිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොහු පිලිබදව ඕනෑවටත් වඩා හොදට වර්තමානයේ දැන් ගෙන තිබීම සතුටට කරුණකි. පසු ගිය දවසක දේශ බන්දු හා ඇමති වජිර සමඟ ගොස් හමු වු මොහු පිලිබදව තවත් දුෂණයක් හෙලි වුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවේ සිටින හරක් කටා නිසාය. ඔහු නිදහස් කිරීමට රුපියල් මිලියන් 10ක් ගත්තත් ඔහුට ඒ නඩුවලින් හරක් කටා නිදහස් කිරීමට බැරි වුයේ ලංකා දවසේ හෙලි දරව්ව නිසාය. එ සමඟම හරක් කටා ගෙන් ලබාගත් මුදල ඒ ආකාරයෙන්ම නැවත ලබාදිම සිදු කොට ඇත්තේ රැකවරණයක් ඇති තවත් නිතීඥවරයෙකි මොහු ද ඔහුගේ රැකවරණය නිසාම මුදල ආපසු දී ජාම බේරා ගත් බව අද හරක් කටා එලියට දමා තිබේ. කෙසේ වුවත් විදෙස් ගම

පොහොට්ටුවෙක් පොලීසියේදීම තමන්ගේ "පොහොට්ටුව" පෙන්නලා

Image
   කෝට්ටේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිණියකට කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී වරයකු වන සමන්ත පීරිස් නැමැත්තා වට්ස් ඇප්  මගින් අපහාස කිරීමක් සම්බන්ධයෙන් එම විදුහල්පතිනිය ඇතුළු දෙමව්පියන් කිහිප දෙනෙකු පසුගිය 23 වන දින වැලිකඩ පොලීසියට ගොස් තිබේ. එම අවස්ථාවේ⁣ වැලිකඩ පොලිස් ස්ථානයේ සිටි මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා පැමිණිල්ල කිරීමට ගිය ⁣විදුහල්පතිණිය ඇතුළු මව්වරුන් පිරිසට සිය කලිසමෙහි ෂිප්ට් එක පහතට ඇද පුරුෂ  ලිංගය පෙන්වා ඇත. පොලිස් ස්ථානය තුළදීම අසභ්‍ය ආකාරයෙන් හැසිරුණ මෙම තැනැත්තා ගැන විදුහල්පතිණිය විසින් වැලිකඩ පොලීසියට පැමිනිලි කර ඇතත් ඔහු මෙතෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නැති බව වාර්තා වේ. 

මෙන්න ඇත්ත කතාව

Image
  සෑම වසරකම ජූලි මාසය වන විට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ප්‍රසිද්ධ  ඡායාරූපයක් තිබේ.එම ඡායාරූපය  මෙලෙච්ඡත්වය ප්‍රදර්ශනය කරවන තරමට අමානුෂිකය.පිළිකුල් සහගතය. දැන් එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ බොහෝ අවස්ථාවලදී යොදා ගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හ⁣ට මඩ ප්‍රහාර එල්ල කිරීමට බව පෙනී යයි. එහෙත් එය සත්‍යය නොවේ.එම ඡායාරූපය ගෙන ඇත්තේ 1983 වසරේ ජුලි 23 වනදා රාත්‍රියේ බොරැල්ල බස් නැවතුම්පොලේ දීය.ඡායාරූපය ⁣ගන්නා ලද්දේ රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ චන්ද්‍රගුප්තය. මේ ඡායාරූපය පසුකාලීනව රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් රචිත ප්‍රකාශනයකට තම අවසරය නැතුව ඇතුළත් කිරීම පිළිබඳව මාධ්‍යවේදී චන්ද්‍රගුප්ත විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලදී. මාධ්‍යවේදී චන්ද්‍රගුප්තට වාසි දායක ලෙස එම නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කෙරිණි.රාවය ක⁣ර්තෘ වික්ටර් අයිවන් හෝ මාධ්‍යවේදී චන්ද්‍රගුප්ත විසින් කිසිම අවස්ථාවක මේ ඡායාරූපයේ සිටින්නේ ටිල්වින් සිල්වා බව සඳහන් කර ඇත්තේද නැත.එහි ටිල්වින් සිල්වා සිටියේ නම් ඒ බව අනාවරණය නොකර වසන් කිරීමට  වික්ටර් අයිවන්ට හේතුවක්ද නැත.එය එසේ වූයේ නම් ජනතා

හිටපු වරාය සභාපති ප්‍රියාත් බන්දු ඇතුළු චුදිතයන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කෙරේ

Image
  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ ප්‍රියත් බන්දු වික්‍රමමුණි සහ බහාලුම් මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ ආර්.බී.සංජය කුමාර සහ එවකට එහි කළමනාකාර අධ්‍යක්ෂ වරයා වූ ආර්.සී.ඩබ්.එම්.නිහාල් කැප්පෙටිපොළ  අයවළුන්ට එරෙහිව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද දින කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ. වර්ෂ 2015 දී පැවති ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වරාය අධිකාරියේ සේවකයන් තුන් සිය දහ නව දෙනෙකු රාජකාරියෙන්  පරිබාහිරව යෙදවීම හා ඔවුන් හට වරාය අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් වැටුප් සහ අතිකාල ගෙවීම සිදු කර රජයට ලක්ෂ 650ක පාඩුවක් කරන ලදැයි මෙම චුදිතයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ පනතේ 70 වන වගන්තිය යටතේ මෙම අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.    වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා වන ප්‍රියාත් බන්දු වික්‍රමමුණි මිල්ටෙරි නන්දසේන විසින් කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂමේ අධ්‍යක්ෂ වරයකු ලෙසද පත් කරන ලදී.  

හමුදාවේ සැඟවුන වෙඩික්කරුවන් කොළඹ ප්‍රසිද්ධ හෝටල් වල ස්ථානගත කෙරේ-ප්‍රවේශම් වෙයල්ලා සහෝදරවරුනේ

Image
  රනිල් හාමු ඒකාධිපති ගමනක නිරත වෙමින් සිටින බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවධානයෙන් සිටින බොහෝ දෙනෙකු දැන් වටහා ගෙන තිබේ.මේ සියළුම දෙනා හට ඒ පිළිබඳව අවබෝධයක් පවතින්නේ ආණ්ඩුවේ කියුම් කෙරුම් හරහා බව පැහැදිලිය. ආන්ඩුව ගෙන ඒමට සැළසුම් කර ඇති ඇතැම් අණ පනත් පවා මෙරට මිනිස් අයිතිවාසිකම් ඩෝසර් කර ගෙන යන ඒවා බව අනාවරණය වේ.ඒ  පිළබඳව  මේ වන විටත් ආණ්ඩුවට එරෙහි දේශපාලනික වේදිකාවේ කතා බහට ලක් වෙමින් තිබේ.මේ වන විට ජනපතිවරයා හා ඔහුගේ සමීපතමයන් සිටින්නේ බලය රැකගැනීම පිළිබඳව බරපතල ආරවුලකය.ආණ්ඩුව රැක ගැනීම හා සිය දේශපාලනික ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට ජනපතිවරයා ඇතුළු මේ කණ්ඩායම මිල්ටෙරි  බලය ඉතා සැළසුම් සහගතව හා රහසිගතව මුදා හැරීමට සූදානමින් සිටින බවට අප හට තොරතුරු ලැබී තිබේ. ජනපතිවරයාට හා ඔහුගේ සමීපතමයන්  තුළ පවතින බරපතල සැකය වන්නේ නැවත සමාජය තුල අරගලකාරී තත්වයක් නිර්මාණය වේද යන්න ගැනය.මේ නිසාම සමාජය තුළින් ආණ්ඩුවට එරෙහිව මතු වන විරෝධතාවන් සමාජ කම්පන තරංගයක් නොවන හුදකලා විරෝධයන් බවට පත් කිරීම ක්‍රමානුකූලව සිදු කරමින් පවතී. කොළඹ කේන්ද්‍රීය කරගනිමින් පැවැත්වෙන විරෝධතාවන් හැකි ඉක්මනින් ව

13 ක්‍රියාත්මක කිරීමෙන් ස්වයංපාලනයක් -ජීවන් තොන්ඩමන් ඉන්දියාවේදි කියයි.

Image
  13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් උතුරු නැගෙනහිරට පමණක් නොව සෑම පලාතකටම ස්වයංපාලනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහසමඟ ඉදියානු සංචාරයට එක්ව සිටින ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන පවසයි. ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ සෑම පලාතකටම ඉඩම් හා පොලිස් බලතල ලැබෙන බවත් ඉන් ඒ ඒ පලාත් ස්වයංපාලනයක් ගොඩ නැගි රට දියුණුවක් කරා යන බවකි. 13 තුන්වන සංශෝධනය ක්‍රියාතමක් කලයුතු ආකාරය පිලිබදව ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමට තමන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැමිණි බවත්,මෙහිදි පැවසීය.

එන්නත් කුප්පි වලින් ගතමනාව අරන් /විගණනයෙන් හෙළිවේ

Image
  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ බත් බැලයන්ට අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු අර්බුදයක් නැත.⁣මේ නසරානී තක්කඩියන් ගේ අදහස වී ඇත්තේ රජයේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා යන රෝගීන් මිය යාම සාමාන්‍ය දෙයක් බවය.මේ පාහරයන් මිනිස් ජීවිත තක්සේරු කරන්නේ සිල්ලර විදියටය. එහෙත් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති විගනන වාර්තාවකින් අනාවරණය ⁣වන ආකාරයට නියුමෝනියාව,මෙනිජයිටීස් ඇතුළු රෝගාබාධ කිහිපයක් සඳහා භාවිතා කරන එන්නත් කුප්පියක මිල රුපියල් 45.71කට ඇස්තමේන්තු ගත කර තිබියදී කුප්පියක් මිලයට ගැනීමට රුපියල් 390.60 වියදම් කර එම එන්නත් කුප්පි  250000ක් මිලයට ගැනීමට සෞඛ්‍ය බලධරයන් කටයුතු කර තිබේ. එම ගනු⁣දෙනුවේදී එන්නත් කුප්පියකට වැඩිපුර රුපියල් 353.89 ක් වන පරිදි සමස්ත එන්නත් තොගය⁣ට වැඩිපුර 88,400,00( රුපියල් අට කෝටි අසූ හතර ලක්ෂයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම් කරු වෙත ගෙවා වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගෙන ඇති බවද එම විගනන වාර්තාවේ සඳහන් වේ. වැඩිදුරටත් එම විගනන වාර්තාවෙි සඳහන් කර ඇත්තේ අදාල එන්නත් කුප්පි මිලයට ගැනීමට ප්‍රථමයෙන් මිල ගනන් කැඳවීමේදී  අවම මිල ගනන ඉ

මිල්ටෙරි නන්දසේන ඩේසි ආච්චිගේ මැණික් මල්ලට සමාන චේතිය බේගලයක් ඇද බායි

Image
  දෙහිවල ප්‍රදේශයේ මිලියන 300 කට අධික දේපලක් අත්පත් කර ගැනීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ දිනවල යෝෂිත රාජපක්ෂට එරෙහිව ගල්කිස්ස ⁣මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවක සාක්ෂි දුන් ඔහුගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් සාක්ෂි දෙමින් පවසන ලද්දේ  තමන්ගේ නිවසේ දොරකඩ නන්නාඳුනන පුද්ගලයකු විසින් මැණික් මල්ලක් තබා ගොස් තිබුණ බවද එම මැණික් අලෙවිකර සිය මුණුබුරාට එම දේ⁣පල මිලයට ගත් බවය .   පුදුමය වන්නේ ඩේසි ෆෙරස්ට් ගේ මේ සාක්ෂිය අධිකරණය පිළිගැනීමය. එවැනිම විහිළු සහගත ප්‍රකාශයක් රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග විසින්ද මාධ්‍ය වෙත කර තිබුණි.මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා වශයෙන් කටයුතු කරන අවදියේ රුසියාවේ තානාපති වශයෙන් කටයුතු කළ  උදයංග වීරතුංග යහපාලන ආණ්ඩුව ආපසු කැඳවීමෙන් පසුව  ඔහු ගෙන ආ බඩු  කන්ටේනරයක් රේගුව විසින් මුදා හැරීම අත් හිටුවිනි.ඒ දිනවල ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි එම බඩු කන්ටේනරය ගැන උදයංග වීරතුංග ගෙන් ප්‍රශ්ණ කර තිබුණි.එහිදී උදයංග වීරතුංග ප්‍රකාශ කර තිබුණේ එම කන්ටේනරයේ ඇත්තේ ඔහුගේ දරුවන්ගේ පොඩි කාලයේදී වැටුණු කිරි දත් ,කපපු කොණ්ඩ කෑලි හා ඡයාරූප හා සමරු සටහන් බ

කොස්ගොඩ සුජීගේ ගෝලයෙකුට ගාල්ල බන්ධනාගාරයේදී ප්‍රහාරයක් එල්ල වේ.

Image
  පසුගියදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අප විසින් අනාවරණය කරන ලද තොරතුරු වල සඳහන් කරන ලද්දේ කොස්ගොඩ සුජීවගේ පාතාල කෙරුම්කාරකම් වල අවසානය ඇරඹී ඇති බවය.⁣වෙඩි වැදී තුවාල ලද එම නියෝජ්‍ය විදුහල්පතිවරයා කොස්ගොඩ සුජීවගේ බිරිඳගේ මවගේ සොහොයුරාය.   මෙම නියෝජ්‍ය  විදුහල්පතිවරයා ගුරු වෘත්තියේ නම්බුකාර කම පසෙක තබා කොස්ගොඩ සුජීවගේ කෙරුම්කාර කම් හිතට ගෙන පඩ⁣ ෂෝ දැමූ පඟර නැට්ටෙකි.කොස්ගොඩ සුජීව පාතාලයේ වැඩ පෙන්වූ වැඩ කාරයෙක් නොවේ. අම්බලන්ගොඩ නගරයේ මිනීමැරුම් අටක් සිදු කළ යසරත්න මරා දැමීමට කොන්ත්‍රාතුව ගත්තේ කොස්ගොඩ සුජීවය.කොන්ත්‍රාතුව දුන්නේ හැළඹගේ ප්‍රේමසිරිය.එහෙත්  යසරත්න වෙඩි තබා ඝාතනය කරන්නේ කොස්ගොඩ රණාය.රණා ඒ ඝාතනයට පැමිණි යතුරු පැදිය ධාවනය කෙරුවේ කොස්ගොඩ සුජීය.මෙම සිදුවීමට කොස්ගොඩ සුජීව බන්ධනාගාර ගත කෙරිණි. බන්ධනාගාර ගතව සිටියදී එහි සිටි එල්ටීටී සැකකරුවකු වූ කෙනඩි මුණ ගැසේ.දීර්ඝ කාලයක්  ඇප මත බන්ධනාගාරගතව සිටි කෙනඩිට ඇප තැබීමට කොස්ගොඩ සුජීව මැදිහත් වෙයි.ඉන් අනතුරුව සුජීව විසින් කෙනඩි ලවා මෙරට දාම ඝාතයකුව සිටි පියරත්න බලපිටිය අ

ටෙලිකොම් සභාපති පාහරයා ,දුෂිත රොහාන් ප්‍රනාන්දු එලියට - හොරාකෑ කෝටි ගනනක් ඇමරිකාවට ඇදලා එත් කුලි ලියන්නන් ඌව ජාතික පොරක් කිරීමේ මෙහෙයුමක...

Image
  ශ්‍ රි ලංකාවේ නමගිය පට්ටම දුෂිත රාජපක්ෂ සුරතලෙකු වු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වහාම අද සභාපති තනතුරෙන් එලවා දමා තිබේ.  මොහු පසු ගිය දා ටෙලිකොම් සංනාමය වෙනස් කිරීමට තම බිරිද වු වරුණි අමුණුගම ගේ ට්‍රයි ඇඩ් එක හරා මිලියන 100 ක් ඉක්මවු මුදලක් හොරා කැ පල් හොරෙකි.  ජනාධිපති රනිල් වික්‍රමසිංග විසින් රාජ්‍ය බුද්ධි අංශයෙන් ගෙන්වා ගත් රහසිගත වාර්තාවක් අනුව මොහු බරපතල දුෂිතයෙකු බවට අනාවරණය වී තිබේ. එපමනක නොව මොහු තම කාර්යාලය අලුත් වැඩියාවට රුපියල් කෝටි 4 ක් වැයකල පාහරයෙකි. ඒවක ජනාධිපති ගෝඨාභය පවා මොහු එලවීමට ගියත් වියත් මගට එවක මුදල් පොම්පකල නිසා එය සිදු කිරීමට නොහැකි වි තිබුණි. (කෝටි 02ක් ජනතා සල්ලි වියදම් කර හැදුව බෝඩ් රූම් ඒක හා අගල් 60 ටෙලිය )    2015 දි යහපාලන ආණ්ඩුව පැමිණි වහාම මොහුට විරුද්දව එෆ්.සී.අයි.ඩිය විමර්ෂණයක් අරම්භකොට මොහු ඒ වන විට සභාපති ලෙසට සිටි කුඩා කුඩා තේවතු සංවර්ධන මංඩලයේ කෝටි 10 හොරා කැම ගැන විමර්ෂණයක් යන අතර තුර යහපාලන ආණ්ඩුව පෙරලා ගෝඨා බලයට පැමිණි   වහාම එම නඩු වලින් මොහුන් ඉවත් කලේය.  ඒවනි  අතීතයක් ඇති පට්ටම දුෂිතයෙකුට සුදු හුණු ගාන පත්තර ලියන අප්පුලා අද ලංකා මා

මල් වඩම් නම් කෙහෙළිය- කෙහෙළිය නම් මල් වඩම්

Image
  කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් මේ වන විට රට පුරා ඇත්තේ හිරිකිතයකි.කේන්තියකි.තමන්ගේ ආදරණීය සමීපතමයා බාල ඖෂධ නිසා මිය යාම ගැන සමහර පවුල් සිටින්නේ වෛරයෙනි.දොස්තර රාජිත කියන විදියට මේ ප්‍රශ්ණයේ ආරම්භයයි.ඉදිරි මාස තුනේදී ප්‍රශ්ණය තව බරපතල වෙන්නට ඉඩ තිබේ.ජනපති හාමුට ඒ ගැන වගේ වගක් නැත.ඔහු අන්දෝ සංසාරයක් නැති විකාර කතා කියවමින් සිටී.ඔහුට හෝ ඔහුගේ ආණ්ඩුවට මේ ප්‍රශ්ණය විසඳීමට සැබෑ වුවමනාවක් තිබෙනවාදැයි සැකයක් පවා ඇතිවෙන තරමට වැඩ කටයුතු සිද්ධ වෙමින් තිබේ.රනිල් හාමු කවදාවත් අනෙකාට සවන් දෙන ජාතියේ කෙනෙක් නොවේ .ඒ ඔහුගේ උපන් ගෙයි හැටිය.මිල්ටෙරි නන්දසේනද මේ ජාතියේමය.හැබැයි මිල්ටෙරි නන්දසේන තමන් ළඟ ඉන්න විශ්වාසදායී සෙට් එක දෙන උපදෙස් වලට ඇහුම්කන් දුන්නේය.ඒත් හාමු එහෙම උපදෙස් පිළිගන්නා ජාතියේ උන්නැහේ කෙනෙක් නොවේ.රනිල් හාමු  කැමති හීන වලටය.ජාත්‍යන්තරයේ කො⁣හේ හරි රටක බෙහෙත් විස වී දරුවකු මිය ගියේ නම් රනිල් හාමුට නින්ද යන්නේත් නැත.එහෙනම් හාමු ඒ ගැන පැමිණිලි කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් යන එක ෂුවර්ය.ඒත් තමන් ජීවත්වන රටේ වුන් ගැන හාමුට එහෙම හැඟීමක් නැත. අද පාර්ලිමේන්තුවේද

හෑලි නොලියා කෙටියෙන්ම කිව්වොත්

Image
  මේ බැනරය දුටු විට ඔබට ශ්‍රද්ධාව, පූජනීයත්වය ,සිත නිවීම,සිංහල බෞද්ධ කම,සිල්වත්කම,විනය,භක්තිය,පින ආදී ලට්ට ලොට්ට උපාසක වචන බර තොගයක් සිහිපත් වන්නට පුළුවන. ඒත් අපට කියන්නට ඇත්තේ මෙච්චරය. ".......ඇතැම් නරියන් බණ දේශණා කරමින් ඔබේ කිකිළියන් බිල්ලට ගන්නට පුළුවන. ප්‍රවේශම් වන්න.."

ඇමති චාමර සම්පත් උම්බෑ කියයි - හතර අතේ අනියි

Image
    පින් වස්සා කියන්නේ ගාලෙන් අත් හැර දමා තියෙන ගවයෙකි.ඒ අත් හැර දැමීම සිද්ධ කරන්නේ ගාල හිමියා හෝ පවුලේ අයෙකුගේ ග්‍රහ අපලයට වෙන්න පුළුවන.එහෙමත් නැතිනම් වෙනත් කාරණයක් නිසාද වෙන්නට හැකිය. පින් වස්සා තැනින් තැන ඇවිද කා ජීවත්වේ.මේ පින් වස්සන් බොහෝ තරය.හැඩිදැඩිය.මහතය. මේ පින් වස්සන් ගැලක බැඳ වැඩ හුරු වූවන් නොවේ.එහෙම පින් වස්සකු ගේ නහය විද  කරත්තයක බැඳ වැඩට ගත්තත් එය එතරම් නුවනට හුරු නැත.ඒ මන්ද යත් පින් වස්සා කරන කියන හැසිරෙන හැටි ගැන වගකීමක් ගන්න බැරි නිසාය. එවැනි පින් වස්සෙකුගේ හැඩය හා කෙරුවාව සිහිපත් කරන සිද්ධියක් ඊයේ වාහිනී ප්‍රවෘත්ති වල අසන්නට හා දකින්නට ලැබුණි.ඒ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පිළිබඳවය.තඩි ශරීරයක් තිබුණාට මේ පින් වස්සාට මොළය කළඳක් නැති බව එම ප්‍රවෘත්ති වලින් මුළු රටටම තහවුරු කෙරිණි.සිද්ධිය මෙහෙමය. මොළය කළඳක් නැති වුන්ට ඇමතිකම් දුන්නාම පින් වස්සන් කරත්තයක බැන්දාම සිද්ධ වෙන විගඩම් වෙන එක ගැනත් පුදුම වන්නට දෙයක් නැත.   චාමර සම්පත් ඇමතියා තමන් වංචා දූෂණ නැති නෙළුම් මලෙන් උපන් කුමාරයෙක් බව රටට පෙන්නන්ට හැදුවා විය හැකියැයි සිතන්නට පුළුවන.හැබැයි තමන් නියෝජනය කරන අ

තුක් නොදකින් කෙහෙළිය ඇමතිකමෙන් අස්වෙන්නේ නැතිලු

Image
  අභියෝග වලට බියවී තමන් ඇමතිකම අත් හැර පලායන පුද්ගලයකු නොවන බවද විපක්ෂය ගෙන එන ඕනෑම ආකාරයේ දෝෂාභියෝගයකට මුහුණ දීමටද තමන් සූදානම් බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටී.තමන් මේ වන විට අමාත්‍ය ධුර අටක වගකීම් දරා ඇති බවද රටේ ලක්ෂ 22 වන ජනතාවගේ සෞඛ්‍යය සම්බන්ධ වගකීම ඉටු කිරීමටද තමන් කැපවී සිටින බවද අමත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී  ඔහු මේ බව පැවසුවේ අද (16)කුන්ඩසාලේ පැවති පොදු ජන පෙරමුනේ ආසන බල මණ්ඩල රැස්වීමේදීය. මේ අතර අද (16)දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජාගොඩ ප්‍රකාශ කරන ලද්දේ 2022 වර්ෂයේදී මෙරටට ලියාපදිංචි නොවූ සමාගම් 764 කින් ඖෂධ ගෙන්වීමට අමාත්‍ය කෙහෙළිිය රඹුක්වැල්ල විසින් ලිපි නිකුත් කර ඇති බවද 2023 වර්ෂයේදී පසුගිය මාස ගනනට පමනක් එවැනි ලිපි පන්සිය ගනනක් ඔහු විසින් නිකුත් කර ඇති බවය. මෙරටට ඖෂධ ගෙන්වීම සිදු කරනු ලබන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියගේ බෑණාය.ඔහු ඖෂධ පිළිබඳව කිසි දැනීමක් අවබෝධයක් ඇති පුද්ගලයකු නොවේ.ඖෂධ ගෙන්වීමේදී ජනපතිවරයාගේ සමීපතමයකු විසින් කොමිස් මුදල් ලබා ගන්නා බවටද ආරංචියක් තිබේ.එම නිසා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්

ශානි අබේසේකර ඉදිරිපත් කළ පෙත්සමට අදාලව පිස්සු පූසා කොමිසමේ සාමාජිකයන්ට සිතාසි යැවේ

Image
   ඔබගේ පදිංචිය කොහෙද? නාරාහේන්පි⁣ට ඇල්විටිගල ප්ලැට්ස් ස්වාමීනි එය ඔබගේ නිවසක්ද? මම අවුරුදු විස්සක් පදිංචි වෙලා හිටියා කුලී කාරයෙක් විදියට.ජාතික නිවාස සංවර්ධන අධිකාරියට කුලී ගෙවූ පසු මට ඒ ගෙය ගන්න පුළුවන් වුනා ස්වාමිනි ඒ ගෙදර වර්ග අඩි ප්‍රමාණය කොපමණද? වර්ග අඩි පන්සිය පනහයි ස්වාමීනි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ලබා දුන් සාක්ෂියක කොටසකි.   ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අ⁣බේසේකර ගැන කියවා තේරුම් ගැනීමට මෙි සාක්ෂි කොටස හොඳටම සෑහේ.එය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂක වරයෙකුට ඉහළ බොහෝ පොලිස් නිළධාරීන් විඳින සුඛෝපභෝගී ජීවිත හා ඔවුන් විසින් ඉඳි කර ඇති මාලිගා වන් නිවාස ගැන අවධානය යොමු කළ යුතුය. ශානි අබේසේකර නීතියේ පාලනය යුක්තිය හා සාධාරනත්වය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිළධාරියෙකි.මෙරට අධිකරණ ඉතිහාසයේ ඉතා බරපතල හා ආන්දෝලනාත්මක නඩු ගනනාවක විමර්ශන නිළධාරියා වූයේ ඔහුය.2019 ආණ්ඩු වෙනස ඇතිවූ වහාම ද

කෙහෙළිය ඇමතිකමෙන් අස්වෙයිද ?

Image
  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින අර්බුදය පිළිබඳව ජනපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා සෞඛ්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධානීන් ගනනාවක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.ගුනාත්මක බවින් තොර ඖෂධ ගෙන්වීම හා බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම සම්බන්ධයෙන් ජනපතිවරයා මෙහිදී අවධානය දැක්වූ බවද වැඩිදුරටත් වාර්තා වේ. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අ⁣බේවර්ධන සහභාගි වී සිටි බවද අපට වාර්තා විය.කෙසේ වෙතත් මේ සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය කෙ⁣හෙළිය රඹුක්වැල්ල  අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි කියවෙන ආරංචියක් ආණ්ඩු පක්ෂය තුළ ප්‍රචාරය වේ.⁣   කෙහෙළිය රඹුක්වැල්ල ඇමති තනතුරෙන් ඉල්ලා අස් වීමට කටයුතු කළ හොත් සෞඛ්‍ය අමාත්‍යය තනතුර තමන් විසින් ලබා ගන්නා බව මෙි අතරේ වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා සිය හිතවතුන් වෙත ප්‍රකාශ කරමින් සිටී. කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් පසුව සෞඛ්‍ය අමාත්‍ය තනතුර වජිර අබේවර්ධනට ලබා දීම යනු නරියාට කුකුල්ලු බාර දීම බව බොහෝ දෙනා පවසති.

ඖෂධ මාෆියාවට තිත තියන්නට එක්වෙයව්

Image
  මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් වී තිබේ.වාර්තා වී ඇති ආකාරයට ඖෂධ  වල ගුණාත්මක බව අඩුවීම නිසා මිය රෝගීන් සංඛ්‍යාව දහයකට වඩා වැඩි වී තිබේ.රෝගීන් මිය යාම "අමල් ⁣බිසෝ" කතාවට ලඝු කරන අමානුෂික නිළධාරීන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල පුටු වල සිටින තුරු මෙි ප්‍රශ්ණය තවදුරටත් ව්‍යාප්ත වන බව නිසැකය. මෙරට ඖෂධ වෙළඳාම මාෆියා ජාවාරමකි.බොහෝ සෞඛ්‍ය ඇමතිවරයින් එය ධනය උපයන ඉල්ලමක් කර ගෙන තිබේ.පවිත්‍රා දේවිය සෞඛ්‍ය ඇමති වන විට මෙරට ⁣ඖෂධ ගෙන්වීමේ ජාවාරමට සම්බන්ධ වී තිබුණේ ඇයගේ සැමියාය.පවුලේ අයවළුන්ය.දැන් මේ ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ කෙහෙළියගේ දුවගේ ස්වාමිපුරුෂයාය.වැඩේ වෙන්නේ එහෙමය.ඇමති පාර්ශවයෙන් ඖෂධ ජාවාරම කරන විට ඊට උඩ ගෙඩි දෙන්නේ තක්කඩි නිළධාරින්ය.ඖෂධ මාපියාවෙි අටුවං බැහැ ගත් උන් එවුන්ය.⁣උන්ගේ කෙරුවාව ලිය කියවිලි අස්සේ ගේම් ගැහීමය.මේ ජාවාරම ගැන සහ සුද්දෙන් දැන ගන්න ඕනෑ නම් ඖෂධ මෙරටට ගෙන්වීමට මෙතෙක් කාලයක් කටයුතු කළ සෞඛ්‍ය අංශයේ නිළධාරින්ගේ වත්කම් පරීක්ෂා කළ යුතුය.ඖෂධ සමාගම් වලින් මේ ජාවාරම්කාරයන්ට ප්‍රධානය කරන ලද මුල්‍ය හා භෞතික තෑගි පිළිබඳව විමර්ශනය කළ යුතුය. මෙය ජා