මෙන්න ඇත්ත කතාව
සෑම වසරකම ජූලි මාසය වන විට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ප්‍රසිද්ධ ඡායාරූපයක් තිබේ.එම ඡායාරූපය මෙලෙච්ඡත්වය ප්‍රදර්ශනය කරවන තරමට අමානුෂිකය.පිළිකුල් සහගතය.දැන් එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ බොහෝ අවස්ථාවලදී යොදා ගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හට මඩ ප්‍රහාර එල්ල කිරීමට බව පෙනී යයි.එහෙත් එය සත්‍යය නොවේ.එම ඡායාරූපය ගෙන ඇත්තේ 1983 වසරේ ජුලි 23 වනදා රාත්‍රියේ බොරැල්ල බස් නැවතුම්පොලේ දීය.ඡායාරූපය ගන්නා ලද්දේ රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ චන්ද්‍රගුප්තය.මේ ඡායාරූපය පසුකාලීනව රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් රචිත ප්‍රකාශනයකට තම අවසරය නැතුව ඇතුළත් කිරීම පිළිබඳව මාධ්‍යවේදී චන්ද්‍රගුප්ත විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලදී. මාධ්‍යවේදී චන්ද්‍රගුප්තට වාසි දායක ලෙස එම නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කෙරිණි.රාවය කර්තෘ වික්ටර් අයිවන් හෝ මාධ්‍යවේදී චන්ද්‍රගුප්ත විසින් කිසිම අවස්ථාවක මේ ඡායාරූපයේ සිටින්නේ ටිල්වින් සිල්වා බව සඳහන් කර ඇත්තේද නැත.එහි ටිල්වින් සිල්වා සිටියේ නම් ඒ බව අනාවරණය නොකර වසන් කිරීමට වික්ටර් අයිවන්ට හේතුවක්ද නැත.එය එසේ වූයේ නම් ජනතා විමුක්ති පෙරමුණ සමග ජන්මාන්තර වෛරක්කාරයකු වන වික්ටර් අයිවන්ට මේ ඡායාරූපය හොඳ තුරුම්බුවක් වන බවද නිසැකය.රාවය කර්තෘ වික්ටර් අයිවන් මේ වන විට ජනපතිවරයාගේ දේශපාලන උපදේශකයා වේ.මේ ආණ්ඩුවේ අනුගාමිකයන්ට මේ ඡායාරූපයේ සිටින්නේ ටිල්වින් සිල්වාද නැද්ද යන්න දැන් ඔහුගෙන් ඉතා පහසුවෙන් විමසා තහවුරු කර ගත හැකිය.(පුවත් මූලාශ්‍රය හා විස්තර /මුහුණු පොතෙනි )
Comments
Post a Comment