අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත
පසුගියදා සිඳුවූ ව්‍යසනයෙන් හානියට පත් පවුල් සඳහා නිවාස තැනීමේ ව්‍යාපෘතියක
ආරම්භක උත්සවයකට සහභාගි වූ ජනපති අනුර කුමාර දිසානායක එහි සිටි කුඩා දැරියකගේ අතින් අල්ලා ගෙන කතා බහක නිරත වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ පල වී තිබේ.එම ඡායාරූපයේ දැක්වෙන ජනපතිවරයාගේ ශරීර භාෂාවෙන් අනාවරණය වන්නේ ආදරණීය පීතෘත්වයක පවතින සේනේබර බව මිසක මවා ගත් කෘතිම වේෂ නිරූපනයක්නොවේ.මේ ඡායාරූපය දේශපාලනික ව්‍යාජ මවා පෑමක් යැයි චෝදනා කරන්නන්ද වේ.තවත් සමහරු විවේචන ඉදිරිපත් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට වඩා දරුවන්ට ආදරයකළ දේශපාලඥයෙක් බවට චරිත සහතික ඉදිරිපත් කරමිනි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තුළ දරුවන් පිළිබඳව පැවැති ආදරය කෘතිම රංඟනයක් බව දන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ ඒ දින වල සේවය කළ නිළධාරීන්ය.ඔහු කුඩා දරුවන් බදා වැළඳ ගැනීම හා ඒ දරුවන් වඩා ගැනීම අහඹුවෙන් සිඳු වූ ඒවාද නොවේ.මහජන රැළියකට යාමට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ පෙර ගමන් රාජකාරියේ යෙදෙන නිළධාරීන් එම රැස්වීම් භූමියේ සිටින දරුවන් වඩා ගත් මව්වරුන් ගැන විමසිලිමත් වීම රාජකාරියේ ප්‍රධාන මෙහෙයුමක් විය.අනතුරුව ඔවුන් පිරිසිදුව හැඳ පැළඳ සිටින දරුවකු වඩා ගත් මවක තෝරා ගනී.එහිදී එම දරුවා රතු නූල් සුර ආදිය පැළඳ නොසිටිය යුතුය.මවද එසේ තැනැත්තියක විය යුතුය.එම දරුවා හා මව මහින්ද රාජපක්ෂ රැස්වීම් වේදිකාවට එන ගමන් මගෙහි රඳවා ගැනීමට ජනපති ආරක්ෂක අංශ ප්‍රධානින් වග බලා ගන්නා අතර ඒ සමගම ඒ මව හා දරුවා අසල සිය නිළධාරියකුද රඳවා තැබේ.එම නිළධාරියා මහින්ද රාජපක්ෂ වෙත කරන ඇඟවීම් සංඥාවයි.රැස්වීමට යන ගමනේදී මහින්ද රාජපක්ෂ වඩා ගන්නේ කැත කුණු නැති ඒ දරුවාය.එපමනක්ද නොවෙි.එම රැස්වීමි අවසානයේ නිල රථයට නැගුන පළමු විනාඩියේම රාජපක්ෂවරුන් කරන්නේ විසබීජ නාශක යොදා දෑත් පිරිසිදු කර ගැනීමය.ඒ දිනවල නාඳුනන පුද්ගලයෙකු වෙත සිය සුරත දික් නොකළ නාමල් රාජපක්ෂ මේ වන විට කොල්ලාද බල්ලාද වැළඳ ගනිමින් සිටීම හරිම අපූරු ජයග්‍රහණයකි.රාජපක්ෂ වරුන් යන්තර මන්තර ගුරුකම් වලට බය පවුලකි.කට්ටඩි ගුරුකමි කරන්නන් යැයි සැළකෙන කිසිවෙකුත් තමන් සමීපයට හෝ මන්දිරයට කැඳවා ගැනීමේදී ඔවුන් ඉතා ප්‍රවේශම් වේ.ඒ පිළිබඳව පවුලේ කට්ටඬි ගුරුකම් කරන්නා ගෙන් නිතරම උපදෙස් ගනී.එක් අවස්ථාවක රාජපක්ෂ පවුලට සම්බන්ධව ගුරුකම් කෙරුවේ ගාල්ල පැත්තේ කරණවෑමියෙකි.ඒ කරණවෑමියා කාන්තාවක් දූෂණය කිරීමේ වරදකටද බන්ධනාගාර ගත වූ අයෙකි.එවකට ගාල්ල දිස්ත්‍රික්කයේ රත්තරන් නමින් ප්‍රසිද්ධ ගුරුකම් කරන පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසට පත් විය.මේ පුද්ගලයා පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත් වීම රාජපක්ෂ පවුල බියෙන් සලිත වී ගිය කාරණයක් බවට පත් වූයේය.මේ නිසාම එම මන්ත්‍රීවරයා තම හිතවතකු බවට පත් කර ගැනීමට රාජපක්ෂවරුන් සැළසුම් කර අතර ඒ සඳහා කපුකම කෙරුවේ සජින් ද වාස් ගුණවර්ධනය.කෙසේ හෝ කට්ටඬියා එජාපය අත් හැර රාජපක්ෂ කල්ලියට සමීප වීමෙන් පසුව ළාබාල දැරියක දූෂණය කිරීමේ වරදට චෝදනා ලැබුවේය.මැතිවරණයක් පවතින සමයක රාජපක්ෂ වරුන්ගේ යට ඇඳුම් අස්සේ මතුරන ලද සුර ,සුදු රතු නූල් තොග ගාණටය.එවැනි දින වලදී ඔවුන් කෑමෙන් බිමෙන් ප්‍රවේශම් වේ.කට්ටඩි ගුරුකම් වලදී අකැපයැයි සම්මත ආහාර පවා ඔවුන් කිසිවෙකුත් නොගනී.සමීපයේ සිටින්නන් පවා ඒ පිළිවෙත් ආරක්ෂා කළ යුතුය.මුළුතැන් ගෙයි ආහාර සකස් කරන්නන්ද ඒ දිනවලට සිටින්නේ මස් මාළු කරවල හා උම්බලකඩ පවා ආහාරයට නොගෙන පේ වීය.ජනපති අනුර දිසානායක මහජන හමුවීම් වලදී දරුවන් හෝ වෙනත් අයකුගේ අතින් අල්ලා ගන්නේ ජනපති ආරක්ෂක අංශයේ පෙර සොයා ගැනීම් වලට නොවේ. ඔහු පුරවැසියකු ගේ අතින් අල්ලා ගන්නේ ජනතාව මුලා කරන්නටද නොවෙන බවද පැහැදිලිය.ඒ ඔහුගේ හැටිය.ඔහු අතින් අල්ලා ගන්නේ තමන් සමානම දුක් විඳි හා තවමත් දුක් විඳින තමන්ගේ පන්තියේ සාමාජිකයකු බවට ඔහුට දැනීමක් තිබේ.ඒ අත් අල්ලා ගැනීමෙන් පසුව නිල කාරයට නැගීමෙන් පසුව විස බීජ නාශක යොදා අත් සෝදා ගැනීමක්ද ඔහු නොකරයි.වෙනස ඇත්තේ එතැනය.
.png)
Comments
Post a Comment