Posts

Showing posts from February, 2023

එකමුතු වී කම්මුතු කරමු

Image
  ඊයේ ජාතික ජන බලවේගය (NPP)විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය, ආණ්ඩුවේ ආරක්ෂකයන් විසින් තිරශ්චීන ලෙස මැඩ පැවැත්වූ ආකාරය මුළු ලෝකයාටම නිරුවත්ව දර්ශනය විය.   මීට පෙර සතියේ සමගි ජන බලවේගයට (SJB)මුහුණ දෙන්නට සිඳු වූයේද ආණ්ඩුවේ මෙම විසකරු ප්‍රතික්‍රියාවන්ටමය./   සාමකාමී පුරවැසියන්ද ජන සම්මත වාදී දේශපාලන පක්ෂද තම ඉදිරියට පැමිණෙන ආණ්ඩුවේ " මදාවිවාදී බුල්ඩෝසරය" නැවැත්වීමට සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රජතන්ත්‍රවාදයේ නාමයෙන් ,සියලු පරස්පරයන් පසෙක තබා ,එක් අරමුණකට යොමු වීමට අපොහොසත් වන්නේ නම් මව්බිමේ ඉතිහාසයට තවත් රුධිරයෙන් සටහන් වන පරිච්ඡේදයක් එකතුවීම වැලැක්විය නොහැක   ඩලස් අලහප්පෙරුම නිදහස ජනතා සභාව 27/02/2023

නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට බටලන්දේ රනිල් කුමන්ත්‍රණයක

Image
  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ලබන සතියේ ආණ්ඩුවට එක්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය දිනක (26) බදුල්ලේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.   අපි නුදුරේදීම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එජාපයට ගෙන නව සන්ධාන රජයක් පිහිටුවනවා.මම ආණ්ඩුවට එන විටත් සමගි ජන බලවේගයෙන්  තව මන්ත්‍රීවරුන්  කිහිප දෙනෙක් එක්ක එන්න හිටියත් ජනාධිපති තුමා කිව්වා එහෙම කරන්න එපාය කියල.ඒත් ඊයෙ පෙරේද දවසක අපි හික්කඩුවට ගිය වෙලාවෙදි ජනපති තුමා කිව්වා දැන් ඒ මන්ත්‍රීවරුන් අරගන්න කියලා යැයිද ඇමති හරීන් ප්‍රනාන්දු එහිදී වැඩිදුරටත් පැවසීය.   අප මීට පෙර මෙම පෙරළිය ගැන අනාවරණය කෙරුවෙමු.රනිල් රාජපක්ෂ ජනපතිවරයාට නව සන්ධාන ආණ්ඩුව පිහිටුවීම සදහා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උපකාර කරමින් සිටින්නේ හිටපු පාම සජින් වාස් ගුනවර්දනය.ඔහු මේ වන විටත් රාජපක්ෂ කඳවුර නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණනාවකින්ම රනිල් රාජපක්ෂගේ නව සන්ධාන ආණ්ඩුවට සහයෝගය ලබා දීමට කැමැත්ත ගෙන ඇති බව දැන ගැන්මට තිබේ.මෙම සන්ධාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය වරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා පත් කිරීමටද ⁣සැලසුම් කර ඇතැයිද වාර්තා වෙි.   රනිල් රාජපක්ෂගේ

ජනමතයක් නැති රනිල් පලමු බිල්ල ගනිමින් , ජනසංහාරයකට මුල පුරයි

Image
ඊයේ පැවති  ජාතික ජනබලවේගයේ උද්ගෝෂණයට  පොලිසිය කදුලු වායුව හා ජල ප්‍රහාර එල්ල කිරීමේදි නිවිතිගල ප්‍රාදේශිය සභාවට මෙවරතරඟ කිරීමට ඉදිරිපත් වු නිමල් අමරසිරි නැමති අයෙකු තුවාල ලැබ කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අළුයම මිය ගොස් ඇත. එසේම එම උද්ගෝෂකයන්ට පොලිසිය එල්ල කල ජල හා කදුළු වායු වලින් පුද්ගලයන් 27 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටි. ඉන් තවත් අයෙකු ගේ තත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කිසිදු ජන මතයක් නැති රටේ ජනතාව ප්‍රතික්ෂේප කල රනිල් අද මිනිමරා හෝ නිතිවිරෝධිව බලය රැකගෙන සිටීමට වෙර දරමින් සිටි.ඊයේ ජාතික ජනබලවේගයේ උද්ගෝෂණයට ලක්ෂ සංඛියාත ජනතාවක් කොළඹ වටලන්න එන විට එය දුටු රනිල් ඔලුවේ අත තබාගෙන රටේ රාජ්‍ය බුද්ධි නිලධාරින්ට දොස් පවරා ඇත. ජනබලයේ විරෝධතාවට ලක්ෂ 15 කට අදික ජනතාවක් සහභාගි වි සිටි බවට රාජ්‍ය බුද්ධි වාර්තාවලින් රනිල්ට වාර්තා කොට තිබේ. රනිල් බලයේ සිටින්නේ පොලිසියේ හා හමුදාවේ ආරක්ෂාව මත පමණි. ඒත් ඔවුන් ද ඉතාම නුදුරේදීම අවි බිමතබා පැමිනෙන බවට අපවෙතට තොරතුරු ලැබෙමින් ඇත.  

නයි දෙරනේ සත්ව කරුණාව මෙහෙමය

Image
  නයි දෙරණේ ප්‍රවෘත්ති වලින් නිරන්තර යෙන් සිඳු කරන්නේ ජනතාව රැවටීමය. ගොනාට ඇන්දීමය.අද පැවැති විරෝධතාවේදී හිස⁣ තුවාල වූ රැවුළ වවා ගත් තරුණයකු රැගෙන එන පොලිස් නිළධාරියෙකුගේ දර්ශනයක් ⁣නයි දෙරණ යූ ටියුබ නාලිකාවේ දමා ඇත්තේ "රාජකාරියට එහා ගිය මනුෂ්‍යත්වය" යන ශීර්ෂයද යොදමිනි.   අපට නයි දෙරණට කියන්නට ඇත්තේ මෙවැනි අතේ පැලවෙන බොරු වලට රැවටෙන බොහෝ දෙනෙකු ඇති බව නම් ඇත්තය.එහෙත් අපට නම් මේවා බඩ කොරවෙන විහිළුය. මේ තුවාල ලබා ඇති තරුණයා ජාතික රහස් ඔත්තු සේවා නිළධාරියෙකි.නිල ඇඳුම් ඇඳ ගත් පොලිස් නිළධාරියා තුවාල ලද තරුණයා බාර දෙන ලද තැනැත්තාද පොලිස් නිළධාරියෙකි.   නයි දෙරණ සඳහන් කරන "රාජකාරියට එහා ගිය මනූෂ්‍යත්වය" ඇත්තේ ඒ තමන්ගේ එකෙකු නිසා මිස වෙන දෙයක් නිසා නොවේ.   අතේ පැලවෙන බොරු සමාජ ගත කර මිනිසුන් මුලා නොකරන ලෙස අපි නයි දෙරණින් දිලිප් ගෙන්  ඉල්ලමු.ඒ මන්ද යත් කවුරු ගොනාට ඇන්දුවත් අපට නාස් ලනුව දාන්නට නයි දෙරනට නොහැකි බැවිනි             

සජින් වාස් හා රනිල් අතර රහස් හමුවක්

Image
  මහින්ද රාජපක්ෂ ජනපති වරයාගේ කාලයේදී ආණ්ඩුවේ රස්පුටින් වූයේ සජින් වාස් ගුණවර්දනය.කොටින්ම කියතොත් නාමල් රාජපක්ෂටත් වඩා මහින්ද රාජපක්ෂ සමීපයෙහි සි⁣ටියේ සජින් වාස් ගුනවර්දනය. අබේ වාස් ගුනවර්දන සජින් වාස් ගේ පියා විය.ප්‍රේමදාස ජනපතිවරයා ගේ කාලයේදී වරාය අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ අභය වාස් ගුණවර්දනය.අභය වාස් ගුනවර්දන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ  ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර හොඳ ක්‍රියාකාරී සමසමාජ කාරයෙක් ද විය.ඉතා සෘජු අවංක පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධ අභය වාස් ගුනවර්දන වරාය අධිකාරයේ සභාපති වරයා ලෙස කටයුතු කරන අවදියේ ජනපති රණසිංහ ප්‍රේමදාස විසින් වරාය සේවකයකු ලෙස යම් පුද්ගලයකු බඳවා ගන්නයැයි එවන ලද ලිපියක් අභය වාස් කුණු කූඩයට දැමූ බව ප්‍රචලිතය.ඒ සිදුවීම ආරංචි වූ ජනපතිවරයා අභය වාස් ගෙන්වා නිදහසට කරුණු විමසා ඇත.මෙහිදී අභය වාස් ගුනවර්දන පවසා ඇත්තේ සර්  සමාවෙන්න වරාය දියුණු කරන්න  මට ඉඩ දෙන්න ඒත් මගේ රාජකාරියට මැදිහත් වෙන්න එපා එහෙම කරන්න බැරි නමි මා සභාපතිි පදවියෙන්  ඉල්ලා අස්වෙන්නම් කියාය.එතැන් සිට ජනපති ආර්.ප්‍රේමදාස මහතා කිසිම අවස්ථාවක වරාය සම්බන්ධයෙන් මැදිහත් වූයේ නැති බව පැවසේ.අභය වාස්

නිති වෘතියේ සදාචාරය

Image
  අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිගත් වෘත්තියක් මෙන්ම නීතිඥවරුන්ට සදාචාරය පිළිබඳ අනුගමනය කළ යුතු නීති මාලාවක්ද තිබේ. ඒ අතර මුදල් ලබා හෝ නොලබා නඩු නිමිත්තක දෙපාර්ශ්වයම වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට නොහැක. එහෙත් විරුද්ධ පාර්ශ්වයේ නීතිඥයා තමන්ගේ හොඳ ගජයකු නම් කතාවී තම සේවාදායකයා නොමග යවා බඩ වඩා ගන්නා නීතිඥයෝ එමටය. ඔවුන්ට සහය පළ කරමින් නඩු කල් දමන නඩු ඇද ගෙන යන හා නීතිඥයාගේ ජ්‍යේෂ්ඨත්වය සළකා තීන්දු තීරණ දෙන නඩු කාරයන්ද සිටිති. නීතිඥ වෘත්තිය බල්ලට දමමින් දෙපැත්ත කන අපූරු නීතිඥයකු පිළිබඳව ලංකා දවසට වාර්තා වේ. පණ්ඩුක කීර්තිනන්ද නම් මේ නීතිඥයා තමන්ව හඳුන්වා ගන්නේ ක්‍රීඩා නීති විශාරදයකු ලෙසය. මේ හේතුවෙන් ඔහු මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු හා ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා ඇමති ධූර දරද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කළේය. ඒ අතර වාරයේ වරින් වර සිදු කෙරුනු ක්‍රීඩා පනත සංශෝධන වල ඔහු තිරයෙන් පිටුපස සිටිමින් කාර්‍යභාරයක් ඉටු කළේය. හරින් සමග එක්ව ක්‍රිකට් පරිපාලනයෙන් තිලංග සුමතිපාල එලවා දැමීමට ගෙනා සූදුවේ නිරතවන්නන්ට හා බුකි කරුවන්ට ක්‍රීඩා පරිපාලනයට එක්විය නොහැකි නීති සංශෝධනය

කෝටි ගනන් මුදල් වැය කරමින් රටේ ජනපති වෙන්නට ගුරුකම් කරගත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ජම්පරය සූදානම්ය

Image
  පසුගිය වර්ෂයේ මැයි 9/10 රට පුරා පැවති ප්‍රචන්ඩකාරී සිද්ධීන් මැඩ පැවැත්වීමට කටයුතු නොකර හැර එවකට වැඩ බලන ආරක්ෂක ප්‍රධානියා හා හමුදාපති වරයා ලෙස කටයුතු කළ ජනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරිය පැහැර හැර ඇතැයි හිටපු නාවුක හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ. මෙම ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ (24)දින නීතිඥ උදිත ඉගලහේවා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ තම නිවාස සහ දේපොල ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම පිළිබඳව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ⁣පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්දන ,පාම ගාමිණි ලොකුගේ සහ තවත් පැමිණිලිකරුවන් 32 ක විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගන්නා ලද අවස්ථාවේදීය. හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් පත් කරන ලද මෙම ත්‍රිපුද්ගල කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනරාල් දයා රත්නායක හා මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකය.මෙම කමිටුව මගින් රට පුරා එදින සිදු වූ බව කියවෙන ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳව සාක්ෂි

මහින්ද රාජපක්ෂ නැවත අගමැති කිරීමේ මෙහෙයුමක් ඇරඹේ

Image
  ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂගේ කෙරුවාව ගැන දැන් රාජපක්ෂ වරුන් සිටින්නේ මහත් දෙගිඩියාවෙනි.රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්ම වූ ජනපතිවරයා දැන් නැවත රනිල් වික්‍රමසිංහ බවට පරිවර්තනය වීමට සැළසුම් කරන බව රාජපක්ෂ වරුන්ට දැන ගැන්මට ලැබී තිබේ.ඒ පොදු ජන පෙරමුන, සමගි ජන බලවේගය හා සුළු ජාතික පක්ෂ නියෝජනය කරන ඇතැමි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ සහයෝගය ඇතුව රනිල් ගේ පමනක් බලය පවතින ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා රහසිගතව ක්‍රියා කරමින් සිටින බවය. පොදු ජන පෙරමුණද රනිල් ගේ මෙම යටි බිම් ගත සැළසුමට එරෙහිව තම පක්ෂය නැවත සංවිධානය කිරීම අරඹා තිබේ.පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය මැතිවරණය ඉල්ලා දැක්වූ විරෝධතාවයේදී පොදුජන පෙරමුණේ ලේකම් සාගල රත්නායකද එම විරෝධතාවට සහයෝගය දැක්වූයේ ජනපති බටලන්දේ රනිල් වෙත අනියම් ආකාරයෙන් තර්ජනය කිරීමේ අපේක්ෂාවෙන් බව අපට විශ්වාසය. පොදු ජන පෙරමුණ කඩා බිඳ දමන්නට පෙරමුණ ගෙන ඇත්තේ සජින් වාස් ගුනවර්දන වේ.ඔහුට රාජපක්ෂ පවුල සමග ආරවුලක් පවතී.ජනපති බටලන්දේ හා ඔහුගේ සගයන්ද සජින් වාස්ට මේ කොන්ත්‍රාතුව බාර දුන්නේ ඒ නිසාය. ජනපති බටලන්දේ රනිල් රහසිගතව ගෙන යන මේ කූඨ සැලසුම නිශේධ කිරීම සඳහා රාජපක්ෂ වර

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයත් පාස්කු ඝාතකයන්ගේම ගේමක් හමුදා බුද්ධි අංශයට ෂාෆ්ටර් ආයෝජනය කල කෝටි 94 පිල්ලි ගැසීමට මැරුවාද ? - ස්ථිරවම එය ඝාතනයක්

Image
  දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනයත් තාජුදීන් 2 කීවේ මෙම ලියුම් කරුය . ඊට ප්‍රධානම් හේතුව මෙරට සිදුවන ඕනෑම් පන්නයේ අපරාධයක් විසදීමට අපේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුල එවනි පරිණත නිලධාරින් ගොන්නක්ම සිටින නිසාය. ඒවා විසදීමට මොනම පහසුකමක් වත් නැතත් ඉහල සිටම පහලට අසීමිත දැනුමක්, ඉවසීමක් හා මහා පරිනත අත් දැකීම බහුල නිලධාරින් රොත්තක් සිටින නිසාය. ( එහෙත් අදවන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ෂණය ප්‍රසාද් රණසිංහ හෝ ඇමති ටිරාන් භාර දුන්නේ නැත.) හෙලි නොවන අපරාධ...... ඒත් එවනි අපරාධයකට ප්‍රභල දේශපාලකයෙක් හෝ ඉහලම නිලධාරියෙකු සම්බන්ධ වු විට එවා වෙනම කිසිදාක  හෙලි නොවන අපරාධ ඝනයට තල්ලු කොට දමා කාලයා විසින් වැසී යාමට ඉඩ හැරීම, ලංකාවේ දේශපාලන අවශ්‍යතාව මත සිදුවන අපරාධවලට අත්වෙන ඉරනම ඉතාම සෝචනීයයි. අද ඊට ලක්ව ඇත්තේ ගමේ අප්පුහාමි ගේ මරණයක් නොව රටේ ප්‍රභලම පවුලක දේශිය හා ජාත්‍යන්තර ව්‍යපාරිකයෙකු මරා දැමීමක්ය. මෙරට ත්‍රස්තවාදය මනුෂ්‍ය ජීවිත දසදහස් ගානක් නැති කලාය, එදා ත්‍රස්තවාදින් පිලිබදව සොයා බැලීමට ප්‍රංශයේ ඇති ශ්‍රිලංකා තානාපති කාර්යාලය තුල මාස 17ක් එක දිගටම රාජ්‍ය බුද්ධි නිලධාරින් එල්.ටී.ටී.ඊ

සමරිසි ලව් එක මහජන මුදලින් රටට පෙන්නීම

Image
  වැලන්ටයින් දිනයේ ජනපතිවරයාගේ නිල වෙබ් අඩවියේ පල වූ මේ ඡායාරූපය  සුන්දරය.ලස්සනය.අපූරුය. පෙම්වතුන් දෙදෙනෙකු ගේ චමත්කාරය ඉන් දර්ශනය වේ.   මේ  දෙදෙනා සමරිසි යුවලක් බව රටම දනී.ඒ බව තහවුරු කරන්නට මේ ඡායාරූපය වැලැන්ටයින් දිනයේ ජනපති නිල වෙබ් අඩවියේ දැම්මා වෙන්නට පුළුවන.තමන් සමරිසි අයෙකු බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ හිටපු අමාත්‍ය මංඟල සමරවීරය.ඔහු එය ප්‍රකාශ කෙරුවේ පාර්ලිමේන්තුවේදීය.මංඟල කළ ඒ ප්‍රකාශයත් සමගම ඔහුට එරෙහිව බොහෝ ගල් විසි විය.   ඒ ඊනියා  සිංහල  බෞද්ධයන් ගේ සංස්කෘතියට සමරිසි කම නින්දාවක් බව කියමිනි.දැන් ජනපතිවරයා හා සාගල රත්නායක විසින් තමන් දෙදෙනා අතර පවතින ආදරණීය සමරිසි සම්බන්ධය අනියමින් ප්‍රකාශයට පත් කර ඇති බව අපේ අවබෝධයයි.   එහෙත් එක් ප්‍රසිද්ධ  සංඝ නායකයකු කුඩා සාමනේර වහන්සේ කෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පොලීසියේ අත් අඩංගුවට ගත් විට පවසා ඇත්තේ මෙරට බෞද්ධ ශාසනය ශක්තිමත්ව රඳා පවතින්නේ මේ සෙල්ලම නිසා බවය.පොලීසිය ඒ ප්‍රකාශයත් සමගම එම සංඝ නායකයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම අත් හැර තිබුණි.   සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව සමරිසි රුචිකත්වය අපුලය.නින්දා සහගතය.එහෙත් මේ වන විට ජාත

මළ හු$@ක් නේ මේ ගෑනි - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත

Image
  අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී සභාව අමතමින් සිටි රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියට එරෙහිව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් නම් නොසන්ඩාලයා "මොන හු#@ක්ද මේ ගෑනි" යැයි බැණ වදිනු අසන්නට ලැබුණි. අප දැන් මේ සටහන ලියන්නේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් නම් නොසන්ඩාල පාහර අළුගුත්තේරු තක්කඩියා වෙතය.   මහත්තයෝ උඹ, ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන අවදියේ මෙරට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බව අපට හොඳට මතකය. උඹ බලශක්ති අමාත්‍යවරයා ලෙස මෙරටට ගෙන්වූ බාල ඩීසල් තොගය නිසා ජනතාව හතර අතේ ණය වී ලබා ගෙන සිටි වාහන කොපමණ සංඛ්‍යාවක ඇන්ජින් විනාශ වූවාද යන්න ගැන උඹට දැන් අමතකවී තිබෙන්නට පුළුවන.එහෙත් උඹේ ඒ කෙරුවාව අපට කවරදාවත් අමතක වන්නේ නැත   උඹ මෙරට දේශපාලනය තුළ පෙනී හිටින්නේ ඉතා සුදු බොක්කෙන්ම අවංකයෙක් විදියටය.එහෙත් උඹේ ඇතුලාන්තය පුත්තලම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිශාන්තට වඩා කුඩුකේඩුය.පාදඩය. අසික්කිතය. රාජ්‍ය අමාත්‍ය  නිශාන්ත කවුරුද යන්න මෙරට සමාජය ⁣හොඳින්   හඳුනා ගෙන සිටී .එ⁣බැවින් ඔහුගෙන් පොදු සමාජයට සිදු විය හානිය ගැන අපට ඇගයීමක් තිබේ.එහෙත් මහා සිල්වතුන් මෙන් පෙනී සිටින උඹ වැනි නොසන්ඩාලයකු ගැ

රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට ගත් ජනපති බටලන්දේ වියේදී ඔටිසම් රෝගී දරුවෙක් බව තමන් දන්නවා යැයි ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු පවසයි.

Image
  අද පාර්ලිමේන්තුවේදී ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් රඟ  දැක්වූ මොංගල් නාඩගම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ බලවත් කම්පනයට හේතු වී තිබේ.  මොංගල් ජනපති....... මේ මොහොතේ පලාත් පාලන ඡන්දයක් නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කර සිටින්නේ ආර්ථික කාරණා නිසා නොව දේශපාලනික කාරණා නිසාය.වර්තමාන මොංගල් ජනපතිවරයාට හා ආණ්ඩුවට ජන වරමක් නැත.ඒ නිසාම මොංගල් ජනපතිවරයා හා ආණ්ඩුව ඕනෑම වියදමක් දරා පලාත් පාලන ඡන්දය වැලැක්වීමට ක්‍රියා කරනු ඇති බව විපක්ෂයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණි.   ආණ්ඩුව 21 ක් වතාවක් පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා බාධා පැමිනවූ බව අපට සිහිපත් කරන්නට හැකිය.මෙය ඉතා බරපතල කාරණයකි.   ජේ.ආර්.ජයවර්ධනද ,සිරිමා බණ්ඩාරනායකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මුවා වී ඡන්ද කල් දමා තිබේ.එහෙත් අද සිදු වන්නේ ව්‍යවස්ථාවට පිටස්තර ආර්ථික හේතුවක් පෙන්වා ඡන්දය නොපැවැත්වීමට කටයුතු කිරීමය. ඉදිරියේදී මෙම කාරණය පෙන්වා ජනපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවා කල් දැමීමේ අවදානමක් පවතී. කොමිසමේ සභාපතිවරයා...... මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජපක්ෂ ඔ⁣ඩොක්කු කුක්කකු බව අප මුලදීම පෙ

වසන්තගේ ජීවිතය අනාරක්ෂිතයි

Image
  අද දින අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍ය කණ්ඩායමෙහි සිටින වසන්ත මුදලිගේ පොලීසියේ මිනීමරු කණ්ඩායම විසින් මරා දැමීමට සැළසුම් කර ඇතැයි අපට වාර්තා වී තිබේ. පොලිස්⁣ දෙපාර්තමේන්තුවේ නිළධාරියකු අප හට පැවසුවේ වසන්ත මුදලිගේ මාංචු දමා පොලිස් ජිප් රථයේ ගෙන යන විට එම මාංචු සහිත අත් වලින් ජිප් රථ රියදුරුගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ වෙඩි තබා මරා දමන ලද යැයි කියවෙන තිර පිටපතක් සකස් කර ඇති බවය. එබැවින් වසන්ත මුදලිගේ ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසට එම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා අපගෙන් ඉල්ලා සිටින ලදී.  

ජනතා පරමාධිපත්‍යට වල කපන්නේ අධිකරණයද - තවත් හෝරා කිපයකින් තම මුලික අයිතින් ඌට එපා කියන ගොබිලා කරලියට

Image
  ජනතාවගේ මුලික මිනිස් අයිතින්ට කිසිදු ගරු කිරීමක් නැති කොතෙකුත් රටවල් ලෝකයේ තිබුනත් ඉතාම මැතක සිට ශ්‍රි ලාංකික ජනතාවගේ තරන් මුලික අයිතින් විනාශ කල පාලකයන් බිහිව නැත. තම මතයට එකඟ නොවන තම දේශපාලන අභිමතයට තර්ජනයක් වෙන සියල්ලම 1978 අංක 48 දරණ ත්‍රස්තවාද වැලක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිර කොට ආණ්ඩුවට ඕනෑ අණපනත් කිසිදු විරෝධයකින් තොරව සම්මත කර ගැනීමට ශක්තිය ලැබි ඇත්තේ රටේ නිතිපති නමති ගුබ්බෑයමින් හා ඊට නොදවෙනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ය.  මහජනයාගේ ප්‍රජාතන්ත්‍රික අයිතියක් වු තම පරමාධිපත්‍ය අනුව තමාට උවමනා ප්‍රාදේශිය සභා හා නගර සභා නියෝජිතයන් පත් කර ගැනිමේ මුලික අයිතිවාසිකම රනිල් වික්‍රමසිංහ විසින් හකුලා දමා තිබේ. තම බඩ ගෝස්තර වාදි පුද්ගලයන් සිටින රටක රනිල්ලා උන්ගේ සිටුවරුය. එ නිසාම උන් ජනතාවගේ පරමාධිපත්‍ය හකුලා මැතිවරණ සිතියම වසා දමා තිබේ. ඊට උඩ ගෙඩි දුන් රාජපක්ෂ වාදි විශ්‍රාමික වහලෙක් තමාගේ මුලික අයිතින් තමාට එපා කියන මේ ගොබිලා සමස්ථ ජාතියේම අයිතිය නැති කිරීමට තටමන්නේ අධිකරණයේ පිහිට පතාය. අද රටේ ජනතාවට ඉතාම හොදින් දැකිය හැක්කේ අධිකරණයක් ඇත්තේ රටේ පුරවැසියන්ගේ මුලික මිනිස් අයිතින් රැකීමටද

4G සහ 5Gදුරකථන සවන්දීමේ උපකරණ ගෙන්වීමට කියා අමරිකානු ඩොලර් මිලියන 4ක් හමුදා රහස් ගිණුමට කෙලීමේ සුදානමක්

Image
  ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගැසීමට යන බව ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තා වේ.ආරක්ෂක අමාත්‍යංශයේ කමල් ගුණරත්නගේ සහචරයකු වන පර්යේෂණ සහ අධයක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන විශ්‍රාමික මේජර් ජනරාල් රෝවල්  ලංකා යුද හමුදාවේ සංඥා රෙජිමේන්තුවේ සේවය කළ පුද්ගලයෙකි. පරිගණක සහ රේඩාර් පද්ධති මෙන්ම දුරකථන පද්ධති පිළිබඳව මොහුට හසල දැනුමක් ඇත.මොහු විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට පවසා ඇත්තේ.දැනට තිබෙන තාක්ෂණික උපකරණ තුලින්4G සහ 5Gදුරකථන සවන්දීමේ අපහසුතා ඇති බවත් එය මහා පරිමාණයේ සවන් දීමට හැකියාවක් නොමැති බවයි. මේ නිසා ඔහුගේ රෙකමදාරුව මත ඊශ්‍රාලයෙන්, රුසියාවෙන් සහ ඇමෙරිකන් එක්සත් ජනපදයෙන් මෙම නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනවලට සවන්දීමට හැකි නවීන උපකරණ ගෙන්වීමටයෝජනා කොට තිබේ. එමෙන්ම ජංගම දුරකථන ජෑම් කිරීමේ උපකරණ ගෙන්වීමට ද, යම් පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් කතා කරන විට සිටින ස්ථානය සොයා ගැනීමට දුරකථන කුලුනු හරහා සිදු වන බවයි .මෙම දූෂිත නිලධාරියා වන මේජර් ජනරාල් රෝවල්  විසින් දෙනු ලබන රෙකමදාරුව මත ඉතාම ළඟකදි මෙම උපකරන  මිලට ගැනීමට නියමිතය. යුද හමුදා ඔත්තුකරුවනට  වෙන් කොට තිබෙන මුදල් වලි

ජාති ජන බලවේගය අප්‍රසාදයට පත් කිරීම සඳහා ආණ්ඩුවේ තක්කඩි සැලසුම් එළියට

Image
  ජාතික ජන බලවේගය පොදු ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම සඳහා ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂගේ උපදේශකයන් කූට්ටම යම් සැලසුමක් නිර්මාණය කර ඇති බව තමාට අනාවරණය වූයේ යැයි එහි නායක අනුර කුමාර දිසානායක ඇඹිලපිටිය ජන හමුවේදී පැවසීය   ජාතික ජන බලවේගය ජනතාව අතරේ අප්‍රසාදයට පත් කිරීම සඳහා සැලසුමක් පිළිබඳව සාකච්ඡාව පැවැත්වූයේ ජනපති ලේකම් කාර්යාලයේදීය.එම සාකච්ඡාව නර්ස් සමන් රත්නප්‍රිය ,රජිත කීර්ති තෙන්නකෝන්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ආදීන් සහභාගි වූ බව අපට වාර්තා වී තිබේ.   මෙහිදී මෙම කණ්ඩායම විසින් ඒ සඳහා වූ ඉදිරි සැලසුම සිතියම් ගත කෙරිණි.  ඒ අනුව තෙල් නැවක් පැමිනීම ප්‍රමාද කර රට පුරා ඉන්ධන සැපයුම අඩාල කිරීම,රෝහල් තුළ සැත්කම් කිරීම අත් හිටුවීම ,ඖෂධ හිඟයක් නිර්මාණය කිරීම ආදී ක්‍රියා දාමයක් ආරම්භ කර ඒ සඳහා ජනපතිවරයා ගේ මැදිහත් වීමෙන් එම ප්‍රශ්ණ විසඳීමට අපේක්ෂා කෙරේ.   කෙසේ හෝ මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන ජන්මාන්තරගත සතුරා ලෙසට පත් වී ඇත්තේ ජාතික ජන බලවේගයයි.    

සජින් වාස් හා වජිර ගේ අළුත් ආණ්ඩු කුමන්ත්‍රණයට පොදු ජන පෙරමුණෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල වේ.

Image
  ජනාධිපති බටලන්දේ රනිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය කඩා බිඳ දැමීම සඳහා හීන්  නූලෙන් ගෙන යන යටි කූට්ටු කුමන්ත්‍රණය "ලංකා දවස" පල වීමත් සමගම රාජපක්ෂ හිතවාදීීීන් දැඩි කළ බලයට පත් වී ඇති  බව වාර්තාවෙි.   අද පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගල කාරියවසම් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී  බටලන්දේ රනිල් රාජපක්ෂ විසින් සිදු කර ඇති පලාත්පාලන  ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් විරෝධතාවක් ප්‍රකාශ කෙරිණි.එහිදී නීතිඥ සාගල කාරියවසම් ප්‍රකාශ කරන ලද්දේ මැතිවරණය කල් දැමීමට ජනපතිවරයාට නොහැකි බවත් එය ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව මගින් සිදු කළ යුතු කාර්යයක් බවය.   යම් ආකාරයකින් පලාත් පාලන මැතිවරණය මුදල් නොමැති කම නිසා ඡන්දය කල් දැමීමක් සිඳු කරන්නේ නම් ආණ්ඩුව මුදල් සොයාගෙන මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව සඳහන් කළ යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. පොදුජන පෙරමුන මහජනතාවට පවතින පරමාධිපත්‍ය තුළ පවත්වන මැතිවරණ කල් දමන පක්ෂයක් නොවන බවත් එලෙස ව්‍යවස්ථා විරෝධීව මැතිවරණ කල් දැමීම සිදු කරන ලද්දේ වත්මන් ජනපතිවරයා අගමැති ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩුව කාලයේදී බව නීතිඥ කාරියවසම් වැඩි දුරටත් පැවසීය.   පොදු ජන

තිලංගගේ SMS සම්මාන හෙළුවත් එලියට

Image
  ඒ කාලයේ හෙන්රි තෙන්නකෝන්ගේ සමාජ සමයං මතකයට නංවන තිලංග සුමතිපාලගේ සමාජ සමයං හෙවත් සුමති ටෙලි නාට්ටි සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණා. ඒ ඒ රූපවාහිනී නාලිකා වලට සමසේ රිසිසේ සම්මාන ලබාදීමේ තිලංගගේ කට්ට න්‍යාය මෙවරත් වැඩි දියුණු කර පැවැත්වීම කැපී පෙනුණා. එදා පටන්ම මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ඒ.ඩී.රංජිත් කුමාරයි. හැම සම්මාන උළෙලක්ම අවසානයේ තම නිවසේ තීන්ත ගා ගන්නා මොහුට හොඳ ගානක් කොමිස් වදින අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උපන් හපනෙක්. මෙවර රූපවාහිනී නාලිකා වල බොහෝ පූරකයන්ට නිවේදකයන්ට සම්මාන පිරිනමා තිබුණේ හොඳම නිවේදක අංක 1,2,3 යනුවෙන් නිසා හැමෝම සතුටු කරන්න තිලංග සමත් වෙලා තිබුණා. ඉස්සර මේ සම්මාන උළෙල තිලංගගේ අම්මා වන මිලිනා සුමතිපාලගේ ධන පරිත්‍යාගයෙන් පැවැත්වුණත් ඇයගේ මරණින් පසු තිලංගගේත් අයියා වන ජගත්ගේත් වියදමින් පැවැත්වුණා. ඒත් දැන් ජගත් හා තිලංග බූදල් පළහිලව්වක් නිසා විරසක බැවින් මෙවර එය තිලංගගේ තනි ෂෝ එකක් බවට පත් වෙලා තිබුණා. ඒ හින්දා තිලංගගේ පවුලේ හැමෝම සම්මාන පුදන්න ස්ටේජ් එකට කැන්දා තිබුණා. වෙනදා දේශපාලනයේ ලොකු කෙරුම් කාරයන් මෙයට ආරාධනා කරනු ලැබුවත් හිටන් සමග එක්වී දේ

මහනුවර රෝහලේ තුවාලවලට බෙහෙත් දමා ගෝස් වෙනුවට පත්තර කොළ එත් ජනරජ පෙරහැරට කෝටි ගානක් වියදම් , සියල්ලම වතුරේ පෙරහරේ නැකත් වේලාව රටට බරපතල අපලයක්

Image
  එදා ජේ.ආර්.ජයවර්ධන මාමා විසින් මැයි 22 වන දින පැවැත්වු ජනරජ පෙරහැර ආකාරයටම රනිල් නැමති මන්ද මානසික උද්දච්ච රෝගියා විසින් මැයි 22 වෙනුවට පෙබරවාරි 19 පැවැත්විය . ඒ ඉතාම විනාශකාරි අසුභ නැකතකින් බවට හෙලි වේ. ඒ වෙනුවෙන් රටේ ජනතා මුදල් කෝටි ගනනක් විනාශ කලේ අසරණ රෝගින්ට බෙහෙත් පෙත්තක් නැති වටපිටාවකය. මේ වනවිට මහනුවර මහ රෝහලේ හා තදාසන්න රෝහල් සියල්ලගේම ගෝස් ,පුළුන් නොමතිකම නිසාම අස්ථි බෙදියාමකදි ප්ලාස්ටෝපැරිස් දැමීමට පෙර ඊට යටින් තබන පුළුන් හා ගෝස් නොමතිකම නිසාම මේ වනවිට අසරණ රෝගින්ගේ අත් කකුල් බිදි ගිය විට ඒවා යථා තත්වයට පත් කොට පත්තර කොළ තබා ඒවා මතට ප්ලාස්ටෝපරිස් යොදන බව දැනට සේවයේ සිටින මහනුවර රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු පැවසීය. එවනි තත්වයක් රට පුරාම ඇති මොහොතක රටේ මුදල් කාබාසිනියා කොට කාලකණ්නි රනිල් වික්‍රමසිංහ නැමති මානසික රෝගියා අද පැවැත්තු පෙරහැරේ ආරම්භයට සාදා දි තිබු පෙරහර පිටත් වීමේ නැකත තුලින් රටේ භයානක විනාශයක් වෙන බවත් ,එසේ නොමති නම් විශාල ජනසංහාරයක්  සිදුවන බවත් අපහට අදහස් දැක් වු ශ්‍රි ලංකාවේ ප්‍රකට නැකත් කරුවෙකු පැවසීය. ඔහු කියන ආකාරයට එය රටේ පාලකයාට මෙන්ම ජනතාවටද, මරු කදවන්නක්

පලාත් පාලන මැතිවරණය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංඟමයෙන් නිවේදනයක්

Image
  සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංඟයක් වන පසුබිමක එළඹෙන මාර්තු 9 වන දින පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල පල කර ඇත. එම සංඟමය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් කලමනාකරණය කිරීම අරමුණු කර ගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බවය.තවදුරටත් නීතිඥ සංඟමය පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ රාජ්‍ය මුද්‍රණාලයාධිපතිනියගේ සහ ආයතන වල එම ක්‍රියා කළාපය මැතිවරණය කඩා කප්පල් කිරීමේ අරමුණෙන්ම ගත් උත්සාහයක් බව පැහැදිලිව පෙනෙන්ට ඇති බවය.මැතිවරණ කොමසමට සහාය දැක්වීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීම වන අතර එසේ සිඳු නොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බවද එම නිවේදනයේ දැක්වේ. ලංකාවේන් ලංකා දවස කියවන්න…… lanakadawasa.blogspot.com

සජින් වාස් නිසා සාගලගේ කසාදය කොට උඩ සෙනසුරු අපලෙන් සාගලට කණකොකා අඬයිද ?

Image
  අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 1ස්ට් මැන් (1ස්ට් ලේඩි කෙනෙක් නැති නිසා) හෙවත් සාගල රත්නායකට සජින් වාස් නිසා සෙනසුරු අපලයක් ලබා ඇත. අද හෙටම සජින් වාස් ජනාධිපතිගේ උපදේශකයකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැසීමට යන බව අපගේ ජනාධිපති කාර්යාල වාර්තාකරුවකු විසින් වාර්තා කර ඇත.  කවුද මේ සජින් වාස්....... කවුද මේ සජින් වාස් ගුණවර්ධන යනු දශක කිහිපයකට පෙර විවාහ කිහිපයක් කරගෙන එම කාන්තාවන්ගේ මෝටර් රථ කනකර අබරණ පවා විකුණාගෙන නඩු පිට නඩු වැටි යන එන මන් නැතිව සිටි පොරකි. අතන මෙතන පොලු තබා නන්නත්තාර වී සිටි ඔහු අපරාධ නඩු කිහිපයකට වරෙන්තු නිකුත්වීම නිසා හොර පාස්පෝර්ට් එකකින් අවසානයේදී ඩුබායි වෙත පලාගොස් තිබුණි. සජින්ට ලංකාවෙන් යන්න වුනෙත් කලින් විවාහ වී සිටි කාන්තාවකගේ ලාන්සර් මෝටර් රථයක් කුලියට ගෙන පසුව එම මෝටර් රථයේ අයිතිකරු සජින් ලෙස හඟවා හොර පොත් සාදා මනෝ සහ ලක්මිණි නානායක්කාර යන අයට  විකුණා වරදකරු වී හිරේ යාම වලක්වා ගැනීම උදෙසාය.   ඩුබායි වල රස්සා හොයා ඇවිද ඇවිද සිටින විටදී ට්‍රයිකෝ ව්හයපරිකගේ නිවස සුද්ධ කිරීමේ වැඩකටයුතු වලටත් රියදුරු නිවාඩු ගිය විට ඔහුගේ බෙන්ස් රථය සේදීමත් පැදවීමත් සමහර