තිලංගගේ SMS සම්මාන හෙළුවත් එලියට

 


ඒ කාලයේ හෙන්රි තෙන්නකෝන්ගේ සමාජ සමයං මතකයට නංවන තිලංග සුමතිපාලගේ සමාජ සමයං හෙවත් සුමති ටෙලි නාට්ටි සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණා.ඒ ඒ රූපවාහිනී නාලිකා වලට සමසේ රිසිසේ සම්මාන ලබාදීමේ තිලංගගේ කට්ට න්‍යාය මෙවරත් වැඩි දියුණු කර පැවැත්වීම කැපී පෙනුණා.

එදා පටන්ම මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ඒ.ඩී.රංජිත් කුමාරයි. හැම සම්මාන උළෙලක්ම අවසානයේ තම නිවසේ තීන්ත ගා ගන්නා මොහුට හොඳ ගානක් කොමිස් වදින අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උපන් හපනෙක්.

මෙවර රූපවාහිනී නාලිකා වල බොහෝ පූරකයන්ට නිවේදකයන්ට සම්මාන පිරිනමා තිබුණේ හොඳම නිවේදක අංක 1,2,3 යනුවෙන් නිසා හැමෝම සතුටු කරන්න තිලංග සමත් වෙලා තිබුණා.

ඉස්සර මේ සම්මාන උළෙල තිලංගගේ අම්මා වන මිලිනා සුමතිපාලගේ ධන පරිත්‍යාගයෙන් පැවැත්වුණත් ඇයගේ මරණින් පසු තිලංගගේත් අයියා වන ජගත්ගේත් වියදමින් පැවැත්වුණා.

ඒත් දැන් ජගත් හා තිලංග බූදල් පළහිලව්වක් නිසා විරසක බැවින් මෙවර එය තිලංගගේ තනි ෂෝ එකක් බවට පත් වෙලා තිබුණා. ඒ හින්දා තිලංගගේ පවුලේ හැමෝම සම්මාන පුදන්න ස්ටේජ් එකට කැන්දා තිබුණා.

වෙනදා දේශපාලනයේ ලොකු කෙරුම් කාරයන් මෙයට ආරාධනා කරනු ලැබුවත් හිටන් සමග එක්වී දේශපාලනයේද පීචං වී ඉන්න නිසා තිලංගගේ මෙවර ටෙලි සම්මාන රාත්‍රිය නියෝජනය කළේ වැඩකට නැති පිරිසක්.

මෙවර සම්මාන උළෙලේ හොඳම විකටාංගය වුණේ ජනප්‍රිය නළුවන් නිළියන් SMS මගින් තෝරා ගැනීමයි. මීට පෙර තිලංග ලක්බිම පුවත්පත කරද්දී ජනප්‍රිය අය තේරීම කළේ පත්තරයේ පළ කරන කූපනයකින්.

එහිදී කූපන 10 ක් වැටෙන විට එය 100 ක් කර පෙන්වන තිලංග මෙවර SMS සංඛ්‍යාවල් පෙන්වා දී තිබුණු අන්දමට එමගින් ඩයලොග්, මොබිටෙල් ආයතන වලටද කෝටි ගාණක් අරන් දී තිබුණේ ඔවුන්ද මවිතයට පත් කරවමින්.

දෙරණ ඩ්‍රීම් ස්ටාර්, හිරු ස්ටාර් වැනි SMS වැඩියෙන්ම ලැබෙන ජනප්‍රිය වැඩ සටහන් වලට සාමාන්‍යයෙන් ලැබෙන SMS සංඛ්‍යාව වන විසි තිස් දාහේ SMS ප්‍රමාණයට වඩා සිය දහස් ගුණයක් ජනප්‍රිය තරු වලට ලැබී තිබුණා.

ජයගත්තු සමහරුන්ට ලක්ෂ 17 ක් SMS ලැබී තිබීම නම් මහා විහිළුවක් වුණා. බොරුවක් උනත් ඇත්ත කරන හැටි මේ SMS මගඩිය කරපු අය දැන නොසිටීම හාස්‍යයට කරුණක්.

ලංකාවේන් ලංකා දවස කියවන්න……

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්