Posts

Showing posts from November, 2023

වෙළඳ ඇමතියා පිළිකා කාරක ආසනික් අඩංගු සහල් ගෙන ඒමට සැරසෙයි

Image
  වෙළඳ ඇමතිවරයා පට්ට හොරෙක් බව ඔහුගේ පැටිකිරිය දන්නා කියන අය දනී. රටේ ජනතාව ගේ බඩගින්න උකසට තබා මේ හොර තක්කඩියා සිදු කරමින් තිබෙන ජාවාරම් අනන්තය. අප්‍රමාණය. මොහු නිතරම අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයක් පෙන්වා ඒවා ආනයනය සිඳු කිරීම ඇබ්බැහියක් වී තිබේ.කලකදී සීනිය.තවත් කාලයකදී පරිප්පුය.ඉන් අනතුරුව බිත්තරය.හදිසි මිලදී ගැනීම්  ලෙස සිඳු කරන මෙම   ආනයනය කිරීම් තුළ ඇත්තේ තක්කඩි ජාවාරමකි.මින් හොද්ද බොරවන්නේ වෙළඳ ඇමතිගේ හා ඔහුගේ කූට්ඨාලි ජාවාරම්කරුවන්ගේය. රටේ ජනතාව ගේ අවශ්‍යතාව පෙන්වා සිදු කරන මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පිළිබඳව මතු පිටින් සිතන විමසන අයෙකුට වැටහෙන්නේ වෙළඳ ඇමතියා මාර වැඩකාරයෙක් බවය.මොහු අභියෝගකරන්නේ මෙරට කළු කඩ මුදලාලිලාට බවය.එහෙත් සත්‍යය එය නොවේ.මේ තක්කඩියා වෙළඳ පොළ අවශ්‍යතාව පෙන්වා හදිසි ආනයනය කිරීම් වලින් මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිසිදු ප්‍රමිතියකට නැති ආහාරයට නුසුදුසු ඒවා බවට අනාවරනය වී තිබේ.මොහු විසින් ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර පිළිබඳව අප විසින්ද මීට ඉහතදී හෙළිදරව් කරන ලදී.  වෙළඳ ඇමතියාගේ අළුත්ම ජාවාරම නත්තල පෙන්වා කීරි සම්බා හාල් හිඟයක් රට තුල පවතින

ශ්‍රී ලාංකික දැරියක් ජාත්‍යන්තර ජයක් හිමිකර ගනී

Image
  මෙරට උපත ලබා මේ වන විට එක්සත් රාජධානියේ වෙසෙන 15 හැවිරිදි යෙනුලි බිනාරා දැරිය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල්හි පැවති 11 වන MTM YOUNG   ACHIEVERS සහ MTM MUSIC ENTERTAINMENT දිනාගත්තාය. විවිධ දක්ෂතා ඇගයීම සඳහා වාර්ෂිකව එක්සත් රාජධානියේ පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර නියෝජනය කළ ලාබාළම තරඟකාරිය වුයේද යෙනුලි බිනාරා දැරිය වේ.වසර තුනක කාලයක සිට ඇය ගායනය,සංගීතය,රංඟනය සහ කථික අංශයෙන් බොහෝ ජයග්‍රහණ හිමි කර ගෙන තිබේ. තරග ජයග්‍රහනයෙන් පසුව මාධ්‍ය වෙත ඇය ප්‍රකාශ කර ඇත්තේ නව ලෝකයක් ගොඩ නැගීමට තමන් වෙහෙසෙන බවය. කොළඹදී උපත ලබා ඇති යෙනුලි බිනාරා ඕමානයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැලේ මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර පසුව උසස් අධ්‍යාපනය සදහා එක්සත් රාජධානියට ගොස් තිබේ. යෙනුලි බිනාරා දියණියට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු

වැබ පොලිස්පති දේශබන්දුගේ පත්වීම කතෝලික ප්‍රජාවට සිදු කළ මෙලේච්ඡ නිග්‍රහයක් බව අතිගරු කාදිනල් තුමා පවසයි

Image
    ජනපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති වරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම කාදිනල් වරයා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ,කතෝලික සභාව මෙය සළකන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට සිඳුවූූ විශාලම අවමානය ලෙස බවත් කතෝලික සභාව කැඳවූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අද (29)සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කෙරුවේය. සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කෙරුවේ මෙම පත් කිරීිම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙලසීමක් ලෙස කතෝලික සභාව විශ්වාස කරන බවය.දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලීසියේ  වග කිව යුතු නිළධාරීන් සිය රාජකාරිය නිසි අයුරින් ඉටු කළා නම් අහිංසක මිනිසුන් 273 දෙනෙකු මෙලේච්ඡ ලෙස ඝාතනය කෙරුණ තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූැ්ණයෙන්ම විනාශ කළ පාස්කු බෝම්බ ප්‍රහාරය සිඳු නොවන බවය.ජීවිත සිය ගණනක් විනාශ වෙන්නට හල පුද්ගලයකු ඒ සඳහා චෝදනා ලද පුද්ගලයෙක් පසුගිය වසරේ අරගලය අවුළුවා රට ගිණි බත් කංල පුද්ගලයෙක් රටේ පොලිස්පතිවරයාගේ වැඩ බැලීමට පත් කිරීම මෙලේච්ඡ ක්‍රියාවක් බවය. බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවති මෙම මාධ්‍ය හමුව අමතමින් සි

රනිල් එහෙයින් රොත්තක් සමග පරිසර සමුළුවට ඩුබායි යයි

Image
  ඩුබායි රාජ්‍යයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමට ජනපති රනිල් වික්‍රමසිංහ අද (29)රාත්‍රියේ මෙරටින් පිටත්ව යන බව වාර්තා⁣ වේ. ජනපතිවරයා සමග මෙම සමුළුවට සහභාගිවීමට විසිපස් දෙනෙකුගේ කණ්ඩායමක් යන බව වැඩිදුරටත් දැන ගැන්මට තිබේ.විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල ඇමති කාංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිිය රඹුක්වැල්ල, පාම පාඨලී චම්පක රණවක, පාම අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ , දේශගුණික විපර්යාස පිළබඳ ජනපති උපදේශක රුවන් විජේවර්දන  ,ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂක දිනුක් කොළඹගේ සහ තවත් පිරිසක් මේ කණ්ඩායමට ඇතුළත් වන බව පැවැසේ. ⁣එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙට (30)සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේදී පැවැත්වේ.  

අළුත්කඩේ අසූචි වලින් රනිල් වික්‍රමසිංහ ඇඹරූ රාජපක්ෂ කුජීත ගුලිය මෙන්න මෙහෙමය

Image
  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කෙරුවේය.එහිදී ඔහු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ මිත්‍රයෙකුට කළ ඉල්ලීමක් පිළිබඳව කළ සඳහනක් සිහිපත් මෙසේ පැවසීය "..නාමල් මන්ත්‍රීතුමා මගේ මිත්‍රයෙකුට පවසල තියෙනවා රොෂාන් අයියට කියන්න කියල රනිල් කියන්නෙ නයෙක් ඒ හන්ද ප්‍රවේශම් වෙලා ඉන්නය කියල.." රොෂාන් රණසිංහ ගේ එම ප්‍රකාශය නාමල් මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කෙරිිිණි ඒ ප්‍රතික්⁣ෂේපය අප⁣ට අදාල නැත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කෙරුවාව ගැන අප ඒටු ඉසෙඩ් දන්නා නිසාය. සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු නයෙකි.ජනප්‍රවාදයේ තිබෙන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියාය.රනිල් වික්‍රමසිංහද තමන්ට වරදක් කළ අයෙකු පිළිබඳව ජන්මාන්තර වෛරය හිතේ තියාගෙන සිට අවස්ථාවක් ලද විගස ඒ තැනැත්තාට කොනිත්තා⁣ හෝ සතුටක් ලබන උන්මාදයක් ඇති අයෙකි. කලු ලකී හා ගෝනවල සුනිල් ලවා විනිසුරුවන්ගේ නිල නිවාස වලට ගල් ගැස්සුවේ රනිල් වික්‍රමසිංහය.බටලන්ද වදකාගාරයේ තරුණයන්ට දස වද දෙන විට ඔවුන් වේදනාවෙන් මොර දෙන හඬ අසා සතුටක් ලැබුවේද මේ රනිල් මය. තමන්ට එරෙහිව සිටි අයකු දඬුවමක් දෙන්නට නොහැකි න

ක්‍රිකට් දූෂණ ගැන බෙරිහන් දුන් රොෂාන් මහවැලි ඉඩම් බෙදා දී ඇත්තේ මයි මෑන්ස්ලාට විතරයි

Image
    ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව වාර්තා වේ.අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනපතිවරයා විසින් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ලිපිය ඔහු හට බාර දුන් බව පැවසේ.මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රොෂාන් රණසිංහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස මහවැලි ඉඩම් සිය පෞද්ගලික හිතවතුන්ට බෙදා දී ඇත්තේ මන්දැයි ජනපතිවරයා ඔහුගෙන් ප්‍රශ්ණ කළ  බවද අනාවරණය වේ.   රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මහවැලි ඉඩම් සිය හිතවතුන්ට බෙදා දීම සඳහා ඔහු විසින් සකස් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල නොවන ආකාරයට මාධ්‍ය වෙත නිකුත් කර ති⁣බේ.  මහවැලි ඉඩම් බෙදා දීම සඳහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා නිර්දේශ කර තිබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජාතික ඔත්තු සේවාව යොදා ගනිමින් සකස් කරන ලද වාර්තාවක්ද එම අමත්‍ය මණ්ඩල පත්‍රිකාව සමග බෙදා හැරීමට ජනපති කාර්යාලයේ මාධ්‍ය අංශය කටයුතු කර ඇත. ක්‍රීඩා අමාත්‍ය ධුරය සදහා හරීන් ප්‍රනාන්දු පත් කිරීමට නියමිත බවද ජනපති කාර්යාලීය ආරංචි මාර්ග වල සඳ

හඩ්සන් මරවපු ප්‍රේම කීර්ති.......

Image
  රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත.... හේතුව දොස්තර හොඳ හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා.. තද වෙලා ආපු ටයිටස් තොටවත්ත.. "ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා....!" එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සිංදුව ..."බෑයි කියලා බෑයි කියලා බෑ...." වැඩේ ගොඩ ලු. දවසක් ආවලු ප්‍රියා සූරිසේන සිංදුවක් ලියා ගන්න ප්‍රේම්ට කියලා..නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන...හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ... ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු... අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු... හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ... අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙනා ආයුතුවේ... හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න... ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ... හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය උනා.. දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලං ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑග

රනිල් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී මා පිළිබඳව පැවසුවේ බොරු -ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

Image
    අරගල සමයේදී එවකට නීතිඥ සංඟමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වීම සඳහා කුමන්ත්‍රණය කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ අද (24) පාර්ලිි⁣මේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය. ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී සිඳු කළ එම ප්‍රකාශය පදනම් විරහිත චෝදනාවක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ඔහුගේ මුහුණු පොත් ගිණුමේ සටහනක් තබා තිබේ.     එම සටහන පහත දැක්වේ. "....රනිල් වික්‍රමසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් කරමින් 2022 මැයි මස 9 වන දිනයට පෙර මට අගමැතිවීමේ අභිලාෂයක් තිබූ බව ප්‍රකාශ කර තිබෙනවා.අවාසනාවකට  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මුක්තියට  මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දී ගත නොහැකි තැනයි. 2022 මැයි මාස⁣යේදී ⁣ඉදිරිපත් කරන ලද  BASL යෝජනා කිසිවිටකත් පුද්ගලයන් ගැන නොවේ.ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා නීතිඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා විය.නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන ලංකාවේ දේශපාලන හා පාලන අර්බුදය⁣ට විසඳුමක්

මැණික් මල්ලේ ඩේසි ගේ නඩුව ලබන වසරට කල් යයි

Image
  හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් ගේ නමට රුපියල් මිලියන පනහක් වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් මිලයට ගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන වසරේ මැයි මස 31 වන කැඳවීමට ගල්කිස්ස ⁣මහේස්ත්‍රාත් කෝසල සේනාධීර පසුගියදා (24 )නියෝග⁣ කෙරුවේය. අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතු වලට සහ දේපොල මිලදී ගැනීමේ කටයුතු සදහා  භාවිතා කළ බව⁣ට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ නඩුව යෝෂිත රාජපක්ෂට හා ඩේසි ෆොරස්ට්ට එරෙහිව පවරා තිබේ. සිය මුණුබුරා වන යෝෂිත රාජපක්ෂට ඉඩම් මිලයට ගැනීම සඳහා මුදල් ලබා දුන්නේ තමන් විසින් බවත් එම මුදල් තම නිවසේ දොරකඩ නන්නාදුනන පුද්ගලයකු තබා ගොස් තිබූ මැණික් මල්ලක් විකුණා තමන් විසින් උපයා ගත් මුදල් බවත් එක් අවස්ථාවකදී අධිකරණය වෙත සාක්ෂි  දෙමින් ප්‍රකාශ කරන ලද්දේ මේ ඩේසි ෆොරස්ට් නැමැත්තියයි.මෙම සාක්ෂිය ඒ දින වල ගල්කිස්ස අධිකරණය විසින් පිළිගැනීම තුළ මෙරට අධිකරණයේ ගණිකා ස්වරූපය තහවුරු කර ගත හැකිය.

සීඅයිඩී යේ හිටපු අධ්‍යක්ෂ ශානි පොලීසියේ ලොක්කන්ගෙන් කෝටි 100ක වන්දි ඉල්ලා නඩුවක් පවරලා

Image
  අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා සිය ආත්ම ගෞරවය⁣ට සිඳුකළ හානිය වෙනුවෙන්  රුපියල් කෝටි 100 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ. එම නඩුවේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න බස්නාහිර පළාත බාර  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා,එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත,සහ නීතිපතිවරයා නම් කර ති⁣බේ. නීතිඥ මංජුල බාලසූරිය මගින් ගොනු කර ඇති මෙම නඩුව මගින් ශානි අබේසේකර ප්‍රකාශ කර ඇත්තේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිණි අවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේෂසහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිඳුකරන ලද බවය.හිටපු පොලිස්පතිවරයා හා බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වූන  බවද ඔහු එහිදී පෙන්වා දී ඇත. මෙම විමර

ප්‍රසිද්ධ ව්‍යාපාරික චන්ද්‍රසිරි සමරපාල (පැටී අයියා )අභාවප්‍රාර්තවේ

Image
  නුවර එලිය හා  රාගල ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වලපනේ හිටපු ප්‍රාදේශිය සභා  මංත්‍රි චන්ද්‍රසිරි සමරපාල මහතා  (23 ) වන අද දින ගම්පහ ඒ මහතාගේ නිවසේදි හදිසියේම අභාවප්‍රාර්ථ වී ඇත.  නුවරඑලිය හා  වලපනේ ,රාගල ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු වු සමර පාල මහතා( පැටී අයියා ) පලාතේ කා  අතරත් ඉතාම ජනප්‍රිය සමාජ සේවකයෙකි. මොහු දුප්පත් ජනතාව වෙනුවෙන් ඉතාම අගනා කාර්යයක් ඉටුකල අයෙකි.  ඔහු තිදෙරු පියෙකි. මේ වන විට දේහය , ගම්පහ 143, මිනුවන්ගොඩ පාර ,ගම්පහ ලිපිනයේ තැන්පත් කොට තිබේ.  භූමදාන (25 )වන දින ගමපහ ,කසගහවත්ත සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය. ලංකා දවසේ කතෘ මංඩලයේ  අපි සාතිශය සංවේගය පුදකරන්නෙමු

පොලීසිය විරෝධය පෑ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය මාරු කර යවයි

Image
  පසුගියදා නුවරඑළිය අධිකරණ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් විරෝධතාව දැක්වූ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි අධිකරන සේවා කොමිෂන් සභාව මගින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිද මහියංඟනය දිසා අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරුවරිය ලෙස ස්ථාන මාරු කර යවා ඇති බව අනාවරණය වේ. මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙලෙස මහියංගනය දිසා අධිකරණයට ස්ථාන මාරු කර යැවීම පිළිබඳව නීතිඥ සංඟමය සිය සංඟමයේ විරෝධය පලකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ඇතැම් පොලිස් නිළධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල් යාම පිළිබඳව මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක් වීමත් සමගම එම වැඩ පිළවෙලට එරෙහිව පොලිස් නිළධාරීන් සැලසුම් සහගතව කල්ලි ගැසී අධිකරණ කටයුතු වලින් නොවැමිබර් මස 06 වන දින ඉවත්ව ගොස් ඇති බව  මෙම නිවේදනය මගින් නීතිඥ සංඟමය අනාවරණය කර සිටී. එම සිඳුවීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරිය හමුවී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ දැක්වේ. නුවරඑළිය නීතිඥ සංඟමය නොවැම්බර් මස 06 වන දින

හිටපු ජනපතිවරුන්ට රජයේ මුදල් වෙන් කරනවාට විරුද්ධ ජවිපෙ මන්ත්‍රීවරුන් තුන්දෙනා විතරයි

Image
  හිටපු ජනපතිවරුන් සඳහා ජනපති වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳව විරෝධය පල කළ ජාතික ජන බ⁣ලවේගයේ නායක අනුර කුමාර අද (22)පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එම යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගෙන ආවේ ජනපති වරයාගේ වැය ශීර්ෂය යටතේ ඇති හිටපු ජනපති වරුන් සඳහා වූ වැය ශීර්ෂය සඳහාය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපති නන්දසේන රටේ ආර්ථිකය බංකොලොත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති නමුත් ජනපතිවරයාගේ මෙවර වැය ශීර්ෂයේ 1,1,3 වැය ශීර්ෂය යටතේ 2023 අවුරුද්දේ රුපියල් මිලියන 84 කුත් 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 110 කුත් වෙන් කර ඇති බවත් මෙහිදී පෙන්වා දුන්  අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම වැය ශීර්ෂයට ඡන්දයක් අවශ්‍ය බව සඳහන් කළේය. ඒ අනුව එම වැය ශීර්ෂයට පක්ෂව  ඡන්ද 62 ක්ද විරුද්ධව ඡන්ද 03 ක්ද ලැබී තිබූ අතර ඊට විරුද්ධවඡන්ද ප්‍රකාශ කරන ලද්දේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා පමණක් වීම විශේෂය.එම යෝජනාව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සභාවට ගෙන එන විට සමගි ජන බලවේගය නියෝජනය කරන එරාන් වික්‍රමරත්

පැන්ෂන් පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියට පත් කරලා

Image
  පාරිභෝගික කටයුතු පිළිබඳ පනත උල්ලංඝනය කරමින් එම අධිකාරයේ වැටලීම් නිළධාරියකු ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් නීති විරෝධීව පත් කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය චෝදනා කර සිටී. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියට නිළධාරීන් බඳවා ගැනීම සිඳු කළ යුතු වන්නේ බඳවා ගැනීමේ පරිපාටියට අනුව නමුත් මෙම බඳවා ගැනීම සිඳු කර ඇත්තේ එම බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින්  බවය. එමෙන්ම මේ වන විට ඔහු විසින් තම හිතුවත් විමර්ශන නිළධාරීන් යොදවා ගනිමින් සිය ව්‍යාපාරික මිත්‍රයන්ගේ අවශ්‍යතා මත වැටලීම් සිඳු කරමින් බවට මේ වන ව්‍යාපාරිකයකු විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා ගේ පත් වීම නිත්‍යනුකූල නොවන හෙයින් ඔහු සහභාගිවන වැටලීම් අනීතික බවත් එහිදී වැටලීම් සඳහා ඔහු යම් ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වීම අයුතු ඇතුළුවීමේ ගණය යටතට ගැනෙන චෝදනාවක් වන බවටත් නීතිඥවරුන් විසින් පෙන්වා දුන් බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරත් එම නිවේදනයේ දක්වා තිබේ.   

මහපොළ අරමුදලට දෙයියන්ගේම පිහිටයි -වෙළඳ ඇමතිගේ කල්ල මරේ

Image
  මහ පොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදල් පනත අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් අග විනිසුරුවරයා පත් විය යුතුව තිබුණ නමුත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම නිල පත් කිරීමේ තත්වය වෙනස් කරන ලදී.ඉන් අනතුරුව අමාත්‍යවරයා විසින් එම තනතුර සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජිතයකු පත් කිරීමට කටයුතු කෙරිණි.එහිදී එම සංශෝධනය පිළිබඳව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ අග විනිසුරුවරයාගේ කාර්ය බහුල රාජකාරි තත්වය හේතුවෙන් එම සංශෝධනය කළ බවය. ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා විසින් අරඹන ලද මහපොල අරමුදල සඳහා මෙතෙක් කාලයක් අග විනිසුරුවරයා නිල බලයෙන් පත් කිරීම සිඳු කළ අතර ඒ පත් කිරිම් පිළිබඳව කිසිදු අග විනිසුරුවරයකු චෝදනා කර නැති වටපිටාවක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට හදිසියේ  ඇතිවුන ගාය ගැන සැබෑ⁣ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී. මහ පොළ අරමුදල සදහා වර්ෂිකව අවම වශයෙන් කෝටි 2600ක මුදලක් වෙන් කෙරෙන අතර සාමාන්‍යයෙන් ඉන් ශිෂ්‍යත්ව ගෙවීම් වෙනුවෙන් රුපියල් කෝටි 1160 පමණ වැය කෙරේ.මේ වන විට එම ගිණුමේ ශේෂය කෝටි 1150 ක් පමණ පවතින නමුත් පසුගිය මාස 11 ක් පුරා එම ගිණුම් කටයුතු විගණනයට ලක් කර නැති බව අනාවරණය වේ.

රනිල් හාමු ගේ හිතවතාගේ කුඩු තො⁣ගයක් හසුවේ

Image
  එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වන ජයන්ත කන්නන්ගරට අයත් බවට සැක කරන කෝටි 200 ක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් කෙළඹ සිරිල් සී පෙරේරා මාවතේ පිහිටි ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ සමාගමේ ප්‍රධාන ගබඩාවේ ති⁣බී ශ්‍රී ලංකා රේගුව මගින් පසුගියදා (21)අත් අඩංගුවට ගනු ලැබීය. පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,මත්ද්‍රව්‍ය නාශක අංශය හා රේගු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැටලීම සිඳු කළ අතර ට්‍රයිකෝ මැරිටයිම් කාගෝ ආයතනයේ හිමි කරු ජයන්ත කන්නන්ගර ජනපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් වේ.   මෙම සිද්ධිය යටපත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ප්‍රබලයකු බලවත් උත්සාහයක නිරත වෙමින් සිටින බවටද දැනගැන්මට තිබේ.

පට්ට හොරුන්ගේ ජීවිත ආරක්ෂාවට ආරක්ෂක හමුදාව යොදවලා

Image
    මෙරට ආර්ථිකය බංකොලොත් බවට ඇද දැමූ බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දු කරන ලද වග උත්තරකරුවන් අතරින් මහින්ද රාජපක්ෂ හා ⁣මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කිරීම සඳහා  1800 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් යොදවා සිටින බවට අනාවරණය වේ. ඒ අතුරෙන් මිල්ටෙරි නන්දසේන වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක හමුදා නිළධාරීන් සංඛ්‍යාව 850ක් පමණ වන බවද ,මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා නිළධාරීන් 950 ක් සිටින බවද පැවැසේ.නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විශේෂ ආරක්ෂක කණ්ඩායම් දෙකක් මේ දෙදෙනා වෙනුවෙන් යොදවා සිටී.එහිදී මොහුන්ගේ විශේෂ  අවස්ථාවලදී අමතර ආරක්ෂක නිළධාරීන්ද සැප⁣යේ. ඒ අතරේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ආරක්ෂාව සඳහා රජයේ ආරක්ෂක නිළධාරීන් යොදවා සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට බංකොලොත් කරන ලදැයි තීන්දු කර වරදකරුවන් බවට පත් වී සිටින මොවුන් තිදෙනා හට රජයෙන් ලබා දෙන වරප්‍රසාද සියල්ල අහිමි කළ යුතු බවට මේ වන විට සමාජ කතිකාවතක් පවා නිර්මාණය වී තිබේ.

කප්පම් ප්‍රසන්නගේ අභියාචනය විභාගයට ගැනේ - නිදහස් කරන තීන්දුව දැනටමත් ලියා අවසන්

Image
  කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර තමන්ව නිදොස්⁣ කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංඟ විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය පසුගියදා නියෝග කරන ලදී. එම පෙත්සම විභාගයට ගත් සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.එහිදී එම අභියාචනා පෙත්සම විභගය සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්ද නම් කිරීමට නියමිතය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහිර පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමක් හා සම්බන්ධව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කරන ලදැයි කියවෙන චෝදනාවකට වරදකරු  වූ අතර එහිදී ඔහුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ ඇතුව වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 05 කට අත්හිටුවීමකට තීන්දු කෙරිණි.එයට අමතරව මිලියන විසි පහක දඩයක්ද නියම කෙරුණු අතර තවත් රුපියල් මිලියනයක් පැමිණිකාර පාර්ශවය⁣ට වන්දියක් ලෙස ගෙවන ලෙසද නියෝග කර තිබුණි.   මෙරට අභියාචනාධිකරණය මගින් ව

රාජපක්ෂ පවුුලේ දේපොල රාජසන්තක කළ යුතු බවට චන්ද්‍රිකා හා පාඨලී පවසයි

Image
   2018 වර්ෂයේ දින 52 ආණ්ඩුවට එරෙහිව අධිකරණය ලබා දුන් විශිෂ්ට නඩු තීන්දුවට පසු වර්තමාන ආර්ථික අර්බුදයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි. රටේ බංකොලොත් භාවයට වග කිව යුතු වන්නේ බංකොලොත් භාවය ප්‍රකාශ කළ අය බව කියමින් හා අනෙකාගේ දේශපාලනය පිළිබඳව බේගල් ප්‍රකාශ කරමින් රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට තව දුරටත් රට පුරා ඇවිද ඇවිද දේශපාලනය කිරීමට අයිතියක් නැති බවද මෙහිදී ඔහු සඳහන් කර සිටී. එලෙසම රට බංකොලොත් කළ මේ පිරිසට තව දුරටත් රටේ නිල නිවාස,නිල වාහන ,නිල ආරක්ෂාව ලබා දිය යුතු නැති බවත් රටට සිදු ඔවුන් විසින් සිඳු කරන ලද අලාභය ඔවුන්ගේ දේපොළ විකුණා අය කර ගත යුතු බවත් පාඨලී චම්පක රණවක මන්ත්‍රීවරයා පවසයි. රට බංකොලොත් කළ පක්ෂය වන ⁣ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසිරුවා හැර මහින්ද රාජපක්ෂ වහාම ජනතාවගෙන් සමාව ගෙන දේශපාලනයෙන් සමු ගත යුතු බවද ඔහු වැඩිදුරටත්  පවසන ලදී. මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති හිටපු ජනපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකද පවසා ඇත්තේද රට බංකොලොත් කිරීම පිළි

මහින්දට සුභ පතන්න රනිල් නිවසට ගියාට රාජපක්ෂ පවුලෙන්විරෝධය

Image
1945 නොවැම්බර්18 වෙනිදා උපන් මහින්ද රාජපක්ෂ ගේ උපන්දිනයට සුභ පැතීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ විජේරාම නිවසට පැමිණියාය. ඒ රනිල් මාලදිවයිනට ගොස් නැවත පැමිණියේම මහින්දගේ උපන්දිනය වෙනුවෙන් සහභාගි වීමටය.  එම අවස්ථාවට රනිල් පැමිණෙන බව රාජපක්ෂ පවුලට දැනුම් දීමත් සමඟම රාජපක්ෂ පවුලෙන් බලවත් විරෝධයක් එල්ල වුවත් ,රනිල් කිසිවක් ගනන් නොගෙන මහින්දට සුභ පැතීමට ගොස් තිබේ.  කෙසේවෙතත්   පසු ගිය දා ආර්ථික ඝාතකයන් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය  නම් කල මහින්ද රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂලාට එවනි තීන්දුවක් ලබාදීමට රනිල් අගවිනිසුරු හරහා  ගේමක් ගැසු බවට දන් පොහොට්ටු ඇමතියන් සියල්ලම විශ්වාස කරන්නේ ඔවුන්ට ලැබී ඇති තොරතුරු අනුවය. ඒ නිසා මේ වනවිට රනිල් ටිකෙන් ටික රාජපක්ෂලාගෙන් කොන්වෙමින් තිබෙන බවට අපට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත.

සල්ලාල විජේදාස ජනපතිවරණයේදී පොදු අපේක්ෂක වීමේ සැලසුමක් හෙළිවේ

Image
  ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමේ රහස් සැළසුමක් පිළිබඳව අනාවරණය වේ. මෑතකදී මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතිවූ අර්බුදයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට සහයෝගය දක්වන ලද්දේ හා ජනපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයකු ලෙස මධ්‍යම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්ව සිටි සුපුන් එස් පතිරගේ අල්ලස් ගැනීමේ සිද්ධියට අත් අඩංගුවට පත් කරවීම සඳහා අල්ලස් කොමිසම වෙත තොරතුරු ලබා දී ඇත්තේද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා බවද වාර්තා වේ. අමාත්‍යවරයාගේ පුත්‍රයා නීතිඥ රඛිත රාජපක්ෂ ක්‍රිකට් අතුරු කමිටුවට පත් කරන ලද්දේද එම සැලසුමේ ⁣දිගුවක් ලෙසය. මේ වන විට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා රට පුරා වෙසෙන කලාකරුවන් 120 කට සාම විනිසුරු කම් ලබා දී ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීම⁣ටද කටයුතු කර තිබුණි.මෙම කලාකරුවන් රට පුරා වෙසෙන යනුවෙන් සඳහන් කළද එසේ සාමවිනිසුරු කම් ලබා දී තිබුණේ ⁣කොළඹ කේන්ද්‍රීය කරගත් ටෙලි නාට්‍ය නිළියන් යැයි කියාගන්නා සිල්ලර කාන්තාවන්ය.විශේෂයෙන් මෙම සාමවිනිසුරුකම් ලබා දීමේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ න

රට බංකොලොත් කෙරුවේ රාජපක්ෂලා ඇතුළු මහ බැංකු කණ්ඩායම බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Image
    රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට හිටපු ජනපතිවරුන් වන  මහින්ද රාජපක්ෂ ,මිල්ටෙරි නන්දසේන හා  මුදල් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටද තීන්දු තර තිබේ. ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්,මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන්,මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල,හිටපු ජනපති ලේකම්පී.බී ජයසුන්දර හා එවකට ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි අයවළුන්ද මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ බවද මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් තීන්දු කර ඇත. මෙරට වත්මන් ආර්ථික අර්බුදයට  වග කිව යුතු පුද්ගලයන් සමිබන්ධයෙන් විමර්ශනයක් සිඳු කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරු සංඛ්‍යාවක් මෙම තීන්දුව අද දින (14) ප්‍

ක්‍රිකට් නාඩගම ජාවාරම්කරුවන්ගේ නාටකයකි

Image
  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිෂ්පාදනය කළ ක්‍රිකට් නාඩගමේ විවේක කාලයෙදී  අයිසීසිය මෙරටට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.මෙරට ක්‍රිකට් සංඟමයේ ලේකම් ෂම්මි සිල්වා හා රොෂාන් රණසිංහලා එකම වල්ලේ පොල්ය.මේ ආරවුල සැබෑවටම සිද්ධ වූයේ මුදල් ගණුදෙනු පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මිස ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසා නොවේ.රොෂාන් රණසිංහ ෂම්මි ඇතුළු කණ්ඩායම ගැන හොයන්නට පත් කළ අතුරු කමිටුව තුළ සිටින්නේද රනිල් හාමු ගේ සුරතලුන්ය.   ඒ අතරේ හිච්චි ⁣විජේදාස ,ජමල්දීන් ,අර්ජුන රණතුංග ඇතුළුව විශ්‍රාමික විනිසුරුවරයකු හා විනිසුරුවරියන් දෙදෙනෙකු සිටී.බිමට සමතාලා වී තිබෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත උඩට එසවිය හැක්කේ අර්ජුන රණතුංගට පමණය යන්න මේ අර්බුදය ඇතුලේ කියවීමක් තිබේ.අර්ජුන රණතුංග යනු සූදු ෂම්මි ගේ පිට පළුවයි. මොහු දැන් උත්සාහ දරමින් සිටින්නේ ෂම්මිලා රහ විඳි ක්‍රිකට් ඒකාධිකාරය තමන්ගේ සාක්කුවේ දමා ගැනීමටය.අර්ජුන රණතුංග යනු නොම්මරේ එකේ තක්කඩියෙකි.යහපාලන ආණ්ඩුව කාලයෙදී වරාය  ඇමතිවරයා ලෙස මොහු කටයුතු කළ ආකාරය ගැන දන්නා අයට නම් අර්ජුනගේ තක්කඩිකම් ගැන අමුතුවෙන් සිහිපත් කළයුතු නැත. රොෂාන් රණසිංහට⁣ ක්‍රිකටි ගැන මේ

ප්‍රවේශම්වන්න

Image
  බිලියනපතියන් ලෙස පෙනී සිටිමින් මෙරට ධනවත් ව්‍යාපාරිකයන්  මුලා කරමින් මුදල් වංචා කරන යුවලක් පිළිබඳව ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.ව්‍යාපාර කටයුතු සදහා විශාල සමාගම් හා ඉඩ කඩම් මිලයට ගන්නා බව ප්‍රකාශ කරමින් මෙම යුවල මේ වන විට බොහෝ දෙනෙකු මුලා කරමින් ඔවුන් සන්තකයේ තිබුණු මුදල් වංචා කර ඇති බව මෙහිදී හෙළි කර තිබේ.   මේ යුවලේ පිරිමි පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි සඳහන් කරන ක්‍රිෂ්ණ මූර්ති නම් අයෙකි.කාන්තාව ප්‍රේමනාදන් රසිකා නම් වන අතර ඇය පදිංචි ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝතමී මාවත වෙලේවත්ත,වැල්ලම්පිටියයි. මේ දෙදෙනාට එරෙහිව මුදල් වංචා වලට හසුවූ  බො⁣හෝදෙනෙකු පොලීසියට පැමිණිලි කර තිබේ.එබැවින් මෙම යුවලගෙන් ප්‍රවේශම් වන ලෙස ලංකා දවස ඉල්ලා සිටී.

නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් මහා මුල්‍ය වංචාකාරයෙක් බව හෙළිවේ

Image
    ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන ICIJ වෙතින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් අක් වෙරළ සමාගම් වල ඩොලර් බිලියන 42 ක් ආයෝජනය කර ඇති බව අනාවරණ වී තිබේ.ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය මීට පෙර 2013 ,2016 හා 2021 වර්ෂවලදීත් පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් ලෙස ඔවුන් සිඳු කළ ගවේෂණ වාර්තා ප්‍රකාශය⁣ට පත් කරන ලදී.මෙහිදී  අක් වෙරළ සමාගම් අට ලක්ෂ දස දහසක් ඔවුන්ගේ විමර්ෂනයට ලක් කරන ලද බව පැවසේ.ඒ සඳහා රටවල් 200කට අයත් ලිපි ගොනු මිලියන 11.9ක්ද රටවල් 100 ක මාධ්‍යවේදීන් 280 දෙනෙකුද දායක කරගෙන තිබේ.මේ සඳහා දායක වූ මාධ්‍ය ආයතන අතර එක්සත් ජනපදයේ වොෂිංටන් පෝස්ට් ,බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන්,බීබීසී, සහ ජර්මනියේ WDR NDR වේ.ලෝකයේ කීර්තිමත් මාධ්‍ය ආයතනද සම්බන්ධවී සිඳු කරන ලද විමර්ශනයක වාර්තා සිල්ලර වාර්තා ලෙස නොතකා හැරිය නොහැකිය. මීට පෙර නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් සිඳු කරන ලද ඩොලර් මිලියන 160ක විදේශ වංචාවන් සම්බන්ධ තොරතුරුද අනාවරණය කරන ලද්දේ මේ ආයතනනයයි .එම සිද්ධිය වාර්තා වීමෙන් පසුව මිල්ටෙරි නන්දසේන විසින් ඒ ගැන සොයා බලා වාර්තා කරන ලෙසට කොම