හඩ්සන් මරවපු ප්‍රේම කීර්ති.......

 


රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේමකීර්ති සිටියා...එතන යකා වැසී ආවේ ටයිටස් තොටවත්ත....
හේතුව දොස්තර හොඳ හිත කාටූන් එකට ගීතයක් ලියන්න කිව්වත් ඒක ප්‍රේම්ට අමතක වෙලා..
තද වෙලා ආපු ටයිටස් තොටවත්ත..
"ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියනවා කියලා කියලා තියනවා....!"
එවෙලෙම ප්‍රේම් ලියල දුන්නලු අපි කවුරුත් දන්න සිංදුව ..."බෑයි කියලා බෑයි කියලා බෑ...." වැඩේ ගොඩ ලු.
දවසක් ආවලු ප්‍රියා සූරිසේන සිංදුවක් ලියා ගන්න ප්‍රේම්ට කියලා..නිකන් නෙවේ අරක්කු බෝතලයකුත් අරගෙන...හැබැයි ප්‍රේම් හදිසි ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේ... ටක් ගාලා කොලයක් ගත්ත ප්‍රේම් වචන ටිකක් ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යන්න ගියාලු... අප්සට් එකේ හිටපු ප්‍රියා අර කොලේ අරං බැලුවම මෙහෙම තිබ්බලු...
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ...
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙනා ආයුතුවේ...

හෙටත් උඹ බෝතලේ අරං වරෙන් මාව හම්බවෙන්න... ඒකයි ප්‍රේම් කියලා තියෙන්නෙ... හැබැයි ඒක ලස්සන ප්‍රේම ගීතයක මුල් පද පේලිය උනා..
දවසක් ත්‍රිකුණාමලය වෙරළේ වික්ටර් හා ප්‍රේම් වැතිරිලා අහස දීහා බලං ඉන්න කොට තරුවක් දැකලා එක පාරට ප්‍රේම් කෑගැහුව ලු මෙහෙම...
තනි තරුවේ තනි තරුවේ...ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා...
කියාලා... ඒකත් අද ප්‍රසිද්ධ සිංදුවක්..
දවසක් සුනිල් එදිරිසිංහ ආවලු ප්‍රේම් අයියා සිංදුව ලිව්වද කියලා අහගෙන....
හරි  මම දෙන්නම් ඔයා ගිහිල්ලා එන්න කිව්වලු...
ඇත්තටම ඔහු සිංදුව ලියලා තිබුනේ නෑ...
ඔහු වටපිට බලන කොට දැක්කලු රේස් දාන තැනක අශ්වයා ගේ  පිටේ ඉන්න අසරුවා ගේ පින්තූරෙ...
ඔහු ලිව්වලු සිංදුව ...
මිනිසෙකු පිට  නැගි අසරුවෙකි.....
ඒ බර ගෙයි වහලට බරකි....

ප්‍රේමකීර්ති කියන්නෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට ලක්  උන පුද්ගලයෙක් ...
ඔහුව මන්නාරම ප්‍රදේශයට යැව්වම ලස්සන සිංදුවක මූලාශ්‍ර ඔහුට හම්බ උනා....

මන්නාරම් පිටිවැල්ලෙ මදටිය වැල් ඔංචිල්ලෙ
කොණ්ඩෙ බැඳන් හදට අඩං සිංදු කියන්නෙ...කුණ්ඩුමනී....

අනුරාධපුරය යැව්වම ඔහු දැක්කා උදේම මරන්න ගෙනියන්න කොළඹ ට එවන්න හරක් පටවනවා කෝච්චියට... ඔහු ලිව්වා...

බානින් බැඳ රජරට පෙදෙසින්නෙ...
කෝච්චියේ නැග කොළඹට එන්නෙ...
පිහියේ මුවහත ගෙල සිප ගන්නෙ...
උදේම ඒ කය නිසසල වන්නෙ...

මීට අමතරව ඔහුට  කැපිලි දැම්ම අයට දැනෙන්න මරු සිරා චිත්‍රපටයට ඔහු සිංදුවක් ලිව්වා... ඒකත් ලිව්වෙ ලියුම් කවරයක පිටකරයක...

එම්. එස්. ප්‍රනාන්දු සහ ජෝතිපාල ගායනා කරන

තැටිය මැද්දෙ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා...
රාමාටත් බැරි  උනාවු
මහවැඩකට පෙළඹුණා වූ
අපිව දැකලා එයා අඩනවා...

ආපහු කොළඹ ට ආපූ ප්‍රේම් ගුවන් විදුලි සංස්ථාවේ විකාශන මැදිරියට පැමිණි පසු විකාශනය පටන් ගන්නකොටම, කවුරුන් හෝ ඔහුගේ පුටුව වැට්ටුවලු... ඒ හඬ ගුවන් විදුලිය හරහා ඇහුනලු...
එතකොට ඔහු මෙහෙම  කිව්වලු...

"වැටුනේ පුටුව  විතරයි 
ප්‍රේම කීර්ති වැටුනේ නෑ..."

ඔබ සිටියානම් අදට 76 ක්, සුබ උපන්දිනක් වේවා! නිවන් සුව ලැබෙිවා ..!❤️

-උපුටාගැනීමකි-

Credits Chirath Uyanahewa

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්