Posts

Showing posts from March, 2026

යුද්ධ හමුදාවේ ගරුත්වය සහ විශ්‍රාමික නිලධාරීන්ගේ වගකීම: මීගවආරච්චිගේ තප්පුලෑම පිළිබඳ විමසුමක්

Image
  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිමේ ඒකීයභාවය සුරක්ෂිත කළ, දැඩි විනයකින් හෙබි ආයතනයකි. එවැනි ආයතනයක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ගෞරවයකි. නිසි පුහුණුවක් සහ විනයක් සහිතව සේවය කර විශ්‍රාම ගන්නා යුද්ධ හමුදා නිලධාරියා යුද්ධ හමුදාවට දිවි ඇති තෙක් ආදරය කරන්නෙකි. එවැනි යුද්ධ හමුදා නිලධාරීන් ඕනෑතරම් සිටිති.  එහෙත්, ලුතිතන් කර්නල් නිලයේ සිටියදී විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රවීන්ද්‍ර මීගමආරච්චි වැනි පුද්ගලයින්ගේ වර්තමාන හැසිරීම එම ගෞරවනීය නිල ඇඳුමට මෙන්ම සමස්ත හමුදා සංස්කෘතියටම නිගාවකි . තමන් සේවය කළ ආයතනය තුළ දූෂණ චෝදනාවලට ලක්වී, නිසි ක්‍රියාපටිපාටියක් යටතේ විශ්‍රාම ගැන්වූ පසු, එම ආයතනයටම එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම පටු මානසිකත්වයක ලක්ෂණයකි. රවින්ද්‍ර මීගමආරච්චි විසින් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ පාලනාධිකාරියට එල්ල කරන චෝදනා කිසිදු සාක්ෂියක් නොමැති අභූත ප්‍රකාශ බව පෙනී යයි. පෞද්ගලිකව තමන් පත්වූ අපහසුතාවයන් සහ තමන්ගේ වැරදි වසා ගැනීමට සමස්ත හමුදාවම අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ...

පාස්කු බෝම්බ පිපිරවීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් නොවන්නටද පුළුවන

Image
  Message Body පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඕනෑ තරම්  ලියවුන කවි සින්දු රචනා කියවන්නට තිබේ.ඒ පිළිබඳව ජනපති කොමිෂන්  වාර්තාද කියවීමට හැකිය.සීඅයිඩී පරීක්ෂණ ගොනුද හැට හුටාමාරක් ඇත.පක්ෂ විපක්ෂ බොහෝ දෙනාටද ඒ ගැන විවිධ අදහස්ද පවතී. අප මේ ලියන්නේ එම සිදුවී⁣ම පිටුපස සිටි මිල්ටෙරි බළල් අත් ගැන අපට පවතින සැකයයි.බොහෝ දෙනා සිතන්නේ පාස්කු දින ප්‍රහාරයේදී සහරාන් ඇතුළු කණ්ඩායම බෝම්බ පුපුරවාගෙන මිය ගිය බවය.මේ වන විට සමාජගත වී ඇත්තේද ඒ අදහසය.එය එසේම වීද යන්න ගැන අපට නම් ඇත්තේ බරපතල සැකයකි.අපට ඒ සැකය මතුවන්නේ මෙරට දේශපාලනයේ අපරාධකාරී අදෘශමාන හස්තය විසින් බලය රඳා පවත්වාගෙන යාම සඳහා  මුදා හරින ලද මෙලෙච්ඡත්වය ගැන ඉතිහාසය තුළ සැඟවුන සිද්ධීන් ගණනාවක්ම ඇති නිසාය.පාස්කු ප්‍රහාරයේ  ස්වරූපය ඒවායින් වෙනස් වන්නේ ඒ ප්‍රහාරය සිද්ධවන්නේ බලය ලබා ගැනීමේ අභ්‍යාසයක් විදියට බැවිනි. ඉතිහාසය තුළ සැඟවුන එම සිද්ධීන් ගැන හොඳින් දන්නේ දැනට විශ්‍රාමිකව සිටින හමුදා ප්‍රධානීන්ය.එලෙස සිදු වූ ඇතැම් මෙලේච්ඡ සමූහ ඝාතනයන් සමාජය තුළ වර නැගුනේ එල්ටීටී ප්‍රහාරයන් විදියටය.එහෙත් මතුපිටින් දකින දේ සැබෑව නොවේ.ඒ සෑම ඝාතනයක...

සලේ ගැන අපේ සත දෙක

Image
  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සමිමත කරන්න යන අවස්ථාවේ ඒ පනත පුරවැසියන් හිංසාවට බඳුන් කරන  පනතක් බවට බොහෝ පාර්ශව වලින් චෝදනා නැගුනා.පනත සම්මත කිරීමට පෙර පැවතුන සංවාදවලදී ජනතා විමුක්ති පෙරමුණද මෙයට එරෙහි වූ බව අපට මතකයි .වර්තමානයේ ජවිපේ මූලික කර ගත් ජාජබ ආණ්ඩුවකින්ද ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මේ පනත අහෝසි කිරීමෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටෙනු ඇති බවටආණ්ඩුවේ අදහස වෙන්නට ඇති.බලයට පත් වීමට පෙර ජවිපෙ මේ පනත පිළිබඳව පැවැති ස්ථාවරය බලය ලබා ගැනීමත් සමගම වෙනස් කර ගැනීම කණගාටුදායකයි. මේජර් ජනරාල් සලේ රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වී⁣මේ පනතේ විධානයන් යටතේ බව පැවසෙනවා. එය එසේවන්නේ නම් ඉන් මාර උත්ප්‍රාසයක්  නැගෙනවා.ඒ මන්ද යත් මේ පනතට එරෙහිවූ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හා සිවිල් සංවිධාන වල ක්‍රියාකාරිත්වය මේජර් ජනරාල් සලේ ගේ ඒ දිනවල වෘත්තිමය දායකත්වය තුළ වර නැගුනේ ත්‍රස්තවාදීන් විදියට.ඒත් දැන් ඔහු ඒ පනතින්ම සිර ගත කරලා. රට ආර්ථික අර්බුදයට පත් වූ අවස්ථාවේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් හිඟයක් ආවා.ඒත් ජාතික ආරක්ෂාව තිබුණා.රටේ ඉන්ධන හිඟවුනා.ජාතික ආරක්ෂාව තිබුණා.කිරි ...

සාරා ජීවතුන් අතර නම් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණය කරන්නට උපදෙස් දුන්නේ කවුරුන්දැයි අධිකරණය ප්‍රශ්ණ කරයි

Image
  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් 2019 අප්‍රේල් 26 වන දින සයින්ද මරුන්දු ප්‍රදේශයේ නිවසක සිඳුවූ පිපි⁣රීමෙන් මිය ගොස් නැති බවට ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබියදීත් ඒ සඳහා ⁣තුන්වැනි පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව ⁣මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි වාර්තා වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින මේජර් ජනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින විමර්ශන ගැන කරුණු පසුගිය 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය දී ඇත. එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ 2023 වස⁣⁣රේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මෙම තෙවන පරීක්ෂණය සිදු කිරීමට නියෝග කර ඇතැයි පැවසේ.එම නියෝගය හිටපු ජනපතිවරයා විසින් ලබා දී තිබේ නම් එය මුළුමනින්ම නීති විරෝධි ක්‍රියාවක් බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.එම නියෝගය වැරදි සහගත ක්‍රියාවක් බව තහවුරු වන්නේ නම්  එහි ...

කරාපිටිය රෝහලේදී මාධ්‍යවේදිනියකට පොලීසිය චණ්ඩි පාට් දාලා

Image
  ගාල්ල කරාපිටිය රෝහලේ ⁣මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඉරාන ජාතික නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී පොලීසියේ යැයි පැවසූ කණ්ඩායමක් තම රාජකාරියට බාධා කරමින් තමාගේ සටහන් පොත් උදුරාගත්තේ යැයි සඳහන් කරමින් සිලෝන් ටුඩේ පුවත්⁣පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ. මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා ඉරාන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තිකාවකගේ සහායෙන් රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අදාල නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී මේ පොලිස් නිළධාරීන් පිරිස ඇයට බාධා කර ඇති බවද දැන ගැන්මට තිබේ.එහිදී තමාට පොලිස් නිළධාරියකු හා රෝහලෙහි ආරක්ෂක නිළධාරියෙකු අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවද ඇය කියා සිටී. තමා මුහුණ පෑ මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට දුරකථනයෙන් පැමිණිලි කළ බවද අනතුරුව තමන් ගාල්ල පොලීසියේ පැමිණිල්ලක් කළ බවත් මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය⁣ට පවසා ඇති අතර මේ සිඳුවීම නිදහසේ සිය වෘත්තීය  කටයුතු වලට නිරත වීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිඳු කළ අනීතික පොලිස් මැදිහත්වීමක් බවට සඳහන් කරමින් එම ව්‍යාපාරයේ ලේකම් දි...

නිදන් හෑරූ හිටපු ඩීඅයිජී බිරිඳ ඇතුළු 7 කට දඩ

Image
  අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක් මත පිහිටි දේවාලයක් ඇතුළත කැණීම් කර නිදන් වස්තු ලබා ගැනීමට තැත් කිරීම හා කුමන්ත්‍රණය කිරීම චෝදනා යටතේ බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිසාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිය වන ඩී.ඒ.ඉන්ද්‍රාණි කුමාරි දිසානායක ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් එම නඩුව ගත් අවස්ථාවේදී අධිකරණයේදී වරද පිළිගනු ලැබූහ. ඒ අනුව වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හත් දෙනාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී මුදලින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කෙරුවේය. මෙම සිද්ධියට අදාලව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය උදිත ලියනගේ සහ එම නඩුවේ තවත් සැකකරුවෙකු වූ එම්.පද්මසිරි දිසානායක නම් හිටපු යුද හමුදා නිළධාරියෙකු තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින චෝදනාවන්ට වරද නොපිළිගත් අතර මේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හත් දෙනාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී මුදලින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කෙරුවේය. මෙම ස...

දෙමටගොඩ රුවන්ට ඇප ගැනීමට ලක්ෂ 150 ක් ගැනීමේ නඩුවක විත්තිකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි

Image
  මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙම⁣ටගොඩ රුවන් නැමති සැකකරු බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා දීම සඳහා රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක් ඉල්ලා ගන්නා ලදැයි කියන විමර්ශනයකට අදාලව  සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිආර්.දුමින්ද සිල්වා නම් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂම පසුගියදා (03) පැවසීය. අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි දෙමටගොඩ රුවන් නැමති සැකකරුට ඇප ලබා ගැනීමට උදව් කිරීම සඳහා මෙලෙස මුදල් ලබා ගත් කියන විමර්ශනයකට අනුව මෙලෙස ඔහු සැකකරුවෙක් ලෙස නම් කෙරිණි.මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස්⁣ කොමිෂම මගින් අත් අඩංගුවට ගත් මොහොමඩ් මොහොදීන් සෆ්රාස් නවාස් නැමති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දුමින්ද සිල්වා යන අයද මේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දෙන ලදී. නීති විරෝධී වත්කම් විමර්ශන  කොට්ඨාශය මගින් සිඳු කරන ලද පැමිණිල්ලකට අනුව දෙමටගොඩ රුවන් යන විත්තිකරු රහස් පොලීසිය මගින් අත් අඩංගුව...

පොලීසියේ දූෂිතයන් ගේ යුනිෆෝම් ගැලවේ

Image
 ගෙවී ගිය 2024 සිට 2025 කාලය තුළ විවිධ විෂමාචරයන් හා විනය විරෝධීව කටයුතු කරන ලද පොලිස් නිළධාරීන් 604 දෙනෙකුගේ වැඩ  තහනම් කර 79 දෙනෙකුගේ සේවයෙන් පහ කිරීමට  කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය.  පොළිස් නිළධාරීන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා රජය මගින් ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිළධාරීන් සිඳු කරන දූෂණ හා අක්‍රමිකතාවන් පිළිිබඳව පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සෘජුව පැමිණිලි කිරීමට මහජනතාවට දැනුම් දීමට හැකියාව පවතින බවද  අමාත්‍යවරයා පැවසීය. මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන 608 ක් ඇති බවද,පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 79782 ක් බවද මෙහිදී අමාත්‍යවරයා හෙළි කෙරුවේය. පසුගිය කාලයේ අපරාධ මර්දන මෙහෙයුම් මගින් පොලීසිය මගින් මේ වන විට වෙඩික්කරුවන් 22 ක් ,පැදිකරුවන් 14 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57 ක් ඇතුළු සැකකරුවන් 315 දෙනෙකු 2024  අත් අඩංගුවට ගෙන ඇති බවද 2025 වසරේදී අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 408 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇමතිවරයා අනාවරණය කෙරුවේය....

කොස්ගොඩ සුජී ගේ ගෝලයන් රොත්තක් සාජා පොලීසිය අැරස්ට් කරයි

Image
  එක්සත් එමීර් රාජ්‍යයේ සාජා පොලීසිය මගින් ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් හතරදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා විය.එම පාතාල සාමාජියන් හතර දෙනා ලංකාවේ සිඳු වූ සාහසික මිනිස් ඝාතන වලට සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වූවන් වේ.මේ වන විටත් මෙරට සිඳු කරන හොරොයින් ජාවාරම  එක්සත් එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනේද මෙම පාතාල සාමාජිකයන් බව අනාවරණය වී තිබෙි. එලෙස අත් අඩංගුවට ගත් අයවළුන් මෙසේය. 1.එම්.ඩී .හර්ෂ ගුණතිලක  මොහුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම ගැන ගාල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර බෙලි අත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදෟ රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට හවුල් වූ අයෙකි. 2.දසුන් මානවඩු මොහු අම්බලන්ගොඩ යසරත්න නම් මිනිස් ඝාතකයාගේ ගෝලයෙකි.යසරත්න අම්බලන්⁣ගොඩ ප්‍රදේශයේ මිනිස් ඝාතන නවයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කෙරුවද ඒ කිසිවකුට පොලීසියේ අත් අඩංගුවට පත් නොවු අයෙකි.එහෙත් අම්බලන්ගොඩ නගරයේදී ඔහු ඝාතනය කෙරිණි.තම කණ්ඩායම් නායක යසරත්න මරා දමන ලද්දේ  අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යපාරික සහ ගාල්ල ක්‍රිකට් සංඟමයේ   සභාපති ප්‍රේමසිරි හැළඹගේ ගේ කොන්ත්‍රාතුවකට බවට සැක කර දසු...

රනිල් ගේ බ්‍රිතාන්‍යය සංචාරය පෞද්ගලික ගමනක් බව විශ්වවිද්‍යාලය කියයි

Image
  හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරණ කාලයේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට ගිය සංචාරය පිළිබඳව පසුගිය දිනවල මෙරට සමාජය තුළ කතාබහක් නිර්මාණය වූයේ මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹීමෙන් පසුවය. එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන ලද්දේ ඔහු ගේ එම සංචාරය නිල සංචාරයක් බවටය.රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි බොහෝ අයවළුන්ද එම සංචාරය නිල සංචාරයක් බවට අදහස් ප්‍රකාශ කළ අතරම ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ජාජබ ආණ්ඩුව කළ දේශපාලන පළි ගැනීමක් බවටද අවධාරණය කෙරිණි. එහෙත් ඒ සියල්ලන් ⁣ගෙන ආ තර්ක කුඩු පට්ට්ම් කර දැමීමට සිවිල් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් සමත්වී  තිබේ. ඒ ඔහු බ්‍ර්තාන්‍ය තොරතුරු පනත උපයෝගි කර ගනිමින් වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගෙන ⁣ඇති තොරතුරු නිසාය ඕෂල හේරත් බ්‍රිතාන්‍යයේ 2000 අංක දරන තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත (FOIA)යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයට එම විශ්ව විද්‍යාලයේ තොරතුරු නිළධාරිණී සෝපි එසන් (sophi...

අනේ පව් චූටි ගෑනු ළමයා දෙයියනේ

Image
  ඇමරිකාව හා ඉරාණය අතර යුද්දය ඇරඹීමත් සමගම  රට ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි මහජනයා ඉන්ධන පිරවුම් අසල පෝලිම් ගැසෙන්නට විය. හොරණ ඉන්ධන පිරහුම් හලක් සමීපයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමක සි⁣ටි ගැහැණු දැරියක හිරු හා හොරණ Goosip නම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන ලද "වොයිස් කටයක්" සමාජ මාධ්‍ය තුළ  පියාඹන්නට ගත්තේ ආණ්ඩුවට  එරෙහිවූවන්ට අපූරු උත්තේජනයක් ලබා දෙමිනි. ඇය එහිදී මෙසේ පැවසුවාය.දිනය  2026.04.01 දාය. "...අපි හිතුවෙ නෑ අනුර මේම රවට්ටයි කියලා.දැන් තෙල් ගහන්න යද්දි 95 විතරයි තියෙන්නෙ.ගොඩාක් වෙලා ඉඳන් මේම ඉන්නවා.මං කවදාවත් හිතවෙ නෑ මගේ පළවෙනි ඡන්දෙ දුන්න අනුර අපට මේම කරයි කියලා.ගොඩාක් වෙනසක් බලාපොරොත්තු වුනා කිව්ව කතා වල හැටියට.ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුවෙම නෑ.යුරෝපයෙ ෆීලින් එකක් දෙන තරමට තමයි අනුර කතා කෙරුවෙ.ඒත් දැන් අන්ත තත්වයට පත් වෙලා. එහෙත් ආණ්ඩුවට එරෙහි වූවන් ඒ දැරියගේ දැරියගේ වොයිස් කටයෙන් ගත් වින්දනය ක්ෂණයෙන් සුනු විසුණු වී ගියේය. ඒ එම දැරියම හොරණ GOOSIP නම් මාධ්‍ය ආයතනයට 2025 අප්‍රේල් මාසයේ 01 වෙනිදා දුන් වොයිස් කටයක් නිසාය. ඇය එහි මෙසේ පවසන්නීය. "...යුද්දයක් නිම ක...

නීතිපති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අමුඩයත් ගලවලා

Image
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා 2022 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධව ගම්පහ මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 12 දින ලබා දෙන ලද තීන්දුවට අනුව චුදිතයන් 12 දෙනෙකුට මරණ දඩුවම හිමි වුන අතර තවත් චුදිතයන් හතර දෙනෙකුට වසර පහකට අත් හිටවූ දඩුවම් ලබා දෙන ලදී. මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ගේ සභාපතිත්වයෙන් යුතු වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් මෙම නඩුව විභාග කළ අතර රශ්ම් සිංගප්පුලි හා රශන්ත එගොඩගේ යන මහාධිකරණ ව්නිසුරු වරුන් අනෙකුත් සාමාජික විනිසුරුවරුන් විය.මෙම නඩුවේ තීන්දුව ලබා දෙන ලද්දේ බෙදුනු තීන්දුවක් ලෙසටය.එහිදී සභාපති විනිසුරු වරයාගේ තීන්දුවේ සඳහන් වී තිබුණේ නඩුවේ සියළු චුදිතයන් නිදොස් කර නිදහස් කරන බවය. එහෙත් ත්‍රිපුද්ගල  මහාධිකරණයේ අනෙකුත් සාමාජික විනිසුරු වරුන් දෙදෙනා තීන්දු කළ පරිදි චුදිතයන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. එම තීන්දුව අනුව නිදහස් කෙරුණ චුදිතයන් ගණන 25 දෙනෙකි. එලෙස නිදහස් කළ විත්තිකරුවන් ගේ ඥාතීන් සමග අමාත්‍ය හර්ෂණ නානායක්කාර ,අමාත්‍ය සුනිල් වටගල , නියෝජ්‍ය අමාත්‍ය එරංඟ ගුණසේකර, නීතිඥ ...