යුද්ධ හමුදාවේ ගරුත්වය සහ විශ්‍රාමික නිලධාරීන්ගේ වගකීම: මීගවආරච්චිගේ තප්පුලෑම පිළිබඳ විමසුමක්

 




ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිමේ ඒකීයභාවය සුරක්ෂිත කළ, දැඩි විනයකින් හෙබි ආයතනයකි. එවැනි ආයතනයක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ගෞරවයකි. නිසි පුහුණුවක් සහ විනයක් සහිතව සේවය කර විශ්‍රාම ගන්නා යුද්ධ හමුදා නිලධාරියා යුද්ධ හමුදාවට දිවි ඇති තෙක් ආදරය කරන්නෙකි. එවැනි යුද්ධ හමුදා නිලධාරීන් ඕනෑතරම් සිටිති. එහෙත්, ලුතිතන් කර්නල් නිලයේ සිටියදී විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රවීන්ද්‍ර මීගමආරච්චි වැනි පුද්ගලයින්ගේ වර්තමාන හැසිරීම එම ගෞරවනීය නිල ඇඳුමට මෙන්ම සමස්ත හමුදා සංස්කෘතියටම නිගාවකි.

තමන් සේවය කළ ආයතනය තුළ දූෂණ චෝදනාවලට ලක්වී, නිසි ක්‍රියාපටිපාටියක් යටතේ විශ්‍රාම ගැන්වූ පසු, එම ආයතනයටම එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම පටු මානසිකත්වයක ලක්ෂණයකි.රවින්ද්‍ර මීගමආරච්චි විසින් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ පාලනාධිකාරියට එල්ල කරන චෝදනා කිසිදු සාක්ෂියක් නොමැති අභූත ප්‍රකාශ බව පෙනී යයි. පෞද්ගලිකව තමන් පත්වූ අපහසුතාවයන් සහ තමන්ගේ වැරදි වසා ගැනීමට සමස්ත හමුදාවම අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

නූතන සමාජ මාධ්‍ය අවකාශය ඕනෑම අයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දුන්නද, එය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ප්‍රධානතම ආයතනය හෑල්ලුවට ලක් කිරීම සඳහා යොදා ගැනීම බරපතල තත්ත්වයකි. යුද්ධ හමුදාව වැනි සංවේදී ආයතනයක කටයුතු පිළිබඳව මහජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කිරීම තුළින් සිදුවන්නේ සැබෑ ලෙස කැපවීමෙන් වැඩ කරන දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ වැටීමයි.

තමන්ට මව්බිම වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලබා දුන් ආයතනයට ගල් ගැසීම වෙනුවට, අවම වශයෙන් තමන් කළ වැරදි පිළිබඳව නිහතමානීව ස්වයං විවේචනයක යෙදීම මෙවැනි පුද්ගලයන්ට වඩාත් සුදුසු වනු ඇත. මන්ද රවින්ද්‍ර මීගමආරච්චි යුද්ධ හමුදාවට බඳවා ගන්නේ යුද්ධ කිරීමට මිසෙක අන් කිසිවකට නොවේ. ඔහු සතු වූ යම් දක්ෂතාවයක් උලුප්පා ගනිමින් යුද්ධ නොකර සින්දු කියන එක පමණක් කළ මීගමආරච්චි වැන්නවුන් කළේ යුද්ධ හමුදාව තමන්ගේ අවැඩවලට යොදාගෙන වැජඹුණා පමණි. එසේ නොමැතිව මීගමආරච්චිලාගෙන් හමුදාවට සිදුවූ සෙතක් නම් නැත.

සින්දු ලියන්නත් සින්දු කියන්නත් ඕනෑම මීගවයෙකුට කළ හැකි වුවත් යුද්ධ කරන්නට පුළුවන් සැබෑ රණවිරුවෙකුට පමණි. තමා යුද්ධ කළා යැයි කියන මීගමආරච්චිට කියන්න තියෙන්නේ ඔබට වඩා යුද්ධය සඳහා කැපවීමෙන් දායක වූ සිවිල් සේවකයින්ද යුද්ධ හමුදාවේ ඕනෑතරම් සිටින බවයි. ඔබ යුද්ධ කළා යැයි කීවද ඔබ නිරන්තරයෙන්ම කුමන හෝ මූලස්ථානයකට වී සැපට සිටි බව ඔබේ සමකාලීනයෝ මෙන්ම යුද්ධ හමුදාවම නොදන්නවා නොවේ. ඔබ යුද්ධ කළා යැයි ඔබ කියනවා නම් ‘ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බවට’ දේශපාලකයෙක් කී කතාවේ සැබෑ හිමිකරු ඔබම වනු නොඅනුමානය.

කෙසේ වෙතත් ඔබත් ඥාණක්කාගේ කූට්ටාලියෙකු බව දන්නෝ දනිති. දිනෙක ඔබට යුද්ධ හමුදාධිපති විය හැකිබවට ඥාණක්කා කී කතාව විශ්වාස කරමින් සුර පළඳිමින් රතු නුල් අතේ බඳිමින් මිත්‍යාදෘෂ්ඨික කපුවෙකු සේ ඔබ එවකට හැසිරුණු ආකාරය අපට නම් හොඳට මතකය. ඥාණක්කා නම් හමුදාව ගැන නොදැන කී කතාවට හමුදාව ගැන දන්නා අයෙකුට සිනා යන්නේ නැත. එහෙත් ඔබ සේවා ඒකකයක සාමාජිකයෙකු වී යුද්ධ හමුදාධිපති වීමට හීන බැලීම ගැන බොහෝ අය තවමත් සිනාවෙන්නේ අධෝ මුඛයෙනි.ඒ දිනවල සාස්තර ඥානා ගේ දේවාලයේ කොට්ටෝරුවා දැන් හමුදාව හදන්නට යාමද තවත් මාරම ජෝක් එකකි.

වරෙක ඔබ යුද්ධ හමුදාවත් විකුණා එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමත් විකුණා චීනයෙන් ගෙන්වූ උපකරණ තොගයක් රේගුවෙන් පැන්නුවේය. පසුව සුදු පිරුවටයකට මුවා වී විළි වසාගත් ආකාරය සමාජය හොඳින් දනී. මන්ද බොහෝ අපරාධකරුවන් පැමිණෙන්නේ සුදු ඇඳගෙන නිසාවෙනි. සුදු ඇඳගෙන එන ඔබ දකිද්දී අපේ මුවගට එන්නේ ‘සුදු ඇඳගෙන කලු ඇවිදින්’ කියා පමණි.
ඒ කෙරුවාව නිසාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔබ ඔහුගේ සමීපතම කවයෙන් නෙරපා හැරිය බවද අපට මතකය.

ඔබට මතකද ඔබ කැබිලිත්ත භාර නිලධාරියා ලෙස අලුත් තනතුරක් හදාගෙන සේවය කරමින් සිටි කාලය. ඒ තනතුර හදාගන්නට ඔබ කළ වන්දිභට්ටකම් අප හොඳින් දනී. ඒ කාලයේ ඔබ කැබිලිත්තට වී හිඳිමින් දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නට කෙතරම් නම් රාජ්‍යය දේපළ අවභාවිත කළාදැයි දන්නේ ඔබම පමණි.

ඔබ දේශපාලනයන් සමඟ අයුතු සබඳතා ගොඩනඟා ගනිමින් හමුදාව තුළ මනෝරාජික බලයක් ගොඩනඟාගන්නට දැරූ උත්සාහය අපට නම් අමතක නැත. හමුදාව තුළ ඔබේ පිරිහීමට ප්‍රධාන හේතුව වූයේත් ඔබ හමුදා විනයට පිටුපාමින්, ජ්‍යෙෂ්ඨත්වයට ගරු නොකරමින්, හමුදාවේ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් කටයුතු කළ ආකාරය නොවේද යන්න ඔබේ හෘද සාක්ෂියෙන් විමසීම වටී. ඔබට ඒ පිළිබඳ ඔබේ හෘද සාක්ෂිය නිසි පිළිතුරක් දෙනු ඇත.

එපමණක් නොව හමුදාවේ නමත් ජනාධිපතිවරයාගේ නමත් විකුණා හෝටලයක් ඉදිකිරීමට බොල්ගොඩ ඔය ගොඩකළ ආකාරය සාක්ෂි සහිතව එවක පුවත්පත්වල පළවිය. ඒ පුවත්පත් වාර්තාවලට අනුව සිදුවූ පරීක්ෂණ නිසා ලබා දුන් අධිකරණ නියෝගකට අනුව අනීතිකව ගොඩකළ කොටසේ ඉදිකළ හෝටලයේ කොටස් ඉවත් කළ මීගමආරච්චි තමා "මීගවආරච්චියෙකු" බව සමාජයට ඔප්පු කළේය.

ඒ හෝටලය පෙන්වා කෝටි ගණනක ණය මුදලක් ලංකා බැංකුවේ මොරටුව අධි ශ්‍රේණි ශාඛාවෙන් මීගමආරච්චි ලබාගත් ආකාරය දන්නෝ දනිති.මේ ණය මුදල මෙරට ඉහල පන්තියේ ආදායමක් ලැබෙන  ව්‍යාපාරිකයෙකුටත් ලේසියෙන් ලබා ගත හැකි ණය මුදලක් නො⁣වෙි. කෙසේ හෝ ලබා ගෙන ඇති මේ ණය මුදලේ දැවැන්ත වාරික මුදල මාසිකව ගෙවන ආකාරය පිළිබඳ සොයා බැලීම වගකිව යුතු පාර්ශවවල වගකීමකි. මැස්සන් ඉහිරෙන හෝටලයක ආදායමෙන් එවැනි වාරිකයක් ගෙවීමට නම් මීගමආරච්චිට වෙන කොහෙන් හෝ මුදල් ලැබිය යුතුය. ඇතැම්විට තම බෑණාවන “ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයා” මේ සඳහා මුදල් දෙනවාදැයි අපි දන්නේ නැත. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට තිබෙන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මේ පිලිබඳ පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුුතුය. එසේ නොවී මෙලෙස මීගමආරච්චි වැන්නවුන්ට පාලු ගේ වළං බිඳින්නට ඉඩ නොදිය යුතුය.

යුද්ධ හමුදාව ගැන කවුරුන් චෝදනා කළත් හමුදාව කියන්නේ විනයක්, පුහුණුවක් ඇති පිරිසකගේ තෝතැන්නකි. එහි දිගුකාලීන පැවැත්මක් නැත්තේ මීගමආරච්චි වැනි දූෂිතයින්ට පමණි. ඒ හමුදාවේ සිදුකෙරෙන කිසිම වියදමක් හිතුමතේ කරන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔවුන් ඒ වියදම් කළ යුත්තේ නිසි පටිපාටියට අනුවය. ඒවා විගණනයකට ලක් වෙයි. ඒවා විගණනය කරන්නේ ‘බබාලා’ නොවන බවත් ඒවා විගණනය කරන්නේ සුදුසුකම් ලත් විගණනන නිලධාරීන් බවත් යුද්ධ හමුදාවට චෝදනා කරන අය අවබෝධ කරගත යුතුය. ඒ නිසා යුද්ධ හමුදාවට කරන චෝදනා පුස්සක් බව නීතියෙන් ඕනෑම අවස්ථාවක ඔප්පු කළ හැක. එසේ ඔප්පු වූ අවස්ථාද ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. ඒ බව මීගවආරච්චි වැනි ‘මල් සින්දුකාරයින්’ අවබෝධ කරගත යුතුය.

කෙසේ වෙතත් හමුදා වියදම් විගණනයට ලක් කළ යුතු බවද අපගේ පිළිගැනීමයි.
එහිදී ඔබ විසින් වර්තමාන හමුදාපති හා ඔහු ගේ බිරිදට එරෙහිව ගෙන එන චෝදනා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අමුතුවෙන් ලියා සඳහන් කළ යුතු කරුණක් නොවේ.ඒ මන්ද යත් දෙවන ලුතිනන් වරයෙකුව කාලතුවක්කු රෙජිමෙන්තුවට සම්බන්ධ වූ  නිළධාරියෙකු ලෙස හා ඉන් අනතුරුව පිළිවෙලින් ලුතිනන් ජනරාල් ධුරයට පත් හමුදාපතිවරයා ඒ වන තුරුම එහි සෙනීන් අතර  ප්‍රසාදය හා ගෞරවය දිනා ගෙන සිටියේය.එලෙසම වර්තමාන 
හමුදාපතිවරයා සිය සේවා කාලය තුළ කිසිදු දූෂණ වංචා ක්‍රියාවකට සම්බන්ධ නොවූ බව එම රෙජිමෙන්තුවේ විශ්‍රාමික හා සක්‍රීය සේවයේ නිරත නිළධාරීන්  ඇතුළු සියළු තරාතිරමේ සෙනීන් විසින්ම තහවුරු කර සිටී.සිය දීර්ඝ සේවා කාලය තුළ දූෂිතයෙක් නොවූ කීර්තිමත් හමුදා නිළධාරියෙකු හමුදාපති වරයා වීමෙන් පසුව දූෂණ වංචා වලට සම්බන්ධ වෙනු ඇතැයි සිතීම පවා ⁣මෝඩ විහිළුවකි.
වර්තමානයේදී හමුදාව විගනනයට ලක් කරන්නේ නම් ශවේන්ද්‍ර සිල්වා කමල් ගුණරත්න ආදීන් හමුදාපතිවරුන් ලෙස සේවය කළ කාලය තුළ සිදු  කරන ලද ජාවාරම් අනාවරණය වෙනු ඇති බවට කිසිම සැකයක් නැත.
  
යම් නිලධාරියෙකු සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු දැරූ නිලය ඔහුගේ නමට ඉදිරියෙන් භාවිතා කරන්නේ නම්, එම නිලයට ගැලපෙන අභිමානයක් සහ හික්මීමක් ඔහු සතු විය යුතුය. දූෂණ චෝදනා මත ඉවත් වූ පුද්ගලයෙකු "සදාචාරය" ගැන කතා කිරීම හාස්‍යයට කරුණකි. රවීන්ද්‍ර මීගමආරච්චි වැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ පිටුපස ඇති සැබෑ අරමුණ තමන්ගේ වැරදි ගැන ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම මිස හමුදාවේ යහපතට නොවන බව බුද්ධිමත් මහජනතාව වටහා ගත යුතුය.

මෙරට ජීවත්ව සිටියදී මුදල් වංචා කරමින් හා ජාතිවාදය වපුරමින් සිට විදේශගත වූ  දැනට තායිලන්තයේ අතරමැදි කඳවුරක රඳවා සිටින වංචනිකයකු සමග එක්ව මීගමආරච්චි නටන නෙයියාඩම ගැන අපට තව බොහෝ දේ ලියන්නට තිබේ.යුද හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරමින් සිට තමන් යුද බිමේ පෙරමුණේ සටන් කළ නිළධාරියකු බවට සමාජයට අඟවන්නට උත්සාහ කරන මීගමආරච්චිට එහිදී අපට ලියන්නට ඇත්තේ ඔබ "කුඩා සමනළයෙක්" පමණක් බවය.යුද හමුදාව හදන්නට ඉදිරිපත් වීමට වඩා ඔබට තිබුණේ පාසැල් ගිය දැරියකව සිටි ඔබේ දියණිය ලියාපදිංචි කුඩ්ඩෙක් වූ පානදුරයේ කුඩු සළිඳු ගේ නිත්‍යනුකූල බිරිඳ වූයේ කාගේ වරදින්ද යන්න ගැන සොයා බැලීමටය. සැබැවින්ම ඒ අහිංසක දැරිය ඔබ විසින් කුඩ්ඩාට මුදලට වික්කා දැයි පවා අපට බරපතල සැකයක් මතුවේ.

හමුදාව තුළ නීතියේ ආධිපත්‍ය ගොඩ නැගීමට බව ප්‍රකාශ කරමින් විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් කුඩ්ඩන් හා ජාවාරම්කාරයන් සමග ඔබ නටන නාඩගම තුළින් සමාජයට අනාවරණය වෙන්නේ ඔබගේ කැත නිරුවතය.යුද හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සිටියදී පවා දූෂිත ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වීම නිසා ඔබ  හමුදාවෙන් නෙරපා දැමුනේය.ඒ හමුදාපතිවරයාගේ ඕනෑකමකට නොවේ.ඔබට එරෙහිව  හමුදා අධිකරණ තුළ විනිශ්චය කරන ලද චෝදනාවලින් ඔබ වැරදිකරුවීම නිසාය.
පසුගිය කාලයේදී දේශපාලනය නිසා ගඳ ගසන පල් මඩ වලක් බවට පත් වී තිබුණ යුද හමුදාව වර්තමාන හමුදාපතිවරයාගේ නායකත්වය යටතේ නිවැරිදි වෙමින් පවතී.ඔබ වැනි දූෂිත ජාවාරම්කාරයන් හමුදාවෙන් නෙරපා හරින්නේද ඒ නිවැරිදි කිරීමේ අභ්‍යාසය තුළ බව අපට පැහැදිලිය.දැන් අපට ඔබ ලියන්නට ඇත්තේ එකම එක දෙයකි.ඒ තමන් වැපුරූ අස්වැන්න තමන් විසින්ම කපා ගත යුතු බව

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා