Posts

පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජද්‍රෝහීන් දහයකට ආසන්නයි

Image
  මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකු පිළිබඳව ලංකා දවස විසින් ⁣මීට පෙර අනාවරණය කරන ලදී.ඒ දෙදෙනා ඇමති ටිරාන් අලස් මන්ත්‍රී ආශු මාරසිංහ වේ.අපගේ වාර්තාව තව දුරටත් සත්‍ය බව තහවුරු කරමින් සමාජ හා සිවිල් සංවධානයක් හෙළි කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාව දහයකට ආසන්න බවය.ඉන් වැඩි දෙනෙකු දමිල ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බව පැවසේ.මේ අතර ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් පුශ්ණය ඇත්තේ ද්විත්ව පුරවැසි බව සඟවා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරුන් පිළිබඳවය.මෙම මන්ත්‍රීවරුන් දැන දැනම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රාජද්‍රෝහීන් ලෙස සැළකිය යුතුය.⁣ඒ මන්ද යත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජන කිරිිමට නොහැකි බව තීන්දු කර ඇත්තේ මෙරට අපරාධ හෝ සිවිල් නීතියේ නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් නිසාය. මෙහි බරපතලම කාරණය වන්නේ මෙරට නීතිය හා සාමය ආරක්ෂා කරන ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වන ටිරාන් අලස් වීමය.ලංකා දවස කෙරෙන මෙම චෝදනාව අසත්‍ය වන්නේ නම් ඒ බව තහවුරු කිරී

ටිරාන් අලස්ගේ දේශපාලන රැස්වීමට ඕඅයිසීලා ගෙන් මුදල් අය කෙරේ

Image
  පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් මුදල් එකතු කර තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවට තොරතුරක් ලංකා දවසට වාර්තා වී තිබේ. මෙහ රැස්වීම හෙට දින (17)පෙව 2.30 ට පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් බව පැවසේ. මීට මාස දෙකකට පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට තම පොලිස් බල ප්‍රදේශයේ කීර්තිමත් හා රජයේ විශ්‍රාමික ප්‍රභූවරුන් දෙදෙනෙකු ගේ නම් පොලිස්පති කාර්යාලයට ගෙන්වා ගෙන තිබුණි.එම නම් එවන ලද අයවළුන් ඇමතීමට නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බැවින් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව අනාවරණය වේ. ඒ අනුව පොලිස් කොට්ඨාශ 45 ක් නියෝජනය කරමින් නම් යෝජනා කරන ලද පුද්ගලයන් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් මෙදින රැස්වීමට කැඳවා ගෙන ආ යුතුය.ඒ සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වියදමින් වායු සමනය කරන ලද බස් රථයක් සැපයීම කළ යුතු අතර ඔවුන්ගේ ආහාරපාන සඳහා රුපියල් 7000ක මුදලක්ද පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සොයා ගත යුතු බවටද පොලිස් පති කාර්යාලයෙන් නියෝග කර තිබේ. 

ගුවන්තොටුපොලේ මදාවිකම් කළ ඇමති මැට්ටා ප්‍රසන්න රණවීරයි

Image
  මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකු පිළිබඳව ලංකා දවස විසින් ⁣මීට පෙර අනාවරණය කරන ලදී.ඒ දෙදෙනා ඇමති ටිරාන් අලස් මන්ත්‍රී ආශු මාරසිංහ වේ.අපගේ වාර්තාව තව දුරටත් සත්‍ය බව තහවුරු කරමින් සමාජ හා සිවිල් සංවධානයක් හෙළි කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාව දහයකට ආසන්න බවය.ඉන් වැඩි දෙනෙකු දමිල ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බව පැවසේ.මේ අතර ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් පුශ්ණය ඇත්තේ ද්විත්ව පුරවැසි බව සඟවා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරුන් පිළිබඳවය.මෙම මන්ත්‍රීවරුන් දැන දැනම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රාජද්‍රෝහීන් ලෙස සැළකිය යුතුය.⁣ඒ මන්ද යත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජන කිරිිමට නොහැකි බව තීන්දු කර ඇත්තේ මෙරට අපරාධ හෝ සිවිල් නීතියේ නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් නිසාය. මෙහි බරපතලම කාරණය වන්නේ මෙරට නීතිය හා සාමය ආරක්ෂා කරන ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වන ටිරාන් අලස් වීමය.ලංකා දවස කෙරෙන මෙම චෝදනාව අසත්‍ය වන්නේ නම් ඒ බව තහවුරු කිරී

යුක්රේනයට හා රුසියාවට කුලී හමුදා සෙබළුන් යැවීමේ ප්‍රධානියා ඇවන්ගාඩ් බව හෙළිවේ

Image
  රුසියාවට හා යුක්රේනයට මෙරට විශ්‍රාමික සෙබළුන් යැවීම සම්බන්ධයෙන් මේ වන විට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු හා විශ්‍රාමික හමුදා  සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.   මෙම ජනරාල්වරයා හා විශ්‍රාමික හමදා සැරයන්වරයා මෙම මිනිස් ජාවරමේ පහලම ඇවරියේ සිටින පුද්ගලයන් බව ලංකා දවස⁣ට වාර්තා වී තිබේ. රුසියාවට හා යුක්රේනයට විශ්‍රාමික සෙබළුන් යැවීමේ ප්‍රධානියා ⁣ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාපති වේ.එම වැඩපිළිවෙලෙහි අනිත් කොටස් කරුවන් වන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නනහා හමුදාපති මේජර ජනරාල් විකුම් ලියනගේ  වේ.මොවුන් තිදෙනා පසුගිය කාලයේ විදේශීය සංචාරයක නිරත වූයේ මෙම රහසිගත වැඩපිළිවෙල හා සම්බන්ධ රුසියා හා යුක්රේන නියෝජිතයන් හමුවීමටය.⁣කුලී හමුදා සඳහා යොමු කෙරෙන විශ්‍රාමික හමුදා සෙබළකු සඳහා ලක්ෂ තිස් පහක් ගෙවීමට  එහිදී දෙපිරස අතර ගිවිස්නා ගෙන සක්‍රීය සේවයේ නිරත හමුදාපතිවරයකු විසින් විශ්‍රාමික හමුදා සෙබළුන් කුලී හමුදා වෙත අලෙවි කිරීම පිළිබඳව පළමු වාර්තා වන්නේ මේ  සිඳුවීමය.   ⁣මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න හා හමුදාපති මේජර් ජනරාල් විකුම් ලි

පොලිස් ඕඅයිසීලා හිඟන රස්සාවට පුහුණු කෙරේ

Image
  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත පොලිස් දෙපාර්මේන්තුව තුළ අරඹා ඇති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය සඳහා වූ "සුවසර කැදැල්ල" නම් වැඩසටහන නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් මුල්‍යමය ආධාර ඉල්ලීමට සිඳුවී ඇතැයි වාර්තා වේ.මෙම වැඩසටහන නිසා තමන් හිඟමන් යදින්නන් ලෙස රෑපාන්තරය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරුන් බොහෝ දෙනෙකු ලංකා දවසට පැවසීය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ වගකීමක් මෙරට නීති පද්ධතියෙන් පොලීසිය වෙත පවරා නැත.එසේ පුනුරුත්ථාපනය කළ යුතු පුද්ගලයකු සිටී නම් පොලීසිය කළ යුතු වන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකුද යන්න ගැන වෛද්‍ය වාර්තාවක් ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර එම අධිකරණයේ නියෝගය යටතේ නිල පුනුරුත්ථාපන කඳවුරකට යොමු කිරීමය.එහෙත් ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු මෙම නෛතික ක්‍රියාවලිය නොතකා ⁣පොලිස් ස්ථාන වලින් සැක පිට අල්ලා ගන්නා මත් ද්‍රව්‍ය භාවිතයට ගන්නා පුද්ගලයන් පොලිස්පති ගේ සංකල්පයක් යැයි පැවසෙන සුවසර වැඩ සටහන නම් යටතේ පුනුරුත්ථාපනය කිරීමය.මෙම පුද්ගලයන් පුනුරුත්ථාපනය ක

රවි හා ශානි නැවත අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් හෙළිවේ

Image
  විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ⁣බොරු චෝදනාවකට පටලා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සැළසුමක් පිළිබඳව ලංකා දවසට වාර්තා  වේ. මේ දෙදෙනා මෙලෙස අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡාව කර ඇත්තේ අමාත්‍ය ටිරාන් අලස් ,පොලිස්පති දේශබන්දු හා අපරාධ විමර්ෂන අංශයේ නියෝජ්‍ය පොලිස්පති රොහන් ප්‍රේමරත්න යන පිරිසය.මේ සාකච්ඡාව අතරතුර ටිරාන් අලස් ඇමතිවරයා දුරකථනය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සම්බන්ධ කර ගනිමින් උපදෙස් ලබා ගත් බවද අනාවරණය වේ.විනිසුරු තිලිණ ගමගේ විසින් බලපත්‍ර රහිතව අලි පැටවකු රඳවා තබා ගැනීම පිළිබඳව පැවති පොලිස් පරීක්ෂණය සිදු කරන ලද්දේ  එවකට රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වේ.මේ නිසා ව්නිසුරු තිලින ගමගේ තුළ ශානි අබේසේකර ගැන පවතින්නේ බද්ධ වෛරයකි. විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන පොලිස් විශ්‍රාම්කයන් ගේ සංගමයට සම්බන්ධව එහි සංවිධාන කටයුතු කරමින් සිටින බව⁣ට බුද්ධි තොරතුරු වාර්තා

සිය බ්‍රිතාන්‍ය පුරවැසිකම වසන් කරගෙන සිටින ටිරාන් අලස් දේශද්‍රෝහියෙක්

Image
  රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු නියෝජනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දුන් තීරණය අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් හා පාම සුරේෂ රාගවන් යන අයවළුන්ගේ පාර්ලිමේන්තු නියෝජනයන් හා ඔවුන්ගේ පුරවැසිභාවයන්  පිළිබඳවද වහාම සොයා බැලිය යුතු බවට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්  පිරිසක් ප්‍රකාශ කර සිටී. විශේෂයෙන් මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව කර ඇති සඳහන සත්‍ය බව ලංකා දවස වගකීමෙන් යුතුව හෙළිි කරමු.එල්ටීටී ත්‍රස්තවාදීන්ට මුල්‍යමය ආධාර සපයමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද ජාති ද්‍රෝහියකු වන ටිරාන් අලස් සිය බ්‍රිතාන්‍ය පුරවැසි බව වසන් කර ගනිමින් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නැවත වරක් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි XIV පරිච්චේදයේ ඡන්ද බලය,ඡන්ද විමසීම් හා මැතිවරණ ශීර්ෂය යටතේ, 89 වන ව්‍යවස්ථාවෙි ඡන්ද බලය අහිමිවීම යන (අ) අනු වගන්තියේ දැක්වෙන ආකාරයට යම්කිසි තැනැත්තකු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවෙි නම් ඒ තැනැත්තා ජනපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකද