පොඩි තව් ලොකු තව් කරන මහ උන්නාසේලාට සුබ පැතීම
අපි මේ කාරණා ලිව්වොත් මූණ කොරොස් හට්ටි කර ගන්නවනේ අපේ යාළු මාළු කොම්රේඩ් සහෝදරවරුන්.
ඒත් මේ තොරතුර ගැන ලියල තිබුණෙ ජනපති සහෝදරයාගෙ "මුං කැරලි" යාළුවා.ලන්ඩනයේ ජීවත්වන මාධ්‍යවේදී උවිඳු කුරකුලසූරිය හන්ද කොම්රේඩ් සහෝදරුවරුන් අපි එක්ක කෝන්තරයක් තියා ගන්නෙ නැති වෙයි කියලා හිතතනවා.
පහුගිය දවස්වල ගම්පහ විද්‍යාරවින්ද පිරිවනේ අධිපති පහලගම සෝමරතන හිමියන් ගෙ බර්ත්ඩේ පාටියට මේ රටේ හැම දේශපාලන පක්ෂයෙම ලීඩර්ල සහභාගි වුනා.ඒ පාටියට යන්න බැරිවුන ජනපති සහෝදරයයි හරිනි සහෝදරයයි "සුබ පතල"යවලත් තිබ්බා.ඒ සුබ පැතුම් යවල තිබුණේ ලෙටර් හෙඩ් වල.ඒ හන්ද ඒ සුබ පැතුම් නිල සුබ පැතීම් විදියට ගණන් ගන්න පුළුවන්.
පහලගම සෝමරතන උන්නාන්සෙ දැරියක දූෂණයක කරල බ්‍රිතාන්‍ය හිරගෙදර අච්චුවක් ඇදල නිදහස් වුනේ.
ඒ තීන්දුවෙ තියෙන විදියට මේ උන්නාන්සේට ජීවිතාන්තය දක්වා ළමයින් සම්බන්ධයෙන් වන කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වෙන්න බැහැ.ඔව් ,ඉතින් දැන් පහුගිය දවස්වල මේ රටේ බොහෝ නායක උන්නාන්සේලා පුරවැසියන්ට අවවාද කරා නේ සංඝික කෙරුවාවල් සංඝයා වන අප විසින් බලාගන්නම් තමුසෙලා කට පුක වහගෙන ඉන්නවා කියලා.ඒත් එහෙම කට වහගෙන ඉන්නත් බැහැනේ ඉතින් අපට.පසලොස්වක පෝයට අටසිල් සමාදන් වෙන්න හරි කට අරින්න එපාය.
ඒකනේ ප්‍රශ්ණෙ.දැන් ඒ උන්නාසේලා අපට පන්සිල් අටසිල් රකින්නය කියල ලවක් දෙවක් නැතුව දේශනා කරනවා.හැබැයි උන්වහන්සේලා ඒ සිල් පද බිඳලා අපට තගරි මරිසි දාන එක තමා ඉවසන්න බැරි.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ කට කහනවට නොවෙයිනේ නේද.සිංහල බෞද්ධ කම කියන්නෙ සංඝයා කරන කියන හැම පාහර වැඩක්ම ඉවසගෙන ඉන්න ඕන නිවට කම වෙන්නැති නේද.
එහෙම නැතුව ඔය සිංහල හංවඩුව නැති බෞද්ධ දර්ශනය තුළ විනය පිටකයෙ සංඝයා වහන්සේලා සිඳු කරන වැරදි ගැන සඳහන් වෙනවා නේ.ඒ විනය පිටකයවත් මෙහෙ සමහර උන්නාන්සේලාට අදාල නැතුව වගේ.
පහලගම සෝමරතන නායක උන්නාන්සේ ගම්පහ ප්‍රසිද්ධ කට්ටිඬි ගුරුකම් කෙරුවා ඒ දවස්වල.දේශපාලන බොස්ලට වෙඩි නොවදින තෙල් හා සුර ජීවම් කරල දුන්නා.ගම්පහ ඔස්මන් වගේ කෙරුමන් ඒ ගැන හොඳට දන්නවා.එංගලන්තයට වඩින්න ඉස්සර ඔය උන්නාසේට ගෑණු හුටපටයකට කවුදෝ පිහියෙන් ඇන්නා.ඉන්පස්සේ තමයි එංගලන්තෙට බණ කියන්න වැඩියෙ.එංගන්තයේදි තමා දැරිවියක දූෂණය කරල මාට්ටු වෙලා හිරේ ලගින්න වුනේ.ඒ නඩුව ගැන හා තීන්දුව ගැන ඒ දවස්වල උවිඳුගෙ කර්තෘත්වයෙන් යුතු "කලම්බු ටෙලිග්‍රාෆ්" වල දිගින් දිගටම පල කරල තිබුණා.
ජනපති සහෝදරයයි අගමැතිනි සහෝදරයයි යවපු සුබ පැතුම් ලෙටර් වල සඳහන්නේ වෙන්නෙ පහලගම සෝමරතන හිමියන් මහා බ්‍රිතාන්‍යයෙ සංඝ නායකවරයා කියලයි.බ්‍රිතාන්‍ය ගෑණු දැරිවියක දූෂණය කරල අච්චුවකට යටත් වුන තැනැත්තෙකු ඒ රටේ බෞද්ධ සංඝ නායකයා බව හිතල ලංකාවෙ පුරවැසියන්ට චූන් ගන්න හිතා ගෙන ඉන්න පුළුවන් වුනාට බ්‍රිතාන්‍ය රාජ්‍ය ආයතන,පුරවැසි සමාජයට
ඒ නායක කම අදාල නෑ.ඒ සමාජය අවධානය යොමු කරන්නෙ ඔහුට එරෙහිව දීල තියෙන තීන්දුව ගැනයි.ළමයින් හා සම්බන්ධ ක්‍රියාකරකම් වලට ඔහුට බ්‍රිතාන්‍ය තුළ සම්බන්ධ වෙන්න බෑ කියන නියෝගය තවමත් ක්‍රියාත්මක වෙනවා.
ලංකාවෙ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විනිශ්චය කරද්දි අහවල් අහවල් රටේ ලබා දීල තියෙන නඩු තීන්දු වලින් පූර්වාදර්ශ සපයා ගන්නවා.එහෙම තියෙද්දි බ්‍රිතාන්‍යයේදී මේ හිමියන්ට ජීවිතාන්තය දක්වා ළමයින් හා සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වීම එහෙ අධිකරණය මගින් තහනමි කරල තියෙද්දි ලංකාවෙ ඒ නියෝගය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද කියන කාරණය ගැන ගැන අපට බෝම දේවල් හිතන්න වෙනවා.මේ රටේ අධිකරණ පද්ධතිය,නීතිය හා සාමය රකින ආයතන සාංඝික වෙලා වගේ.වැඩේ කරපු එකාට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නෙ නැතිනම් අපට මොකෝ වගේ අදහසක් තමා ඉන් ඇඟවෙන්නෙ.ඒ අදහස අට පත එක පතට හින්දල ගත්තාම අපි වඳින්නෙ සිවුරට නේ කියලත් හිත හදා ගන්න පුළුවන්.
"දරුවන් මල්" වගේ කියල කියන අපේ සමාජයෙ සමහර උපාසක උපාසිකාවන් පාදඩ භික්ෂුවක විසින් අහිංසක දරුවෙකු දූෂණය කරාම ඒ ගැන කම්පාවට පත් වෙන්නෙ නැති එක අදහගන්නත් අමාරුයි.උපාසක උපාසිකාවන් කෙසේ වෙතත් සංඝ සමාජයෙ නායක කාරකාදීන් කිසිවෙකුත් ඒ ගැන කම්පා වුනේ නෑ.ඒ උන්නාන්සේලා හැම දෙනාම පෙනී හිටියෙ තමන් ගෙ රැහේ එකා රැක ගන්න.මේ උන්නාසේලා රිවස් එකට සමාජයට චෝදනා කරන්න ගත්තේ ඔය සිද්ධියෙන් කම්පාවට පත් වෙච්ච එවුන් එන්ජීඕ කුමන්ත්‍රණ කාරයින් කියලා.ඒ වගේම මේ හදන්නෙ බුද්දාගම විනාශ කරන්න කියලත් විලාප තිබ්බා.මාරයි පින්වතුනේ මෙි නායක උන්නාන්සේලාගේ අදහස නම්. ඒ උන්නාන්සේලා හිතා ගෙන ඉන්නෙ ළමා අපචාරය විතරක් නොවෙයි එයාල කරන හැම පාදඩ වලත්ත ක්‍රියාවක්ම මේ රටේ අපරාධ නීතියට යටත් නැහැ වගේ සිතීමක්.රාජපක්ෂ වරුන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරමට වලි දාගන්න මාගල්කන්දේ සුදත්ත හාමුදුරුවො තරුණයෙකු ගෙ පුරුෂ ලිංඟය කටට දාල අයිස්ක්‍රීම් කෑම තවම අන්තර්ජාලයේ තියෙනවා.අගමැතිතුමියට ,හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට සමනළ චෝදනා ගෙන එන සිංහල බෞදධ උපාසක උපාසිකාවන් ඒ ඉරිල්ල දැක දැක අනේ අපේ සාදු හරි ෂෝයි කියනවා.නායක හාමුදුරුවරුන්ටත් ඒ ගැන වගේ වගක් නෑ.විනය පිටකය බම්බුව තමා.එහෙම නැතිනම් තවමත් මාගල්කන්ද සුදත්තට චීවරයෙ ඉඳගෙන රට ජාතිය ආගම හදන්න වොයිස් කට් බණ කියන්න බැහැනේ.
ඒ හැම වලත්ත වැඩකටම මේ රටේ ආණ්ඩුවල බලයේ සිටින වාහේලාත් සාදු සාදු කියන එකයි මාර වැඩේ. අපට නම් තේරෙන්නෙ නෑ ඇයි මෙි විදියට බෞද්ධ දරශනය නිගරුවට අපහාසයට පත් කරන්නෙ කියලා.මේ රටේ වැඩි දෙනා මේ ආත්මයට වඩා මරණින් මතු ජිවිතය ගැන හිතන හන්ද වෙන්නැති මේ විකෘතිය.
ඉහළ පැලැන්තියෙ ජීවත්වෙන ව්‍යාපාරාකයන් දොස්තරවරුන් ඉංජිනේරුවන් පොලීසියෙ හා හමුදාවල ලොක්කන් එයාලගෙ නෝනා මහත්තරු පන්සල් පල්ලි කෝවිල් එක්කම තමා ගැවසෙන්නෙ.ඒවා එක්ක තමා වැඩියෙන් ගණු දෙනු කරන්නෙ.ඒ වගේම ඒවට අත දිගෑරලා වියදම් කරනවා.හැබෑවටම එයාලගෙ ජීවිතේ හෘද සාක්ෂියට දැනෙන බරපතල කම්පනය තමා තමන් උපයා ගෙන තියෙන ආදායම හොඳින් උපයා ගත්තු ඒවා නොවන බව.පොඩි කාලෙ ඉඳලම එයාල අහල තියෙන මරණින් මතු ජීවිතයේ පවතින දිව්‍යලෝක අපාය වගේ හීන එයාලගෙ හිත හිරිවට්ටනවා.පින් පව් මතක් වෙනවා.
හෘද සාක්ෂියෙ ඒ කම්පන ධාරාව තමා පන්සලේ පල්ලියේ කෝවිලේ වැඳ වැටිල ලබන ආත්මෙ ගොඩ දාල දෙන්න කියල ඉල්ලන්නෙ.එතැනදි පූජ්‍ය පක්ෂය මොන තරම් වලත්ත වුනත් එයාල ඒ වලත්ත කම අදාල කර ගන්නෑ.ආණ්ඩුවල ඉන්න මහ උන්දැලත් කිලෝ ගානට පිරිත් නූල් බැඳගෙන අපි මාර සිංහල බෞද්ධයන් කියලා සමාජයට අඟවනවා.තමන් අමු බොරුවක් කරන්නෙ කියල උන්ගෙ හිත් දන්නවා.
ඒ සඳහා හොඳම උදාහරණය තමා මහින්ද මහත්තයා.එයාගෙ නෝනා හාමු හා පවුලේ අය උපතින්ම ශ්‍රද්ධාවන්ත කතෝලිකයන්.නාමල් බබා පුතණ්ඩිය බෞතීස්ම කෙරුවෙ පල්ලියෙ.ඒත් මේ සමාජයෙ ඇතැම් දෙනා හිතා ගෙන ඉන්නෙ රාජපක්ෂ වරුන් නැතිනම් සිංහල බුද්ධාගම මේ රටින් අතුරුදන් වෙයි කියලා.මේ ලියුම්කරු දවසක් පාන්දර තව දේශපාලන ප්‍රබලයෙක් එක්ක දකුණු පලාතෙ නිවසක මහින්ද මහත්තයා එක්ක කතා බහ කරමින් සිටියා.ඒත් මහින්ද මහත්තය මේ ප්‍රදේශයට ආවා කියල ලැබුණ ආරංචියට ඒ පැත්තෙ සංඝ නායක උන්නාන්සේ ඒ ස්ථානයට වැඩියා.මේ උන්නාන්සේ දුර ඈත එද්දි මහින්ද මහත්තය ළඟ හිටිය දේශපාලන ප්‍රබලයා ඇමතුවා
"මේ ඕයි....මේ කාලකණ්නින්ට රෑට නින්ද යන්නෙ නැද්ද ඕයි.මොනා හරි කෙල ගෙන යන්න ඔය කැළණි හිඟන්නා මේ පාන්දර එන්නෙ.එක්කො අලියෙක්.නැතිනම් පන්සලේ මන්දිරේ හදන්න ගතමනාවක් කඩා ගන්න.නොදකින් ඉතරක් .."
කටට දිවට නොගෑවී එහෙම බැන්න මහින්ද මහත්තය අර උන්නාන්සේ ළඟට ආව විතරයි "අනේ අපේ නායක හාමුදුරුවො මේ පාන්දර දැක්ක එකත් වාසනාවන්" කියලා දෙකට නැවිලා වැන්දෙ කොසොල් රජ්ජුරුවො බුදු හාමුදුරුවො දැක්ක වගේ.ඕං එහෙමයි එයාලගෙ දෙබිඩ්ඩ.
මාධ්‍යවේදී උවිඳු කුලකුරසූරිය එයාගෙ ෆේස් බුක් පිටුවෙ මේ තොරණේ විස්තරේ ලියල තිබුණෙ මෙහෙමයි
"....ජනාධිපති අනුරයි, අගමැතිනි හරිනියි නීච වැඩක් කළේ. ළමා අපයෝජකයෙක් වෙලා හිරෙත් ගිහින් ළමයි ගාවට යෑමටත් තහනම් කරල National sex offenders register - Child Sex Offender එකට නම දාල හිටපු එකා කොහොමද එක්සත් රාජධානියේ අධිකරණ සංඝ නායක වෙන්නෙ? මේ දෙන්න ඒ ළමා අපයෝජයකයට සුභාශිංශනය කරල ලියුම් දෙකකුත් ගහල. මොන ජාතියෙ ජනාධිපති කෙනෙක් සහ අගමැතිණියක්ද මේ! අනුර කෙසේවෙතත් අගමැතිණිය ඉස්සර ලිපි ලිව්වෙ මගේ Colombotelegraph.com එකට. ඒ නිසා හරිනි මේ සිවුරු රඳවනයෙ ළමා අපයෝජන කෙරුවාව ගැන හොඳටම දන්නව. බඩ කපාගන්නව හලෝ!
මේ තියෙන්නෙ එකල එංගලන්තේ සංඝ නායක පහලගම සෝමරතන කියන බුද්ධ භික්‍ෂුව සිංහල-බෞද්ධ අවුරුදු 9ක වයසෙ ගැහැණු දරුවෙකුව බුදු හාමුදුරුවන්ගෙ පිළිමෙටම තියල තදකරල ඇයගේ යෝනි මාර්ගයට ඇතුලු කරල කරපු ලිංගික අපයෝජනයේ නඩු වාර්තාව සහ සංඝ නායකගෙ ඇපීල් එකේ තීන්දු. මම මේ දෙකම එංගලන්තෙ අදාල උසාවියට සල්ලි ගෙවල ගත්තෙ. හැම ඩීටේල් එකක්ම තියෙනව. නමුත් මම ඇගේ නම දැම්මෙ නැහැ. ඒක ආචාරධර්ම විරෝධී නිසා. මෙහෙ හැම ඩීටේල් එකක්ම වගේ ලියනව, වින්දිතයාගේ අනන්‍යතාවය රැකල.
ලංකාවෙ මාධ්‍ය මොකුත් ලිව්වෙ නැහැ කේස් එක ගැන. සන්ඩේ ලීඩර් එකේ මම ලියපු එක විතරයි දැම්මෙ. මේ යක්‍ෂයට දරුවො ගාවට යන්නවත් බැහැ. ඒත් හිරෙන් නිදහස් වෙලා ලංකාවට ගිහින් මහනායක වගේ තාම ඉන්නව. ඒක වෙනම කතාවක්. ඒකත් මම ඇද්ද. තව කීපදෙනෙක්ම ලියුම් ලියලම පැමිණිලි කළා. මොකුත් කළේ නැහැ, පොර තාම දහම් පාසැල් කරනව.
කියවන්න: Pahalagama Somarathana Sentencing Remarks: Penetration Of The Vagina Of A 9-Year-Old In The Presence Of The Buddha
නඩුකාර උන්නාන්සෙ Judge Matthews කියන එක බලන්න: “The fourth and final occasion moved from your room to the shrine room. You were dressed in your robes, you pushed her against a wall, you pulled her knickers down, you inserted your fingers into her vagina. She felt excruciating pain. You said if she told anybody, not only would her mother be very angry, but her father would die. This crime, the fourth and final occasion, has been difficult for many to comprehend, the digital penetration of the vagina of a 9-year-old in the shrine room, in the presence of the Buddha. A betrayal of your religion, betrayal of the Sri Lankan Buddhist community in this country, but above all, a betrayal of the breach of the trust placed in your by xxxxx xxxxxxxxx and others on her behalf, not least her parents, who were strong supporters of you at the time.”
පහලගම කියන ළමා අපචාරකය හිරෙන් නිදහස් වුනාම ලංකාවට ගිහින්, පොරගෙ ගම්පහ පන්සලේ ඉන්නව, දරුවො එක්ක කිසිම වැඩක් කරන්න බැරි එකා දහම් පාසැල් කරනව. මේව ගැන අවුරුදු ගානක් කියල තිබ්බත් ලංකාවෙ රාජ්‍යය කිසිම තීරණයක් ගත්තෙ නැහැ. ඒ මදිවට ඊයෙ පෙරේද ජනාධිපතිය, අගමැතිනියයි පොරට හෙන ආතල් එකකුත් දීල.
පහලගම සෝමරතනගෙ පැටිකිරිය: කතා 20කට වැඩිය මම ලියල තියෙනව. මෙතනින් කියවන්න ඔක්කොම: https://www.colombotelegraph.com/?s=Pahalagama+Somaratana
දැන්වත් ක්‍රියාත්මක වෙන්න ලංකාවෙ ළමා ආරක්‍ෂක අධිකාරිය!
උවිඳු ගේ පෝස්ටුවෙ ලියවිල තිබුනෙ එහෙමයි.
ඇත්තටම ළමා අපයෝජකයෙකුට සුබ පතන්න තරමට රටෙි රාජ්‍ය නායකයන්ට තියෙන ශ්‍රද්ධාවන්ත කම බරපතල ප්‍රශ්ණයක් .මේ ශ්‍රද්ධාවන්ත කම අපට නම් වැටහෙන්නෙ ජනාධිපති සහෝදරයයි,අගමැතිණියයි වටේ ඉන්න
එවුන් මොලෝ හසරක් දන්නැති අබ්බ ගොබ්බයො කියලා තමා.නැතිනම් මේ වගේ ළමා අපචාරයෙකුට සුබ පතන ලිපියකට ඒ දෙන්න අත්සන් කරන්නෙ නැහැනේ අම්මපා.මහින්ද මහත්තය කොහෙ හරි රැස්වීමකට ගමකට යනවනම් එයා වටේ ඉන්න එවුන් මහින්ද මහත්තයට මල් මාලෙ දාන්නෙ කවුද තේ පැන් සංග්‍රහය කරන්නෙ කවුද කියල ඔක්කොම හොයාගන්නවා.මහින්ද මහත්තය කාර් එකෙන් දොර ඇරගෙන බහින්න ඔන්න මෙන්න කියලා මල්මාලය අතේ තියාගෙන ඉන්න මනුස්සයගෙ නම නෙවිල් එයාට කියනවා.ඒ මල්මාලය දාද්දි මහින්ද මහත්තය ඒ මනුස්සයගෙ නමින් කතා කරල තමා දුක සැප අහන්නෙ. කෝමද ඒ මරිසිය.
දැන් ඔය ජනපති සහෝදරයයි අගමැතිනියයි සුබ පැතුම් යවපු ස්වාමින්වහන්සේට අච්චු කරපු බ්‍රිතාන්‍ය අධිකරණයෙන් දීපු නඩු තීන්දුවෙ මෙහෙම සඳහන් වෙලා තියෙනවා.මේ චුදිත හිමි නම වයස අවුරුදු 16 ට අඩු ඕනෑම දරුවෙකු සිටින පරිශ්‍රයේ දැනුවත්ව පදිංචිව සිටීම හා එම දරුවාගේ රැකවරණය සඳහා වගකිව යුතු දෙමව්පියන් හෝ වෙනත් පුද්ගලයෙකු නොමැති නම්, වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ ඕනෑම සංවාදයක, ක්‍රියාකාරකමක යෙදීම තහනම්ය.එවැනි සංවාදයක් හෝ ක්‍රියාකාරකමක් අධීක්ෂණය කිරීමද තහනම්ය.තවදුරටත් වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ සම්බන්ධතා හෝ සන්නිවේදනය ඇතුළත් විය හැකි ගෙවීම් හෝ ස්වේච්ඡා ඕනෑම කාර්යයක් භාර ගැනීමෙන් වැලකී සිටිය යුතුය. මෙම නියෝගය නැවත නියෝගයක් ලැබෙන තුරු බලාත්මක වනු ඇත.
අච්චුව ඉවර වෙලා ලංකාවට එන මේ පහලගම උන්නාන්සේට අර බ්‍රිතාන්‍යයෙ අධිකරණය දීපු තීන්දුව වලංගු වෙන්නෑ.එයා දැන් දහම් පාසැලක් පවත්වගෙන යන්නෙ ඒකනේ.
මේ තොරතුරු ගැන ජනපති සහෝදරය වටේ ඉන්න එවුන් දන්නෑ.ඒ වගේම මහින්ද මහත්තයට වට පිටේ හිටිය වුන් වගේ ටීමි එකක් අපේ ජනාධිපති සහෝදරයට නෑ කියලා හිතෙනවා.ඒත් ඒ මහින්ද මහත්තයා වගේ මරිසි රඟපෑම් කරන්න නොවෙයි.සැබෑව දැනගන්න තරමටවත් සිස්ටම් එකක් නැත්තෙ.සියල්ල හොයල බලල ජනපති සහෝදරයා දැනුවත් කරන ක්‍රමවේදයක් නෑ.අඩුම ගානෙ ජාතික බුද්ධි සේවාවෙ රිපෝට් එකක්වත් ජනාධිපති සහෝදරයාට ලැබෙන්නැති වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ කියලා අපට හිතෙන්නෙ.අපට එහෙම හිතෙන්නෙ ආණ්ඩුව හැම වැඩකදිම ඇණ ගන්න ඇනිල්ල දැක්කාමයි.
ජනාධිපති සහෝදරය වටේ ඉන්න එවුන් හිතන්නෙ "ආණ්ඩුව තොපේ වුනාට අනුර අපේ"කියලයි.එතැන තමා කෙලවිල්ල. පෝද්දල ජයන්ත වගේ ආණ්ඩුවට තවමත් කඩේ යන මාධ්‍යවේදියෙකු පවා ජනපති සහෝදරයට එපා වෙන්නෙ මෙි කේලාම් කාරයොන්ගෙ හපන්කම් නිසා තමා.
අපට නම් ලියන්න තියෙන්නෙ උඹලගෙ වතුර වීදුරුවක්වත් අපට එපා.ඒත් මෙි ආණ්ඩුව ආරක්ෂා කරගන්න අපට කිතියක් රුදාවක් තියෙනවා.ඒ හන්ද ආණ්ඩුවට කෙල වන්න හදන එවුන් ගැන අපි ලියනවා.ඒ නිසා උඹලා දැන්වත් ඇඟිල්ල දිහා නොවෙයි හඳ දිහා බලපල්ලා.
එච්චරයි කියන්න තියෙන්නෙ
.png)
Comments
Post a Comment