Posts

Showing posts from June, 2023

පොලිස්පති ⁣පත් කිරීම "ටිං ටිං ගාන්නා තෝරා එවාපන්"

Image
  පසුගිය 26 වනදා සිට පොලිස්පති වරයාට ලබා දී තිබූ සේවා දිගුව අවසන් වී තිබේ.මෙි වන විටත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න නිල  කාර්යාලයේ තිබූ පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන ගොස් තිබූ බව වාර්තා වේ. පොලිස්පතිවරයකු නොමැති කම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.පොලිස්පතිවරයා පත් කරන තුරු වැඩ බලන පොලිස්පතිවරයකු පවා පත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.අභිනව පොලිස්පති තනතුරට පත් වීම පොලිස් ඡ්‍යෙෂ්ඨයන් අතර බල අරගලයක් පවතින බව පසුගිය කාලයේදී දිගින් දිගටම  මෙරට මාධ්‍ය අනාවරණය කරන ලදී.ඇතැම් පොලිස් ඡ්‍යෙෂ්ඨයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් කතරගම ආදී දේවාල වල බාර හාර පවත්වමින් පොලිස්පති තනතුරට පත්වීම සඳහා දෙවියන්ට අල්ලස් දෙමින් සිටී.හිටපු පොලිස්පතිවරයාද තව සේවා දිගුවක් අපේක්ෂාවෙන් කතරගම දේවාලයේ බාර හාර වූ බවටද වාර්තා විය. අභිනව පොලිස්පති ධුරයට  පොලීසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිළධාරියකු පත් කරන ලෙස ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංඟමය ඉල්ලා තිබේ.යුක්තිය පසිඳ⁣ලීමේ ක්‍රියාවලියට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද

ඔටිසම් දරුවා ගේ සුපිරි ආශාවන් අද මහනුවර සිට තානාපතිවරුන් ගේ අක්තපත්‍ර භාර ගනි වියදම ලක්ෂ 87 ක්

Image
  රටක් හිඟමනට දමා ණයට සල්ලි අරන් ලෝකෙට පේන්න උත්සව තියන රනිල් රාජපක්ෂ නැමති ඔටිසම් ළදරු මානසික ජනාධිපතියා දැන් මහනුවරට හෙලිකොප්ටර් 02 කින් පැමිණ ඇත. ඒ ගුවන සිසාර සමන්ලුන් පිරිවරා පැමිණි ඔහු මෙරටට නව තානාපතිවරුන් ලෙසට පැමිණි අයවලුන් ගේ අක්තපත්‍ර භාර භාර ගැනිමට නියමිතය ඔටිසම් දරුවන් සිටින බොහෝ ධනවත් දෙ,මාපියන් කෝටි ගනන් මුදල් වියදම් කරනුයේ ළමයාගේ මන්ද මානසික රෝගයට ප්‍රතිකාරයක් ලෙසය. ඒ ආකාරයටම රටේ ජීවත් වීමට බැරි සමස්ථ ජනතාවම ද එක්ව ඔටිසම් රනිල් නැමති මන්ද මානසිකයාව සතුටුකරමින් සිටීම හැර වෙනත් විකල්පයක් නොදකියි. මේ වනවිට මහනුවරට අධික රථවාහන තදබදයක් තිබෙන අතරම මාර්ග බොහෝමයක් වසාදමා ජනතාව දැඩි අසීරුතාවයකට පත් කොට ඇත. ඔටිසම් රනිල්ගේ මේ ආශාව සන් සිදවීමේ සමස්ථ වියදන් අද දවසට ලක්ෂ 87 කි ඒ අලි සබ්‍රිලා මහවැලි රිච් හෝටලයේ කාමරවල නතරවීමට නිලධාරින් 147ක් වාහන 88ක් හා විවිධ අමාත්‍යංශ ලේකමලා පවා ඔටිසම් ලමයා ගේ ආශාවට මහනුවරට ගෙන්වා ඇත. මේ සියල්ලම යමදවසක වෙනස් කලහැක්කේ මෙවනි ඔටිසම් කාලකන්ණියන් මෙරටින් තුරන් වු දිනයකය.

ස්කාගාර 09 කින් රජයට නොගෙවා ඇති බදු මුදල්කෝටි 509 ක් බොල් ණය ලෙසට කපා දැමීමේ සුදානමක් ඒ අතර ඇලොසියස්ලා හා ජොන්ස්ටනුත්

Image
මේ වනවිට රජයේ විගණකාධිපති විසින් හෙලිකර ඇති ස්කාගාර 09 ක් තුලින් මෙරට භාණ්ඩාගාරයට ලැබීමට ඇති මුදලප්‍රමාණය රුපියල් කෝටි 509 ක් ඉක්මවා ඇති බවට හෙලි කොට තිබේ. එම ස්කාගාර 09 ක් මෙසේය     ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම - ඇලෝසියස්      වයඹ ඩිස්ටිලරිස් පුද්, සමාගම - ඇමති ජොන්ස්ටන්      වයඹ ඩිස්ටිලරිස් පුද් .සමාගම - ඇමති ජොන්ස්ටන්   4.ග්ලෝබල් බර්න්ලෙන්ඩ් සමාගම 5.මැක්ලම් බෘවරි සමාගම 6සමුපකාර ස්කාගාරය -කළුතර ෆින්ලන්ඩ් ඩිස්ටිලරිස් සමාගම(රන්දිය ) 8.සිනර්ජි ඩිස්ටලරි සමාගම රන්දෙණිගල නිෂ්පාදනාගාරය යන ඒ වාගෙන් රජයට මෙතෙක් ලැබිය යුතු බදු මුදල් නොගෙවා ඇති බව අද සුරා බදු කොමසාරිස් ජෙනරාල් වාර්තාකොට තිබේ තවත් දින කීපයකින් බොල් ණය ලෙසට කපා දැමීමට රනිල් රාජපක්ෂ සුදාම්න්ම බවට වාර්තා වේ.එම සමස්ථ අයවිය යුතු මුදල රුපියල් බිලියණ 6.23 ක් බවට ගනනය කොට ඇත. රනිල් රටේ ජනතාව ගොනාට අන්දවමින් ඇලෝසියස්ලාට ජොන්ස්ටන්ලාට ණය සහණ ලබාදෙන්නේ මීළඟ ජනාධිපති වීමට සිහිණ දකිමින්ය.ඒත් රටේ සමස්ථ විපක්ෂය මරනින්දේය ඔවුන් එකි නෙකා බෙදි කෑලි කැඩී ඇත ඒ වටා අමන ජනතාවද බෙදි ඇණ කොටා ගනිමින් සිටි ජාතියක් ලෙසට පල් හොරුන් එලවීමට් මෙරට එකෙකුව

හමුදා සෙබළුන් පන්සල්වල ඇබිත්ත කම්කරුවන් ලෙස යෙදවීම වහා නවත්වනු

Image
  ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් බොහෝ පිරිසක් මේ වන විට මෙරට පන්සල් වල හා දේවාල වල ඇබිත්ත කම්කරුවන් බවට පත්වී  ඇති බව වාර්තා වේ.මෙරට බොහෝ විහාරස්ථාන වල ඉඳිකිරීම් හා නඩත්තු කටයුතු සඳහා යොදා ගෙන ඇත්තේද හමුදා  සෙබළුන්ය.හමුදා සෙබළුන් විහාරස්ථානවල ඉඳිකිරීම් සඳහා යෙදවීම අරඹන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේය.මේ කාලයේදී මැදගොඩ අභයතිස්ස හිමි බොරලැස්ගමුව නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් පවා හමුදා සෙබළුන් ලවා ඉඳි කර ගන්නා ලදී.ඒ කාලයේ සිට වර්තමානය දක්වා මෙරට සමහර විහාරස්ථානවල ඉඳිකිරීම් සඳහා හමුදා සෙබළුන් යොදා ගෙන සිටින බව ලංකා දවසට අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. සාමාන්‍යයෙන් හමුදාවේ ඉඳිකිරීම් සම්බන්ධ ඉංජිනේරු කටයුතු සඳහා යොදා ගන්නේ ඉංජිනේරු රෙජිමෙන්තුව,කාර්ය සේවා ඉංජිනේරු රෙජිමෙන්තුව හා ඒ හා සම්බන්ධ සෙවෙච්ඡා රෙජිමෙන්තු වේ.එහෙත් දැනට විහාරස්ථාන වල ඉඳිකිරීම් කටයුතු සඳහා සිංහ,ගැමුණු,විජයබා වැනි පාබල රෙජිමෙන්තුවල  සෙබළුන් පවා යොදා ගෙන ඇති බව හෙළිවේ.පාබල රෙජිමේන්තු වල සෙබළුන් මෙලෙස ඉඳිකිරීම් කටයුතු වලට යොදා ගැනීම නිසා ඔවුන් හට එම රෙජිමෙන්තුවල පුහුණුවීම් වැනි ක්‍රියා කා

රනිල් රාජපක්ෂ දෙවියන් නමඳිමු

Image
  පින් ජනාධිපති රනිල් රාජපක්ෂ සිහිපත් කර මෙරට ජනතාව උදේ හවස පහන් පත්තු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන උන්දෑ කියා තිබේ.ඒ රට බේරගත් නායකයා ඔහු නිසා බවද වජිර අබේවර්ධන උන්දෑ වැඩිදුරටත් එහිදී පවසා ඇත.වජිර අබේවර්ධන උන්දෑ ඒ ඉල්ලීම කරන්න⁣ට පෙර එක පාදඩ බල්ලෙකුටවත් එවැන්නක් සිහිපත් නොවීම හරිම කණගාටුය. මෙපමන කලක් මෙරට ජනතාව පහන් පූජාව කෙරුවේ බුදුන් වහන්සේටය. ක්‍රිස්තුස් වහන්සේටය.සතරවරම් දෙවියන් ඇතුළු විෂ්ණු ,කතරගම,ශිව,දැඩිමුණ්ඩ ,විභීෂණ ,හූනියම් ආදී හැට හුටමාරක් දෙවිවරුන්ටය.පත්තිනි, භද්‍රකාලී ,ආදී දේව මෑණීවරුන්ටය.ඒ අප දන්නා කියන ප්‍රසිද්ධ නාම ධාරී දෙවියන් වහන්සේලාය.ප්‍රාදේශීය වශයෙන් පහන් පූජා තියා වන්දනා මාන කරන දෙවිවරුන්ද  බොහෝය.විමලරත්න කුමාරගම කවියා සිය අයියනායක නම් කාව්‍ය රචනාවේ සඳහන් කර ඇත්තේ එලෙස වන්දනා මාන කරන  ප්‍රදේශීය දෙවියකු ගැනය.   සංහිඳ ළඟ බාරයට කිරි     ඉතිරීම කෙම්මුර දවස්වල පහනින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම   මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම ඒ දෙවිඳුන්ට ගම් වැසියන් කෙරෙන වන්දනා මාන ගැන විමලරත්න කුමාරගම කිවිඳු එම කවියේ සඳහන් කර තිබේ.කේ.එන්.ඕ.ධර්මදාස

රූපං ජීරතී මච්චානං - නාම ගොත්ථං නජීරතී

Image
  ශෝකාප්‍රාප්ත පින්වතුනි; අවමංඟල සභාවෙන් අවසරයි.අප අද ඉතා වේදනාකාරී අවස්ථාවකට මුහුණ දී සිටිමු.අවුරුදු ගනනාවක් ආයු වළඳා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ "සාමය රකින්නාලාගේ ගෙදර නීතිගරුක පොලිස් අප්පුහාමි වීරයා" ගැන අද මුළු රටේ ජනතාවම කම්පා වෙමින් සිටී.පොලිස් අප්පුහාමි විරුවා වර්ෂ 157 ක් පුරා  අපගේ දේශය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සදා අනුස්මරණීය බව ඔබ අප සැම දන්නා කාරණයකි. අප ගේ මිතුන් මිත්තන් පොලිස් අප්පුහාමි පිළිබඳව පැවැති ගෞරවය නිසා මෙතුමා හැඳින්වීමට Polite (විනීත)Obedint(කීකරු)Loyal (රාජපාක්ෂික)Intelligent(බුද්ධිමත්) Courageous(ධෛර්යවන්ත) Efficient(කාර්යශූර)වශයෙන් අරුත් විවරණයක පවා යෙදී තිබුණි.ඒ පොලිස් අප්පුහාමි මේ ගුණාංග වලින් පිරුණු නිසා බව සිතිය හැකිය.මෙතුමාගේ වැඩිමහල් දරුවා වූයේ ජී.ඩබ්.ආර්.කැම්බල්ය.ඒ වැඩිමහල් දරුවාගේ සිට අද දක්වා බොහෝ දරුවන් පොලිස් අප්පුහාමි ගේ මග පෙන්වීම යටතේ මෙරට පොදු ජනතාව වෙනුවෙන් සාමය ආරක්ෂා කර ගැනීම පිණිස  ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරන ලද සේවාව අති විශිෂ්ටය.ඇතැම් විරු දරුවන් දේශය වෙනුවෙන් සිය ජීවිතය පවා පූජා කර ඇත්තේය. ⁣පොලිස් අප්පුහාමි අමරණීය ම

අළුත්කඩේ නීතියේ දෙවඟන අභියාචනාධිකරණයේදී නිරුවත් කොට දූෂණය කරලා

Image
  නීතියේ දිව්‍යාංගනාව අළුත්කඩේ අභියාචනාධිකරණයේ විනිසුරු අසුන මත තියා ඉතා මෙලේච්ඡ ආකාරයෙන් දූෂණය කිරීමට බන්දුල කරුණාරත්න හා මරික්කාර් යන පාදඩ අවලම් විනිසුරුවරුන් දෙදෙනා ක්‍රියා කර තිබේ.  රටේ නීතිය වල පල්ලට දමා මේ තිරිසන් මෙලේච්ඡයන් දෙදෙනා සිදු කර ඇති මහා පාප කර්මයට මුන් දෙදෙනාට පමණක් නොව මුන් දෙන්නා ජාතක කළ අම්මා අප්පාටද හෙණ ගෙඩි පාත් විය යුතුය. ව්‍යවස්ථාදායකය හා විධායකය කුණු වී ඕජස් ගලා යන සමාජය තුළ මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාවට හා රැකවරණයට මෙතෙක් කාලයක් තිබුණේ අධිකරණය පමණය.එහෙත් මේ පාදඩ අවලමුන් දෙදෙනා අධිකරණය කෙරෙහි පැවැති ජනතා විශ්වාසය අමානුෂික හා සැහැසි ආකාරයෙන් බිඳ දමා තිබේ. මෙරට දැන් මේ සිද්ධවෙමින් පවතින දේ පිළිබඳව අපේ ඇඟ හිරි වැටේ. මරික්කාර් මුසල්මානුවෙකි. ඉස්ලාම් ධර්මයේ කියවෙන රාජ්‍ය පාලනය,මානව හිමිකම්,අපරාධ වැනි සෑම අංශයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම දක්වා ඇත.ඒ හුදු අනුශාසනාවක් වශයෙන් නොව නීතියක් වශයෙනි.ඒ නීතිය අනුගමනය කිරීමට මුසල්මානුවන්ට අණ කර තිබේ.එම නීති කඩ කිරීම ආගමික වශයෙන් පවක් ලෙස සැළකේ.එහිදී අවසාන විනිශ්චයක් ගැනද සඳහන්ය.එනම් ධර්මිශ්ඨ මිනිසුන් අවසානයේ

සමෘද්ධිය කප්පාදු කොට ගෙන ආ අස්වැසුම ව්‍යාපෘතිය තක්කඩි දේශපාලන ගේමක් බව හෙළිවේ

Image
  සමෘද්ධි සහනාධාරය කප්පාදු කරමින් ආණ්ඩුව දියත් කර ඇති අස්වැසුම ව්‍යාපෘතිය දේශපාලනික කට්ට කයිරාටික වෙ⁣ට්ට පිත්තල ව්‍යාපෘතියක් බව ලංකා දවසේ අදහසය.මේ වන විට සමෘද්ධි සහනාධාරය අහිමි වීම නිසා රට පුරා බොහෝ පීඩිතයන් විරෝධතා අර⁣ඹා තිබේ. පසුගිය දිනවල දේශපාලනිකව කුජීතව සිටි පොහොට්⁣ටු ප්‍රාදේශීය දේශපාලකයන් සමෘද්ධි අහිමිවූවන් සමග සංවිධානගතව ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන ආකාරය දැක ගත හැකිය.මෙරට සහනාධාර මත යැපෙන සමාජය මත ආණ්ඩුව මුදා හැර ඇති අස්වැසුම බෝම්බය දේශපාලනික උපක්‍රමයක් බව තහවුරු වන්නේ මෙම වටපිටාව තුළ පොහොට්ටුවන්ගේ හිස එසවීම ගැන අවධානය යොමු කරන විටය. සමෘද්ධිය අහිමිවූවන් ආණ්ඩුවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් සමග පෙල ගැසෙන විට අස්වැසුම ලබා ගත් කණ්ඩායම ජනපතිවරයාගේ පාර්ශවය සමග කඳවුරු බඳිනු ඇත.ආණ්ඩුවට එරෙහිව සිටි සහනාධාර අපේක්ෂිත පීඩිතයන් දැන් ආණ්ඩුව තුළම කඳවුරු දෙකක රැස් වී සිටී.එය තක්කඩි දේශපාලනික උපක්‍රමයක් බව සහනාධාර අපේක්ෂිත පීඩිතයන් කිසි විටක වටහා නොගන්නා කාරණයකි. වෙනදා කක්කුස්සි කටවල් ,සෙවිලි තහඩු කොපිපොත් බෙදා දෙමින් සිය දේශපාලනික වහළුන් බවට පත් කර ගෙන සිටි පීඩිතයන් පසු ගිය ද

ඇමති ජීවන් තොන්ඩා පොලීසියට අභියෝග කරයි

Image
    අමාත්‍ය ජීවන් තොන්ඩමන් හා බගවන්තලව පොලීසිය අතර ආරවුලක් හට ගෙන ඇති බව වාර්තා වේ. බගවන්තලාව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තරුණයෙකුට පහර දී ඇතැයි පවසමින් අමාත්‍ය තොන්ඩමන් හා ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරීන් බගවන්තලාව නගරයට කැඳවා අදාල අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන් හට බැණ තර්ජනය කර තිබේ. බගවන්තලාව රාජ්‍ය බැංකු කළමණාකාරවරයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි අනාවරණය වේ.කෙසේවෙතත් මෙහිදී ඇමතිවරයා පොලීසියට බැණ තර්ජනය කර ඇත්තේ එම තරුණයා අත් අඩංගුවට ගත් අවස්ථාවේ පහර දීමක් සිදු කර ඇතැයි ප්‍රකාශ කරමිනි. ඇමතිවරයා එහිදී  වැඩිදුරටත් පවසා ඇත්තේ පොලීසියට නීතිය අතට ගැනීමට නොහැකි බවය.මෙම තරුණයා අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරීන්ට වහාම ස්ථාන මාරු කර යවන ලෙසට ඇමතිවරයා විසින් හැටන් පොලිස් අධිකාරී එච්.එම්.එන්.දෙහිගමට උපදෙස් දී ඇත.එහෙත් පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බවත් එය අවසන් වන තුරු පොලිස් නිළධාරීන් ස්ථාන මාරු කර යැවීමට නොහැකි බවය. ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා එහිදී පොලිස් අධිකා

පැනලා දෙන්ට ගිය "වෙන්ට පොලිස්පති දේශබන්දු" පඹ ගාලක පැටලේ

Image
    විදේශ සංචාරයකට ගොස් ඇති ජනපතිවරයා මෙරටට පැමිණෙන අවස්ථාවේ පොලීසිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට දන්වා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  විසින් නිකුත් කරන ලද වැඩපිළිවෙල වෙබ් අඩවි වල සංසරණය වීම ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසියට ලබා දී ඇති අභ්‍යන්තර උපදෙස් මාලාව අනවසරයෙන් මාධ්‍ය වලට මුදා හරිමින් එය පදනමි කරගනිමින් ජනපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට සාවද්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හරින ලද පුද්ගලයන්  පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අත් අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අමාත්‍යවරයා නියෝග කර ඇති බවද අනාවරණය වේ. ඇමතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කර ඇත්තේ සාමාන්‍ය රාජකාරි පරිපාටියට අනුව බවය. එහෙත් පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ලංකා දවසට ලැබී ඇති තොරතුරු අනුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇත්තේ වෙන්ට පොලිස්පති තනතුර සඳහා ලකුණු දමා ගැනීමට සිඳු කළ පැනලා දීමකි.මෙහිදී ඔහු උත

ජනපති බිය වද්දා "වෙන්ට පොලිස්පති" දේශබන්දු ලකුණු දාගන්නට හදයි

Image
 පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා කාලය හෙටින් අවසන් වේ.අභිනව පොලිස්පතිකමට ෂූට් එක මසා ගෙන සිටින්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. ජනපතිවරයා විදේශ සංචාරයකට ගොසිනි.ඔහු මෙරටට පැමිණෙන විට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට⁣ "වෙන්ට  පොලිස්පති" ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාට නිකුත් කර ඇති අසාමාන්‍ය උපදෙස් මාලාව නිසා ආරක්ෂක අංශ ප්‍රධානීන් විශාල කැළඹීමකට ලක් වී ඇතැයි වාර්තා වේ.   එම නියෝග දැක්වෙන ලිපියේ සඳහන් වී ඇත්තේ මෙරටට පැමිණෙන ජනපතිවරයා රැගෙන යන ප්‍රභූ රථ පෙළපාලියට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් යම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් කිරීමට ඉඩ ඇති බවය.තවදුරටත් සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව  එහිදී "ස්නයිපර් ප්‍රහාරයක්" එල්ල විය හැකි අවදානම මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවිය හැකි ඉඩකඩ සම්බන්ධව අවදානමක් ඇති බවද එම ලිපියේ දැක්වේ. එබැවින් ජනපතිවරයාට හා ප්‍රභූ පිරිසට ගුවන් තොටුපොළ සහ ගුවන් තොටුපොළින් පිටත ආරක්ෂාව සැළසිය ය

කොළය හංඟාගෙන බූරුවා ගහන අභියාචනාධිකරණ විනිසුරු ඩබල දේශබන්දු "වෙන්ට පොලිස්පති" කරයිද ?

Image
  අරගලය අවස්ථාවේ ජනපති මැදුරේ තිබී හමුවූ එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සිදු කර ඇති පුද්ගලික පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව බල රහිත කරන ලෙස ඉල්ලා  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන සඳුදා (26) දක්වා කල් දමන ලදී. ඉකුත් වසරේ මැයි 9 වනදා ගාලු මුවදොර සිදුවී ඇති ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරීමට එරෙහිව තමන්ට එරෙහිව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවා ඇති ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක තීන්දුව ලබා දීමද ලබන සඳුදා දක්වා කල් තැබිණි. ඊයේ දින (23) මෙම රිට් පෙත්සම් විභාගයට ගන්නා ලද්දේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මරික්කාර් හා කරුණාරත්න විසිනි. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් වන්නේද සඳුදාටය.මේ වන විට ඊළඟ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් මතු වී තිබේ.පොලිස්පති තනතුර සඳහා ඊළඟට සිටින ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් තිදෙනා වන්නේ

බ්‍රේක් නැති කට නිසා ඇමතිනී ඩයනා ගමගේට වැඩ වරදීද ?

Image
  රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පසුගිය අප්‍රේල් 24 වන දිින අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් එම නියෝගය නිකුත් කිරීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවට ඇය විසින් ප්‍රකාශ කිරීම තුළින් අධිකරණය විවේචනයට ලක් කිරීමෙන් මහේස්ත්‍රාත්  අධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද දැඩි අපහාසයක් කර ඇති බවත් එමගින් අධිකරණය බිය ගැන්වීමට හා අධිකරණය නොමඟ යැවීමට රාජ්‍ය ඇමතිණිය උත්සාහ දරා ඇතැයි නීතිඥ හෆීල් පායිස් ඊයේ (22)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.නීතිඥ හෆීල් පායිස් එම කරුනු දැක්වීම සිඳු කරන ලද්දේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති කාන්තාවක බැවින් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් අනුව ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. නීතිඥ හෆීල් පායස් අධිකරණය ඉදිරියේ දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදු කරන ලද ප්‍රකාශය අනුව අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙනී යන

සුබ රාත්‍රියක් පියාණෙනි

Image
  හිටපු මුදල් අමාත්‍ය මංඟල සමවීරගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හා වත්මන් ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ළොළුව ගේ ආදරණීය පියාණනන් අද (22) අභාවප්‍රාප්ත වී ති⁣බේ. අභාවප්‍රාප්ත චාලි හල්ළොළුව බද්දේගම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි. ඔහුගේ  අභාවය පිළිබඳව ලංකා දවසේ සාතිශය සංවේගය මෙසේ ප්‍රකාශ කරමු. ගිං ගඟේ රළ නැගෙයි මතක සිත පොඟවාන තාත්තා තවම හිනහෙයි කඳුළු සිත තවරාන  හතිලමින් අඩි තබා අප උස් තැන් වලට ඔසවා තාත්තා හෙළුෑ උනුහුම් හුස්ම   අප ළඟම හිඳ තනි රකී  නිහඬවම සිටින මුත් කතා බහ නැතුව අද තාත්තා දොඩමළුයි හැමදාම අපේ හදවත් තුළ  තාත්තේ

තොපිට අම්මපා ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද පෙරේතයිනේ

Image
  ඒ අම්මා රාජාංගනේය.ඇයගේ ආවේගකාරී වේදනාත්මක ප්‍රකාශනයෙන් අනාවරණය වූයේ සිය දරුවා ගිරිබාව පාසැලේ පළමු වසරට ඇතුළත් කර නොගැනීම පිළිබඳව ප්‍රශ්ණයකි. සිය දරු පැටියා පාසැලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ඇය සාධාරණය ඉල්ලා ප්‍රදේශයේ බලධරයන්ට කන්නලව් කරන්නට ඇත.ආයාචනා කරන්නට ඇත.බැගෑපත් වන්නට ඇත.ඒ වේදනාව නෑසූ කන් වලට එරෙහිව ඇය සිය විරෝධතාව දකිවන්නට ජනපති කාර්යාලය ඉදිරිපිට පැමිණි බව පැහැදිලිය.  අපට මෙහිදී මතක් වෙන්නේ කලන්දක ජාතක කතාවය.ඒ ජාතක කතාවෙන් කියවෙන්නේ මහා සමුද්‍රයට වැටුන ලේන් පැටියා බේරාගන්නට තම වල්ගයෙන් මුහුද හිස් කරන්නට ගිය ලේන් අම්මා ගැනය.අම්මා කෙනෙකුගේ ආදරය එහෙමය. රාජංගනයේ අම්මා ජනාධිපති ලේකම් කාර්යාලයට එන්නට තීරණය කරන්නට ඇත්තේ සාධාරණය ඉල්ලා නොලැබුණ තැන තමන්ගේ දුක මහ තැනට කියන්නට හිතාගෙන වෙන්ට ඕනෑය.ඇය තමන්⁣⁣ට සිදු වූ අසාධාරණය තමන් දන්නා අකුරින් බෝඩ් එකක ලියාගෙන සිය දරුවා කර උඩ⁣ට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිටගත්තාය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ටයි පටි එල්ලාගත් නිලමක්කාරයන්ට ⁣ලැජ්ජා ⁣හිතෙන්නට ඇත.ඇය එතැනින් එලවා දමන්නට පොලීසිය උසි ගන්වා එතැනට එවන්නට කටයුතු කරන ලද්දේ

පොලීසියේදී රාජ් කුමාරිට පොලීසියෙ දෙන්නෙක් පහර දෙනවා මා දැක්කා - වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය රාජ්කුමාරිගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවකු පවසයි

Image
  පොලීසියේ අත් අඩංගුවේදී මියගිය රාජකුමාරි නැමති ගෘහ සේවිකාවගේ මරණ පරීක්ෂණය අද (21) කොළ⁣ඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් පවත්වන ලදී. මෙම මරණ පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සාක්ෂි දුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තා පවසා සිටියේ රාජ්කුමාරිට පොලිස් නිළධාරීන් පහර දෙනු තමන් දුටු බවය. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය මම පිටකොටුවෙ බස් නැවතුමේ ඉන්න වෙලාවෙ පොලීසියෙ දෙන්නෙක් ඇවිල්ල මට මාංචු දාල ජිප් එකකට නග්ග ගෙන කොටා පාරේ ගේකට ගියා.එතැන හිටිය රාජ්කුමාරි ජිප් එකට නග්ගගෙන මගේ අතේ තිබුණ මාංචුවෙ එක මාංචුවක් ඇගේ අතට දැම්මා.ඈ ජිප් එකට නැග්ගෙ හොඳ සනීපෙන් ඇවිද ගෙන ඇවිල්ලා.ඇයට පේන්න කිසිම අසනීපයක් ති⁣බුණෙ නෑ.⁣පොලිස් ජිප් අරං එන කොට උඹ නේද මුද්දයි,සෙන්ට් බෝතලයයි,සපත්තු කූට්ටමයි හොරකම් කෙරුවෙ කියල ජිප් එකේ හිටිය පොලීසියේ කෙනෙක් ඇගෙන් ඇහැව්වා.පස්සෙ අපි දෙන්න වැලිකඩ පොලීසියට ගෙනාවා.පොලීසියෙදි මටයි රාජ්කුමාරිටයි පොලීසියෙ දෙන්නෙක් ගෑහැව්වා.එක්කෙනෙක් තට්ටෙ තියෙන කෙනෙක් .අනෙක් කෙනා කෙට්ටුයි.උසයි.කෙට්ටු උස කෙනා රාජ්කුමාරිට බටයකින් පහර දුන්නා.පස්සෙ සුධර්මා මැඩම් පොල

චප්ප චපිරි අාර්ථික ඔස්තාර් බන්දුල ඇමති ගේ "හුරතලි⁣යගෙ" මල්ල කරේ

Image
  බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ සතොස ආයතනය තුළ සිදුවූ වංචා සහගත සුදු ළුෑණු ගණුදෙනුවට චෝදනා ලැබ මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදා හරින ලද චමිලා අසුරමාන්න නැමැත්තිය මේ වන විට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යටතේ පවතින මග නැගුම මාර්ග ඉඳි කිරීම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මුල්‍ය උපදේශකවරිය  ලෙස පත් කර ගෙන ඇති බව වාර්තා වේ.මෙම චමිලා අසුරමාන්න නැමැත්තිය සතොස ආයතනයේ මිලදී ගැනීම් පිළිබඳව හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණිය වේ.  සතොසට ගෙන්වන ලද සුදු ළුෑණු තොග අඩු මිලට බාහිර පාර්ශවයක⁣ට අලෙවි කර ඉතා ඉහළ මිලකට යලි සතොස වෙත මිලදී ගැනීමෙන් සිදුවූ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් මෙි වන විට අධිකරණයේ නඩුවක් විභාග වන අතර චමිලා අසුරමාන්න එහි විත්තිකාරියක් වේ. රජයේ මුල්‍ය වංචාවකට සම්බන්ධව චෝදනා ලැබ සැකකාරියක ලෙස ඇප මත මුදා හරින ලද මේ තැනැත්තිය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සිය අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක උපදේශක වරියක ලෙස පත් කර ගෙන ඇත්තේ 2022 නොවැම්බර් මස 11 වනදාය.ඒ වසරක කාලයක් සඳහා බව අනාවරණය වේ. එම කාලය තුළදී මේ තැනැත්තියට  වැටුප ලෙස ලක්ෂයක වැටුපක්ද ,එක් ලක්ෂ විසි දහසක ප්‍රවාහන දී

කණගාටුයි කණගාටුයි ශ්‍රී ලංකා

Image
  වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කණගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසි වාරය ආරම්භ  කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු එම අදහස් පල කර තිබේ. ඊයේ (19)ජිනීවා හිදී ඇරඹුන මෙම සැසි වාරය ලබන ජුලි 14 වන දින දක්වා පැවැත්වීමට අපේක්ෂිතය.අදාල යෝජනා ප්‍රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයන් නිරතුරුව ශ්‍රී ලංකාවට පැමිණ සම්බන්ධතා අඛන්ඩව පවත්වාගෙන ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි. මානව හිමි කම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකා බලධරයන් දිරිමත් කරන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ ඇස්පී ළමාහේවා දකුණේ පාතාලයට ගිණි අවුලයි

Image
  දකුණේ පාතාලයේ ගිණි ඇවිලෙන බවට  ලංකා දවස කළ අනාවරණය සත්‍යය වී තිබේ.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමෙන් පසුව අප ඇමතූ ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරකයකු පැවසුවේ කොස්ගොඩ සුජීට සම්බන්ධ සෑම ගෝතයෙක්ම "මිනී පෙට්ටි වලට පැක්" කරන බවය. අද උදෑසන කොස්ගොඩ සුජී⁣ගේ සමීපතමයකු වන කොස්ගොඩ රන් මහත්තයා නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ ආරවුල අවුලවන්නට හේතු වූයේ රහස් පොලීසියේ ඒඇස්පී ළමාහේවා බව අපි වගකීමෙන් සඳහන් කරමු. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබන ලද්දේ අහවල් පාතාල නායකයාගේ උපදෙසින් බවට කොස්ගොඩ සුජීට තොරතුරු සපයන ලද්දේ ඒඇස්පී ළමාහේවා බව අපට තොරතුරු ලැබී තිබේ.එම තොරතුරු අනුව කොස්ගොඩ සුජීගේ උපදෙසින් පසුගියදා සීනිගමදී වෙඩි තැබීමක් සිදු කෙරිණි.එම වෙඩි ප්‍රහාරයට ලක් වූ අය රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට වෙඩි තැබීමට පිළිතුරු ලෙස අද කොස්ගොඩ සුජීගේ සමීපතමයා ඝාතනය කරන ලද බව ලංකා දවසට වාර්තා විය.     පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කළ පොලිස් නිළධාරීන් සැකකරුවන් කරන ලද

සියළු චෝදනා වලින් දේශ බන්දු නිදොස් කොට නිදහස් කිරීමට ප්‍රභල විනිසුරෙක් සුදානම් - 27 පොලිස්පති ලෙසට පත් කිරීමට පොහොට්ටුව තීරණය කරලා

Image
  දේශ බ්න්දු තෙන්නකෝන් නැමති ජෙ‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති කමකට තබා පොලිස් දෙපාර්තමේන්තුවේ වහලක් යටටවත් වද්දා නොගත යුතු පුද්ගලයෙකි. මෙරට කුඩු ජාවරම් වෙනුවෙන් අනුපමීය සේවාවක් සපයමින් සිටින දේශ බන්දු තෙන්න කෝන් රටේ කිසිදු මුලික අයිතඉයකට ගරු නොකරන සියල්ලටම වඩා දේශපාල්ඥයා උත්තරීතයැයි සිතන ගොබ්බයෙකි. පොලිස් දෙපාර්ත්මේන්තුවේ පෙර සිටි කාලකන්ණියන් කීප දෙනෙකු සිටි බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂයකින් ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ රියදුරුව මෙවනි උත්තරීතර ආයතනයකට ගෙනවිත් දමා කර ඇති විනාශය සුළු පටු නම් නොවේ. මෙරට පොලිස් සංහතියට හා රටට කර ඇති විනාශය වජිර අබේවර්ධනලාට අවශ්‍ය නොවන්නේ උගේ අම්මගේ මරණේ බලන්න පැමිණිය උන්ට බෙදා සප්පායම් දුන්නු මේ දේශ බන්දුව රැකීම වජිරලා ඩීල් ටිරාන් ලාගේ වගකීමක් ලෙසට ඔවුන් සිතන නිසාය, 23 වන දින වන විට දේශ බන්දුට එරෙහිව ඇති සියළු චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට හිටපු එක්සත් ජාතික පක්ෂ ඇම්තියෙක් කුරුණැගල සිට ක්‍රියා කොට ඇත්තේ තම දියනිය හරහාය. දේශ බන්දුලා වැනි පල් හොරුන්ට අධිකරණයේ නිතිය නමනවා නම් එවනි නඩුකාරයන් හා උන්ගේ පැරණි ඩීල් හා හෙළුව පෙන්වීමට් අපි පසු බට

ලංකාවේ ප්‍රභල කැසිනෝ ව්‍යාපාරිකයෙකු ගේ නිවසේ සිට රනිල් රට පිලිබදව බරපතල කතා බහක

Image
  පසු ගියදා රනිල් වික්කම සිංහ හා සාඟල රත්නායක සමඟ ශ්‍රි ලංකාවේ ප්‍රකටම් කැසිනෝ ව්‍යාපාරිකයෙක් ද එංගලන්තයට පැමිණියාය. ඔවුන් සියළු දෙනාම එම ප්‍රකට ව්‍යාපාරිකයාට අයත් ලන්ඩන්වල පිහිටි අධි සුඛෝපභෝගි නිවසේ ගත කිරිමට ගියෝය.ජනාධිපති වික්කම සිංහට මෙම සංචාරයේ දි බ්‍රිතාන්‍ය රජයේ කිසිදු නිල උත්සවයක් නොවිය. ඔහු යායුතුව තිබුනේ ප්‍රංශ ජනාධිපතිගේ නිල ආරාධනාවකට අනුවය. ඒත් අප වෙතට ලැබී ඇති තොරතුරු අනුව ජනාධිපති වික්කම සිංහ ශ්‍රි ලංකාව පිලිබදව් තීන්දු කීපයක් ගැනීමට නියමිතව අද බ්‍රිතාන්‍යයේ දි ප්‍රභල සාකච්ඡාවක් පැවැත් වීමට නියමිතය. මෙම සාකච්ඡාව ශ්‍රි ලංකා මාතාවගේ ඉරණම් තීරණය වෙන බව නම් අපිට සහතිකය.

රාජපක්ෂ බංගලාවේ ලුමිපන් පාදඩයකු රිමාන්ඩ් කෙරේ

Image
  හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර අරඹන ලද විරෝධතාවයේ නියැලී සිටි විරෝධතා කරුවන්ට පසුගිය වර්ෂයේ ජුලි 9 වන දින අගමැති නිල නිවසේ සිට පැමිණි පොදු ජන පෙරමුණට සම්බන්ධ මැරයන් විසින් පහර දීමත් එම මැර ප්‍රහාරයට එරෙහිව ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිදුවිය.එදින ජනතාව වෙතින් පොදු ජන පෙරමුණේ මැරයන් හට සිදු කළ ප්‍රහාරයේදී එයට මැදිවූ ලුම්පන් චරිතයක් පිළිබඳව මාධ්‍ය අවකාශයේ ප්‍රචාරය වීමත් සමගම එම චරිතය මෙරට සමාජය තුළ ඉතා ජනප්‍රිය විය. කොළඹ නගරය කේන්ද්‍රීය කර ගත් ආර්ථික දරිද්‍රතාව⁣යෙන් ගැට ගැසුන පීඩිත සමාජ පන්තිය රාජපක්ෂ වරුන් විසින් සිය අවලම් ඕනෑ එපා කම් සඳහා යොදා ගැනීම පිණිස සංවිධානය කෙරුවේ එම ලුම්පන් චරිතය යොදා ගනිමිනි.මේ ලුම්පන් චරිතයට පණ දුන්නේ මහින්ද කහඳගමගේ නම් පදික පාදඩයෙකි.රාජපක්ෂවරුන් ගේ ජනප්‍රිය සමාජ මනෝ භාවයන් යොදා ගනිමින් පදික වෙළඳුන් සංවිධානය කළ  මොහුට කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු වීමටද අවස්ථාව උදාවී තිබුණි. ජුලි 9 දා ගාලු මුවදොර ප්‍රහාරය සිඳු කිරීමට ඉදිරි පෙළ මැරයකු ලෙස පැමිණි මහින්ද කහඳගමගේට ඇඟ පත රිදෙන ආකාරයට  ප්‍රති ප්‍රහාර එල්ල විය.ඉන් අනතුරුව  අස