පොලිස්පති පත් කිරීම "ටිං ටිං ගාන්නා තෝරා එවාපන්"
පසුගිය 26 වනදා සිට පොලිස්පති වරයාට ලබා දී තිබූ සේවා දිගුව අවසන් වී තිබේ.මෙි වන විටත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න නිල කාර්යාලයේ තිබූ පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන ගොස් තිබූ බව වාර්තා වේ.
පොලිස්පතිවරයකු නොමැති කම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.පොලිස්පතිවරයා පත් කරන තුරු වැඩ බලන පොලිස්පතිවරයකු පවා පත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.අභිනව පොලිස්පති
තනතුරට පත් වීම පොලිස් ඡ්‍යෙෂ්ඨයන් අතර බල අරගලයක් පවතින බව පසුගිය
කාලයේදී දිගින් දිගටම මෙරට මාධ්‍ය අනාවරණය කරන ලදී.ඇතැම් පොලිස්
ඡ්‍යෙෂ්ඨයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් කතරගම ආදී දේවාල වල බාර හාර
පවත්වමින් පොලිස්පති තනතුරට පත්වීම සඳහා දෙවියන්ට අල්ලස් දෙමින් සිටී.හිටපු
පොලිස්පතිවරයාද තව සේවා දිගුවක් අපේක්ෂාවෙන් කතරගම දේවාලයේ බාර හාර වූ
බවටද වාර්තා විය.
අභිනව
පොලිස්පති ධුරයට පොලීසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිළධාරියකු
පත් කරන ලෙස ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා
නීතිඥ සංඟමය ඉල්ලා තිබේ.යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙන්ම නීතියේ
ආධිපත්‍යයටද පොලීසිය කෙරෙහි පවතින මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව එම ලිපියේ
සඳහන් කර ඇති අතර පොලිස්පතිවරයාගේ
පත්වීම අනුමත කිරීමට පෙර පත්වීම නිර්දේශ කිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ
යුතු ක්‍රියා පරිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථා සභාව විසින් තීරණය කළ යුතු බවද වැඩි දුරටත් එහි දැක්වේ.
මේ
වන විට පොලීසිය කෙරෙහි මහජන විශ්වාසයේ බරපතල බිඳ වැටීමක් ඇති බවද නීතිඥ
සංඟමය කියා සිටී.මීට පෙර අවස්ථාවකද ජනපතිවරයාට මෙවැනි ලිපියක් නීතිඥ සංඟමය
විසින් යොමුකර තිබූණි.
කෙසේවෙතත්
පොලිස්පති චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දීමට ආණ්ඩුව අදහස්
කර ඇති බවද වාර්තා වේ.දිගින් දිගටම මේ ආකාරයෙන් පොලිස්පති වරයාට සේවා දිගු
ලබා දීමට යාම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත සිදු කෙරෙන දැඩි අසාධාරණයක් බව
පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
විශ්‍රාම
ගොස් ඇති පොලිස්පතිවරයාට පසුව ඡ්යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළට අනුව රාජකාරි
කරන ඇතැම් ඡ්‍යෙෂ්ඨයන්ට විවිධ දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් ඇතමුන්
දේශපාලන බල අධිකාරිත්වයේ උපකාරයෙන් පොලිස්පති තනතුරට පත්වීමට උත්සාහ කරමින්
සිටී.
ආණ්ඩුවට
අවශ්‍ය වී ඇත්තේ මේ රටේ නීතිය හා සාමය සාධාරණව පවත්වා ගෙන යාම නොව සිය
දේශපාලන බලය අනීතිකව තහවුරු ගැනීම බව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් වල
ක්‍රියාකාරකම් වලින් තහවුරු වී තිබේ.
එබැවින්
අභිනව පොලිස්පතිවරයා පත් කිරීම ගැන අපට මතක් වෙන්නේ අම්මාගේ තනේ කෑ එකා
අල්ලපු ගෙදර කුකුළන් ඉතුරු කරයිද යන ප්‍රස්ථාව පිරුළය.
Comments
Post a Comment