Posts

Showing posts from April, 2023

ත්‍රස්ත විරෝධී පනත ව්‍යවස්ථා විරෝධියි නීතිඥ සංගමය පවසයි

Image
  රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමේ අරමුනින් සකස් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හැදෑරීම සදහා හා එහි ඇතුළත්වන මානව විරෝධී නෛතික ප්‍රතිපාදනයන් වාර්තා කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති වෘත්තියේ නිරත ඡ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගෙන් පත් කළ විශේෂ කමිටුව විසින් සකස් කළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම කෙටුම්පතෙහි ත්‍රස්තවාදී අපරාධ යන්න ගැන නිර්වචනයක් නැති බවය.ඒ පිළිබඳව එහි මාර්ගෝපදේශ සකස් කර ඇත්⁣තේද නො⁣පැහැදිලි ලෙස බවද එම වාර්තා දැක්වේ.ඒ හේතුවෙන් එම වගන්තිය ඉතා භයානක ආකාරයෙන් පුරවැසි අයිතීන් උල්ලංඝනය කළ හැකි ආකාරයෙන් පුළුල් ලෙස අර්ථකතනය කළ හැකි බව වැඩිදුරත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.   කෙටුම්පත් පනතේ 10 වන වගන්තිය රජයකට එරෙහිව පවත්වන අනාගත විරෝධතා හෝ වැඩ වර්ජන සංවිධානය කිරීම ඒ පිළිබඳව මහජනතාව දැනුවති කිරීම එවැනි පෙලපාලියකට සහභාගිවීම ත්‍රස්තවාදී වරදක් වන බව වාර්තාව සඳහන් කර ඇත.   ත්‍රස්වාදීී ප්‍රකාශනය යන වචනයට කෙටුම්පත් පනතෙහි පටු අර්ථකථනයක් ඇති බවට නීතිඥ සංගමයේ කමිටුව පෙන්වා දී ඇති අතර එම යෙදුම වැරදි ලෙස භාවිතා කර අහිංසක පුරවැසියන් රජ

බංකොලොත් රටේ ජනාධිපති රනිල් සමඟ සමනලයන් රෑනක් හෙලිකොප්ටර් 02කින් මාතර රාහුලට පියාබයි

Image
  කාලකන්ණි පාලකයන් විසින් මෙරට ජනතාව ලෝකයෙන්ම හිඟාකන ජාතියක් බවට පතකර තිබුණත් තවම පාලක පංතියේ උන්ගේ හා රනිල් රාජපක්ෂගේ සමනල නඩයම ගමන හෙලිකොප්ටර් වලිනි. පසුගියදා මාතර රාහුල විද්‍යාලයට වසර 100 ක් පිරීමේ සංවත්සර උත්සවයක් පැවැත්විය. ඊට සහභාගි වු ප්‍රධාන අමුත්තන් වු යේ රනිල් හා සඟලය. එසේම රනිල් ගේ මිලඟ ආණ්ඩුවේ අගමැති වීමට සිටින කාංචන විජේසේකර ද පැමිණියාය. කාංචන විජේසේකර හා රනිල් සාඟල එක් හෙලිකොප්ටරයක පැමිණි අතරම තවත් හෙලිකොප්ටරයක පැමිණියේ වෙනත් සමනල රෑනකි. සමනලයන්ට පියාඹා යාමට තටු තිබුණත් මොවුන් පියාබනනේ බංකොලොත් රටේ අහිංසක ජනතාවගේ බෙහෙත් ටික ගැනීමට ඇති මුදලිනි. මෙම හෙලිකොප්ටර් දෙකම අකුණු සැර වදින විටත් නවතා තිබී ඇත. ඒත් ඒ අවස්ථාවේ අකුණු ගසා නැත්තේ රනිල් ලා කාංචනලා ,සාගලලා, හෙලිකොප්ටර් වල නොසිටි නිසා බව මාතර රාහුල විද්‍යාලය අසල පදිංචිකරුවන් කියයි .මෙම ගමනට දල වශයෙන් රුපියල් ලක්ෂ 8 ක් වැයකර ඇත්තේ දැඩි බංකොලොත් රටක සල්ලිය. ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකාදවස පුවත්පත පවත්වාගෙන යාමට නොහැකිය. [wpedon id="7467" align="right"]

මිනිස්සු ගහල පන්නපු මිල්ටෙරි නන්දසේන මහජන මුදලින් සැප විඳියි

Image
  මිල්ටෙරි නන්දසේනට විශ්‍රාමික ජනාධිපතිවරයකු ලෙස මසකට රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය අනාවරණය කර තිබේ. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු පනත යටතේ කළ විසීමකදීය.   මෙහිදී හි⁣ටපු ජනපති මිල්ටෙරි නන්ද⁣සේන ගේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ වියදම් ලෙස විශ්‍රාම වැටුප,ඉන්ධන දීමනාව,සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000ක් ද දුරකථන විදුලිය,ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60 බව සඳහන් කර ඇත.   එහෙත් මිල්ටෙරි නන්දසේන නඩත්තු කිරීම සඳහා වැය කරන මහජන මුදල  පිළිබඳව සම්පූර්ණ තොරතුරු මෙහි නැත.මේ වන විට ඔහුගේ ආරක්ෂාව සදහා පන්සියයකට ආසන්න හමුදා අනුඛන්ඩයක් ,රජයේ වාහන 19 ක් ,නිවසේ ඉවුම් පිහුම් හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් තවත් හමුදා භටයන් පිරිසක්,සංග්‍රහ දීමනා ලෙස රුපියල් 95000ක් ලබා දී ඇති බව අප හට දැන ගැන්මට ලැබී තිබේ.මිල්ටෙරි නන්දසේන මේ පහසුකම් සියල්ල ලබා ගනිමින් විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයකු ලෙසද විශ්‍රාම වැටුප ලබා ගනී.මෙය අනිකුත් රාජ්‍ය සේවකයකුට අහිමි වරප්‍රසාදයක් බව කියවේ

දරුවන්ගේ ළමාකාලය බිලිගෙන කහ සිවුරෙන් වසන ළමාඅපරාධ

Image
  අද බෞද්ධයන්ට සම්බුද්ධ සාසනයත් කහ සිවුරත් එපාකරවා ඇත්තේ අන්‍යාගමිකයන් නොව මේ සාසන්යේම සිටින සමහරක් පාදඩ ගනින් නාන්සේලාය. මේ ගනින්නාන්සේලාගේ එක ක්‍රමයක් නම් පාලකයන් පිනවීමත්, දෙවැන්න සාසනය රැකීමට කියා අහින්සක දුප්පත් දරුවන් ගෙනවිත් මෙලොව දෙයක් නොදැන සිවුරු පෙරවීමය. ඊටම උපන් අම්මන්ඩිලා කොටසක් වැදුව ළමයින් හදා ගැනීමට බැරිව හතර අතේ පන්සල් ගානේ ගොස් කහකඩයන් සොයා පල් බොරු උත්සව තියා 10 ක් 100ක් ගානේ පොල් ලෙලිගසන්න සේ ඔළුව බුගා සිවුරක් පොරවා පන්සලේ ලිංගික සේවයට යොදවයි. මේ ලිංගික සේවය දැන් අම්මලා රෙද්ද ඉස්සීම නතර කොට වැදු දරුවන්  හදා ගැනීමට බැරිව පන්සල්වලට පුජාකරනවා යැයි කියමින් ගනිකා සේවයට යොදවයි. වැඩිම නිතියානුකූල ලමා ගනිකාවන් අද සිටින්නේ මේ පාදඩ සිවුරු කාරයන් ගේ තුරුල්ලේය. අහින්සක කුඩාදරුවන්ට තම ළමාකාලය ගතකිරීමට ඉඩ නොදි උන්ව ගෙනගොස් මහන කොට කොසුපාරවල් කන්නේ අම්මට නිවන් යන්න සම්බුද්ධ ධර්මයේ නම එවැන්නක් නැත. ඇත්තේ අම්මාට ජීවත් කරවීමට බැරිකමට මහණ කිරීමකි. වහාම මේ පාහර වැඩේ නතර කලයුතුය. මේ අහිංසකමේ කුඩා දරුවන් ගේ ළමා අයිතිය රැකිය යුතුය. ඔබගේ කාරුණික සහයෝගය නැතුව මෙය පවත්වා ගෙන යා

මෙන්න පාඩුලබන ආයතන විකිණීමේ හෙළුව ........ලන්සයි ,නලීනුයි සතොසේ කෝටි ගනනක් වටිනා දේපලටික බෙදා ගනී

Image
  සතොසේ සිටින සභාපති පසිදුයාපාව ලංකා සතොසේ සභාපති තනතුරට අමතරව සතොස සභාපති ලෙසද මේ වනවිට කටයුතු කරමින් සිටි. වර්තමාන වෙළද ඇමතිවන්නේ නලීන් ප්‍රනාන්දුය, අබා කොස්තා පියතුමා ඝාතනයට හවුලව ඉතාලියට පැනගොස් කලක් සැඟව සිට ජේරාජ් ගේ ගෝලයෙකි. රාජපක්ෂලාගේ තුරුල්ලට ගේන ලංසා ඔහුව පසුව සතොස සභාපති තනතුරට පත්කරන්නේය. පට්ටම හොරෙක් වු නලීන් පසුව යහපාලන රනිල් ගේ ආණ්ඩුවෙන් සිරගතකොට  , ඒ රනිල් රාජපක්ෂම වෙළද ඇමති කිරීමට තරන් බුද්ධිමත්විඇත . අද වනවිට ජනාධිපති රනිල්ට 133 සකසා දීමට කතෘ ගුණ සැලකීම සදහා ලනසා ගේ සියලු දේ රනිල් කරමින් සිටි. මේ වනවිට පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමට කියා සිදුවන්නේ සතොසේ වටිනාම ඉඩකඩන් හා දේපල සියල්ලම ලංසලාගේ නලීන්ලාගේ ඥාතින් අතර බෙදා ගැනීමකි. ඊට හොදම උදාහරණය වොක්සවල් වීදියේ ඇති ඉඩම අක්කර 3ක් මිලට ගැනීමට සුදානම් වන්නේ නලීන්ගේම හෙන් චයියෙකි. ඒත් ඊට යොදවන සල්ලි සියලලම නලීන්ගේය. මේ ආකාරයටම රජයේ කිසිදු ආයතනයක් පාඩු නොලබන බවත් ඒවා පාඩු කොට තම ඥාතින් හරහා තමන් ගේ අතට වසසානයේ මිලට ගැනීමට වැඩ සිද්ධවෙන බ්ව මෙයින් මනාව පෙනේ . වැටි අති රටේ දේපලත් සුරාකමින් සිටින ලංසලා නලීන්ලාව මේ පොලවෙන් එලව

මහර හිරගෙදර රැඳවියන් 11 දෙනෙකුට වෙඩි තැබීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව වැලිසර මහේස්ත්‍රාත්වරයා තීන්දු කරයි

Image
  මෙරට කෝවිඩ් රෝගය ව්‍යාප්ත වූ දින වල කෝවිඩ් ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බන්ධනාගාරය තුළ⁣ කෝවිඩ් රෝග පරීක්ෂණ කරන ලෙසටත් ඉල්ලා මහර බන්ධනාගාරයේ  රැඳවියන් කළ විරෝධතාවකට වෙඩි තබා ඔවුන් 11 දෙනෙකුගේ මරණය සිදු කිරීම අපරාධයක් බව තීන්දු කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩවවිදාන එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගියදා රහස් පොලීසියට (26)නියම කළේය. මෙම වෙඩි තැබීමේදීී රැඳවියන් මිය ගිය ආකාරය අනුව කැරැල්ලක් මැඩ පැවැත්වීම හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි බලය යොදා ගත් බවක් අනාවරණය නොවන බවට තීන්දු කළ විනිසුරුවරයා මරණයට පත් වූවන්ට වෙඩි වැදී වැටී සිටි ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණ බව කියන රැඳවියන් විසුරුවා හැරීමට බන්ධනාගාර නිළධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන බව තීන්දුවේදී වැඩිදුරටත්  සඳහන්  කර ඇත. මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩ පැවැත්වීම නිසා ඔවුන්ගේ දණහිසින් පහලට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහලට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මියගිය රැඳවි

කොල්ලනේ ......... කෙල්ලනේ.........නැගිටියව්.........එක්වෙයව්...

Image
  පාහර ගැති දේශපාලකයන්ගේ සෙරෙප්පු සුප් බොනවාට වඩා නම්බුකාර පිටින් තම ආත්ම ගෞරවය හා වෘතීය භිමානය ආරක්ෂා කරමින් ජනතාවාදි පොලිස් සේවාවක් ලබාදිමට මුල්ම අඩිතාලම දැමු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය යන දෙදෙනාට සමස්ථ ජාතියක් වෙනුවෙන් අපි හිස නමා ආචාර කරන්නෙමු. ඒ දේශබන්දුලා වැනි පාහරයන් ඇමතිගේ කාර් රථයේ දොර වසා ඒ රථයට නැගි යනවිටත් , එකම  බෝතලේ ගසන බව දැන් දැනත්, ඉරිදාට ඥාණ මෑණි නැමදීමට ඇමති ටිරාන් සමඟ අනුරාධපුරේ යන බවත්, දැන දනම අනීතික නියෝගයක් නොපිලි පැදීමට තරන් ඔබ දෙදෙනාට කොන්දක් තිබීමත්, එවන් පුතුන් රටට ජාතක කල දෙමාපියන් අපි සිහිකරන්නේ භක්ති ආදරයෙන්ය. එ වගේම අලස් පියානන්ගේ නාමයේ ගූ තැවරු, ත්‍රස්තයනට රටේ ජනතාව මැරීමට කෝටි ගනන් දුන් ටිරාන්සේම ,පාස්කු ප්‍රහාරයක් එල්ල කොට මිනිසුන් මැරු දේශ බන්දුලාටත් අපි හෙන නොයිල්ලනවාම නොවේ. අලස් පියානන්ගේ ඒ නාමය අපට මරණීයයි. ඒත් අවාසනාව ,එවනි උත්තරීතර මිනිසෙකු මෙවනි කසඩයෙක් මෙලොවට ජාතක කොට ත්‍රස්තයන්ට මුදල් දි, එදා සේම අද පාස්කු ත්‍රස්තයනට ආධාර අනුබල දුන් දේශ බන්දු වැනි පාරයෙක් තවමත් රකින්නේ වැසීයන පත්තර

බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාග කළ කෝට් 3900 ක වෛද්‍ය උපකරණ මෙරට ආණ්ඩුවේ වරදින් රටට අහිමි වෙලා

Image
  මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට නොමිලයේ  ප්‍රධානය කිරීමට හැදූ කෝටි 3900 ක වෛද්‍ය උපකරණ බලධරයන්ගේ නොසැළකිල්ල නිසා අහිමි වී ඇතැයි අද (27) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.   බ්‍රිතාන්‍ය රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින් එරට ක්‍රියාත්මක කෙරෙන සිල්වියා ලංකා පදනමේ ඉල්ලීම මත එම එම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබූ අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 12 ක වියදමක් දැරීමට මෙරට ආණ්ඩුව මැදිහත් නොවීම නිසා මෙම පරිත්‍යාගය අහිමි වූයේ යැයි  රජවැල්ලේ සූභූති හිමියන් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.   එම වෛද්‍ය උපකරණ ⁣මෙරටට එවීමේදී නැව් ගාස්තු,නිශ්කාෂණ ගාස්තු, බදු ගාස්තු හා දේශීය අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු සඳහා මුදල් අවශ්‍ය  වූ අතර තමන් වහන්සේ මෙරට ආණ්ඩුවෙන් ඒ සඳහා නිල වශයෙන්ද නොනිලවද ඉල්ලීම් කෙරුවෙද කිසිදු බලධරයකු එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ බවද ඒ හිමියන් එහිදී සඳහන් කර තිබුණි.   රජවැල්ලේ සුභූති හිමියන්  වැඩිදුරටත් ලංකාදීප පුවත්පතට පවසා  තිබුණේ  බ්‍රිතාන්‍ය රජය මාස දෙකකට ආසන්න කාලයක් ඒ ගැන ⁣බලා සිට මෙරට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එම වෛද්‍ය උපකරණ තොගය ඉන්දියාවටත් ,අප්‍රිකානු රටවලටත් පරිත්

අයිඑම්එෆ් වලට ඡන්දය දීමෙන් වැලකී සිටීමට මහින්ද රාජපක්ෂ කල්ලිය තීරණය කරලා

Image
  ජාත්‍යන්තර අරමුදල සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ලබන සිකුරාදා (28)දින පැවැත්වෙන ඡන්දය දීමේදී ඉන් වැලකී සිටීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තීරණයකට එළඹ ඇතැයි වාර්තා වේ.   රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම් ගත අහිතකර කොන්දේසි ගණනාවක් නිසා  හිටපු ජනපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එම තීරණයට එළඹ ඇති බව දැන ගැන්මට තිබේ.   කෙසේවෙතත් ⁣අපට දැන ගැන්මට ලැබී ඇති ආකාරයට පොදුජන පෙරමුණේ රාජපක්ෂ කණ්ඩායම හා ජනපති රනිල් රාජපක්ෂ අතර අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ගැන මතභේදකාරී තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇති බවටද වාර්තා වේ.පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සෘජුවම ජනපති රනිල් රාජපක්ෂ සමග සම්බන්ධවී ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස සහයෝගය දැක්වීමට සැළසුම් කර තිබේ.පොදුජන පෙරමුන මෙරට දේශපාලනයට සම්බන්ධ වූයේ පෞද්ගලීකරණයට එරෙහි රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි.   මේ වන විටත් ආණ්ඩුව තුළ මතුව පවතින අනෙක් අර්බුදය වන්නේ චීන හා ඇමරිකානු පක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රශ්ණයයි.පොදුජන ප

ගිණිගත් නැව අයිති සමාගමෙන් අල්ලස් ගෙන ඇත්තේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ සමීපතමයෙක් බව හෙළිවේ

Image
  මෙරට මුහුදු තීරයේදී ගිණි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් මෙරට තැනැත්තකු මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා ගෙන එම මුදල එංගලන්තයේ බැංකුවක තැන්පත් කර ඇතැයි පසුගියදා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කලේය. මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ගේ බරපතල විවේචනයට ලක් විය.එහිදී එම දේශපාලඥයන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා⁣ විසින් එම අල්ලස් ගත් පුද්ගලයා කවරෙක්ද යන්න අනාවරණය කළ යුතු බවත් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කළ යුතු කරන ලෙසත්ය.හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කරන ලද්දේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ හට ප්‍රසිද්ධියේ එම අල්ලස ගත් තැනැත්තාගේ නම හෙළිදරව් කිරීමට නොහැකි නම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ එය හෙළි කරන ලෙසය. අද දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී එම අල්ලස් සිද්ධිය ගැන ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ මිලියන 250ක එම අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ චාමර ගුණසේකර නම් ව්‍යාපාරිකයකු බවත් ඔහු හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ සමීපතමයකු බවය.මෙම මුදල් එංගලන්තයේ ගිණුමක තැන්පත් කර ඇති බවත් මෙහිදී හිටපු

ටිරාන් අලස් මුදලාලි පොලීසිය බංකොලොත් කරයි

Image
  පොලිස් අමාත්‍ය ටිරාන් අලස් පොලිස් දෙපාර්තමේන්තුව දාම් ලෑල්ලක් බවට පත් කර ගෙන තිබේ.පොලිස්පතිවරයා පොලිස්පති කාර්යාලයේ වොචර් බවට පත්ව සිටියදී පොලිස් දෙපාර්තමේන්තුව තම ග්‍රහණයට පත් කරගෙන සිටින ටිරාන් අලස් අමාත්‍යවරයාගේ සුරතලා බවට පත් වී සිටින්නේ බප ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය.   ඇමතිවරයා හා දේශබන්දු අතර පවතින අපූරු සම්බන්ධතාව දෙදෙනා සිදු කරන යටි බිම්ගත පාතාල ජාවාරම්වල තහවුරුවක් බව පොලීසියේ බොහෝ දෙනා දනී. ටිරාන් අලස් යනු රුපියල් සත සඳහා වැදූ මෑනියන් පවා පාවා දෙන නරුමයෙකි.⁣ඔහුගේ කෙරුවාවත් දේශබන්දු ගේ කෙරුවාවත් තකට තකය.දැන් ⁣දෙදෙනා පුකට අමුඩය වී ඇත්තේ මේ සමානකම නිසාය.මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව ගරා වැටෙන අබලන් වූ වලව්වකට සමානය.පොලිස්පති වරයා ඊළඟ සේවා දිගුව ගැන සිහින දකිමින් සිටී.   පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිද්ධ වෙමින් පවතින බරපතල අනතුරු සහගත අවදානම් සහගත විකාරරූපී බිඳ වැටීම ගැන කිසිදු අවධානයක් ඔහු තුළ නැත.පොලිස්පතිවරයාගේ  රාජකාරිමය අනවධානයේ වාසිය ගෙන ඇත්තේ පොලිස් ඇමතිවරයා හා බප ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුය. දේශබන්දු තෙන්නකෝන් සිය පාතාල ජාවාරම්වලට සහයෝගය

කොහිද යුක්තිය....... කොහිද ධර්මය........ කොහිද නිතිය........ විමසනූ

Image
  අරගලය පැවැති සමයේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිි⁣යේ සහ ජනපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනී⁣මේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  යොමු කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක්ද මෙහිදී නිකුත් කෙරිණි. දේශබන්දු තෙන්නකෝන්  ඉදිරිපත් කළ රිට් පෙත්සමක් දේශබන්දු තෙන්නකෝන්  ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඒ.මරික්කාර් යන විනිසුරුවරයන් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.   ලබන මැයි මස 10 වන දින අභියාචනාධිකරණයේදී ⁣කරුණු දක්වන ලෙසටද වගඋත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කර තිබේ. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා......... ඒ අතරේම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිඳු කරන ලද ප්‍රකාශයකට අදාලව හිටපු නීතිපත

හලාවත පොලිස් කුපාඩියා නෝන්ඩි වේ

Image
  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන වර්තමානයේ අසන්නට ලැබෙන ප්‍රවෘත්ති ඉතා පිළිකුල් සහගතය. කොටින්ම කියනවානම් පොලීසිය තරම් දූෂිත රාජ්‍ය ආයතනයක් මෙරට නැති තරමේය.එහෙත් එකක් සඳහන් කළ යුතුය.ඒ පොලීසියේ රාජකාරි කරන වචනයේ පරිසමාපාථාර්තයෙන්ම හොඳ මහත්වරුද සිටින බවය.එහෙත් එවැනි විනය  ගරුක පොළිස් නිළධාරීන්ට අද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇගයීමක් නැත.   පොලීසියේ ඇතැම් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් සිය නිල රථය යොදා ගෙන හොරොයින් ප්‍රවාහනය කරන බව අපට වාර්තා  වී තිබේ.හොරොයින් ජාවරම්කරුවන් ඒ සඳහා දෙන සන්තෝෂම ලක්ෂ පනහ හැට ඉක්මවයි.පොලිස් ස්ථානාධිපතිලා වැඩි පිරිසක්  ජාවරම්කාර මුදලාලිලාය. සිය පොලිස් බල ප්‍රදේශයේ සම්භාහන ආයතන තිබේනම් ඒවායින් මාසිකව අය කරන මුදල රුපියල් හැටදාහකි.එම හැට දාහ බෙදී යන්නේ පොලීසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශ ස්ථානාධිපති අතරය.ප්‍රදේශය බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහකාර පොලිස් අධිකාරිවරයාට ආහාර පාන සපයන අංශය වී ඇත්තේ පොලීසිවල රථ වාහන අංශයයි.ඒ නිළධාරීන්ගේ සාද වලට කුකුල් මස් ,මාළු සැපයීමද රථවාහන නිළධාරීන්ගේ රාජකාරි ලැයිස්තුවට අයත් වී තිබේ.ඇතැම් පොලීසි වල සුළු අපරාද නඩු විසඳන ස්ථානාධිපතිවරයා

හෙට(23 ඉරිදා) සවස බ්‍රිතාන්‍යය පුරා අනතුරු ඇඟවීමක්

Image
  එක්සත් රාජධානිය හෙට(23) පස්වරුවේ ඉතිහාසයේ ප්‍රථම වරට මහජන අනතුරු ඇඟවීමේ පද්දතියක් අත්හදා බැලීමට නියමිතව තිබේ. ඒ අනුව ඉරිදා පස්වරු 3.00 ට එක්සත් රාජධානියේ භාවිතා වන සියළුම 4G සහ 5G දුරකථන සහ ටැබ්ලට් පරඝණක සඳහා හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලැබීමට නියමිත වේ. අනාගතයේදී ඇතිවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක්, ගංවතුර, සුලිසුලං වැනි කාලගුණික විපර්යාසයක්, ගින්නක් හෝ පුද්ගලයෙකුගේ ජීවිතයට තර්ජනයක් වියහැකි ඕනෑම ආකාරයක සිදුවීමකදී එම ප්‍රදේශය අවට ජීවත් වන ජනතාවට එම සිදුවීම පිලිබඳව අනතුරු ඇඟවීමට හා එම ප්‍රදේශයෙන් ඉවත්වීමට උපදෙස් ලබාදීම සඳහා බ්‍රිතාන්‍යය රජය මෙම තාක්ෂණය අනාගතයේදී ප්‍රයෝජන ගැනීමට නියමිත වේ. එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ජපානය වැනි රටවල් ‍ රැසක් මේ වන විටත් මෙම අණතුරු ඇඟවීමේ පද්ධතිය භාවිතා කරන අතර එක්සත් රාජධානිය හෙට පළමු වරට මෙම ක්‍රමය අත්හදා බැලීමට නියමිත වේ. හෙට සිදුකිරීමට නියමිත අනතුරු ඇඟවීමේදී සයිරන් හඬක් සමඟ "මෙය අත්හදා බැලීමේ පරේෂණයකි, ඔබ කිසිවක් කලයුතු නොවේ" යනුවෙන් සියළුම දුරකථන සඳහා පණිවිඩයක් ලැබීමට නියමිත වේ. ජංගම දුරකථන Silent කර තිබුනද මෙම අණතුරු ඇඟවීම දුරකථන වෙත ලැබ

සෙවල නාකි සුදර්මන් රදලියගොඩ නම් රාජපක්ෂ සට්ටැඹ්යාට අහුවෙන්න එපා .....නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර අයිටිඑන් එපාවී එළියට බසියි

Image
  ස්වාධීන රූපවාහිනියේ සේවය කළ ජනප්‍රිය නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර හදිසියේම සිය රැකියාවෙන් ඉවත්ව යමින් තමන් එම රැකියාවෙන් ඉවත් වීමට හේතු වූ කාරණය ඇයගේ මුහුණු පොතෙහි සටහනක් තබමින් පැහැදිලි කර තිබේ.   ඇය තැබූ සටහන මෙලෙසය......   ".....මගේ ආසම රස්සාව මා අත්හැරියා..ආත්ම ගරුත්වය වෙනුවෙන්   මේ කතාව මට කියන්න ඔින වුනේ 2023/03/15 වෙනිදා   නමුත් ඇයි මම නිවුස් කියන්නෙ නැත්තෙ.ඇයි පත්තරේ කරන්නෙ නැත්තෙ කියල අදට ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා..   2008 අවුරුද්දෙ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023/03/15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා.ඒ ලොකු කළකිරීමක් දුකක් එක්ක.   මම මගේ රැකියාවට වඩා ඉහළින් මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්.ගෑණියෙක් තනියම ජීවත්වන පලියට ඒ ගෑනි වේස ගෑණියෙක් වෙන්නෑ කවදාවත්ම.ඒක⁣ නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටු වල ඉන්නවා බොරු හයියක් මවාගෙන.මම ආයතන ගණනාවක සේවය කරල තියෙනවා.   නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙ මහල්ලෝ.ඒ වගේම ඉහළට යන්න ඕන නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ.

බටලන්ද වදකයාගේ අළුත්ම බිල්ල දර්ශන හඳුන්ගොඩයි

Image
  යක්ෂයා නැවත අවදිවෙමින් තිබේ.එහෙත් යක්ෂයා අවදිවෙමින් තිබේ යන්න ලියනවාට වඩා යක්ෂයා අවදි කරවමින් සිටින බව ලියන එක හරිය.යක්ෂයා අවදි කරවන්නේ රනිල් රාජපක්ෂය.බටලන්දේ මිනීමරුවාට රුධිරය ආඝ්‍රානය කරන එක තරමෙි වෙන ආස්වාදයක් නැත.මෙරට විවිධ සමාජ තලයන් නියෝජනය කරන වෘත්තිකයන් බිය වද්දමින් රනිල් රාජපක්ෂ මුදා හරිමින් සිටින සිය බල අධිකාරියේ අවසාන නැවතුම් පොළ බටලන්ද පන්නයේ වදකාගාර විය හැකිය.මේ මිනීමරුවා සිහින මවමින් සිටින්නේ එවැනි සාහසික වටපිටාවක් නිර්මාණය කරමින් බලය රැක ගැනීමය. මාමා වූ ජේ.ආර්..... සිය මාමා වූ ජේ.ආර් විසින් මෙරට සමාජය මත විසිරවූ මිල්ටෙරි ආඥාදායකත්වය බෑනා නැවත අත් හදා බලන්නට සූදානමින් සිටින බව පෙනී යයි.ජේආර් වැඩ පටන් ගත්තේ අළුත්කඩේ අධිකරණය බය වද්දමිනි.ඒ සඳහා මේ පාදඩ නායකයා යොදා ගත්තේ ස්ත්‍රී දූෂණයකට බන්ධනාගාරගතව සිටි ගෝනවල සුනිල්ය.ජේආර් මෙරට විධායක ජනපතිවරයා වීමත් සමගම බන්ධනාගාරගතව සිටි ගෝනවල සුනිල් හට ජනාධිපති සමාව ප්‍රදානය කෙරිණි. විනිසුරුවරයින් බිය වැද්දීම සඳහා ජේආර් යොදා ගත්තේ මේ ගෝනවල සුනිල් ඇතුළු මැරයන් පිරිසකි.විනිසුරු නිල නිවාස වලට ගල් ගසා විනිසුරුවරුන්ට එරෙහිව විරෝධතා පවත්වා ස

පොදුජන පෙරමුනේ සභාපති තනතුරට මර්වින් සිල්වාගේ උපදේශක ලෙස සිටි මහාචාර්ය භික්ෂුව පත්වෙයි

Image
  අද දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදු ජන පෙරමුනේ මහ සභා රැස්වීමේදී පක්ෂයේ නව සභාපතිවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ මහචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර ගත් බව වාර්තා වේ. පොදු ජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කළ මහචාර්ය ජී.එල්.පීරිස් එම තනතුරෙන් ඉවත් කර මෙම නව පත්වීම කළ බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසමි පවසයි. මහචාර්ය ජී.ඇල්.පීරිස් ප්‍රකාශ කර ඇත්තේ තමන් පොදුජන පෙරමුණේ සභාපති පදවියෙන් ඉල්ලා අස් වී නැති බැවින් පොදු ජන පෙරමුණ ගත් මේ අනීතික ක්‍රියා මාර්ගයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවය. ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මානන්ද හිමියන් එවකට කැළණිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ කුප්‍රක⁣ට මදාවිකාර දේශපාලඥයකු වූ මර්වින් සිල්වා ගේ දේශපාලන ⁣උපදේශකයෙක් ලෙසද කටයුතු කර තිබේ. 2010 වර්ෂයේ අගෝස්තු 20 වන දින මර්වින් සිල්වාගේ දේශපාලන ක්‍රියාකාරකම් අගයමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සඟ සමුළුවක් පැවැත්වීමේ සංවිධායක වරයකු ලෙසද මෙම හිමියන් කටයුතු කර ඇත. මේ වන විට දැඩි මහජන අප්‍රසාදයට ලක් වී ඇති පොදු ජන පෙරමුණෙහි සභාපතිකම සඳහා මහාචාර්ය භික්ෂුවක පත් කර ගෙන ඇත්තේ අලුත් වටයකින් සිංහල බෞද්ධ

බී 22046/22 අපරාධ නඩුවේ සැකකරු නිතිය හා සාමය භාර ඇමති ටිරාන් අලස් ගේ අළු පැහැති බෙන්ස් රථයේ ඉදිරි අසුනේ යයි

Image
  "හොරාගේ අම්මාගෙන් පේන අහනවා " යනුවෙන් කීවත් ඒවනි කියමනක් සත්‍ය වශයෙන්ම අපට දැක ගැනීමට හා එහි ඡායාරූපයක් ගැනීමට (ස්තුතිය රාජ්‍ය බුද්ධි අංශයට )හැකිවීම මෙරට නිති ගරුක ජනතාව ලැබු සුවිශේෂිත අවස්ථාවකි. මේ අවස්ථාව පසු ගිය දා වුදා වුයේ රවි කරුණානායක මහතාගේ මවගේ අවසන් කටයුතු සිදු වු බොරැල්ල කනත්තේදී. ආරක්ෂක අංශ පිරිවරා ගෙන පැමිණි ඇල්වතුර නිවලා බොන ඇමති ලෙසට විරුදාවලිය ලත් ටිරාන් අලස් බොරැල්ල කනත්තට පැමිණ සිටියේ ටිරාන් රජයෙන් දි තිබෙන අළු පැහැති මර්සිඩිස් බෙන්ස් රථයෙනි. අවමංගල පෙරහැර කටයුතු නිමව සියල්ලම පිටත්ව යන මොහොතේ ටිරාන් ගේ කාර් රථයේ ඉදිරි දොර ඇරිය බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ටිරානගේ කාර් රථයේම ඉදිරි අසුනට නැග පියාබා ගියේය. අද ටිරාන් ගේ සියළු ගතමනාව සපයන්නේ බී 22046 /22 දරණ අපරාධ නඩුවේ අපරාධකරුටය. මේ වන විටත් දේශ බන්දු සැකකරුවෙකු  ලෙසට නම් කොට ඇත්තේ නමුත්, පොලිස්පති වික්‍රමරත්නට පොලිස් මුලස්ථානයේ සිට අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුවට ලිපිය එවීමට දින 2ක් ගොස් තිබේ. සදුදා දේශ බන්දු අභියාචනාධිකරණයේ තහනම් නියෝගයක් ගැනීමට නියමිත බව අපට ඉතාම විශ්වාසවන්

පාස්කු බෝම්බයේ අප දකින බිහිසුණු යථාර්තය.

Image
  දේශපාලන අපරාධ පිටුපස......... පාස්කු ඛේදවාචකය සිදුවී වසර හතරක් ගෙවී ගොසිනි.එහෙත් එම අපරාධයට වග කිවයුතු අදෘශ්‍යමාන හස්තය තවමත් නිදැල්ලේය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වජිර අබේවර්දන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරන ලද්දේ සැඟවුන මූලාශ්‍රය ගැන සෙවීම පලක් නැති බවය. ඔහු එහිදී මෙරට ⁣සිඳුවුන බොහෝ දේශපාලන අපරාධ වල මූලාශ්‍රය ⁣සොයා ගන්නට නොහැකි වූ බවද කීවේය.ඔහුගේ එම ප්‍රකාශයෙන් තහවුරු වෙන එක කාරණයක් තිබේ.ඒ මෙරට සිඳුවුන බොහෝ දේශපාලන අපරාධ පිටුපස සැඟවුන මිනීමරු හස්තයක් ඇති බවය.පාස්කු සිද්ධියටද එය අදාලය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ අල ගිය මුල ගිය තැන් නැවත නැවත ලිවීම පලක් නැත.එම බිහිසුණු අපරාධයේ නොවිසිඳුන හා සැක සංකා මතුවන සාක්ෂි පිළිබඳව විමර්ශනය කරන්නට ආණ්ඩුව මැලි කමක් දක්වයි.අපට ප්‍රශ්ණය වී ඇත්තේ ආණ්ඩුවේ එම උදාසීන බවය.මෙය හුදෙක් අන්තවාදී ආගමික කල්ලියක සිදුවීමක් ලෙස හඟවා සියල්ල සැඟවීමට දරණ ප්‍රයත්නය තුළ පවතින්නේද කිසියම් දේශපාලනික අවශ්‍යතාවක් බව පැහැදිලිය. ඉන්දියාවේ රෝ සංවිධානය කෙසේ වෙතත් මෙම පාස්කු බෝම්බ මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ඉන්දියාවේ රෝ සංවිධානය බවත් එය ඉන්දිය

දේශබන්දු 09/05 නඩුවේ සැකකරුවෙක් , අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න නිතිපති දැනුම් දෙයි.

Image
  09/05 ජන අරගලයට පහරදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ,ඇතුළු චුදිතයන්32 දෙනා අතර බස්නාහඉර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් ද සිටියි. ඔහු එම අපරාධකරුවන්ට ආධාර අනුබල දීම යටතේ සැකකවෙකු ලෙසට නම්කොට අවශ්‍යනිතිමය පියවර ගැනීමට නිතිපති විසින් පොලිස්පති වික්‍රමරත්නට 19/94/2023 දිනති අංක සී.ආර්.01/112/2022 දරණ ලිපිය මගින් නිතිපති පොලිස්පතිට දැනුම් දි ඇත. පොලිස්පති ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත් ,ටිරාන් අලස් විසින් පොලිස්පතිට තර්ජනය කරමින් කියා ඇත්තේ සිකුරාද හවස් වනතෙක් කිසිදු පියවරක් නොගන්න ලෙසයි. ඒ සදුදා දින දේශ බන්දු අභියාචනාධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගැනීමට ඉඩ සලසා ගැනීමටය. මේ අනුව පොලිස්පති වික්‍රමරත්න මෙතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම ලිපිය එවා නැති බව වාර්තාවේ . මෙහිදි නිතිපති දන්ඩ නිති සංග්‍රහයේ වගන්ති100, 314,316,343,හා 300 මෙනම් අයුතු ජනරාශිය යන වගන්ති අනුව බී.22042/22 දරණ බීවාර්තාවට සංශෝධිත බීවාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට පොලිස්පතිට උපදෙස් දී තිබේ. දැන් අපි බලා සිටින්නේ පොලිස් කොස්තාපල්ට ,ගමේ අප්පුහාමිට ක්‍රියාත්මක නිතිය දේශ බන්ද

නීතිපතිගේ අමුතු කඩි කුලප්පුව දේශබන්දුගේ පොලිස්පති සිහිනය පුපුරා හරියි

Image
  පසුගිය වසරේ මැයි මස 9 වන දින ගාලු මුවදොර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.මේ සම්බන්ධව නීතිපතිවරයා විසින්  පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයිද දැන ගැන්මට තිබේ.මේ අනුව ගාලු මුවදොර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධ ඉදිරි අධිකරණ ක්‍රියාවලියේදී දේශබන්දු තෙන්නකෝන් එම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කිරීමට නියමිතය. පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක්.......... මෙම ප්‍රහාරයේදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් සිය රාජකාරිය පැහැර හැරි බවටත් ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ උපදෙස් නොතකා කටයුතු කර තිබූ බවටත් ඒ දිනවල  මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. අලස් ගේ පත්තරේ වියදම් දරණ දේශ බන්දු........ සී.ඩී.වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මෙරට පොලිස්පතිවරයා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පත් කිරීමේ ⁣දේශපාලනික මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක විය.එම මෙහෙයුමෙහි ප්‍රධානියා වූයේ පොලීසිය බාර අමාත්‍ය ටිරාන් අලස්ය.එහිදී විශාල මුදල්