ටිරාන් අලස් මුදලාලි පොලීසිය බංකොලොත් කරයි
පොලිස් අමාත්‍ය ටිරාන් අලස් පොලිස් දෙපාර්තමේන්තුව දාම් ලෑල්ලක් බවට පත් කර ගෙන තිබේ.පොලිස්පතිවරයා පොලිස්පති කාර්යාලයේ වොචර් බවට පත්ව සිටියදී පොලිස් දෙපාර්තමේන්තුව තම ග්‍රහණයට පත් කරගෙන සිටින ටිරාන් අලස් අමාත්‍යවරයාගේ සුරතලා බවට පත් වී සිටින්නේ බප ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය.ඇමතිවරයා හා දේශබන්දු අතර පවතින අපූරු සම්බන්ධතාව දෙදෙනා සිදු කරන යටි බිම්ගත පාතාල ජාවාරම්වල තහවුරුවක් බව පොලීසියේ බොහෝ දෙනා දනී. ටිරාන් අලස් යනු රුපියල් සත සඳහා වැදූ මෑනියන් පවා පාවා දෙන නරුමයෙකි.ඔහුගේ කෙරුවාවත් දේශබන්දු ගේ කෙරුවාවත් තකට තකය.දැන් දෙදෙනා පුකට අමුඩය වී ඇත්තේ මේ සමානකම නිසාය.මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව ගරා වැටෙන අබලන් වූ වලව්වකට සමානය.පොලිස්පති වරයා ඊළඟ සේවා දිගුව ගැන සිහින දකිමින් සිටී.පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිද්ධ වෙමින් පවතින බරපතල අනතුරු සහගත අවදානම් සහගත විකාරරූපී බිඳ වැටීම ගැන කිසිදු අවධානයක් ඔහු තුළ නැත.පොලිස්පතිවරයාගේ රාජකාරිමය අනවධානයේ වාසිය ගෙන ඇත්තේ පොලිස් ඇමතිවරයා හා බප ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුය. දේශබන්දු තෙන්නකෝන් සිය පාතාල ජාවාරම්වලට සහයෝගය ලබා ගත හැකි ආකාරයට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ,නියෝජ්‍ය පොලිස් පතිවරුන් හා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ස්ථාන ගත කරමින් සිටී.මේ සඳහා වූ අවසරය හා අනුමැතිය ලබා දෙන්නේ පොලිස් අමාත්‍යවරයාය.පොලීසිය තුළ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් හිටි හැටියේ ස්ථාන මාරු කරමින් කරන මේ දාම් ඇදිල්ල නිසා රටේ නීතිය හා සාමය තුළ අවුලක් නිර්මාණය වන බව පැහැදිලිය.අපට අළුතෙන්ම ලැබුණ ආරංචිය අනුව දේශබන්දුගේ බලපෑම මත පොලිස් ඇමති ටිරාන් අලස් ගේ නියෝගය මත ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් හත් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ. ඒ අනුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පලාත භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කොට යවා තිබේ.ලලිත් පතිනායකට මාසයක කාලයක් ඇතුළත දෙවෙනි ස්ථාන මාරුව මෙය වේ.ඊළඟ පොලිස්පති වරයා වශයෙන් ලලිත් පතිනායක ගේ නමද නිර්දේශිත ලේඛනයේ තිබේ.එසේම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පලාත භාර ඡ්යෙනිපොප සිට ඡ්යෙනිපොප අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරු කර ඇත.මෙය 2022/04/01 දිනට පසුව ඔහුට ලැබුණ තුන්වන ස්ථාන මාරුවීමය.මෙි අතර ඡෙනිපොප එස්.පී.මැදවත්ත සහායක සේවා හා වයඹ පලාත භාර තනතුරේ සිට දකුණු පලාත භාර ඡ්යෙනිපොප ලෙසට ස්ථාන මාරු කර යවා තිබේ.දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඡ්යෙනිපො අජිත් රෝහණ නැගෙනහිර පලාතටද නැගෙනහිර පලාත බාරව සිටි ඡ්යෙනිපොප ඩබ්.කේ.ජයලත් වයඹ පලාත බාර ඡ්යෙනිපොප ලෙසද මාරු වීමි ලබා තිබේ.පසුගිය කාල සීමාවේදී ගාල්ල දිසාව තුළ ඡ්යෙනිපොප අජිත් රෝහණන විසින් සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදා තිබුණි.මෙය දේශබන්දු තෙන්නකෝන් හා සම්බන්ධ දකුණේ පාතාල ජාවරම්කරුවන් ගේ නොසතුටට හේතු වී පැවැති බව අපට දැන ගැන්මට ලැබුණි.ඒ නොසතුටේ අවසන් ප්රතිඵළය වූයේ ඡෙනිපො අජිත් රෝහණ දං ගෙඩියට දැක්කීම හා එම ස්ථානමාරුව සාධාරණීය කිරීමට අනෙකුත් ඡ්යෙනිපොප වරුන්ටද ස්ථාන මාරු වීම් ලබා දුන් බවද පොලීසිය ඇතුළතින් අපට ලැබුණ තොරතුරු වල දැක්වේ.කෙසේවෙතත් මෙම අනීතික ස්ථාන මාරුවීමට එරෙහිව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිෂම වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.තමන් ස්ථාන මාරු කර යැවීමට පොලිස් පති වරයාට උපදෙස් ලබා දී එම ස්ථාන මාරුව පොලිස් කොමිෂමේ ආවරණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමට පොලිස් අමාත්‍ය ටිරාන් අලස් ගෙන ඇති තීරණය ද්වේෂ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව මෙම පෙත්සම මගින් ඡ්යෙනිපොප අජිත් රෝහණ පොලිස් කොමිෂමේ සභාපතිවරයාට දන්වා තිබේ.තවදුරටත් එම පෙත්සමෙි අජිත් රෝහණ සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයා තමන් වෙත මෙලෙස ද්වේෂසහගතව බලපෑමි සිදු කරනු ලබන්නේ ඔහුට සමීප ඡ්යෙනිපොප වරයකුගේ අවශ්‍යතාව මත බවය.පොලිස් මූලස්ථානයට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයකු සිය නිල රථයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටින බව අප මීට ඉහත දී වාර්තා කර තිබේ.මේ සහකාර පොලිස් අධිකාරිවරයා සමගද දේශබන්දු තෙන්නකෝන් ගේ සම්බන්ධයක් ඇතැයි අපට සිතේ.එවැනි පාතාල ජාවාරම් තවදුරටත් ආරක්ෂා කර ගැනීමට දකුණු පලාතෙන් අජිත් රෝහණ මාරු කර හරින ලද බව අපට විශ්වාසය.කෙසේවෙතත් පොලීසිය බාර අමාත්‍ය ටිරාන් අලස් හා දේශබන්දු පොලිස් කාරයා ජනපති රනිල් රාජපක්ෂට දේශපාලනිකව යන එන මං නැති කරන බව නම් ස්ථිරය.ඔවුන් දෙදෙනා ඉතා කුමන්ත්‍රණකාරීව පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිර්මාණය කරමින් පවතින අවුල ඒ සඳහා මුල් විය හැකි බව අපට කැට තියා කියන්නට පුළුවන.අප මේ සඳහන් කරන සත්‍යය ජාතික රහස් ඔත්තු සේවාවේ ජනරාල් සලේ පවා ඒටු ඉසෙඩ් දැනුවත්ය.එහෙත් මේ වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ අතර පවතින්නේ සංගීත පුටු තරගයකි.ඒ අතරේ ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වී ඇත්තේ කීයක් හෝ හොයා ගනිමින් දරු පවුල් සමග විදේශගත වීම මිස රට ගොඩ දැමීම නොවේ.මේ වටපිටාව ටිරාන් අලස් හා දේශබන්දුට කල්ල මරේය.
Comments
Post a Comment