රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා
ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නගුට පස්ස පත්තේ ගසා ගෙන සැඟවුන දේශපාලන තක්කඩියන් යලි දහ අට සන්නිය නැටීමට පටන් ගෙන තිබේ.
ආණ්ඩුවට එරෙහිව විවිධ ආකාරයේ අසත්‍ය චෝදනා කරමින් ඉතා සැළසුම් සහගතව හා කුමන්ත්‍රණකාරීව සමාජය තුළ කැළඹීම් ඇති කිරීම එම පාර්ශවයන් ගේ අපේක්ෂාව වී ඇති බව පැහැදිලිය.
එහිදී ජාජබ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස සැළකිය හැකි මැති ඇමතිවරුන්ගේ පෞරෂය හා කීර්ති නාමය බිඳ දැමීමද
ආණ්ඩුව පොදු මහජනතාවගේ ශුභ සිද්ධිය සඳහා ගන්නා ව්‍යාපෘති පිළිබඳව බිල්ලන් මැවීමද එහි එක් අදියරකි.ඒ අතරේම ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු යටපත්ව තිබූ ආගම් හා ජාතිවාදය ඉතා සියුම් ආකාරයෙන් අවුස්සා සමාජය බිය වැද්දීමටද ප්‍රයත්නය දරමින් සිටින බව පෙනී යයි.මේ සියල්ල සිද්ධ වන්නේ අහඹු ලෙස බව හැඟවුනද
එය එසේ නොවේ.මෙතෙක් ඒ සියළු සිදුවීම් නිර්මාණය කළ කර්තෘවරුන් කුල්ල කුජීතව සිටින පට්ට දූෂිත දේශපාලඥයන් බව මේ වන විට ඇස් පනා පිට තහවුරු වී ඇත.සැබැවින්ම මේ දූෂිතයන් දැන් සිටින්නේ තැති ගැන්මෙනි.
බියට පත්වය.තව දුරටත් ජාජබ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පැවතුනහොත්
තමන්ට අනිවාර්යයෙන්ම වැලිකඩ ජම්පරය අඳින්නට සිඳුවන බව ඔවුන් වටහා ගෙන සිටී.දැන් ඔවුන්ගේ නිදහස සඳහා ඇත්තේ එකම එක විකල්පයක් පමණකි.ඒ ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීම පමණකි.ඒ සඳහා මේ දූෂිතයන් විවිධ උපාය හා උපක්‍රමයන් සමාජය තුළ මුදා හරිමින් සිටී.එම උපාය හා උපක්‍රමයන් මෙලේච්ඡ හා සාහසික මුදා හැරීම් වේ.
සිය දේශපාලනික අත වැස්සන් පිරිස හා තමන්ට හිතවත් රූපවාහිනී නාලිකාද සමාජ මාධ්‍යයද ඒ සඳහා යොදා ගනිමින් ඇති බවද අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.එහිදී ජාජබ ආණ්ඩුව වඩාත් ප්‍රවේශම් විය යුත්තේ අශිෂ්ට අතිශය අශ්ලීල මුග්ධ භාෂාවෙන් ජාතිවාදය හා ආගම්වාදය මුදා හරිමින් සිටින භික්ෂූ ප්‍රතිරූපකයන් ගෙන් හා ඊනියා රණවිරුවන් ලෙස චරිත සහතික ලියා ගෙන ජීවත්වන පැන්ෂන් කාර හමුදා ලොක්කන් දෙතුන් දෙනාගෙන්ය.බලය ලබා ගැනීම සඳහා කුරුමානම් අල්ලමින් සිටින දේශපාලන දූෂිතයන් මේ චීවරධාරීන් රොත්ත හා පැන්ෂන් කාර හමුදා ලොක්කන් දෙතුන් දෙනා සිය ඔඩොක්කුවේ රඳවා ගෙන නඩත්තු කරමින් සිටින්නේ තුරුම්බු වාසියක් සඳහා මිස අන් යමකට නොවේ.මේ භික්ෂූ ප්‍රතිරූපකයන් භික්ෂූන් ගේ හැසිරීම් පාලනය කරන විනය නීති වලට පටහැනිව හැසිරෙන පිරිසකි.ඊනියා රණ විරු පැන්ෂන් කාර හමුදා ලොක්කන් දෙතුන් දෙනාද හමුදා සේවයේ යෙදී සිටියදී යුද්දයේ මුවාවෙන් මිනිස් ඝාතනයේ හා මංකොල්ලකෑම් වල නිරත වූවන් ලෙසට චෝදනා ලද අයවළුන් වේ.එසේත් නැතහොත් රාජපක්ෂවරුන්ගේ සැප සම්පත් විඳිමින් බහුවිධ යටිකූට්ටු ව්‍යාපාරවල නිරත වූවන් වේ.
ආගමික හා ජාතිවාදී මත මුදා හරිමින් පොදු සමාජය අවුස්සන මේ හනුමත්තාවරුන් හසුරවන දේශපාලන දූෂිතයන් දැන් දැන් එළිපිටම සිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල දියත් කරමින් සිටින්නේ ජාජබ ආණ්ඩුවට අභියෝගයක් වන ආකාරයටය.පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව සමාජගත කරන ලද බොහෝ චෝදනා සිල්ලර දෙකයි පනහේ චෝදනා වේ.වෙළඳපොලේ ලුණු බිත්තර හා ඇතැම් ඖෂධ වර්ග වල හිඟය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව කළ චෝදනා වලින් ඒ බව තහවුරු විය.එහෙත් ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව සමාජය තුළ යම් අදහසක් ඇති කිරීමට දූෂිතයන් ගත් පළමු පියවර එය විය.එතැන් සිට පිය වරෙන් පියවර ආණ්ඩුවට එරෙහිව විවිධ හැඩයේ ප්‍රහාරයන් එල්ල කිරීම ඇරඹුනි.
මේ සියල්ල අතරේ ආණ්ඩුවේ පවතින යම් යම් දුර්වලතා හා අසංවිධානාත්මක බව නිසාම ඇතැම් අවස්ථාවල ආණ්ඩුව කර කියා ගත නොහැකි වුන අවස්ථාද වේ.
විශේෂයෙන් මෙහිදී ඉස්මතු වූන ප්‍රධානම කාරණය වූයේ ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර වෙහෙස මහන්සි වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා ආණ්ඩුවේ නිළමක්කාරයන් විසින් අමතක කර දැමීමය.ඒ නිසාම ආණ්ඩුව අපහසුතාවන්ට පත් වුන අවස්ථාවල එය නිවැරිදි කර ගැනීම ඉතා අපහසු විය.ඒ බොහෝ දෙනා මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින්නේ ආණ්ඩුවේ ඇතමුන්ගේ උද්දච්ච බව පිළිබඳවය.මේ කිසිවෙකුට ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීමේ අදහසක් නැති වුවද ආණ්ඩුවේ උද්ච්ච නිළමක්කාරයෙකුට එරෙහිව චෝදනාවක් නැගෙන විට ඔවුන්ද ඒ සඳහා සහයෝගය දක්වන තරමට තත්වය බරපතළ වී තිබේ.
කෙසේ වෙතත් අප මේ පූර්විකාව ලිව්වේ ජාජබ ආණ්ඩුව හා එයට එරෙහිව පවතින සමාජ දේශපාලනික වටපිටාව පිළිබඳව යථාර්තය අවබෝධ කරවීම සඳහාය.ආණ්ඩුවට එරෙහිව සිටින
දූෂිත දේශපාලන පාදඩයන් සිය බල ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මුදා හරිමින් තිබෙන මෙලේච්ඡ සැළසුම් ආණ්ඩුව කවර ආකාරයෙන් තක්සේරු කර සිටින්නේ දැයි අපි නොදනිමු.එහෙත් ඒ පිළිබඳව අප වටහාගත් හා අපට දැනුන එවැනි අතිශය අමානුෂික සිද්ධියක් අපි අනාවරණය කරමු.
පසුගිය දින වල සමාජය තුළ දැඩි කතා බහට ලක්වූයේ ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යම් විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට සිටින බවට වූ තොරතුරයි.
රාජපක්ෂ වරුන්ද මේ කැඳවීමෙන් තැති ගෙන සිටි බව අපට වාර්තා විය.
සමාජය කම්පනයට පත් කරවන කුමන්ත්‍රණයක් රාජපක්ෂවරුන් මුදා හරින්නේ ඒ සමඟය.ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේය.
විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ යොදවා ගනිමින් රාජපක්ෂවරුන් සිදු කරන ලද කුමන්ත්‍රණය අනාවරණය කිරීමට පෙර ඔහුගේ පැටිකිරිය පුරවැසියන් දැන ගත යුතුය.චාගි ගාල්ලගේ උපන් ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි.ඔහුගේ මව සිරිකොත කර්යාලයේ ලේකම්වරියකි.ඇය රංජන් විජේරත්න ගේ පුද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කෙරුවාය.එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයකු වූ හර්ෂ අබේවර්ධන විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මාමාය.ඒ කියන්නේ මවගේ සහෝදරයාය.හර්ෂ අබේවර්ධන අසූ නවය භීෂන සමයේදී ඝාතනය කෙරිණි.රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයා ලෙස පත් වන්නේ හර්ෂ අබේවර්ධනගේ ඝාතනයෙන් පසුවය.කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජාන ඇති චාගි ගාල්ලගේට ජනතා විමුක්ති පෙරමුණ වහ කදුරුය.පසු කාලයකදී මේජර් ජනරාල් චාගි ගාල්ලගේ හට ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශය බාර විය.රාජපක්ෂ වරුන්ට ඔහු රෙකමදාරු කරන්නේ රනිල් වික්‍රමසිංහය.ගෝඨාභය රාජපක්ෂගේද හුරතලකු වූ චාගි ගාල්ලගේ එතැන් සිට සිය රණවිරු කම උකසට තබා රාජපක්ෂ වරුන්ගේ වැසිකිලි හෝදන සට්ටැඹියකු බවට රූපාන්තරනය වූ බවට සාක්ෂි තිබේ.
ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ තොරතුර සමාජගත වීමත් සමග ඒ පිළිබඳව පවතින සමාජ අවධානය වෙනතකට හැරවීමට පෙරට එන්නේ මේ විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේය.ඔහු ඒ සඳහා සිය මුහුණු පොත යොදා ගනිමින් පලාලි යුද කඳවුර ඉවත් කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇතැයි පැවසෙන පෝස්ටුවක් පල කරන්නේ රාජපක්ෂ වරුන්ගේ වුවමනාවටය.රාජපක්ෂ වරුන් සිය ආරක්ෂාව සඳහා මේ ආකාරයට සිය සමීපතමයන් යොදවා ගන්නේ කිසිම ලැජ්ජවක් බයක් නැතුවමය.ඒ සඳහා රාජපක්ෂ වරුන්ට අපූරු හැකියාවක් හා පලපුරුද්දක්ද පවතී.ශිරන්ති හා නාමල්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිඳු කරන විමර්ශනය ගැන පවතින සමාජ අවධානය
චාගි ගාල්ලගේ විසින් සිදු කරන අනාවරණයෙන් යටපත් වෙනු ඇතැයි රාජපක්ෂ වරුන් සිතූ බව පැහැදිලිය.
ඔවුන් සිතුවේ දේශප්‍රේමිත්වය රට ගිණි අවුලවුනු ඇති බවය.එහෙත් චාගි ගාල්ලගේ අසූචි කප්පරක් ඇඟ පුරා හලා ගෙන ඇති බව අපට හැඟේ.සිය රණ ශූරත්වය ඉතා නින්දිත ආකාරයට පාවා දෙමින් මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා සිදු කර ඇත්තේ රාජ ද්‍රෝහී ක්‍රියාවකි.
මොහු දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී වැරදි යටතට ගැනෙන 120 වගන්තියෙන් කියවෙන පරිදි විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කර ඇත.
"..120.කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා වලින් දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්සතොත් හෝ ඇවිස්සීමට තැත් කර තොත් හෝ නීතිය ක්‍රියාවේ යෙදවීමේදී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරව තොත් හෝ ඇති කරවීමට තැත් කර තොත් හෝ නිත්‍යනුකූල මාර්ග වලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධතාවය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූද අසමගි වූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය..."
මේ වන විටත් පලාලි යුද කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදහසක් හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්වත් පවත්වා නැති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශයක් කර තිබේ.ඒ අතරේ යාපනය ආඥාපති මේජර් ජනරාල් ටිරල් සිල්වාද එවැනි සැළසුමක් නැති බවට ප්‍රකාශයක් කර සිටී.
එය එසේ වන්නේ නම් විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේට හදිසියේ මේ පණු අමාරුව වැළඳුනේ කවර හේතුවක් නිසාද යන්න තේරුම් ගැනීම අපහසු නැත.
එලෙසම චාගි ගාල්ලේගේට වැළඳුන "රාජපක්ෂ පණු අමාරුවට" ආණ්ඩුව අනිවාර්යයෙන්ම බේත් දිය යුතුමය.එසේ නැති වුව හොත් තව අවුරුද්දක් ගෙවී යන විට මේ පණු අමාරුව රට පුරාම බෝ වෙන්නට ඉඩ හැකියාව පවතින
බව ආණ්ඩුවේ මිල්ටෙරි කෙරුම්කාරයන් වටහා ගත යුතුය.

Comments
Post a Comment