Posts

Showing posts from March, 2023

රටේ අනාගතේ "සුදු නැති" රනිල් ගේ නිකන් දෙන සුදු හාල්

Image
  වසර 75 කට ආසන්න කාලයක් මුළුල්ලේමත් , වසර 45 කට වැඩි කාලයක් ලංකාවේ පාලනය ගෙන ගිය සෑම පාලකයෙක්ම සිදුකොට ඇත්තේ රටේ දුප්පත් කම කලමනාකරනය කොට පාලනය ගෙනයාමය. එදා තමමුතුන් මිත්තන් පාලකයන් ගේ නිකන් දෙන හාල් ,පිටි කා අද එවා දෙගුණයක් කොට වැමෑරීමට සිදුව ඇත්තේ නුතනයේ සිටින දු, දරුවන්ටය. නිකන් කන්න උපන් ජාතියක් මෙලොව සිටීනම් ඒ ශ්‍රි ලාංකිකයන්ම විය යුතුය. සියල්ල නොමිලේ ලැබෙන තුරු ඇඟිලි ගනින ජාතියක අවාසනාවන්තම කාලයත්,  තවත් කාලකණි පාලකයන් ගේ නිකන් කන්න බලා සිටින නිසාම මෙරට ජාතිය අද සිටින්නේ නිදා ගෙනය. එදා සිංගප්පුරුව නගා සිටවු නිර්භීත පාලකයා ගේ කතාව පහතින් ඇත. [playlist type="video" ids="17878"] ජාතියක් නිදා සිටින යුගයක් ලෝකයේ කොහේවත් දැක නැති නිසාම මේ අරුම පුදුම කාලකන්ණි ජාතියට ඇස් ඇරවන්න රටේ මාධ්‍ය වෙහෙස නොගන්නේම උන් යහමින් ජීවත් වන්නේ දේශපාලකයන් ගේ තුටු පඩුරු වලින් නිසාය. අද රනිල් නිකන් සුදු හාල් දෙන්නේ රනිල් ගේ ඇති අනුකමපාවට නොවේ. සිරිමාවෝ හදෙන් හාල් දි 71 බඩ පුරාම කන්න මිනිකදු ගොඩ ගැසුවට නොදවෙනි ඉරණමක් මේ වික්‍රමසිංහ කරන බව නම් සහතිකය. ඒ ඔහු සුදු හාල් තෝරා ගත්තේම දුප්පත් ම

ටිරල් ගේ සතියේ කාටුනය.......

Image
  රනිල්ව නටවන මහින්ද , රනිල් නටවන ජහමරයා......!!!                       ටිරල් ද අල්විස්    

සාරාගේ ඩීඑන්ඒ ගැලපීමේ තිරනාටකය පාස්කු බෝම්බයේ සැබෑ රාජපක්ෂ මිනීමරුවන්ගේ නිෂ්පාදනයක්

Image
  පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවී අවුරුදු හතරකට ආසන්න වෙමින් තිබේ.මේ වන තුරු ⁣⁣පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බව පැහැදිලිව පෙනෙන්⁣ට ඇති කාරණයකි. ගෙවී ගිය අවුරුදු තුන...... පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය අවුරුදු තුන තුලදීම එම ප්‍රහාරය සිඳු වූ අප්‍රේල් මාසය ආසන්න විට ආණ්ඩුව ජනතාව තුළ සැක සංකා මතුවන ආකාරයට විවිධ තිර නාටක සමාජගත කිරීම අපූරු සිදුවීමකි.   එක අවුරුද්දක මාර්තු නීතිඥ හිජාස් හිසබුල්ලා....... එහිදී එක අවුරුද්දක මාර්තු මාසයේදී පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරන ලදී. එහිදී අත් අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිසබුල්ලා මෙි වන විට මුදා හැර තිබේ.   දෙවන අවුරුද්දේ මාර්තු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුමඩකලපුවට මගී බස් රථ ප්‍රවාහනයට සම්බන්ධ...... ඉන් අනතුරුව දෙවන අවුරුද්දේ මාර්තු මාසයේ පොලීසිය විසින්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගත් බව ප්‍රකාශ කෙරිණි.ඒ සැකකරු මඩකලපුවට මගී බස් රථ ප්‍රවාහනයට සම්බන්ධ අයෙකි.   ඊළඟ අවුරුද්දේ මාර්තු මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය ආගමික අන්තව

අප පැවසූ දෙයක් වැරදී නැත

Image
  ඡෙනිපො නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවන බව ලංකා දවස අනාවරණය කරන ලද්දේ පසුගිය දින කිහිපයකට ඉහතදීය.අපගේ ඒ වාර්තාව අද සත්‍යය බව තහවුරු වී තිබේ.නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවීමට ජනාධිපති රනිල් රාජපක්ෂගේ පෞද්ගලික මැදිහත්වීම තුළය.ඔහු ගේ පත්වීම නිසා ඉදිරියේදී පොලිස්පතිවරයා පත් කිරීමේ බලු පොරයට තවත් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු ගේ සම්බන්ධ වීම සිදුවෙනු ඇත. කෙසේවෙතත් නාලක සිල්වා නැවත සේවයේ පිහි⁣ටුවීම පිළිබඳව තොරතුරු ලංකා දවසට ලැබුණේ ජනපති කාර්යාලයෙනි.සේවයේ පිහිටුවීමෙන් පසු නාලක සිල්වා මොනරාගල පොලිස් කොට්ඨාශයට අනුයුක්ත කරන බවද අපට දැන ගැන්මට ලැබී තිබේ. පසු ගිය දා අපි පල කල පුවත ඔබට නැවත කියවීමට පහත දිගුවට යන්න https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en&tab=jj මේ වන විට පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකාරියක වන සාරා ජැස්මින් පිළබඳව තුන් වන වර නිකුත් කර ඇති ඩීඑන්ඒ වාර්තාව ගැලපී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කිරීම එම අපරාදමය සිදුවීම තුළ තවදුරටත් බරපතල සැක සංකා මතුවන පසුබිමක් නිර්මණය වෙමින් පවතී.මීට පෙර වාර දෙකකදී පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණේ සාරා ජැසමින් ගේ ඩීඑන්

බෝමබයක් පුපුරවා ගෙන මිය ගිය පුද්ගලයන් අතර "සාරා ජෙස්මින්"සිට මැරුණ බව කීම පට්ට පල් බොරුවක් - එකම ඩී.එන්.ඒ පරික්ෂණ වාර්තා දෙකක් උනේ කොහොමද ?

Image
  පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් 2019 අප්‍රේල් 26 වන දින සයින්ද මරුදුආරක්ෂක නිවසක් තුලදි බෝමබයක් පුපුරවා ගෙන මිය ගිය පුද්ගලයන් අතර සිටි බවට අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කලේය . එය සහ මුලින්ම පට්ට පල් බොරුවක් බව ලංකා දවස ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. ( මේ පිලිබදව අප සතුව කිසියම් සාක්ෂි ප්‍රමනයක් ඇත ) මේ වාර්තාවට පෙර රජයේ රස පරික්ෂකම දුන් අපරාධ ස්ථානයේ තිබී හමුවු ලේ සාමපල සමඟ එදා සාරා ගේ මවගේ ඩී .එන්.ඒ නොගැලපෙන බවට මේ වනවිට වාර්තාවක් අධිකරණයට පවා දි තිබියදි දැන් නැවත් එම සාමපල් සමඟ ගැල පුනේ රනිල් ගේ ආණ්ඩුවට තවත් නොබෝදිනකින් මෛත්‍රිපාල සිරිසේන එන නිසාදැයි අපි අසන්නෙමු. මෙම ලියුම් කරු ඉතාම වගකීමෙන් සටහන් කරමින් පාස්කු විමර්ෂණයක් සිදුකර තිබෙන නිසාම හෙලිවී ඇති කරුණු අනුව සනාථ වන්නේම එම ප්‍රහාරය ගෝඨාභය බලයට ගෙන ඒමට සිදුකල මිලේච්ඡ ප්‍රහාරයක් බවයි. මෙම පාස්කු ප්‍රහාරය  යුධ හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ සිදුකල ප්‍රහාරයක් නිසාම විවිධ උපක්‍රම යොදමින් දැන් ජාම බේරා ගැනීමට තටමන බව අපි සටහන් කරන්නෙමු. පොලිස් මුලස්ථානයේ ගොබ්බයන් විසින් සිදුකල විහිළුවක අවසන් නිතිමය ප්‍රතිඵලය නම

ඩොලර් මිලියන 5 හේ කෙහෙලියගේ බෙහෙත් ගැහිල්ල සමන් රත්නායක වමාරයි

Image
  බංකොලත් රටක මිය ඇදෙන මිනිසුන් ජීවිතය ඉල්ලද්දී එරටේ තවත් කාලකන්ණියන් කොටසක් සොරාකනවානම් උන්ට දියයුත්තේ රජ කාලේ දඩුවමය . පසුගිය මාස කීපයකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දී තිබු ඉතාම බාල බෙහෙත් පාකිස්තානයෙන් හා තවත් සමහරක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා තිබුණි. ඊට මැදිහත්ව ඇති මෙරට නියෝජිත කොම්පැණිය වී ඇත්තේ කෙහෙලිය රඹුක්වැල්ලගේ සොහොයුරා වු ලලිත් රඹුක්වැල්ල ගේ බැනා විසින් පිහිටුවා ගත් සේවරිට් නැමති ආයතනයයි. මෙම ආයතනය මෙරටට මිට පෙර කිසිදු ඹෞෂධයක් ගෙනවා නැත. මේ පිලිබදව් සෞඛ්‍ය අමත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද එ සියල්ලම වමාරමින් තමාව බේරාදෙන ලෙසට නිතිපතියේදි වැද වැටි ඇති බව ඉතාම විශ්වාසි ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත. ඉතාම බාල බෙහෙත් ආනයනය කොට ඇමරිකානු ඩොලර් මිලියන් 05න් ක් වංචා කිරීම පිලිබදව මේ වනවිට ට්‍රාන්ස්පෙරන්ස් ඉන්ටර්නෙෂනල් ආයතනය නඩු පවරා තිබේ. රටක් බංකොලොත් වී ඇත්තේ ජනතාවගේ වරදින් නොව රටේ ඇමතියන් ගේ හොරා කෑම නිසා බව රනිල්ට නොවට හීම පුදුමයකි.

සලිදු තමාට දුන් කෝටි 02 එලියට එම වලකාලීමට සිල්ලර "මයි මෑන්" කෙනෙකු ලවා ප්‍රශ්ණ කිරීම - සලිදුලා ,චින්තකලා කුඩු ගෙනල්ලම නෑ. දේශබන්දුලාව දන්නෙත් නෑ.සී.අයි.ඩී.යේ ප්‍රශ්ණ කිරීම ජයටම

Image
  පොලීසිය යන වචනය (POLICE)සෑදී ඇත්තේ එහි යෙදී ඇති ඉංග්‍රීසි අකුරු වල අරුත් ගැන්වීම තුළ බව බොහෝ දෙනෙකු ගේ අදහසයි.ඒ මෙසේය. POLITE/වීනීත OBEDIENT/කීකරු LOYAL /රාජපාක්ෂික INTELLIGENT/බුද්ධිමත් COURAGEOUS/ධෛර්යවත් EFFICIENT/කාර්යශූර දීර්ඝ ඉතිහාසයක් පවතින මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ අතීතයේදී නම් මෙම ඉංග්‍රීසි වදන් වලින් පරිපූර්ණ පොලිස් නිළධාරියකු සිටි බව අප පිළිගත යුතුය. එහෙත් දැන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ නිරත අතලොස්සක් පොලිස් නිළධාරීන් පිරිසක් මෙම අක්ෂර වර නැගිල්ලට අයිති නොවන කුලකයක් ලෙස සංවිධාන ගතව පෙනී සිටී.මේ දූෂිත පොලිස් කුලකයට අයත් නිළධාරීන් POLICE යන ඉංග්‍රීසි වදන අක්ෂ⁣රයෙන් අක්ෂරය අරුත් ගන්වා ඇත්තේ මෙසේ බව අපගේ යෝජනාවයි.ඒ මේ ආකාරයෙනි. PECCANT/පව්කාර OTIOSE/වැඩකට නැති LACKEY /දේශපාලන ගැති IGNOBLE /අපකීර්තිමත් CRAVEN/නීච EDACIOUS/බඩජාරී අවාසනාව වන්නේ මෙරට පොලීසිය පාලනය වන්නේ මේ දූෂිත පොලිස් කුලකය වෙතින් වීමය.එම දූෂිත පොලිස් කුලකය සෘජු සම්බන්ධකම් පවත්වන්නේ මෙරට ලැයිස්තුගත පාතාල ජාවාරම්කාරයන් සමගය. විනය ගරුක හා කීර්තිමත් පොලිස් නිළධාරීන්....... මේ අනීතික කල්ලිය හැසිරවීමේ තෝන්

නෙවිල් වන්නිආරච්චිගේ නීති විරෝධී වැලි ජාවාරමට කෙලවෙලා

Image
  මෙරට මෙතෙක් කාලයක් සිය ලුම්පන් දේශපාලන බලය පතුරවමින් බලපත්‍ර රහිතව පරිසරය විනාශ කරමින් අම්බලන්තොට මාමඩල ජන්සගම අක්කර 5ක සශ්‍රීක කුඹුරු යායක සිදු කළ විශාල වැලි ජාවාරමක් පානදුර දූෂණ මර්ධන ඒකකය හා භූ විද්‍ය සමීක්ෂණ පතල් කාර්යංශය ඒකාබද්ධව සිදු කළ වැටලීමකින් පසුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. වැලි ජාවාරම...... මෙම ජාවාරම දීර්ඝ කාලයක් සිදු කළ වැලි ජාවාරමක් වන අතර මෙහි වැලි කැනීම පිරිසිදු කිරීම ගබඩාකිරීම හා විකිනීම සිදු කර තිබේ.ප්‍රදේශයේ පොලීසිය ⁣මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් නොදැක්වූයේ එම ජාවාරම සිඳු කරන්නා දේශපාලන බිම තිරයෙන් පිටුපස සිට මෙරට පොලීසි⁣ය හසුරවන්නා වීම නිසාය. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නි ආරච්චි........ කෙසේ වෙතත් මෙම වැටලීමේදී අනවසර කැනීම් කර ගබඩා කර තිබූ වැලිකියුබ් 500ක් ,කොබෙල්කෝ SK 200වර්ගයේ එක්ස්කැවේටර් යන්ත්‍ර 06ක් ,සැමිටමෝ 210 වර්ගයේ එක්ස්කැවේටර් 01 ,වැලි පිරිසිදු කරන ⁣වොෂින් ප්ලාන්ටර් 01 ,ජල මෝටර 04ක් ,වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා මුදල් ලබා ගන්නා විදලි ජනක යන්ත්‍ර 03ක්,ඩීසල් ලීටර් 1000ක් හා 20කට ආසන්න පුද්ගලයන් කණ්ඩායමක් අත්අඩංග

යුද්ධයක් නැති රටේ සුද්දේ ජයටම -කෆීර් යානා හතරක් සේවා වාර සිදු කිරීමට ඊශ්‍රායල කණ්ඩායමක් ලංකාවට ඇවිත් වියදම ඇමරිකානු ඩොලර් මිලියන 55ක් කොමිෂන් එක 20%

Image
  ශ්‍රි ලංකා ගුවන් හා හමුදාවට අයත් කෆීර් ගුවන් යානා හතරක් කිසිදු  ප්‍රසිද්ධ දැනුම්දීමකින් තොරව ගුවන් ගුවන් හමුදාපති වරයාගේ අනුමැතිය ඇතිව ඊශ්‍රායල් කාර්මික නිලධාරින් කණ්ඩායමක් යුද්ධයක් නැති රටට ගෙන්වා ඇත්තේ රටේ සල්ලි සුද්ධකර ගැනීමට බවට ඉතාම විශ්වාස දායක ආරංචි ලැබී ඇත. මේ සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 55 ක් බවට වාර්තා වී ඇත . මෙහිදී මතු වී ඇති ප්‍රධානතම ගැටලුව නම් , මගී ප්‍රවාහනයට යොදා ගන්නා Bell 212  , Bell 412 යන හෙලිකොප්ටර් යානා ද  MI 17  හෙලිකොප්ටර් යානා ද Antona 33 වර්ගයේ ගුවන් යානා ද   white 7 ගුවන් යානා සහ Y 12 යන ගුවන් යානා මගී ප්‍රවාහනයට යොදාගෙන ඇති අතර ඒ තුළින් රට තුළට ආදායම් උපයයි .  දැනට රට තුළ යුද්ධයක් නොමැති බැවින්කෆීර් ගුවන් යානා කටුනායක ගුවන් අංගනයේ නවතා තිබෙන අතර ඒවා මගින් සිදුවන්නේ නිදහස් දින උත්සවයේ දී පමණක් ප්‍රදර්ශනාත්මක ලෙස සේවාවේ යොදා ගැනීම පමණකි . තව ද ගුවන් හමුදා පුහුණු කටයුතු සිදු කිරීමට මෙම කෆීර් ගුවන්යානා වලින් එකක් පමණක් සෑහෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි . මෙහිදී වඩා වැදගත් කාරණාව ලෙස අප හුවා දක්වන්නේ මැයි මස විශ්‍රාම යනු ලබන ගුවන් හමුදාපති

නාවුක හමුදාපති ගේ ගොන් තකතිරු පින්කම නොහොත් කච්චතිව් දූපත බෞද්ධ කිරීම

Image
  කච්චතිව් දූපත මෙරට වයඹ දිග වෙරළ අසන්නයේ පිහිටි ඩෙල්ෆ්ට් දූපතට සැතපුම් 13 ක් පමණ දුරින් සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට සැතපුම් 14 ක දුරින් පමණ පිහිටි දූපතකි මෙහි ස්ථිර පදිංචිකරුවන් නැත.මේ දූපතේ දැකිය හැකි එකම ගොඩනැගිල්ල පාදුවාහි සාන්ත අන්තෝනි සාන්තුවරයා වෙනුවෙන් ඉඳි කර තිබෙන කතෝලික පල්ලියයි.කච්චතිව් දූපත අක්කර 285කින් සමන්විතය.   කච්චතිව් යනුවෙන් අරිසෙන් අහුබුදු ශූරින් විසින් හඳුන්වා ඇත්තේ කැස්බෑවුන්  වසන දූපතය.පාලි බසින් කච්ඡක යනු කැස්බෑවාය.   ⁣ලංකාවට අයිතිව පවතින කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගත යුතු යැයි 2008 වර්ෂයේදී තමිල්නාඩුවේ එවකට සිටි මහ ඇමතිනිය වූ   ජයලලිති ජයරාම් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවා පවරන ලදී.තමිල්නාඩුවේ දේශපාලකයන් වරින් වර මෙම දූපත ඉන්දියාවට පවරා ගත යුතු බවට අදහස් පල කර තිබේ.   සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනයගේ පාලනය සමයේදී 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වු අතර ඉන් දෙවසරකට පසු 1974 දී මැතිණිය ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වූවාය.එම සංචාරයේදී ඇය කච්චතිව් දූපත ගැන එවකට ඉන්දියාවේ අගමැතිනිය හා පෞද්ගලික සාකච්ඡාවක නිරත වූවාය.එම සාකච්ඡාව සාර්ථක විය.කච්

පොලිස්පති සටන අවසානයක් නෑ රනිල් රාජපක්ෂ අළුත් තුරුම්බුවක් පිටියට දමයි

Image
  පොලිස්පති ධුරයට ඇතිවූ සටන නිම වී නැත.මේ වන විට වර්තමාන පොලිස්පති වරයාගේ සේවය මාස 3 කට දීර්ඝ කළ බව වාර්තාවේ.මෙම සේවා දීර්ඝය පිළිබඳව අප වාර්තා කරන ලද්දේ ජනපතිවරයා එම සේවා දීර්ඝයේ ලිපියේ තැබූ අත්සනෙහි තීන්ත වේලීමටත් පෙරය.අප ගේ එම වාර්තාව වෙන්ට පොලිස්පති  දේශබන්දු  බලකායේ කුලී ලියන්නන් තක්බීරි කරන්නට වූ අනාවරණයක් විය.    එහිදී "ලංකා දවසේ පොලිස්පති සීඩි වික්‍රමරත්න" යැයි කෝචෝක් දැමූ කිරිකංකානම්ලාගේ සුනිල් කුමාර සේනාතිලක බණ්ඩාර නොහොත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ බණ්ඩාර KSKS නොහොත් චාපා බණ්ඩාර අප ගේ වාර්තාවේ ඇත්ත නැත්ත දැන් වටහා ගෙන සිටිනවායයැ අපි සිතමු.   එහිදී කිරි  කංකාකානම්ලා ගේ සුනිල් කුමාර නො⁣හොත් කේස් බණ්ඩාර නොහොත් චාපා බණ්ඩාරට කියන්නට ඇත්⁣තේ අපගේ ලියවිලි අස්සේ "ඔයා හරි පුංචියි අනේ" කියලා විතරය. ඔ⁣බ අන්තර්ජාලයේ කාන්තාවන් ළඟ හුරතල් වී සිදු කළ මුල්‍යමය වංචාවන් ගැන බොහෝ තොරතුරුද අප සතු බව කේස් බණ්ඩාරට කියන්නට කැමතිය.ඒ අතරේ තමන් අසරණ වූ විට අත හිත දුන් අයගේ අත සපා කෑ ආකාරය ගැන තොරතුරුද වේ.   යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සිල්වා ගේ ඇට මිරිකමින් ⁣අනෙකුත් සෙබළුන් ප

සොහොන් බිමක් වී ඇති රටේ ජනාධිපති මන්දිර හදන්නට සැළසුම් කරති

Image
  ජනතාව දැන් ජීවත් වන්නේ පාන් කියා ගන්නට බැරි මර ගාතයේය.රට බංකොලොත් වූ දින සිට ජීවන වියදම අහස උසට නැංගේය.එදා වේල හොයාගන්නා ජීවිත වලට කිසිම හව් හරණක් නැත.දිව⁣යිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන්නේ ආර්ථික අපහසුතා පවුල් පිටින් සිදු කරගන්නා සිය දිවි නසා ගැනීම්ය.   එහෙත් සංවර්ධනය ගැන රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ හා පොදු ජන පෙරමුනු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දෙන ලොරි ටෝක් ඇසුවාම ජනතාව සිටින්නේ මුන් මරන් කෑවත් මදියැයි සිතන කෝපයකිනි.   අයිඑම්එෆ් ණය මුදල හිමි වූ විට රටේ ජනතාව කිරිබත් කා රබන් ගසා ප්‍රීති වෙනු ඇතැයි රනිල් රාජපක්ෂ හා හෙංචයින් සිතා ගෙන සිටිය නමුත් රතිඤ්ඤා පත්තු කෙරුවේ කූට්ටාලි යූඇන්පී කාරයන් දෙතුන් දෙනෙකු විතරය.අඩුම ගානේ පොහොට්ටුවන්ට ඒ ගැන ගැම්මක් ඇති වී නොතිබුණි.   මේ වන විට අයිඑම්එෆ් ණය මුදල හිමි වීම ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉන්නේ මාර ජොලියෙනි.16 වන වතාවක් මෙරටට ලැබුණු අයිඑම්එෆ් ණය මුදල් වලින් රට ගොඩ නොදැමූ මේ වාහෙලා 17 වන වතාවේ ලැබුණු අයිඑම්එෆ් ණය මුදලින් රට ගොඩ ගන්නට හැකියැයි කයිවාරු කීම ජනතාවට දැනී ඇත්තේ මරු කියවනවා වාගේය.ඇති නැති පරතරය ඉතා බරපතල වෙමින් දුරස් වෙමින් තිබේ.ජනතාව වෙත ප

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට අවලාද නැගූ මව්බිමේ මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගේ අඩ නිරුවත මෙසේ එළි දක්වමු.

Image
  තිස්ස රවීන්ද්‍ර පෙරේරා පිළිබඳ මාධ්‍ය  ක්ෂේත්‍රයේ දන්නෝ ලුණු ඇඹුල් ඇතිව දන්නා අතර නොදන්නෝ කිසිවක් නොදනිති . මාධ්‍යවේදියකු වූ කලී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය . එය නො දන්නේ නම් ඔවුහු මාධ්‍යවේදියකු ද නොවේ . 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඕනෑම පුද්ගලයකු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් කල එම සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකුගේ සහාය ලබාගත හැකිය .රටේ උත්තරීතර නිතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද සදහන් කොට මුලික අයිතියක් බවට තහවුරු කොට ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරාත් මව්බිම පුවත්පතේ සම්පත් අභයවික්‍රමත් එකතුව සිදු කළ අවි ජාවාරම මෙසේය . තිස්ස රවීන්ද්‍ර පෙරේරා   ගේ අවි ජාවාරම......   තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් එල්ටී . ටී . ඊ විසින් පාවිච්චි කරනු ලබන ලද පසුව අත්අඩංගුවට ගත් ටී 56 අවි 12 ක් රඳවා තබන ලද මින්නේරිය යුද හමුදා කඳවුරෙන් සොරාගෙන ගෙන තම මාධ්‍යවේදී හැඳුනුම්පත අයථා ලෙස පාවිච්චි කරමින් වෑන් රථයක දමා ගෙන කොළඹට රැගෙන විත් පාතාල සමාජික කොස්ගොඩ තාරක වෙත ඒවා ලබා දෙන ලදී . මෙම අයථා ආයුධ ප්‍රවාහනයට තිස්ස රවීන්ද්‍ර විසින් රු

පොලිස්පති තුමනි.....දැන්වත් පොලිස්පති කෙනෙකු වෙන්න

Image
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත් ඔබට සේවා දිගුවක් ලබාදුන්නේ ඔබේ සුවිශේෂිත හැකියාවකට හෝ දක්ෂතවයකට නොවන බව පිලිගත යුතුම සත්‍යයි. ඔබ පොලිස්පති ලෙසට සිදු කලේම සමස්ථ පොලිස්සංහතියේම දේශබන්දුලා,රොහාන්ප්‍රේමරත්නලා,ප්‍රසාද් රණසිංහලා , රෙනකන් බලාසිට එවා සුද්ධ කිරීමට කළු පුතා හා සුදු පුතාව දැම්ම පමණයි. ඔබ පිලිබදව ඉතාම හොදින් දන්න මා ඔබ හොරෙක්, අපරාධකරුවෙක් නොවන බවට සහතික දුන්නේ ඒ ඔබව වසර ගනනාවක් සිට දන්න නිසාය . ඒත් ඔබ එදා සිටම ඊයේ වෙනතුරු සිදු කලේම සිද්ධියක් වීමට ඉඩ දි බලා සිට ලියුමක් ගැසීමයි. එ පිලිබදව ඔබත් මමත් දන්නා කරුනු අපමනය . ඔබට අද නැවත සේවා දිගුවක් දිය යුතුයි යන්න පිලිබදව සමස්ථ ජනතාවම එක හඩින් කීවේ පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවෙකු හා මෙරට මත්ද්‍රව්‍ය කලමණාකරනය කරන්නෙකු හා දේශපාලන හෙන්ච්යියෙකු පොලිස්පති වීමට වඩා අපරාධකරුවෙකු නොවන වෙනත් කිසිවකුත් පත් කිරීමට රනිල් අකමැති නම් ඔබට දිය යුතුයැයි  ජනතාව දැඩි ස්ථාවරයක සිටි නිසාය. ටිරාන් වැනි පාහර ඩීල් කාරයෙකු 2005 දි රනිල්ට විරුද්ධව එල්.ටී.ටී.ඊ එකට සල්ලි දි එදා ජනාධිපති සිහිනය අවසන් කොට බැසිල් ගේ ගේමෙන් මහින්ද ජනාධිපති කල ආකාරයට අද දේශ බන්දු පත

ටිරෙල් ගේ කාටුනය ඩොලර් සොච්චමක් ජනතාවට දි කට වහන පාලකයෝ

Image
  ටිරෙල් ද අල්විස්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව තප්පුලන ⁣ගොබ්බ මී හරකුන්ගේ දැන ගැන ගැනීම පිණිසය

Image
මෙරට සිදුවූ  සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ රටින් පලා ගොස් විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ⁣ආ නඳුන් චින්තක හා සළිඳු නැමැති සැකකරුවන් දෙදෙනා මේ වන විටත් පොලීසියේ අත් අඩංගුවේ පසුවේ. අභියාචනාධිකරණයේ....... මෙම සැකකරුවන්ගේ දෙමවුපියන් විසින් තම දරුවන්ගේ ජීවිතාරක්ෂාව සහතික කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් සැකකරුවකු වන නඳුන් චින්තක වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටින්නේ නීතිඥ සංඟමයේ ජනාධිපති නීතිඥ සභාපති සාලිය පීරිස්ය.පසුගිය කාලයේ මෙරට පැවැති විරෝධතාවන් වලදී අත් අඩංගුවට ගත් තරුණයන් වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ සංඟමයේ නීතිඥවරුන් පෙනී සිටින ලදී. නොසතුට හා අප්‍රසාදය....... ⁣විරෝධතාවලදී අත් අඩංගුවට පත්වූ තරුණයන් වෙනුවෙන් අධිකරණයේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ සංගමයේ පෙනී සිටීම පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන් ගේ හා පොලීසියේ ඇතැම් නිළධාරීන්ගේ නොසතුටට හේතු වී තිබුණි.එහෙත් නීතිඥ වරුන්ගේ මේ මැදිහත් වීම පිළිබඳව නොසතුටට පත්ව සිටි පාර්ශවයට ඒ ගැන සිය නොසතුට හා අප්‍රසාදය පල කිරීමට කිසිදු පදනමක් නොතිබුණි.එය එසේ කිරීම අධිකරණ ක්

සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් නමට බෝඩ් ලෑලි එපා ප්‍රධාන මහේස්ත්‍රාත් පවසයි

Image
  තම අධිකරණයට සැක කරුවන් ඉදිරිපත් කිරීමේදී හරක් රෑනක් වගේ එකම යකඩ දම්වැලක ගැට ගසා ඉදිරිපත් නොකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් බන්ධනාගාර නිළධාරීන්ට පසුගියදා විවෘත අධිකරණයේදී නියෝග තිබේ.   ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා එහිදී තවදුරටත් පවසා ඇත්තේ සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් බෝඩ් ලෑලි වල ලියාගෙන එල්ලා සිටීම පමනක් වැඩක් නැති බවය.   සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින දේශීය හා විදේශීය සැකකරුවන් විශාල පිරිසක් යකඩ දම්වැලක අමුණා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ බන්ධනාගාර නිළධාරීන්ගේ ක්‍රියා කළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කෙරුවේය. තවදුරටත් සැක කරුවන් සතුන් විදියට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරීන්ට තරයේ අවවාද කෙරුවේය.

කපුටු කාක් හා මොරටු සමන් නාඩගම -රනිල් හාමු හිට්ලර්ට ඇන්දාට තොවිලය කරන්නේ රාජපක්ෂ ගුරුන්නා⁣න්සේලාය.

Image
  බැසිල් රාජපක්ෂ නොහොත් කපුටා ඊයේ (23)නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයේදී මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට බැණ වදින හඬ පටයක් මාධ්‍ය මගින් මේ වන විට  ප්‍රචාරය වෙමින් තිබේ.   මෙය අසන රාජපක්ෂ විරුද්ධවාදීන්  මාර ආතල් එකක් ගන්නා බව සැකයක් නැත.ඔන්න දැන් පොදුජන පෙරමුණේ ආරවුල් යැයි ත්‍රිල් එකක් ගන්නා බවද සැකයක් නැත.සයිබරයේද මේ හඬ පටය අසා ලියා ඇති කමන්ටු කියවන විට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය  රාජපක්ෂ විරුද්ධවාදීන් ගැන  අදහසක් ගත හැකිය.   මේ සතුට භුක්ති  විඳින්නන් අතර වැඩියෙන්ම ඉන්නේ මාලිමාවේ හා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ය. ඊළඟට එක්සත් ජාතික පාක්ෂිකයන්ය. එක්සත් ජාතික පාක්ෂිකයන් පුල් හැපියෙන් සිටින්නේ පාර්ලිමේන්තුවේ පොහොට්ටු බලය තුනී වී ගිය විට රනිල් හාමුට තනි අතේ ගේමක් ගහන්නට පුළුවන් වන නිසාය.   අනේ අපට නම් මේ ගැන කියන්⁣න තියෙන්නේ දේශපාලනයේ කට්ට කරෝල සයිස් එකේ අම්බැට්ටයන් වන රාජපක්ෂලාගේ තක්කඩිකම් ගැන නොදන්නා වුන්ට නම් මේ හඬ පටයෙන් ආතල් ගත හැකි බවය.මේ රාජපක්ෂ තක්කඩියන්ගේ තවත් ගේමක් මිස වෙන පටලැවිල්ලක් නොවේ.   දැන් රටේ තොටේ කතා වෙන්නේ බලනවකො එදා ගෝල්පේස් එකේ අරගල කාරයන්ට ගහන්න ප්ලෑන් ක

අනීතික නියෝග ක්‍රියාත්මක කරන්න එපා ගෙදර යන්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදා සෙබලුන් අමතා පාර්ලිමේන්තුවේදී කියයි

Image
  කවුරු දුන්නත් ඔය කුරුදු පොලු පාවිච්චි කරන්න එපා.අනීතික නියෝග ක්‍රියාත්මක නොකර ගෙදර යන්න.අවුරුදු දෙකකින් අපි ඔබව බලා ගන්නවා.ලැබෙන පළමු අවස්ථාවේම හිඟ වැටුප් සමග සේවයේ පිහිටුවනවායැයි ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා අද (24)කුරුදු පොලු හමුදාව අමතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඔහු එහිදී කළ ප්‍රකාශය මෙසේය.   පසුගිය අවුරුද්දේ පොලිස් නිළධාරීන් 1000ක් පමණ සේවය අත් හැර ගොස් තියෙනවා.පසුගිය මාස දෙකට පමණක් පොලීසිය අත් හැර ගිය නිළධාරීන් සංඛ්‍යාව 200ක් වෙනවා.මේ හැම නිළධාරියෙක්ම සේවය අත්හැරල ගිහිල්ල තියෙන්නෙ අනීතික නියෝග පිළිපැදීමට බැරි නිසා.     යුද හමුදාවේ 25000ක් දෙනා පසුගියවසරේදී හමුදාව අත් හැර ගොස් තිබෙනවා.යුද සමයේදීවත් මේ විදියට හමුදාව අත්හැරල ගිහිල්ල නෑ.අනීතික ⁣නියෝග පිළිපදින්නෙ නැතුව ගෙදර ගිහිල්ල අවුරුදු 2ක් ඉන්න.අපේ යුද හමුදාවෙ කීර්ති නාමය ආරක්ෂා වුනේ හමුදා සෙබළුන් ජීවිත පූජා කළ නිසා.අවුරුදු දෙකක් රස්සාව නැතුව ඉන්න.අපි ඔබව සියලු හිඟ වැටුප් එක්කම සේවයේ පිහිටුවනවා.ඒ සම්බන්ධයෙන් මම පෞද්ගලිකවම වග කීම බාරගන්නවා.ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.තරුණ තරුණියන් ගෙන් ඉල්ලනවා.   කැපකිරීම් කරන්නැතුව කිසිම ද