නෙවිල් වන්නිආරච්චිගේ නීති විරෝධී වැලි ජාවාරමට කෙලවෙලා

 

මෙරට මෙතෙක් කාලයක් සිය ලුම්පන් දේශපාලන බලය පතුරවමින් බලපත්‍ර රහිතව පරිසරය විනාශ කරමින් අම්බලන්තොට මාමඩල ජන්සගම අක්කර 5ක සශ්‍රීක කුඹුරු යායක සිදු කළ විශාල වැලි ජාවාරමක් පානදුර දූෂණ මර්ධන ඒකකය හා භූ විද්‍ය සමීක්ෂණ පතල් කාර්යංශය ඒකාබද්ධව සිදු කළ වැටලීමකින් පසුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

වැලි ජාවාරම......

මෙම ජාවාරම දීර්ඝ කාලයක් සිදු කළ වැලි ජාවාරමක් වන අතර මෙහි වැලි කැනීම පිරිසිදු කිරීම ගබඩාකිරීම හා විකිනීම සිදු කර තිබේ.ප්‍රදේශයේ පොලීසිය ⁣මේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් නොදැක්වූයේ එම ජාවාරම සිඳු කරන්නා දේශපාලන බිම තිරයෙන් පිටුපස සිට මෙරට පොලීසි⁣ය හසුරවන්නා වීම නිසාය.

මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නි ආරච්චි........

කෙසේ වෙතත් මෙම වැටලීමේදී අනවසර කැනීම් කර ගබඩා කර තිබූ වැලිකියුබ් 500ක් ,කොබෙල්කෝ SK 200වර්ගයේ එක්ස්කැවේටර් යන්ත්‍ර 06ක් ,සැමිටමෝ 210 වර්ගයේ එක්ස්කැවේටර් 01 ,වැලි පිරිසිදු කරන ⁣වොෂින් ප්ලාන්ටර් 01 ,ජල මෝටර 04ක් ,වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා මුදල් ලබා ගන්නා විදලි ජනක යන්ත්‍ර 03ක්,ඩීසල් ලීටර් 1000ක් හා 20කට ආසන්න පුද්ගලයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යෝද වැලි ජාවාරමේ හිමිකරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නි ආරච්චිගේය.නෙවිල් වන්නිආරච්චි යනු යුද සමයේදී හමුදා සේවා බලකායේ සිට හමුදා සේවයෙන් පැන ගිය සෙබළෙකි.හමුදා සේවයෙන් පැන ගිය වන්නිආරච්චි බෙලිඅත්ත ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරිකයෙකු ගේ නිවසේ බැල මෙහෙවරකම් කරමින් සිටිද්දී එම එජාප ක්‍රියාකාරිකයා විසින් මහින්ද රාජපක්ෂට හඳුන්වා දී තිබේ.
නෙවිල් වන්නිආරච්චි එතැන් සිට මේ දක්වා මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස සේවය කරන අතර අද වන විට විශාල ධනවතෙක් බවට පත් වී තිබේ.නීති විරෝධී වැලි ජාවාරම ඔහු විසින් සිදු කළ එක් ව්‍යාපාරයක් පමණි.

ඡෙ.පොලිස් අධිකාරී ප්‍රශාන්ත.......

පසුගිය කාලයේ පානදුර වලාන දූෂන මර්ධන ඒකකයේ ප්‍රධානි⁣යා ලෙස කටයුතු කළ ඡෙ.පොලිස් අධිකාරී ප්‍රශාන්ත මේ වන විට පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ෂන අධ්‍යක්ෂවරයා වන අතර ඔහු නෙවිල් වන්නිආරච්චි ගේ ලේ නෑයෙකි.ප්‍රශාන්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවය කරන විට පානදුර දූෂණ මර්ධන ඒකක ප්‍රධානියා ලෙස පත් කරන්නේද නෙවිල් වන්නිආරච්චිගේ මැදිහත් වීමෙනි.රාජපක්ෂ පවුලේ දේශපාලන බලය මෙරට පැතිරුණ අවදියේ බොහෝ පොලිස් බල ප්‍රදේශවල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ සිට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු පත් කරන ලද්දේ නෙවිල් වන්නිආරච්චිගේ නිර්දේශයෙනි.මෙහිදී බොහෝ පොලිස් ස්ථාන ලෙස අප හැඳින්වූයේ ඔහුගේ නීති විරෝධී වැලි ජාවාරම සිදු කෙරෙන හා බලපත් රහිතව එම වැලි ප්‍රවාහනය කරන ගමන් මග සම්බන්ධ ආවරණය කරන ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වෙි.

නෙවිල් වන්නිආරච්චි විසින් ලබා ගෙන ඇති ඉන්ධන හල් බලපත්‍ර ප්‍රමාණයද දහයකට ආසන්න වන අතර ඉන්ධන බවුසර් බලපත්‍රද විශාල ප්‍රමාණයක හිමිකරුද ඔහු වේ.ඔහු විසින් ලබා ගෙන ඇති මෙම බලපත්‍ර මේ වන විට වෙනත් ව්‍යාපාරිකයන් විශාල මිල ගනන් වලට අලෙවි කර ඇතත් මේවා පිටුපස සිදු කරන දූෂිත ගනුදෙනු වලදී මැදිහත් කරු ලෙස පෙනී සිටින්නේ මො⁣හුය.

ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න....... 

පසුගියදා රඹුක්කනදී සිදු කරන ලද වෙඩි තැබීමක් සම්බන්ධව බන්ධනාගාර ගත කරන ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න හා නෙවිල් වන්නිආරච්චි එකම එකම ගමේ උපත ලද අයවළුන් වේ.අට සමතෙකු වූ කීර්තිරත්න ඉඳුරුව ඇලපාත විද්‍යාලයෙන් ලබා ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් උපයෝගි කර ගනිමින් ⁣පොලිස් උප සේවයේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස ⁣පොලිස් සේවාවට සම්බන්ධ කරන්නේ නෙවිල් වන්නිආරච්චි වේ.එහිදී නෙවිල් වන්නිආරච්චිගේ සොහොයුරාද කීර්තිරත්න සමග උප සේවා උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස පොලීසියට සම්බන්ධ කෙරිණි.රඹුක්කන සිදුවූ ඝාතනයෙන් පසුව බන්ධනාගාර ගත කළ ඡෙනිපො කීර්තිරත්නගේ ඇප පිට මුදා හැරීමෙන් පසුව නැවත සේවයේ පිහිටුවා තංගල්ල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කරන ලද්දේද නෙවිල් වන්නිආරච්චිගේ මැදිහත් වීමෙනි.

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය......

මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කරෙන්නේද නෙවිල් වන්නිආරච්චි ගේ අවශ්‍යතාව අනුව මැය ඔහුගේ අනියම් බිරිඳ වේ.ඇය උප පොලිස්පරීක්ෂක වරියක ලෙස වවුනියාව සේවය කරන විට හමුදා සෙබලකු වූ නෙවිල් වන්නිආරච්චි අතර පැවැති සම්බන්ධය ඒ දින වල හමුදාවේ සේවය කළ බොහෝ දෙනාට රහසක් නොවූ ප්‍රේම කතන්දරයකි.

මේ නෙවිල් වන්නිආරච්චි ⁣යුද හමුදාවෙි කර්නල්වරයෙකු ලෙස පත් කිරීමට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන කටයුතු කර තිබේ.හමුදාවෙන් පලා ගිය සෙබලකු කොමිෂන් ලත් නිළධාරියකු වශයෙන් පත් කර 2වන ලුතිනන් ධුරයේ සිට මේජර් දක්වා පිළිවෙලින් උසස් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලනය සමයේදීය.

පොලිස් නිළධාරීන්ට දේශපාලන බලපෑම් හා තර්ජන........

ඉහත වාර්තා කරන ලද වැලි ජාවාරම වැටලීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නීති අංශයේ රසික සංජීව හා නුවන් මදුසංක නිළධාරීන්ද එක්වී සිටි බව අනාවරණය වේ.මේ වන විට එම වැලි ජාවරම වැටලීම සිදු කළ පොලිස් නිළධාරීන්ට දේශපාලන බලපෑම් හා තර්ජන ගර්ජන සිදුවෙමින් පවතින බවද දැන ගැන්මට තිබේ.

මෙම සිදුවීමේ අවසාන ප්‍රතිඵළය අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම මිස
වැටලීම සිදු කළ පොලිස් නිළධාරීන් හා සහාය දැක්වූ භූ විද්‍ය නිළධාරීන් "සිරිසඟබෝවරුන් වීම" නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Comments

  1. අනේ මේ වැටලීම් ප්‍රදර්ශන ,රඟපෑම් නොමවේවා !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්