Posts

Showing posts from April, 2024

අළුත්කඩේ ඇස් බැඳපු නෝනා ගෙන් රනිල් හාමුට කණේ පාරක්

Image
  අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සදහා නම් නිර්දේශ කිරීම වලක්වා ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපතිවරයාට හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට අද (30)දින අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. ⁣නීතිඥ පතිරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන්  අනතුරුවය. වර්තමානයේ අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස කටයුතු කරන විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්‍ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් කිරීම සදහා ජනපතිවරයා විසින් කළ නිර්දේශය අනුමත කරන ලෙසට ව්‍යවස්ථා දායක සභාවට නියෝග කරන ලෙස ඉල්ලා එම නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ⁣මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව වැඩිදුරටත් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණ අතර ඔක්තෝම්බර් මස 04 වන දින නැවත විභාගයට ගැනීමට නියම කෙරිණි.   වර්තමානයේ අභියාචනාධිකරණ විනිසුරු වරයා වන නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඔහු අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ ගේ කූඨ සැළසුම විය.අධිකරණ ක්ෂේත්‍රයේ අන්ත දූෂිතයකු ⁣වන විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වර්තමාන පොලිස්පති දේශබන්දු

ටිරාන්ට එරෙහිව මාධ්‍යවේදී නන්දන වීරරත්න

Image
   මධ්‍යවේදී නන්දන වීරරත්න සිය මුහුණු පොතේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගැන අපූරු සටහනක් තබා තිබේ.මේ පහත දැක්වෙන්නේ එම සටහනයි. ' ".....පොලිස් ඇමති ටිරාන් අලස්ට අනුව....... අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවේ.ඔහු මෙි බව කියන්නේ පොලීසියටය.ඔහුට අයිති පත්තර (මව්බිම හා අනෙකුත්) මේ ගැන කියන්නේ මොනවාදැයි මම නොදනිමි. ඔහු අපරාධකරුවන් තුරන් කරතැයි කියන විට ඔහු කළ විශාල අපරාධයට තවමත් දඬුවම් ලබා දී නැත. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දෙමළ ඡන්ද ජපතිවරණයේදී පාවිච්චි කිරීම නතර කිරීම පැවරී තිබුණේ ටිරාන් අලස්ටය. ටිරාන් 2010 දී කී ආකාරයට කොටි සංවිධානයට රුපියල් මිලියන 600ක් පගාව දී දෙමළ ඡන්ද වර්ජනයට ඩීලය දැමීමේ නියෝජිතයා වූයේ ටිරාන්ය. බැසිල් රාජපක්ෂ එම මුදල දුන්නේ ටිරාන් අතටය.රජය සමග යුද වැදි සංවිධානයකට මුදල් දීම අපරාධයකි. රාජපක්ෂලා කී ආකාරයට ඔවුන් කොටි සංවිධානය ලවා දෙමළ ඡන්ද වර්ජනයට රුපියල් මිලියන 800 ක් දුන්හ.දුන් මුදලින් කොටින් අතට ගියේ මිලියන 600කි.ඉතිරි මුදල ටිරාන් අතේ වාෂ්ප විය.එය බරපතල මුදල් වංචාවකි.එම මුදල වංචා කිරීමේ වරදට හා කොටි සංවිධාාන⁣යට දුන් පගාව හෙළි කිරීමේ

ටිරාන්ගේ අනීතික මෙහෙයුම්වලට එරෙහිව නීතිඥ සංඟමය පෙරට පැමිණේ

Image
  මෙරට පාතාල අපරාධකරුවන් මරා දැමිම පවක් නොවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිදු කරන ලද ප්‍රකාශයක් හෙලා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංඟමය නිවේදනයක් නිකුත් කර තිබේ. අමාත්‍යවරයා පසුගියදා මෙම පුකාශය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලියක් විසිරයාමේදීය. ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා නො⁣වන්නේ නම් ජනපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද නීතිඥ සංගමයෙ එම නිවේදනයේ සඳහන් කර ඇති අතර ,එය එසේ නොවුනහොත් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹීමට නීතිඥ සංගමය ක්‍රියා කරන බවද නීතිඥ සංඟමයේ සභාපති ජනපති නීතිඥ කෞෂළ්‍ය නවරත්න මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.  පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින පැවති මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු රැස්වීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් කරමින් පැවසුවේ ⁣බොහෝ ප්‍රසිද්ධ නීතිඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවටද චෝදනා කෙරුවේය.මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඒ දින වලදී ⁣නීතිඥ සංඟමය නොසතුට ප්‍රකාශ කර තිබුණි. නීතිඥ සංඟමය සිදු කරන ලද මෙම න

රතුපස්වල ඝාතනයේ තීන්දුව හෙට

Image
  ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ව්‍යාපාරික  ධම්මික පෙරේරාට අයත්  හේලීස් සමූහ ව්‍යාපාරයේ වැලිවේරිය රතුපස්වල පිහිටි කම්හලකින් පිටවන අපදුව්‍ය වලින් ජල මූලාශ්‍ර වලට විස රසායන ද්‍රව්‍ය එක් වී ඇති බවට පවසමින් එම ප්‍රදේශයේ පදිංචි කරුවන් 2013 අගෝස්තු 01 වන දින පවත්වන ලද විරෝධතාවක් විසුරවා හැරීමට යුද හමුදාව වෙඩි තැබීම නිසා පාසැල් ශිෂ්‍යයන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු ඝාතනය කර තවත් පුද්ගලයන්  30 දෙනෙකුට තුවාල කරන ලදැයි සඳහන් වරදකට නීතිපති වරයා විසින් අධිචෝදනා ලැබූ හමුදා නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය මගින් විභාග කළ නඩුවේ තීන්දුව හෙට (30) වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම නඩුවේ විත්තිකරුවන් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු බ්‍රිගේඩියර් ගුණවර්ධන සූරියආරච්චිගේ දොන් අරුණ දේශප්‍රිය, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් ලලිත් ග්‍රේ ,පොදු සේවා බලකායේ මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන,හා ගජබා රෙජිමෙන්තුවේ කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන අයවළුන් වේ. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 හා 296 වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව මනු

නීතිඥ සුනිල් වටගල ගේ ජීවිතයට අනතුරක්

Image
  ජාතික ජන බලවේගය රජයක් යටතේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන බවට ඒ හා සම්බන්ධ සියළු සැකකරුවන් තරාතිරම නොබලා අධිකරණය හමුවට ගෙන ඒමට කාදිනල් හමුවේ ලිඛිතව පොරොන්දු වීම ගැන ⁣ටිරාන් හා දේශබන්දු ඩබල ඉතා කෝපයට පත් වී ඇති බවට අනාවරණය වේ. ⁣විශේෂයෙන් මෙම ලිඛිත ප්‍රකාශය සදහා මැදිහත් වූ නීතිඥ සුනිල් වටගල පිළිබඳව ටිරාන් හා දේශබන්දු ඩබල සිටින්නේ දැඩි වෛරයකිනි.මේ පිළිබඳව මොවුන් දෙදෙනා අතර වූ සාකච්ඡාවකදී විශේෂ කාර්ය බලකායේ කුලී කොන්ත්‍රාත් කරුවන් යොදා ගනිමින් නීතිඥ සුනිල් වටගල ඝාතනය කිරීමට  හෝ එසේත් නැතහොත්  ඩුබායි වෙසෙන පාතාල අපරාධකරුවකු ලවා එම ඝාතනය කරවීමට ඉඩ ප්‍රස්ථාවක් තිබේද යන්න ගැනත් අදහස් හුවමාරුවක් වී තිබේ. මේ වන විටත් අබුඩාබි රාජ්‍යයේ සැක පිට අත් අඩංගුවට ගෙන සිටින කොස්ගොඩ ⁣සුජී සම්බන්ධයෙන් ⁣මෙරට පොලීසියේ මැදිහත් වීමක් සිදු නොකර සිට ඔහු එම  අත් අඩංගුවෙන් මුදා හැරීමෙන් පසුව මෙම අපරාධය සඳහා යොදවා ගැනීමට හැකි වන්නේ නම් එය ඉතා සුදුසු යැයිද ටිරාන් අලස් ඇමතිවරයා පවසා ඇත. කෙසේ වෙතත් ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත්තේ ජාතික ජන බලවේගයේ පාක්ෂික

ඔහොම යං ඔහොම යං ටිරාන් දේශබන්දු හොඳේ

Image
    අපේ රටේ නීතිය බල්ලාට ගොසිනි.ඒ අවජාතක බල්ලන් දෙදෙනෙක් මේ රටේ නීතිය තමන් දෙදෙනා බව සිතා ගෙන සිටින නිසාය.මේ අවජාතක බල්ලන් දෙදෙනා තරමේ තක්කඩි කාලකණ්නි දෙදෙනෙකු තවත් සොයා ගන්නට බැරි තරමේය. එක අවජාතක බල්ලෙක් නීතිය හා සාමය බාර ඇමති කෙහුර පටලා ගෙන ඉන්නා ටිරාන් අලස්ය.මූ නොම්මර ර⁣ට ජාතිය පාවා දුන් ත්‍රස්තවාදියෙකි. බැංකුවට එකම ඉඩමේ ඔප්පුව පෙන්වා දෙවරක් බැංකු ණය ලබා ගත් කපටි හොර තඩියෙකි අනික් අවජාතක බල්ලා පොලිස්පති තනතුරේ ගූ තවරන දේශබන්දු තෙන්නකෝන්ය. ඇත්තටම මේ අවජාතක බල්ලන් දෙදෙනා ගැන ලියන්නට සිංහල ශබ්ද කෝෂයේ වචන මදිය.ඒත් මුන් දෙන්නා ජාතක වී ඇත්තේ පඳුරු පඳුරු ගානේ හුජ්ජ කරන බල්ලන්ට දාව බව සහතිකය.මුන්ගේ අප්පලා ගේ නම් විදියට මොන පොන්සියාගේ නම සඳහන් වුවත් ඇත්ත ඒකය. දේශබන්දුවාට ඊයේ පෙරේදා ලැජ්ජා හිතී තිබේ.නුමුත් ඒ ලැජ්ජාව වසන් කරගෙන මේ තිරිසනා තමන්ට කඩේ යන මාධ්‍ය ලොන්තයකු අල්ලාගෙන තමන් සුදනා බව පෙන්වීමට ගොස් තිබේ.අපට ඒ ගැනකියන්නට අනේ පව් කියාය.ලංකා දවසේ කර්තෘවරයාට එරෙහිව මේ තිරිසනා උඩු බුරන හැටි අපි අසා සිටියෙමු මුළු ලංකාවම දේශබන්දුවාගේ කට හඬ දනී.මු කුඩු අංජු සමග දුරකථනයෙන් සිදු කළ කතා

සමගි ජනේ මන්ත්‍රීවරු රොත්තක් රනිල්ගේ ඔඩොක්කුවට පනී Yahoo/Inbox A

Image
  හෙට අනිද්දා වන විට සමගි ජන බලවේගයේ විශාල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.එහිදී රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු පිරිස මේ වන විටත් සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් දැන ගැන්මට තිබේ. ⁣පසුගියදා මෙරටට පැමිණි ඉරාණ ජනපතිවරයා හ⁣ට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එම සාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එහි මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇත.එහෙත් එම භෝජන සංග්‍රහයට සජිත් ප්‍රේමදාස සහභාගී වී නැති බවද ඔහු ඒ සඳහා සහභාගි වීම වලක්වන ලද්දේ පොදුජන පෙරමුණෙන් ඉවත්ව සමගි ජන බල වේගයට සම්බන්ධ වී සිටින නාලක ගොඩහේවා බව පැවසේ.   නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා ⁣මේ  වන විට සජිත් ප්‍රේමදාසගේ සමීපතම න්‍යායචාර්ය වරයා බවද අනාවරණය වේ.පොදු ජන පෙරමුණෙන් ඉවත්ව සමගි ජන බල වේගයට සම්බන්ධ වී සිටින මහචාර්ය ජී.ඇල්.පීරිස්,මහචාර්ය චන්න ජයසුමන,චන්දිම වීරක්කොඩි ආදී මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන උපදේශකයන් බවට පත් වී සිටින අතර මෙම කණ්ඩායම පිළිබඳව සමගි ජන බලවේගයේ පැරණි ඡ්‍යෙෂ්ඨයන් ⁣අතර

හලෝ දේශබන්දු රෙදි ඉල්ලෙ හලෝ........

Image
  පොලීසිය දේශපලනීකරණයෙන් මුදවා ගැනීමේ සංවිධානයේ සභාපති හා ලංකා දවසේ ප්‍රධාන සංස්කාරක අජිත් ධර්මපාල ඔහුගේ යූ ටියුබ නාලිකාවෙන්  පසුගියදා ප්‍රචාරය කරන ලද හඬ පට දෙකකින් අනාවරණය වූයේ පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ගේ සැබෑ ස්වරූපයයි. මෙතෙක් කල් පොලිස්පති දේශබන්දුට එරෙහිව චෝදනා කරන්නන් ඔහු මෙරට පාතාල ජාවාරම්කරුවන් සමග ගණුදෙනු කරන්නෙක් බවට චෝදනා කෙරුවද ඒ බව තහවුරු කිරීමට ශක්තිමත් සාක්ෂි නොතිබුණි.එහෙත් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පුද්ගලයෙකුට වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව 2023 දෙසැම්බර් මස 14 වන දා ප්‍රකාශයට පත් කරන ලද ඉන් ඔහු වැරදිකරුවකු බවට තීන්දු කර තිබුණි.තෙන්නකෝන්ට විරුද්ධව තිබුණු චෝදනාව නීති විරෝධී ස්ථාන මාරුවක් වැනි සුළු චෝදනාවක් නොවේ.රඳවාගෙන සිටි සැක කරුවෙකුට කෲර වද හිංසා පැමිණවීම ගැනය.වද හිංසාව යනු රජයේ නිළධාරියකු අතින් මහජනතාවට සිඳු විය හැකි තිරශ්චීන අයිතිවාසිකම් කඩ කිරීමකි.කෙසේ වෙතත් එවැනි වද හිංසා චෝදනාවක් එල්ල වී තිබෙන පොලිස් නිළධාරියකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් ජනපතිවරයා හෑල්ලුවට ලක් කරන ලද්දේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්

ශ්‍රීලනිප අර්බුදයේ හනුමන්තා සජින් වාස් ගණවර්ධන බව හෙළිවේ

Image
  පොදුජන පෙරමුණ කුඩු පට්ටම් කරන්නට සැළසුම් කළ රනිල් වික්‍රමසිංහ ඒ මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් කර තිබේ.මේ වන විට පොදු ජන පෙරමුණ ඇත්තේ යන එන මං නැති මායිමකය.එහි පාක්ෂිකයන් බොහෝ දෙනෙකුගේ විකල්පය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව රනිල් වික්‍රමසිංහ දනී.ඒ මන්ද යත් පොදු ජන පෙරමුණෙහි ජාන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නිසාය. රනිල් වික්‍රමසිංහ ⁣ඊළඟ ෂොට් එක දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. මේ හෝරාව වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇවිලී ඇති ආරවුල ජනපතිවරණය දක්වා විසඳෙන පාටක් දකින්නට නැත.එය එසේ වුව හොත් එහි වාසිය තමන්ට ලබා ගැනීමට හැකි වෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ කල්පනා කර ඇති බව පෙනී යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු වූ අර්බුදය කවුරුත් නොදන්නා හා නොසිතන සැලසුමකින් නිර්මාණය කරන ලද අර්බුදයකි.එහි පිටුපස සිටින්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මිස වෙන කිසිවෙකුත් නොවේ.ඒ සඳහා රනිල් වික්‍රමසිංහ යොදා ගත් ඉත්තා වූයේ සජින් වාස් ගුණවර්ධනය.සජින් වාස් ගුණවර්දන යනු දියයටින් ගින්දර ගෙන යාමට තරමේ කපටියෙකි.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ අවදියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දහ දොලොස් දෙනෙක් ආණ්ඩුවට කැන්දා ගෙන

එකම වරදට දෙවරක් දඬුවම් දෙන පොලිස්පති ද්වේශබන්දු ගේ යකාගේ නීතිය

Image
  පසුගියදා අන්තර්ජාලය තුළ විශාල කතා බහකට ලක්වූ අගලවත්ත හිටපු පොලිස් ස්ථානාධිපති පොප හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හට පොලිස්පති දේශබන්දු විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.එහෙත් කිසිදු චෝදනාවක් නොමැතිව මෙම පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට නොහැකි බව⁣ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පොලිස්පති වරයා වෙත ප්‍රකාශ කර තිබියදීත් පොලිස්පතිවරයා යලි නියෝග කර ඇත්තේ චෝදනා පසුවට බලා ගත හැකි බවත් තම නියෝගය අනුව ඔහු අත් අඩංගුවට ගන්නා ලෙසටය. කෙසේවෙතත් මීට ඉහතදී මෙම පොලිස් පරීක්ෂක වරයාට පාතාලය සමග සම්බන්ධ කම් පැවැත්වූ බවට චෝදනා කර දඬුවම් ලබා දී ඇති බව පැවසේ. පොලිස්පතිවරයා නැවත වරක් මෙම පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ මී⁣ට පෙර ඔහු හට දඬුවම් දෙන ලද චෝදනාවටමය.එකම වරදකට දෙවරක් චෝදනා කර දඬුවම් දීමට නීතිමය වශයෙන් නොහැකි වුවද පොලිස්පති වරයා සිය බලය ඉක්මවා අනීතිකව කටයුතු කරමින් සිටින බව මෙම සිඳුවීමෙන් පැහැදිලි වේ.

අයිස් සන්තකයේ තිබී නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු අත් අඩංගුවට පත් වේ

Image
  ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු හෙරොයින් සමග මුල්ලේරියාව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ පොලීසියේ අත් අඩංගුවට පත් වූ මෙම නාවුක හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා සන්තකයේ අයිස් ග්‍රෑම් 510 ක් තිබුණු බව පොලීසිය පවසයි.මෙම මත් ද්‍රව්‍ය වල වටිනාකම මිලියන 7.5ක් බව වැඩිදුරටත් දැන ගැන්මට තිබේ. කෙසේ වෙතත් නාවුක හමුදාවේ ⁣ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  ජාවාරම්කරුවන් සමග සම්බන්ධ කම් පවතින බවට ලංකා දවස වාර්තා කරන ලද්දේ මීට මාස ගණනකට ඉහතදීය.නාවුක හමුදාපති කම සඳහා සුදුසුකම් සපුරා ඇති නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයකු පවා කොස්ගොඩ සුජීව සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටද අපට තොරතුරු ලැබී තිබුණි.මෙම නාවුක හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයා මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහනය කරන බෝට්ටු අත් අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් අයෙකි.     එහෙත් අපට ලැබී තොරතුරු අනුව කොස්ගොඩ සුජීව විසින් හෙරොයින් සහිතව බෝට්ටු දෙකක් මෙරට ජාවාරම් සඳහා එවන විට  ඉන් එක බෝට්ටුවක් පිළිබඳව තොරතුරු සුජීව විසින්ම මේ නාවුක හමුදා ඡ්‍යෙෂ්ඨයා දැනුවත් කරනු ලැබෙයි.එහිදී සුජීව ලබා දෙන තොරතු

බය නැතුව ඉඳහං සුජී කොල්ලෝ

Image
 මේ ප්‍රවෘත්තිය හරිම කෙටියි.සරලයි. හෑලි නෑ.⁣ඒ වගේම අතේ රෝලකුත් නොවෙයි.මේ වෙද්දි ලංකාවෙන් පැනල ගිහිල්ල ඩුබායි රාජ්‍යයේ හැංගිල ඉන්න පාතාලයට සම්බන්ධ හැම දෙනාම දන්න නිවුස් එක තමා කොස්ගොඩ සුජීව කියන මෙලේච්ඡ මිනීමරුවා අබුඩාබි අත් අඩංගුවේ බව.ඔව්.ඇත්තටම මේ මිනීමරු මෙලේච්ඡයා දැන් ඉන්නෙ අබුඩාබි අත් අඩංගුවේ. කොස්ගොඩ සුජීව අත් අඩංගුවට ගත්තට පස්සෙ හමුදා බුද්ධි අංශය ඒ ගැන හෙව්වා.ඒ විතරක් නොවෙයි හමුදා බුද්ධි අංශය බලවත් උත්සාහයක් අර⁣ගන්නව මේ මේලේච්ඡ අපරාධ කාරයා ලංකාවට ගේන්න.ස්තූති වෙන්න ඕන හමුදාවට ඒ ගැන. ඒත් අලස් දේශබන්දු ජෝඩුවට මේ ගැන වගේ වගක් නෑ .මුන් දෙන්න සුජීවගෙ අමු⁣ඩෙ අස්සෙ ඉන්නෙ ගෝපයියො වගේ.හරිම කැතයි හලෝ .තමුසෙල දෙන්න යුක්තියෙ මෙහෙයුමේ රැස්වීම් තිය තිය රට වටේ යන්නෙ කයිවාරු ගහ ගහ.කුඩු විකුනන අරූ ඇල්ලුවා.මුගේ අම්ම⁣ ගාව කුඩු විකුණපු සල්ලි වලින් ගත්තු චීත්ත යට ජංගි ගොඩක් තිබ්බා.අපි ඒවත් ඇල්ලුවා.ඕං බොරු නම් බලහල්ලකො කියල වාහිනී වලින් දිගට හරහට පොර ටෝක් දෙන තමුසෙල දෙන්න මොකද හලෝ අබුඩාබි අත් අඩංගුවෙ ඉන්න මිනීමරු සුජී ගැන කටේ කෙල බිංඳුවක් බිමට දාන්නැත්තෙ.ලැජ්ජයි ඕයි තමුසෙල දෙන්න ජාතක ක

ජනපති අපේක්ෂක නළුවන් රැසක් පෝලිමේ-අලුත්ම නළුවා විජේදාස රාජපක්ෂ

Image
  ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට විවිධ පාර්ශවයන් වෙතින් තමන් වෙත  ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමෙන් පසුවය.එහිදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයන් පිරිසක්ද විවිධ ආගමික නායකයන්ද තමන්⁣ගෙන් මේ ඉල්ලීම කර ඇති බවය. මෙි වන විටත් දෙරණ රූපවාහිනී ආයතනයේ හිටපු ප්‍රධානී දිලිත් ජයවීර,මහජන උපයෝගිතා කොමිෂමේ හිටපු සභාපති ජනක රත්නායක ජනපතිවරණයේදී  ජනපති අපේක්ෂකයන් ලෙස තරග කරන බව නිවේදනය කර තිබේ.මොවුන් දෙදෙනාම මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ය. ⁣ජනපතිවරණයට තරග කර පරාජයට පත් වූවද මොවුන්ට කිසිම පාඩුවක් නොවන බව පැහැදිලිය.⁣ඒ මන්ද යත් මොවුන් දෙදෙනාම ඔවුන්ගේ ඉදිරි ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලදී මෙම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රභූ සළකුණක් ලෙස භාවිතා කළ හැකි නිසාය.රටක ජනාධිපති අපේක්ෂකයකු යනු සිල්ලර අයෙකු ලෙස ජාත්‍යන්තර සමාජය නොසලකයි.දිලිත් ජයවීර හා ජනක රත්නායකට සිය ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු වලදී වටිනාකමක් අත් කර දෙන්නේ මේ ප්‍රභූත්වය මි

කොස්ගොඩ සුජීවට රැකවරණය දෙන ආණ්ඩුවේ ලොක්කෝ මෙන්න

Image
   නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් ගේ හා පොලිස්පති දේශබන්දුගේ මුඛ පූට්ටු වී තිබේ.ඒ මන්ද යත් අබුඩාබි රාජ්‍යයේදී කොස්ගොඩ සුජිව නම් ජාත්‍යන්තර රතු වරෙන්තු කාර සංවිධානාත්මක අපරාධකරු අත් අඩංගුවට ගැනීම නිසාය.මේ වන විටත් ලංකාවේ මාධ්‍ය අතලොස්සක් කොස්ගොඩ සුජී අබුඩාබි රාජ්‍යයේදී ව්‍යාජ පාස්පෝට් සිඳුවීමකට අත් අඩංගුවට ගෙන  ඇති බව වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාවේ පොලීසිය ඒ පිළිබඳව මුනිවත රකිමින් සිටී. කෙසේවෙතත් කොස්ගොඩ සුජීව අබුඩාබි රාජ්‍යයේ අත් අඩංගුවේ සාටින බවට පොලිස් මාධ්‍ය ගිරා පෝතකයාගෙන් ප්‍රශ්ණ කළ විට ඔහුගේ පිළිතුර වූයේ "අනේ අපට තවම එහෙම දැන ගන්න ලැබිලා නැහැ" යන්නය. ඔහුගේ එම ප්‍රකාශයෙන් පවා තහවුරු වන්නේ පොලීසිය ඒ ගැන කිසිම උනන්දුවක්  නොදක්වන බවය. කොස්ගොඩ සුජී සමග එක මල්ලේ ලුණු කෑ වුන් පොලිසියේ සිටී.ඒ පොලීසියේ සිල්ලර වුන් නොවේ.⁣තරු පටි කාරයන්ය. අප ඒ පිළිබඳව දිගින් දිගටම හෙළිකර තිබේ.විශේෂ කාර්ය බලකාය පාලනය කරන්නේ කොස්ගොඩ සුජීය.සුජීව හා ගනුදෙනු කරන විශේෂ කාර්ය බලකායේ ලොක්කන් ගැන වෙනම ලිවිය යුතුය.ඒ තරමට ඒ නම් ලැයිස්තුව දිගය. පොලීසියේ මුදල් විශුද්ධිකරණ ඒකකයේ ලොක්කා කොස්ගොඩ සුජී

නල්ලමලේ හමුදාවේ නල්ලපෙරුම කර්නල් ගේ කෙරුවාව

Image
  ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා පහත් මට්ටමට දේශපාලනීකරණය කරන ලද්දේ කාලකණ්නි රාජපක්ෂවරුන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.යුද ජයග්‍රහණයෙන් පසු ඉතා විනය ගරුක හා ගෞරවාන්විත සේවාවක් ලෙස හමුදාව පවත්වා ගෙන යාමට හැකියාව පැවතුනද රාජපක්ෂ කල්ලිය සිය ඕනෑ එපාකම් අනුව හමුදා ඡ්‍යෙෂ්ඨයන් හැසිරවූයේ නින්දිත අප්‍රසන්න ආකාරයෙනි.ඔවුන් ඒ සඳහා පදනම සපයා ගත්තේ යුද ජයග්‍රහණය සිය පෞද්ගලික මැදිහත්වීමක් ලෙස  ජනතාවගේ ඔළු වලට කාන්දු කරවීමෙනි.එහි පීතෘත්වය තනි අයිතියට පවරා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.ඒ දිනවල රට ජාතිය හා ආගම පාවාදෙන්නා ලෙස නාමකරණය වූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහය. යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකමකට උරුමකම් කියන ලද එවකට හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාපති ධුරයෙන් එලවා දැමීමෙන් පසු හමුදාවේ විනය පිරිහීම ඇරඹුන බව කිව හැකිය.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාව තුළ විනය ඉතා ශක්තිමත්ව පවත්වාගෙන ගිය අයෙකි.ඔහුට  හමුදාපති පදවිය අහිමි වීම ගැන කවුරුත් නොදන්නා කතන්දරයක් තිබේ.යුද ජයග්‍රහණයෙන් පසුව එවකට හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය බලය උදුරා ගනු ඇතැයි සැකයක් රාජපක්ෂවරු

යුක්තියේ මෙහෙයුම නිසා තරුණයෙකුට වෘෂණ කෝෂ අහිමි වෙයි

Image
    මැදවච්චිය තුලාවේලි ගම්මානයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් පදවා ගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකුට මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් පහර දීමෙන් ඔහු දැඩි රෝගී තත්වයට පත් වීම නිසා  රෝහල් ගත කිරීමෙන් පසුව සිඳු කරන ලද සැත්කමකින් අනතුරුව ඔහුගේ වෘෂණ කෝෂ ඉවත් කරන ලද බව වාර්තා වේ.අනුරාධපුරය රෝහළෙහි ප්‍රකාශකයකු සඳහන් කරන ආකාරයට එම තරුණයා රෝහල් ගත කරන විට ඔහුගේ ⁣වෘෂණ කෝෂ බරපතල තැලීමකට ලක් වී තිබී ඇති අතර එය පහරදීමකින් සිඳුවූවක් ලෙසට සැක කෙරේ. දැනට රෝහල්  ගතව සිටින තරුණයා පවසන්නේ තමන් ඩිමෝ බට්ටා ලොරියකින් තවත් මිතුරකු සමග ගමන් කරද්දී පොලිස් මාර්ග බාධකයක් තිබුණ බවත් එහි වාහන රැසක් නවතා තිබූ නිසා තමන් නොනවත්වා ධාවනය කරද්දී පසුපසින් එළවා ගෙන ආ පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු තම ලොරිය නවතා තමාට පහර දුන් බවය.ඒ සමගම තුන් රෝද රථයකින් පැමිණි පිරිසක් ලොරියේ සිටි තම මිත්‍රයාටද පහර දුන් බව ඔහු වැඩිදුරටත් පවසා සිටී. පසුව මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලීසියට ගෙන ඒමෙන් පසු ලොරි රථ රියදුරා ලෙස කටයුතු කළ තරුණයා අසනීප වී පොලීසිය විසින් මැදවච

පොලිස්පති දේශබන්දු ජනපති නියෝගත් කුණු කූඩයට දමලා

Image
  ජනපති රනිල් වික්‍රමසිංහගේ නිල ශරීර ආරක්ෂකයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පසුගියදා සේවයෙන් විශ්‍රාම ගියේය.ඔහු විශ්‍රාම යාමට පෙර  සේවා දිගුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනපති ලේකම් සමන් රත්නායක හරහා පොලිස්පති දේශබන්දු  වෙත ඒ සඳහා ඉල්ලීමක් යොමු කරන ලදී.එහෙත් පොලිස්පති දේශබන්දු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවේය.ජනපතිවරයා පොලිස්පතිගෙන් ඒ පිළිබඳව විමසීය. "..සර් එයා නැතුවට කමක් නැහැ මම වෙනත් පොලිස් නිළධාරියෙක් ඒ සඳහා යොදවන්නම්..." පොලිස්පති දේශබන්දු පැවසුවේ ජනපතිවරයා තඹ දොයිතුවටකට ගණන් නොගනිමිනි. ජනපතිවරයා කේන්තියෙන් පුපුරමින් එතැනින් නැගිට ගියේය.නියෝජ්‍ය   පොලිස්පති ජයසිංහ විශ්‍රාම යන දිනයේ ජනපතිවරයා හමුවී සමුගන්නට ගිය අවස්ථාවේ ජනපතිවරයා පැවසුවේ අපූරු කතාවකි. "ජයසිංහ තමන්ට විරුද්ධව ටිරාන් එක්ක දේශබන්දු ගේම ගැහැව්වා..."  ජනපති පැවසුවේ ඒ කතාවය. රටේ ආරක්ෂක ඇමති ජනපතිවරයාය. එහෙත් ටිරන් දේශබන්දු ඩබල මේ වන විට ජනපතිවරයා ගේ බල ආධිපත්‍යයෙන් මිදී අමුතුම මාදිලයේ බලපුළුවන්කාර කමක් ගොඩ නගා ගෙන ඇතැයි සැකයක් මෙි සිද්ධිය තුළින් මතු වේ.ජනපතිවරයා මේ මදාවිකාරයන් දෙදෙනාට බය වී ඇ

බස්නාහිර පලාත් පොලිස් බුද්ධි අංශය කපෝතියි

Image
  ජනපති රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු මෙරට ව්‍යවස්ථානුකූලව නුදුරේදී පැවැත්වීම⁣ට අපේක්ෂිත ජනපතිවරණය නොපැවැත්වීමට හෝ එසේ නැති නම් ඒ හා සම්බන්ධයෙන් කිසියම් කූඨ උපක්‍රමයක් යෙදවීමට සැළසුම් කරන බවට සිතිය හැකි තොරතුරක් අප වෙත අනාවරණය වී තිබේ.ඒ 1970 වසරේ සිට බස්නාහිර පලාත තුළ බුද්ධි තොරතුරු වාර්තා කළ පොලිස් බුද්ධි කොට්ඨාශය පොලිස්පති දේශබන්දු විසින් විසුරවා හැරීමට තීරණය කිරීමය.කලම්බු ඉන්ටලිජන් බියුරෝ නැතහොත් සීඅයිබී නමින් හැඳින්වුන මෙම බුද්ධි කොට්ඨාශය 1970 වර්ෂයේ අරඹන ලද්දේ කලම්බු ඉන්වෙස්ටිගේෂන් බියුරෝ නමිනි.ප්‍රථමයෙන් බස්නාහිර පලාතේ පොලිස් ස්ථාන දහ අටක ස්ථාපිත කරන ලද මෙම අංශය වර්තමානය වන විට සෑම පොලිස් ස්ථානයකම පිහිටුවා ඇති අතර එහි මූලස්ථානය ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයේ වේ.උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් වරු හා කොස්තාපල්වරුන් හතරක් හෝ පහක් මෙම බුද්ධි කොට්ඨාශයට අනුයුක්තව සිටී.බුද්ධි තොරතුරු ලබා ගැනීම පිළිබඳව පුහුණුව ලැබූ හා ඒ සම්බන්ධ අත් දැකීම් ලද පොලිස් නිළධාරීන් එම බුද්ධි කොට්ඨාශයේ රාජකාරි කළ අතර ඉන් පොලීසිය වෙත ඉටු