එකම වරදට දෙවරක් දඬුවම් දෙන පොලිස්පති ද්වේශබන්දු ගේ යකාගේ නීතිය


 

පසුගියදා අන්තර්ජාලය තුළ විශාල කතා බහකට ලක්වූ අගලවත්ත හිටපු පොලිස් ස්ථානාධිපති පොප හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හට පොලිස්පති දේශබන්දු විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.එහෙත් කිසිදු චෝදනාවක් නොමැතිව මෙම පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට නොහැකි බව⁣ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පොලිස්පති වරයා වෙත ප්‍රකාශ කර තිබියදීත් පොලිස්පතිවරයා යලි නියෝග කර ඇත්තේ චෝදනා පසුවට බලා ගත හැකි බවත් තම නියෝගය අනුව ඔහු අත් අඩංගුවට ගන්නා ලෙසටය.

කෙසේවෙතත් මීට ඉහතදී මෙම පොලිස් පරීක්ෂක වරයාට පාතාලය සමග සම්බන්ධ කම් පැවැත්වූ බවට චෝදනා කර දඬුවම් ලබා දී ඇති බව පැවසේ.
පොලිස්පතිවරයා නැවත වරක් මෙම පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ මී⁣ට පෙර ඔහු හට දඬුවම් දෙන ලද චෝදනාවටමය.එකම වරදකට දෙවරක් චෝදනා කර දඬුවම් දීමට නීතිමය වශයෙන් නොහැකි වුවද පොලිස්පති වරයා සිය බලය ඉක්මවා අනීතිකව කටයුතු කරමින් සිටින බව මෙම සිඳුවීමෙන් පැහැදිලි වේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා