Posts

Showing posts from September, 2023

මේ ආණ්ඩුවේ විනෝදාංශය ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීමයි- ඩලස් අලහප්පෙරුම පවසයි

Image
  ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනපතිවරයා හා ආණ්ඩුව ඒ සඳහා වු තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිත භාවය (on line seftey) නමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.එය සති දෙකක් ඇවෑමෙන් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. මෙම කෙටුම්පත අන්තර්ජාල භාවිතාවේ සුරක්ෂිත භාව ඇති කිරීම නම් නීති ගරුක පාඨයට මුවා වී මුළුමනින්ම ජනමතය කෙරෙහි ඇති ජනපතිවරයාගේ සහ ආණ්ඩු⁣වේ භීතිය  සමනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතක් බව මෙය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනු නිසැකය. මේ දක්වාම තමන්ට නතු කර ගැනීමට නොහැකි වූ සමාජ මාධ්‍යය බිය වද්දමින් පාලනය කිරීමට ගනු ලබන උත්සාහයන් පමනක් වන මෙම පනත් කෙටුම්පතට අනුව සත්‍යය පිළිබඳ අවසාන තීරකයා වනුයේ ජනපතිවරයාගේ නියෝජිතයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකි.සත්‍යය සහ අසත්‍ය කුමක්ද යන්න නිර්වචනය කිරිමට නෛතික බලය පැවරෙනුයේ ජනපති නියෝජිතයන්ට වීම සහ ඊට අදාලව යෝජිත දැඩි දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙරය බව මනාව පැහැදිලිය. යම් ලෙසක මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත් සේවා සපයන ආයතන සහ Facebook ,You Tube,Instagram,වැනි සේවා

බටලන්ද⁣ට ගිණි තැබුවෙමි

Image
    රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදියකු ලෙස හා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදකයකු ලෙස සේවය කළ නන්දන වීරරත්න විසින් රචිත "බටලන්දට ගිණි තැබුවෙමි" කෘතිය ප්‍රකාශය⁣ට පත් කර තිබේ.මෙම ⁣කෘතියේ 1989 වසරේ මෙරට පැවැති භීෂණ කාලසීමාවේදී කැලණිය  බටලන්ද පිහිටි රජයේ පොහොර  සමාගම⁣⁣⁣ට අයත් නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය මෙලේච්ඡ  වදකාගාරය පිළිබඳව සියලු තතු අනාවරණය කෙරේ.රනිල් වික්‍රමසිංහගේ මෙහෙය වීම හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩග්ලස් පීරිස් විසින් පවත්වාගෙන ගිය මෙම මෙලේච්ඡ වදකාගාරය ගැන ප්‍රථම වරට රාවය පුවත්පත මගින් තොරතුරු අනාවරණය කරන ලද්දේද නන්දන වීරරත්න හා වසන්ත කුලතුංග යන මාධ්‍යවේදීීන් වේ.   මෙහි ඇති එක ඡායාරූපයක දැක්වෙන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩග්ලස් පීරිස් ගේ පුතුන් දෙදෙනා වදකාගාරයේ සිටි තරුණයෙකුට වද දෙන ආකාරයයි. "බටලන්දට ගිණි තැබුවෙමි" කෘතිය ප්‍රකාශයට පත් කිරීමත් සමගම එය අලෙවිකරන පොත් සමාගම් හමුවට ගිය බුද්ධි සේවාවන් එහි කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්ණ කර ඇත්තේ මෙම කෘතිය මුද්‍රණය කර ඇත්තේ කවර අරමුණකින්ද යන්නය. ⁣⁣මාධ්‍යවේදී නන්දන

හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වැලිකඩට දක්කයි

Image
  2015 වසරේ පැවැති ජනාධිපතිවරණය අවස්ථාවේ කහවත්ත පැවැති ප්‍රචාරක රැස්වීමකට පහර දී මනුෂ්‍ය ඝාතනයක් කරන ලදැයි චෝදනා ලද ප්‍රේමලාල්   ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරන ලද පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී  හට බලපෑම් කරන ලදැයි චෝදනා ලද සබරගමුව හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් බරපතල වැඩ ඇතුව වසර පහක සිර දඬුවම් නියම කරමින් සිර දඬුවමට අමතරව රුපියල් 20000 ක දඩ මුදලක්ද නියම කර තිබේ. මෙම ප්‍රචාරක රැස්වීමේදී වෙඩි වැදීමෙන් ශාන්ත දොඩංගොඩ නැමති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු මිය ගිය අතර එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ප්‍රේමලාල් ජයසේකර හට මරණීය දණ්ඩනය නියම විය. මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරගතව සිටියදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් ඔහු හ⁣ට පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට පවා සහභාගිවීමට වර්තමාන කතානායක වරයා ඉඩ දෙන ලදී.පසුව ඔහු මරණීය දණ්ඩනයෙන් නිදහස් වූ අතර රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ය⁣ටතේ මේ වන

නොදනිමි කාගෙ දොසා

Image
පසුගියදා හෝමාගම පොලීසිය මගින් සිදු කල මෙහෙයුමකදී ⁣එම පොලිස් බල ප්‍රදේශයේ යම් ස්ථානයක පෙම් කරමින් සිටි තරුණ තරුණියන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය රූපවාහිනී මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. පොලීසිය විසින් සිදු කළ මේ බලහත්කාරී අයුතු බලපෑම ගැන  සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  අවධානය යොමු කරන නීතිඥවරුන් ගණනාවක් ලංකා දවසට ප්‍රකාශ කරන ලද්දේ හෝමාගම ස්ථානාධිපතිවරයා මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.  මෙම වැටලීම සිඳු කළ පොලිස් ප්‍රධානියා මාධ්‍යය වෙත දැක්වූ අදහස් තුළින් හඟවන ලද්දේ ප්‍රේම කළ යුතු වන්නේ  සදාාචාර සම්පන්නව බවය.පොලීසිය මෙලෙස සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීමට බලහත්කාරය යොදා ගනිද්දී පොලිස් නිළධාරීන් ගේ වනචරකම මාධ්‍ය වෙතින් අනාවරණය කර ඇත්තේ මෙසේය.

ට්‍රෲත් ඔෆ් වාචලයන්ගේ සැබෑ ස්වරූපය මෙන්න

Image
  පාස්කු ඛේදවාකය පිළිබඳව චැනල් හතර විකාශනය කළ තොරතුරු ප්‍රකාශනය සමග වඩාත් රිදුනේ බල්ලාට නොවේ.බල්ලාගේ ශරීරයේ ලේ උරා බොමින් සිටි කිනිතුල්ලන්නටය. බල්ලාද ඉන් අන්දුන් කුන්දුන් වී ගිය බව හොඳටම දකින්නට තිබුණු කාරණයකි. රනිල් හාමු ගේ පාර්ශවය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට ප්‍රකාශ කරද්දී ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන ලද්දේ චැනල් හතර නාලිකාව විකාශනය කළ වැඩ සටහන සම්පූර්ණයෙන් අසත්‍ය බවය.ඉන් පැහැදිලි වූයේ රනිල් හාමු ගේ ආණ්ඩුව හා ආරක්ෂක අමාත්‍යංශය අතර යා⁣ දෙක නොරත රත සමග පෑසීමක් නැති වටපිටාවක් පවතින බවය. සමහර විට ආරක්ෂක අමාත්‍යංශය තවමත් හසුරවන්නේ මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපා නම් වලට යටත්ව වෙන්නට ඕනෑය.ඒ ආරක්ෂක  අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න තඹ දොයිතුවකට විස්වාස කළ නොහැකි අවස්ථාව ලද විට පාවා දෙන්නෙක් නිසාය.  චැනල් හතර නාලිකාව විකාශනය කළ එම වැඩසහන පිළිබඳව  මිල්ටෙරි නන්දසේන පාර්ශවයෙන් නිකුත් කරන ලද ප්‍රකාශයත් ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයත් අතර ලේ සබඳකමක් මතුවන බව ඒවා කියවන දැනුම් තේරුම් ඇති ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.  දැන් අප මෙහි අනාවරණය කරන්නේ මේ වැඩ සටහනින් තිගැස්මට ලක් වූ බල්ල

ලංකා දවස කර්තෘ ජිනීවා යයි

Image
  පසුගිය 11 වනදා ආරම්භවූ මානව  හිමිකම් සංවිධානයේ 54 වන සැසියට ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ සංවිධානයේ සභාපති හා ලංකා දවස අන්තර්ජාල  ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘ අජිත් ධර්මපාල සහභාගි වීමට නියමිතය. ⁣ දේශපාලනීකරණය හේතුවෙන් ශ්‍රී ලංකා⁣ පොලීසිය වර්තමානයේ මුහුණ පා සිටින ඛේදජනක ඉරණමද පොලිස් නිළධාරීන්ගේ සුභ සාධනය කෙරෙහි රජය කිසිදු අවධානයක් නොදැක්වීම හා මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන්  මහජන විරෝධතා මර්ධනය කිරීමට පොලිස් නිළධාරීන්  යොදවා ගැනීම පිළිබඳවද  අජිත් ධර්මපාල විසින් මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය. අජිත් ධර්මපාල වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ රහස්‍ය තොරතුරු ගණනාවක් ගැනද  මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට අපේක්ෂිතය. අජිත් ධර්මපාලට ලංකා දවසේ සුබ පැතුම් පිරිනමමු.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම එස්.අයි.එස් සාමාජිකයන් නොවන බවට හෙළි වුනා - විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි පවසයි

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ⁣විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පසුගියදා ටීඑන්එල් රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ පාස්කු ඉරු දින ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ නැති පිරිසක් බවට විමර්ශන වලදී අනාවරණය වූ බවය. මෙහිදී හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ප්‍රකාශ කළ ආකාරයට සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම එස්.අයි.එස්.සංවිධානයේ සාමාජිකයන් නොවූ බවට අනාවරණය වූවා සේම එම සංවිධානය ඔවුන්ට ආයුධ හෝ මුදල් ලබා දී නැත. සහරාන් හෂීම් විදේශයකදී හෝ අත් අඩංගුව⁣ට ගැනීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් පවා ලබා ගෙන තිබූ බවත් එම තත්ත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශනය කරමින් සිටියදී හමුදා හා රජ්‍ය බුද්ධි අංශ වලින් තොරතුරු ලැබුණේ සහරාන් හෂීම් සොයාගැනීමට නොහැකි බවට බවට හා ඔහු නැගෙනහිර පළාතේ සිටින බව එම බුද්ධි අංශ වලින් වාර්තා කළ බවටද මෙම සාකච්ඡාවේදිි රවි සෙනෙවිරත්න විසින් අනාවරණය කරන ලදී.එම බුද්ධි වා

පොත් සේල් සේල් සේල් සේල්

Image
  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයට එන ඔබට "රාජපක්ෂ පොත් පියසෙන්" වටිනා පොත් රැසක් මිල අඩු කිරීම් යටතේ ලබා ගත හැක. එන්න ....මග හරින්න එපා..... හොඳම දේ දරුවන්ට අරන් දෙන්න ඔබ සහ ඔබගේ දරුවන් වෙනුවෙන් මෙරට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් විසින් රචිත අගනා පොත් රැසකි. රොකට් තාක්ෂණය සරලව- ආචාර්ය රෝහිත රාජපක්ෂ මගේ සාක්ෂිය-සරත් ෆොන්සේකා සිල් රෙදි බෙදීමේ ආනිසංස- ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට සම කර්තෘත්වයෙන් වන සරණ- රිෂාඩ් බදුර්දීන් කප්පම් ගැනීමේ කලාව- ප්‍රසන්න රණතුංග අයිතිකරුවන් නැති ගෙවල්- බැසිල් රාජපක්ෂ (ප්‍රබන්ධ කතාවකි) නීතිඥයකු වීමට කෙටි මග - නාමල් රාජපක්ෂ මුනුබුරන් සහ මැණික් මලු - ඩේසි ෆොරස්ට් (සම්මානනීය ළමා නවකතාවකි) පාස් පෝට් දෙකයි අපි දෙන්නයි- විමල් වීරවංශ(තාරුණ්‍යයේ ප්‍රේම කතන්දර පොතකි) වඳුරු මස් හොද්දක් හැදීම- මහින්ද අමරවීර මිණියක් එම්බාම් කරන හැටි -කෙහෙළිය රඹුක්වැල්ල ගංජා වගාව විද්‍යාත්මකව- ඩයනා ගමගේ සති පොළ චාරිකා - සුසිල් ප්‍රේමජයන්ත කට ඇරියොත් බොරු සියයයි- බන්දුල ගුණවර්ධන කං කං බූරු සිංසිඤ්ඤොරු -දිනේෂ් ගුණවර්ධන කුණුහරුප මහල්ලා - වාසුදේව නානායක්කාර මගේ පියාණෝ -සජි

මිල්ටෙරි නන්දසේන ජනපති වූ පසුව දඬුවම් කළ පාස්කු බෝම්බ සිද්ධිය විමර්ශනය කළ පොලිස් නිළධාරී ලැයිස්තුව මෙන්න

Image
  පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව චැනල් හතර මගින් පසුගියදා  ප්‍රචාරය කරන ලද වැඩසටහන ගැන හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන බබා උක්කුං නිවේදනයක් නිකුත් කර තිබුණි.ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබූණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව විමර්ශනය කළ පොලිස් නිළධාරීන් කිසිවකු ස්ථාන මාරු නොකළ බවය. ⁣මිල්ටෙරි නන්දසේන යනු කට ඇරියොත් ලැජ්ජාවක් නැතිව පච කෙළින මෝඩයෙකි.එලෙසම බය ගුල්ලෙකි. කෙදිනක හෝ මෙරට නීතිය සාධාරණව ක්‍රියාත්මක වී ජනපති මහින්ද රාජපක්ෂ සමයේ මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මිලිටෙරි නන්දසේන අත් අඩංගුවට ගතහොත් ඒ සිදු වූ අපරාධ වැලේ අල ගිය මුල ගිය තැන් මේ බය ගුල්ලා විසින් ඒටු ඉසෙඩ් වමාරණ එක නම් ස්ථිරය.   මෙරට යහ පාලනය පැවති අවදියේ  එක් අවස්ථාවක ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මිල්ටෙරි නන්දසේන ගෙන් ප්‍රශ්ණ කරමින් සිටියදී මොහුට කලිසමේ චූ ගිය බව වාර්තා විය. පසුව වැසිකිලිය වෙත කැඳවා ගෙන ගිය විට මොහු ඒ තුළ විනාඩි හතලිස්පහක කාලයක් රැඳී සිට ඇත.පත්තර කඩදාසි වලින් හා රූපවාහිනී වලින් වීරත්වයට ඔසවා තැබූ මේ බයගුල්ලාගේ සැබෑ කෙරුවාව එහෙමය. චැනල් හතර වැඩ සටහන ප්‍රචාරය වීමෙ

මිල්ටෙරි නන්දසේන ජනපති වූ පසුව දඬුවම් කළ පාස්කු බෝම්බ සිද්ධිය විමර්ශනය කළ පොලිස් නිළධාරී ලැයිස්තුව මෙන්න

Image
  පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව චැනල් හතර මගින් පසුගියදා  ප්‍රචාරය කරන ලද වැඩසටහන ගැන හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන බබා උක්කුං නිවේදනයක් නිකුත් කර තිබුණි.ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබූණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව විමර්ශනය කළ පොලිස් නිළධාරීන් කිසිවකු ස්ථාන මාරු නොකළ බවය. ⁣ මිල්ටෙරි නන්දසේන යනු කට ඇරියොත් ලැජ්ජාවක් නැතිව පච කෙළින මෝඩයෙකි.එලෙසම බය ගුල්ලෙකි. කෙදිනක හෝ මෙරට නීතිය සාධාරණව ක්‍රියාත්මක වී ජනපති මහින්ද රාජපක්ෂ සමයේ මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මිලිටෙරි නන්දසේන අත් අඩංගුවට ගතහොත් ඒ සිදු වූ අපරාධ වැලේ අල ගිය මුල ගිය තැන් මේ බය ගුල්ලා විසින් ඒටු ඉසෙඩ් වමාරණ එක නම් ස්ථිරය.මෙරට යහ පාලනය පැවති අවදියේ  එක් අවස්ථාවක ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මිල්ටෙරි නන්දසේන ගෙන් ප්‍රශ්ණ කරමින් සිටියදී මොහුට කලිසමේ චූ ගිය බව වාර්තා විය.  පසුව වැසිකිලිය වෙත කැඳවා ගෙන ගිය විට මොහු ඒ තුළ විනාඩි හතලිස්පහක කාලයක් රැඳී සිට ඇත.පත්තර කඩදාසි වලින් හා රූපවාහිනී වලින් වීරත්වයට ඔසවා තැබූ මේ බයගුල්ලාගේ සැබෑ කෙරුවාව එහෙමය. චැනල් හතර වැඩ සටහන ප්‍රචාරය වීමෙන

අනේ උද්දික පුතෝ ඔය නාඩගම් දැන් එච්චරයි

Image
  ඊයේ රාත්‍රියේ (17)අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිඳුවී ඇති බව වාර්තාවෙි. වෙඩි තැබීමේදී කිසිවෙකුට හානියක් වී නැති අතර ඒ පිළිබඳව විමර්ශන කරන පොලිස් කණ්ඩායමට එම ස්ථානයේ බිම වැටී තිබුණ ජීව උණ්ඩයක් අහුලාගත් බවද වැඩිදුරටත් වාර්තා වේ. පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට රිංගූ උද්දික ප්‍රේමරත්න පසු ගිය දිනවල පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ තමන් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පැවසීය.උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු සභා රැස්වීම්වලදී රට ජාතිය ආගම පිළිබඳව මහා  දේශප්‍රේමිත්වයෙන් යුතුව කතා කරන ආකාරය අසන්නට ලැබුණි.පොදුජන පෙරමුණ කුල්ල කුජීත වූ පසු මොහුගේ දේශප්‍රේමිත්වය අවදිවීම ගැන අපට ඇත්තේ කුතුහලයකි.හිරිකිතයකි.දැන් මොහුට දෙශප්‍රේමී කිරි පණු ගාය වැළඳී ඇත්තේ ඊළඟ වාරයේද පාර්ලිමේන්තුවට රිංගන්නට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.   කෙසේවෙතත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුනේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සිය ඉදිරි දේශපාලන කටයුතු නයි දෙරණ දිලිත් ජයවීර සමග සම්බන්ධවී සිදු කරන බවය. උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවස අසල වෙඩි තැබීම නයි දෙරන

බූරු නාමල් පීචං වේ

Image
  ආසියානු කුසලානය වෙනුවෙන් ඊයේ (17)ඉන්දියාව හා ලංකාව අතර පැවැති තරගය විකාශනය කරන අවස්ථාවේ පොදුජන පෙරමු⁣ණේ  දේශපාලන ධජය කිහිප විටක ප්‍රදර්ශනය කරන ලදී. එම ක්‍රිකට් තරගය අවසන් වූයේ ලංකාවට අන්ත පරාජයක් අත් කර දෙමිනි. තරඟ පරාජයත් සමග ශ්‍රී ක්‍රිකට් ලෝලීන් පොදු ජන පෙරමුණ රට බංකොලොත් කෙරුවා සේම ක්‍රිකට් වලටද සාපයක් වූ බවට දොස් නඟා රාජපක්ෂ සනුහරයට සාප කරමින් නිර්මාණය කරන ලද පෝස්ටු හා ලියන ලද කමන්ටු මුහුණු පොතෙහි බහුලව දකින්නට තිබේ. පොදු ජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශවය මේ වන විට තම පක්ෂ නායකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරියට ගෙන එමින් ප්‍රචාරක රැස්වීම් පවත්වා ගෙන යයි.එහිදී පක්ෂයේ ඉදිරි පෙළ නියෝජනයන් නාමල් රාජපක්ෂ හඳුන්වන්නේ පොඩි සිංහයා ලෙසටය. එහෙත් මේ හැඳින්වීම සමාජගත වෙමින් පවතින්නේ අප්පා මයිනා බාප්පා කපුටා "පුතා බූරුවා" ලෙසටය.  ඊයේ පැවැති ක්‍රිකට් තරඟය ප්‍රචාරයේදී පොදු ජන පෙරමුණු ධජය ප්‍රදර්ශනය කරවීමද  බූරුවා නොහොත් නාමල් රාජපක්ෂගේ උපදෙස් මත සිදු වූ ක්‍රියාවක් බව අනාවරණය වේ.එහිදී ඔහුගේ සැළසුම වී තිබුණේ ඉන්දියාව පරදවා අපේ ර⁣ට ජයග්‍රහණය කෙරුවේ නම්  සංවිධානාත්මකව නැවත ජාතිවාදී ආකාරය

නීතියට එකඟව තීන්දු දුන් විනිසුරුවරුන් ස්ථාන මාරු කර යැවීමෙි කූඨ සැළසුමක් හෙළිවේ

Image
  කොළඹ අධිකරණ වල මේ වන විට සේවය කරන  විනිසුරුවරුන් කිහිප දෙනෙකු ඉතා සැළසුම් සහගතව ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇති බවට හෙළි වී ⁣තිබේ.මෙලෙස ස්ථාන මාරු කර යැවීමට කටයුතු කර ඇති විනිසුරුවරුන් ආණ්ඩුවේ හා දේශපාලන ඕනෑ එපාකම් අනුව තීන්දු තීරණ නොගන්නා නීතියට එකඟව සිය රාජකාරිය ඉටු කරන අය වේ. එම විනිසුරුවරුන් අතර මහාධිකරණ විනිසුරුවරුන්වන ආදිත්‍ය පටබැඳි, අමල් රණරාජා ,මංජුල තිලකරත්න හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිටින බව අනාවරණය වී තිබේ. පසුගිය කාලයේ කොළඹ පැවැත්වූ මහජන උද්ඝෝෂණ කඩා කප්පල් කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය ඉල්ලා සි⁣ටින ලද නියෝග නොදී සාමය කඩ වීමක් සිඳුවුව හොත් පමණක් ඒ අනුව ක්‍රියා කරන්නට පොලීසියට හැකි බව පෙන්වා දී මහජනතාවගේ අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය ආරක්ෂා වන ආකාරයට තීන්දු ගණනාවක් දෙන ලද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වේ. අයිසීපීආර් පනත යටතේ සැක පිට බන්ධනාගාරගත කරන ලද නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හැරීමට නියෝග කරමින් අයිසීපීආර් පනතේ වගන්ති නිර්වචනය කොට එම වගන්ති ක්‍රියාත්මක කළ යුත්තේ කවර නෛතික පදනමක් යටතේද යන්න සඳහන් කර විශිෂ්ඨ නඩු තීන්දුවක් දෙන

හරක් කටා නාඩගම නිසා ටිරාන් අලස් ගේ පොලිස් ඇමතිකමට කෙල වෙයිද

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටි නඳුන් චින්තක නොහොත් හරක් කටා එහි බොහෝ නිළධාරීන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ෂන වලදී හෙළි  වී ඇතැයි බොහෝ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.අපට ඒ මාධ්‍ය පිළිබඳව කියන්නට ඇත්තේ අනේ ඔබලා හරි චූටියි කියාය. ඒ මන්ද යත් නඳුන් චින්තක නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුක් ගන්නා රාළ බවට පත් වී සිටින බව අප වාර්තා කරන ලද්දේ ඔහු අත් අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රැඳවුම් නියෝග ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගෙන සතියක් හමාරක් යන විටය.⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන්ගේ බැංකු ණය තුරුස්,උකස්කර බේරා දීමට නඳුන් චින්තක මැදිහත් වූයේ වෙස්සන්තර විදියටය.මොහුට විදේශ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට දුරකථනය දුන් සීඅයිඩී නිළධාරීන් හට එක් ඇමතුමක් සඳහා ලක්ෂ එකහමාරේ සිට ලක්ෂ දෙක දක්වා මුදලක් ගෙවා ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.ඇතැම් නිළධාරීන් මොහුට සුපිරි ආහාර වර්ග ගෙනවිත් දී ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත. මේ සියළු තොරතුරු පොලිස් විමර්ශන  වලින් දැන ගැනීමට පෙර ලංකා දවස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා පිළිබඳව

ඒඇස්පී ළමාහේවාගේ පැටිකිරිය ගැන ලංකා දවසේ පල කළ තොරතුරු තහවුරු වී තිබේ.

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා සමග පෞද්ගලිකව සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වීමත් සමග සහකාර පොලිස් අධිකාරී පියල් රංජන් ළමාහේවා සීඅයිඩී සිට හැටන් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට මාරු කර යවා තිබේ. සහකාර පොලිස් අධිකාරි ළමාහේවා ගේ විෂමාචාර ක්‍රියා කළාපය අප විසින් වාර්තා කරන ලද්දේ අද ඊයේ සිට නොවේ.මෙම පොලිස් නිළධාරියා මී⁣ට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරු කර යවා ඇති අංක එකේ දූෂිත පොලිස් නිළධාරියෙකි.  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ අංක බී 3932/11 දරණ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනා ඝාතන නඩුවේ විමර්ශන නිළධාරියා ලෙස සීඅයිඩීය නියෝජනය කිරීමට අපොහොසත් වීම නිසා මොහුට එරෙහිව චෝදනා පත්‍රයක්  දී ති⁣බේ.එම චෝදනා මත 2012/04/01 දින ඔහුගේ වැඩ තහනම් කරන ලදී.ඉන් අනතුරුව මොහුට එරෙහිව විෂමාචාරය,වංක බව යන චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ලබා දීමෙන් අනතුරුව මොහු වරද පිළිගෙන ඇත. කෙසේ වෙතත් මොහු කිසිදු හේතුවක් නැතුව නැවත සේවයේ පිහිටුවා ඇති අතර 2006/06/01 සිට 2001/04/01 දක්වා පසුදාතම් කර පොලිස් පරීක්ෂක ධූරය පවා ලබා දී ඇත

කංකං බූරු සිංසිඤ්ඤෝරු- අගමැති පිළිපදින්නේ කාගේ නියෝගයද ?

Image
  ජනපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති දිනේෂ් ගුණවර්ධන සමග කංකං නෝරු සිං සිංඤේඤෝරු ක්‍රීඩාව අරඹා ඇතැයි වාර්තා වේ. අපි පුංචි කාලයේ කංකං බූරු සෙල්ලම කර තිබේ.කංකං බූරු සෙල්ලමට කියන දේ අහන අය සිටිය යුතුය . කංකං බූරු එකෙක් කියයි. සිං සිංඤ්ඤා්රු අහන පිරිස පිළිතුරු දෙති. මං කියන දේ අහනවද පළමුවැන්නා අසයි. ඔව් යැයි පිරිස එකඟ වෙයි. මෙහිදී මං කියන දේ අහනවද" යන ප්‍රශ්ණයෙන් විමසන්නේ මාගේ නියෝගය  පිළිපදිනවාද යන්නය. අනතුරුව පළමුවැන්නා නියෝගය දෙයි.ඒ දුවල දුවල ගිහින් පෙන්වන හෝ හඳුන්වන ⁣යමක් ගෙන එන ලෙසය.පිරිස තරඟයට දිව යන්නේ ඒ නියෝගය ඉටු කරන්නය. කංකං බූරු සෙල්ලම කරන්නේ එහෙමය. පසුගියදා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සනුහරය අගමැති දිනේෂ් ගූණවර්ධන කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.එ⁣හිදී දිනේෂ් ගුණවර්ධන  ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ කවර පාර්ශවය සමඟද යන්න ගැන සාකච්ඡා කෙරුන බව වාර්තා වේ. කෙසේවෙතත් මේ වන විට විදේශ සංචාරයක නිරතව සිටින ජනපති රනිල් වික්‍රමසිංහට අගමැති දිනේෂ් ගුණවර්ධන හා රාජපක්ෂ පාර්ශවය අතර පැවැති සාකච්ඡාව පිළිබඳව ආරංචි වී ඇත.ඉන් අනතුරුව ජනපතිවරයා සාගල රත්නායකට දැ

මාලිමාව මහව සමූපෙන් වැඩ අරඹයි

Image
  මාලිමාවට බලය හිමි වුන මහව සමූපකාර සමිතිය අද අඹන්පොල සුපිරි වෙළඳ සංකීර්ණයක් විවෘත කෙරුවා. ජනතා විමුක්ති පෙරමුණේ එහෙමත් නැතිනම් මාලිමාවෙ එවුන්ට පෙට්ටි කඩයක්වත් හරියට කරන්න බැරිය කියල අඳෝනා ,අපහාස කරපු අයට දැන් මොකද කියන්න තියෙන්නෙ. සමහරවිට මාලිමාවෙ එවුන්ට පෙට්ටි කඩයක්වත් කරන්න බැහැ කියල එයාල කිව්වෙ "හොරකම් කරන්න දන්නෙ නැහැ"කියන එක වෙන්නත් පුළුවන් . 

චැනල් 4 පාස්කු ප්‍රහාරය වැඩසටහන ගැන සෙවීමට ජනපති කමිටුවක් පත් කෙරේ

Image
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 මගින් ප්‍රචාරය කරන වැඩ සටහන සම්බන්ධයෙන් විර්ශනය කර වාර්තාවක් සැපයීමට ජනපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම් ගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.එම කමිටුවේ අනිකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි හා ජනාධිපති නීතිඥ හර්ෂ එස් සෝසා වේ.

පාස්කු බෝම්බය පිළිබඳ විශේෂඥයන් වැහි වැහලා

Image
  චැනල් හතර පසුගියදා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වැඩ සටහනත් සමග එම ඛේදවාචකය ගැන මෙරට අමුතු අමුතු  හැඩයේ කියුම් කෙරුම් සමාජගත වෙමින් පවතී.පාස්කු බෝම්බ ප්‍රහාරය සිඳු වූ දින වල මේ සිද්ධියට රාජපක්ෂලා ගේ සෘජු සම්බන්ධතාවක් පැවතියේයැයි මොර දුන් මේල් නර්ස් සමන් හා ඒ සමාන නඩය මේ වනවිට ඒ සිද්ධිය ගැන  බණ්ඩක්කා න්‍යායෙන් ඥං පඥං ගාන හැටි දකින්නට අහන්නට පුළුවන. රාජපක්ෂ බංගලාවෙන් පිළිකන්නට විසි වී සිටි පනික්කි විමලයා හා ගොම්මන්පිලට චැනල් හතර ඉදිරියට දමා  නැවත රාජපක්ෂ  බංගලාව ඇතුළට සෙට් වීමට චාන්ස් එකක්ද ලැබී තිබේ. දැන් මේ රටේ පෙට්ටි කඩ වල හවසට ආප්ප දාන බාස් උන්නැහේලාද පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වූයේ මෙහෙමය අරෙහමය කියන තරම⁣ට බෝම්බ විශේෂඥයින් බවට පත් වී යූ ටියුබයේ දේශනා දෙන හැටි බැලීම මාර ආතල්ය. ඒ අතරේ පොලීසියේ සේවය කරද්දී කරන තරමක් නසරානි නොසන්ඩාල පජාත කෙරුවාවල් වලට සම්බන්ධ වී දැන් පැන්ෂන් ගොස් සිටින පොලිස් කාරයන්ද පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රහ්ම ටෝක් දෙමින් සිටී.ඊයේ පෙරේදා දවසක මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අසුචි බෙට්ටක් ලෙස සැළකෙන වාචාල  චමුදිත සමග සාකච්ඡාවක නිරත වන

උන් ඔක්කොම යාළුවෝ මල්ලී

Image
  එදවස යහපාලන ආණ්ඩුවක් පිහිටුවීම⁣ සදහා මහත් අපේක්ෂාවන් සහිත සිටි මිනිසුන් අතර කහවත්තේ ශාන්ත දොඩංගොඩ නොහොත්  ඩී.ජී.සුනිල් පෙරේරාද සිටියේය.දිනය 2015 ජනවාරි 05 වනදාය.සුනිල් ශාන්ත එදින අලුයම සිය අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් කහවත්තේ සංවිධානය කළ ප්‍රචාරක රැළියේ වේදිකා සැරසිලි වලට සම්බන්ධ විය. සුනිල් ශාන්ත ඇතුළු කණ්ඩායමට ඒ අවස්ථාවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් ඔහු මරණයට පත් වූයේය.ඔහුට  රැස්වීම් භූමියේදී වෙඩි වැදීමෙන් පසු සිඳු වූ දී මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ ඔහුගේ පුත්‍රයාය. "....මම තාත්ත ළඟට යනකොට බඩවැල් එළියට ඇවිල්ලා.එතකොටත් තාත්තට සිහිය නෑ.තාත්ත මගේ අතින් අල්ලගෙන හිටියෙ.මම ඇම්බියුන්ස් එකට නගින්න හදන කොට තාත්තා කිව්වා නෑ පුතේ ඔයා ගෙදර යන්න.මම ඉක්මනට එන්නම් .අම්මයි අක්කලයි බලාගන්න.මගේ තාත්ත ජීවිත කාලයට මගෙන් එහෙම ඉල්ලීමක් කරල නෑ.ජීවිතේ ඉල්ලපු එකම දේ එච්චරයි.." මම එන්නම් කියා ඇම්බියලන්ස් එකෙන් ගිය සුනිල් ශාන්ත නැවත ගෙදර ආවේ නැත.2015 ජනවාරි 07 වන දින ඔහු රත්නපුර මහ රෝහළේදී මිය ගියේය. එම මිනිස් ඝාතනයට වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට එල්ලු