ට්‍රෲත් ඔෆ් වාචලයන්ගේ සැබෑ ස්වරූපය මෙන්න
- Get link
- X
- Other Apps
- පාස්කු ඛේදවාකය පිළිබඳව චැනල් හතර විකාශනය කළ තොරතුරු ප්‍රකාශනය සමග වඩාත් රිදුනේ බල්ලාට නොවේ.බල්ලාගේ ශරීරයේ ලේ උරා බොමින් සිටි කිනිතුල්ලන්නටය.බල්ලාද ඉන් අන්දුන් කුන්දුන් වී ගිය බව හොඳටම දකින්නට තිබුණු කාරණයකි.රනිල් හාමු ගේ පාර්ශවය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට ප්‍රකාශ කරද්දී ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන ලද්දේ චැනල් හතර නාලිකාව විකාශනය කළ වැඩ සටහන සම්පූර්ණයෙන් අසත්‍ය බවය.ඉන් පැහැදිලි වූයේ රනිල් හාමු ගේ ආණ්ඩුව හා ආරක්ෂක අමාත්‍යංශය අතර යා දෙක නොරත රත සමග පෑසීමක් නැති වටපිටාවක් පවතින බවය.සමහර විට ආරක්ෂක අමාත්‍යංශය තවමත් හසුරවන්නේ මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපා නම් වලට යටත්ව වෙන්නට ඕනෑය.ඒ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න තඹ දොයිතුවකට විස්වාස කළ නොහැකි අවස්ථාව ලද විට පාවා දෙන්නෙක් නිසාය.චැනල් හතර නාලිකාව විකාශනය කළ එම වැඩසහන පිළිබඳව මිල්ටෙරි නන්දසේන පාර්ශවයෙන් නිකුත් කරන ලද ප්‍රකාශයත් ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයත් අතර ලේ සබඳකමක් මතුවන බව ඒවා කියවන දැනුම් තේරුම් ඇති ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.දැන් අප මෙහි අනාවරණය කරන්නේ මේ වැඩ සටහනින් තිගැස්මට ලක් වූ බල්ලාගේ ශරීරය මත සිටි කිනිතුල්ලන් ගේ සැබෑ ස්වරූපය ගැනය.එහිදී අපට අතීත කතන්දරයක් කියන්නට අවශ්‍ය වී තිබේ.ඒ ඕපාදූප චීත්තයක් විදියට උදාහරණයට ගත හැකි යූ ටියුබයේ මුදා හැරෙන ටෘෘත් ඔෆ් වාචාලයා ගැනය. මේ වාචාල පුද්ගලයා අයිටීඑන් නාලිකාවේ විකාශනය වන කෝපිකඩේ නාට්‍යයේ අතර කිසිම වෙනසක් නැත.පසුගිය කාලයේ මොහු ගේ නිවසට අසූචි ගැසූ බව මෙරට බොහෝ දෙනා දන්නා කාරණයකි.එම සිද්ධියට සම්බන්ධ සැක කරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නැති බවද සිහිපත් කළ යුතුය. මේ ගැන සොයන්නට පොලීසියටද අවශ්‍යතාවක් නැත.ඒ අවශ්‍යතාව නැතිකම ගැන අප සතුව බොහෝ තොරතුරු තිබේ.ඒ මෙම සිද්ධිය ගැන සැබෑ තතු දන්නා ලංකා දවස ඇමතූ අයෙකු නිසායඔහු අප සමග පැවසූ කතාවෙන් කොටසක් අපි මෙහි පල කරමු."......සර්.....ඔය වාචාල මහත්තයට ගූ ගහන්න කියල කියල කිව්වෙ අහවල් ලොක්ක.එයා අපේ ලොක්ක.අපේ කට්ටිය තමා වැඩේ කෙරුවෙ.ඒත් ප්‍රශ්ණය ඒක නොවෙයි.ඒත් ඊට පස්සෙ දවසක වාචාල මහත්තයයි අපේ ලොක්කයි දවසක් කදේ දාගෙන කන බොනව දැක්කම අපි කරපු සීන් එකේ ඇත්ත මොකද්ද කියල අපට තේරුනේ.අම්මපා සර් මුන් ප්‍රසිද්ධියෙ හම ගහන්න එපාය.ඒව තමා නියම රඟපෑම්...."ඔහු පැවසූ සියල්ල මෙහි සදහන් කර නැත.ගූ නාටකයේ ඇත්ත කතාව ඔහොමය.ට්‍රෘත් ඔෆ් වාචාලයා දෙකයි පනහක් හම්බකර ගෙන කෑමට ඕනෑම කක්කුස්සි වලක් ඉහ ගෙන කන අයෙක් බවට කවුරු හෝ සිතන්නට ඉඩ තිබේ.එහෙත් ඒ සත්‍යය අතර සැඟවුන කාරණයක්ද තිබේ.මොහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඩිකල් මාධ්‍යවේදීන් ගේ හැසිරීම් හා ඉදිරිගාමී ක්‍රියාවන් පිළිබඳව තොරතුරු බුද්ධි සේවාවන්ට තොරතුර සපයන අයෙකි.එබැවින් මේ ට්‍රෘත් ඔෆ් වාචාලයාට රහස් තොරතුරු මූලාශ්‍රයන් සපයන්නන්ට අපට කියන්නට ඇත්තේ බුදු සරණයි කියා පමණය.පාස්කු බෝම්බය පිපිරීමට පළමුව සහරාන් පිළිබඳව සහරාන් ගැන විමර්ශනය කළ ශානි අබේසේකරට එරෙහිව විශ්‍රාමික පොලිස්පතිවරයකු වූ පාලිත සිරිවර්ධන එළියට ගැනීමට ටෲත් ඔෆ් වාචාලයා දැරූ ප්‍රයත්නය කාගේ අවශ්‍යතාවට අනුව සිදුවූවක්ද බව අපට වැටහීමක් තිබේ.චැනල් හතර පාස්කු ප්‍රහාරය ගැන විකාශනය කළ වැඩ සටහනින් වඩාත් තිගැස්සී ඇත්තේ බල්ලාගේ ශරීරයේ ඉන්නා කිනිතුල්ලන් බව මෙහි මුලදී සඳහන් කෙරුවේ ඒ නිසාය.ට්‍රෘත් ඔෆ් වාචාලයා රැකවරණය සපයන්නේ මේ කිනිතුල්ලන්ටය.ඔහු ගණුදෙනු කරන්නේ මේ සතුන් සමගය.
එහෙත් මොහු සිය අනන්‍යතාව සමාජයට ප්‍රකාශනය කෙරෙන්නේ මා තරම් රැඩිකල් මාධ්‍යවේදියකු මෙරට නැති තරමේ කියාය.සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින මෙවැනිම තවත් නරුමයන් කිහිප දෙනෙකු සිටී.සියළු විරෝධතාවන් පිළිබඳ මූලික සාකච්ඡා වලදී සිටම බුද්ධි තොරතුරු සපයන්නන් වී ඇත්තේ මේ වාහෙලාය.අවශ්‍යනම් අප සතුව පවතින එම ලැයිස්තුවේ සිටින තව එකෙකු ගේ නම ප්‍රසිද්ධ කළ හැකිය.ඒ මෙරට මැතිවරණ වල ස්වාධීනත්වය වෙනුවෙන් කැප වෙන බවට රඟ පාමින් විදේශීය අරමුදල් යටි මඩි ගසා ගත් රජිත කීර්ති තෙන්නකෝන් නම් නරුමයාය.මොහුට වැළදී තිබුණේ පාර්ලිමේන්තු නියෝජනය කිරීමේ මාන්දමකි.මොහු ඒ සඳහා සිදු කළ පාවා දීම් අපමණය.අවසානයේදී "විනාඩියකට පමනක්" ආණ්ඩුකාරවරයකු වීමට මොහුට පින පෑදුනේ හිටපු ජනපති මෝඩ සිරිසේනට නාස් ලනුව දා ගැනීමෙනි.ඒ මිනිත්තුවේ ආණ්ඩුකාරකමද මොහුට ඉහටත් උඩින්ය.ඒ ප්‍රභූ සමාජයට ගොඩ වීම සදහා "විනාඩියකට පමනක්" වූ හිටපු ආණ්ඩුකාරකම හිණිමගක් වන බැවිනි.මේ නරුමයා මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු ගැන රහස් ඔත්තු සේවාවන්ට බුද්ධි තොරතුරු සපයා පාවා දුන් අයෙක් බවට අප සතුව ලිඛිත සාක්ෂි තිබේ. රනිල් හාමු ගේ ඔඩොක්කුවට වැදී දැන් සිඳු කරන්නේත් එම කෂඩ කෙරුවාවමය.
මේ හිඟන ලැයිස්තුව බොහෝ දිගය.අවස්ථාවක් ලද සෑම විටකම අප ඒ නම් ගම් අනාවරණය කිරීමට සූදානම්ය.එහෙත් මෙරට විරුද්ධ පක්ෂ වල දේශපාලඥයන්ටත් ,සැබෑ මාධ්‍යවේදීන්ටත් මොවුන් ගැන දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලමු.උගුර යටින් මොර දෙමින් සමාජය වෙනුවෙන් ජීවිතය වුවද කැප කරන්නට සූදානම් බව හඟවන මෙවැනි නරුම නොසන්ඩාලයන් ඩබල් ගේම් කාරයන් විතරමය.ඔවුන්ට අනෙකා ගේ ජීවිතය තඹ දොයිතුවකට වටින්නේද නැත.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment