කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

 


ජාජබ ආණ්ඩුවට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල ගැන අප දිගින් දිගටම තොරතුරු වාර්තා කෙරුවෙමු.ඒ පිළිබදව අලුත්ම තොරතුර වාර්තා වන්නේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙනි.


මෙරටට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මත් ද්‍රව්‍ය ගෙන එන එන මුහුදු තීරයක්⁣ ලෙස සළකෙන්නේ කල්පිටිය මුහුදු තීරයයි.මෙරට සිට ඉන්දියාවට බොහෝ අපරාධකරුවන්ද පලා යන්නේද කල්පිටියෙනි.ගනේමුල්ල සංජීව ඝාතකයා  අත් අඩංගුවට ගත්තේද කල්පිටියට පලා යමින් සිටියදීය.එම ඝාතනයේ සැකකාරියක වන සෙව්වන්දි නැමැත්තිය විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් ඉන්දියාවට පලා යන ලද්දේද කල්පිටියෙනි.

නිමල් ලන්සා ,දුමින්ද සිල්වා නියෝමාල් පෙරේරා වැනි දේශපාලඥයන්ට නීති විරෝධී ජාවාරම් වලදී බොහෝ උදව් උපකාර කරන ලද්දේ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.ඒ.ලක්ෂමන් නැමැත්තාය.⁣පොදු ජන පෙරමුණ වෙනුවෙන් කඩේ ගිය මෙි පොලිස් පරීක්ෂක වරයා කල්පිටිය ⁣පොලිස් ස්ථානයේ වසර හයක සේවා කාලයෙන් පසුව අඩප්පන් පොලිස් ස්ථානයට මාරු කර යවන ලදී.

එහෙත් මේ වන විට මෙම දූෂිත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නැවත කල්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා ලෙස පත් කර තිබේ.මෙම පොලිස් පරීක්ෂක වරයා නැවත කල්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිෂම වෙත ⁣නිර්දේශ කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික ඡෙ.නි.පොලිස්පති රණවීර හා සම්බන්ධීකරණ ලේකම් ගජසිංහ යන දෙදෙනා බවට තොරතුරු වාර්තා වී තිබේ.අප වෙත මේ වන විට ලැබෙමින් තිබෙන තොරතුරු අනුව පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීම සදහා වැබ පොලිස්පතිවරයාගෙන් පවා විමසීමක් නොකර පොලිස් කොමිසම වෙත නිර්දේශ කර යැවෙන්නේ ⁣රණවීර හා ගජසිංහ විසින් බව පැවසේ.

මේ දෙදෙනා තව දුරටත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරි කළ හොත් ජාජබ ආණ්ඩුව ඉදිරියේදී බරපතල අපහසුතාවට පත් වන බව නම් ස්ථිර බව තතු දන්නෝ පවසති.මේ වන විටත් මේ දෙ⁣පල විසින් රජයේ බොහෝ මර්මස්ථාන වලට පොලිස් ඡ්‍යෙෂ්ඨයන් පත් කිරීමේදී පොදු ජන පෙරමුනේ ස⁣ට්ටැඹියන් පත් කරමින් සිටින බවද වාර්තා වේ.මෙය සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ⁣බවට සැක කළ හැකි යැයි ජාජබයට හිතවත් පොලිස් නිළධාරීන් සැකය වී තිබේ.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා