Posts

Showing posts from December, 2023

පාදඩ ටිංරාං හා දේශබන්දු ගේ මැර කොන්ත්‍රාතුවක් ඉටු කරන්නට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ සට්ටැඹි සැරයන්වරයෙක් මරුට

Image
  දේශබන්දුගේ හා ටිරාං ගේ යුක්තියේ මෙහෙයුම තක්කඩි යටිකූට්ටු ගේමක් බව අප දිගින් දිගටම හෙළි කෙරුවෙමු. මේං කොකා මේං නයා ⁣කියමින් ජනතාව තිගැස්සෙන ආකාරයට පොලීසිය හා හමුදාව යොදවා ගනිමින් මත් ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරම් මැඩ පැවැත්වීම  සම්බන්ධයෙන් පික්චර් එකක් පෙන්වමින් ටිරාං  හා දේශබන්දු ගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල තුළ පැවැති යටි අරමුණ අප වටහා ගෙන තිබුණි.ඒ පිළිබඳව අපගේ සිතීම නිවැරිදි බව තහවුරු වන ආකාරයට දිගින් දිගටම පොලීසියේ හා ආරක්ෂක හමුදා බුද්ධි අංශ වලින්ද අප හට  තොරතුරු ලැබුණි. සියල්ල සිඳු වූයේ නාට්‍යාකාරයෙනි.තිරපත ටිරාං හා පොදු ජන පෙරමුනේ මදාවිකාර සහචරයන්ගෙනි.නිෂ්පාදනය දේශබන්දුය.තිර පිටපත තුළ ප්‍රධාන තේමාව වූයේ මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩලීම නිසා ජනපතිවරයාගේ අනුමැතියද ඒ සඳහා ලැබුණි.නාට්‍යය වේදිකා ගත වූයේ සිල්ලර කුඩ්ඩන් අල්ලා ගෙන උසාවි දැමීමෙන්.දේශබන්දු සමග ගණුදෙනු කරන පාතාලයන්ට හෝ ගෝල බාලයන්ට ඉහින් බහින කරදරයක් ඒ මෙහෙයුමෙන් සිද්ධ වූයේ නැත. කොස්ගොඩ සුජීගේ දේපොල ගැන විස්තර අපි ටිරාංට හා දේශබන්දු ගේ වට්ස් ඇප් වලට පවා යොමු කෙරුවෙමු.   එහෙත් ඒ දේපොල තවමත් ය

ඉදිරි ජනපතිවරණය කෙසේ වේවිද

Image
  මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් පැටව් ගසමින් තිබේ.තවත් සමහරු ඉපදීමට පස් මහ බැලුම් බලමින් සිටී.අයෙකු තවම මව් කුසයේය.තව මාස ගණනකදී ජනපති අපේක්ෂකවරුන් පෝලිමක් දැක ගන්නට පුළුවන් වෙන බව නම් ඒකාන්තය. දැනට ප්‍රසිද්ධියේ ජනපති අපේක්ෂක ලැයිස්තුවට එක් වීමට කුරුමාණම් අල්ලමින් ඉන්නේ ධම්මික පෙරේරා, දිලිත් ජයවීර,දයාසිරි ජයසේකර රොෂාන්  වැන්නන්ය.ඒ ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන්ට  අතිරේකවය.ඒ අතරේ ඩඩ්ලි සිරිසේන වැනි ආසයි බයයි අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද වේ. ජනපතිවරණයට තරග කිරීම⁣ට අපේක්ෂා කරන මේ බොහෝ දෙනෙකුට ඉතා සුන්දර සිහින තිබේ.ඔවුන් ගේ කයිවාරුව වී ඇත්තේ රට ගොඩ දමන්නට හැකිවන්නේ තමන්ට පමණක් බවය.මෙවැනි කයිවාරුකාරයෙක් පසුගිය ජනපතිවරණයේදීද දැක ගත හැකි විය.ඒ පල්ලෙවත්ත නම් නීතිඥයකු විය.ඔහු ජනපතිවරණයට පෙර වහසි බස් දෙඩුවේ  ලංකාව රටක් වශයෙන් ලබා ගෙන ඇති ණය ගෙවන්නට හැකි තරමේ වත්කමක් තමන්ට ඇති බවය.එහෙත් ජනපතිවරණයෙන් පසුව මේ කයිවාරුකාරයා අතුරුදන් විය.සැබෑවටම නීතිඥ පල්ලෙවත්තට දැන් හොඳ අවස්ථාවක් පවතී.⁣ඒ බංකොලොත්ව තිබෙන ලංකාව ගොඩ දැමීමය.හතර අතේ විදේශ රටවලින්  ලබා ගෙන  ඇති ණය ගෙවා දමා නියම දේශ

බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මරා දැමූ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට පොලීසිය බය වෙලා

Image
    මෙරට පාලකයන් සිටින්නේ නීතියට ඉහළින් බව ජනතාවට හැඟී යන බොහෝ අවස්ථාවන් පසුගිය කාලයේදී දැක ගත හැකි විය.එවැනිම අත්දැකීමක් මේ වන විට ජනතාවට දැක ගන්නටද පුළුවන් වී තිබේ.ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගත් ව්‍යාජ ඉමියුනෝග්ලොබියුන්  පිළිබඳව පවතින  අධිකරණමය විභාගයේදී අනාවරණය වෙන තොරතුරු නිසාය.මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවිභාගයේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද්දේ එම එන්නත් වංචාව සිඳු කරන ලදැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ සියලු පුද්ගලයන් තරාතිරම නො⁣බලා අත් අඩංගුවට ගන්නා ලෙසය. එහෙත් මෙම එන්නත සැපයූ සැපයුම්කරු ,අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා  හා වෛද්‍ය සැපයුම් අංශයේ  කිහිප දෙනෙකු අත් අඩංගුවට ගත් නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත් අඩංගුවට ගන්නවා තබා ප්‍රශ්ණ කිරීමටවත් කැඳවූයේ නැත.ඒ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සීඅයිඩීය තම නිල නිවසට ගෙන්වා ප්‍රකාශයක් ලබා දුන් බව පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. මේ වන විටත් පොලිස් පරීක්ෂණ වලට අනුව මෙම එන්නත් මිලයට ගැනීමේදී සෞඛ්‍ය අම

ගාල්ල මහේස්ත්‍රාත්වරයා ⁣ටිරාං හා දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුමට රෙදි අන්දයි

Image
    ගාල්ල මහේස්ත්‍රාත්වරයා විසින් තම අධිකරණ කළාපයේ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් ප්‍රකාහයට පත් කරමින් දන්වා ඇත්තේ  2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් (ප්‍රතිකාර හා පුනුරුත්ථාපනය)පිළිබඳ පනතේ 10(1)(2) සහ (3)උප වගන්තිවල කාර්ය පරිපාටිය අනුගමනය කිරීමකින් තොරව පදනම් විරහිතව අධිකරණයට තැනැත්තන් ඉදිරිපත්  කිරීම සම්බන්ධයෙන් දැනට සිදු කරමින් පවතින අවිධිමත් කාර්ය පරිපාටිය නිවැරිදි කරන ලෙසය. මෙහිදී ගාල්ල මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ එම නීතිමය ප්‍රතිපාදන යටතේ යම් තැනැත්තකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී පොලිස් නිළධාරියා විසින් අදල තැනැත්තා රජයේ වෛද්‍ය නිළධාරියකු වෙත ඉදිරිපත් කර අන්තරායදායක ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තකු බවට සනාථ කර ගැනීමෙන් පසු වැඩිදුරටත් ඒ තැනැත්තාගේ ඇබ්බැහිවීමේ ප්‍රමාණය ප්‍රතිකාර මධ්‍යස්ථානයක අනිවාර්ය ප්‍රතිකාර සහ පුනුරුත්ථාපනය සඳහා යැවිය යුතු මට්ටමට නිර්දේශ ලබා ගෙන තිබිය යුතු බවත් මෙවැනි පුනුරුත්ථාපන නීති සම්බන්ධයෙන් අපරාධයකට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල ක්‍රමවේදයකට අනුව ක්‍රියා කළ යුතු බවත් හා එවැනි තැනැත්තකු රක්ෂිත බන්ධනාගාරගත කිරී

මැඩිල්ලේ ප්‍රඥාලෝක ⁣මිනිස් ජාවරම්කරුවෙක් බව හෙළිවේ

Image
  මහින්ද රාජපක්ෂ පවුලට සම්බන්ධ මෙරට චීවරධාරියකු වන මැඩිල්ලේ ප්‍රඥාලෝක විසින් මහා බ්‍රිතාන්‍යයට භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට වීසා ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක බර්මින් විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප හිමියන්  ගේ ලිපි ශීර්ෂ සහ අත්සන කූඨ ලෙස යොදා ගෙන ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහනක් පල කර ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බර්මින් විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප හිමියන් විසින් මැඩිල්ලේ ප්‍රඥාලෝක තමන්ගේ නම භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද අනුග්‍රාහක ලිපි යොදා ගනිමින් යම් යම් පුද්ගලයන් වෙත ලබා දී ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා අය කර ගෙන ඇති බවට සඳහන් කර තිබේ. මෙයට පෙර මැඩිල්ලේ ප්‍රඥාලෝක විසින් පවත්වාගෙන යන මෙම මිනිස් ජාවාරම පිළිබඳව තමන් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් සිදු කළ බවත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කළද පසුගිය මාස කිහිපය තුළදී එම පරීක්ෂණය යටපත් වූ බවද එහෙත් තමන් වහන්සේ විසින් මෙම වංචාව පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර

සුනාමියට හසුව මියගිය හඳුනා නොගත් 137 දෙනෙකුගේ අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පීඨයේ තවම තියෙනවා

Image
  සුනාමි ඛේදවාචකය සිඳුවී අදට හරියටම වසර දහනවයකි.එදින මෙරට දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ පැරූලිය හා තෙල්වත්ත යන ප්‍රදේශවලදී උදම් රැළ පහරට හසුවූ දුම්රිය  තුළ සිටි මගීන් විශාල පිරිසක් මරණයට ගොදුරු විය. මෙම ඛේදවාචකය සිඳුවී ගෙවී ගිය මාස නවයක් අතර කාල⁣යේදී ⁣තෙල්වත්ත හා පැරෑලිය ප්‍රදේශවල පිහිටි කඩොලාන සහිත වගුරුබිම් වල තිබී සොයා ගත් හඳුනා ගැනීමට නොහැකි වූ පුද්ගල මළ සිරුරුවල අස්ථි කොටස් 137 ක් මේ වන විටත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් ⁣කර තිබෙන බව එහි ⁣විශේෂඥ වෛද්‍ය මහචාර්ය යූ.සී.පී.පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මෙම මළ සිරුරු වල අස්ථි කොටස් ⁣පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සදහා යොදා ගන්නා බවද ඔහු එහිදී  පවසා ඇත.⁣එලෙස සොයාගත් මළ සිරුරු වල කොටස් සමග හමුවූ එම පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම්,උපැස් යුවලවල් පවා තවමත් සුරක්ෂිතව පවතින බවද මහචාර්ය වෛද්‍ය වරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ. මෙම ප්‍රවෘත්තිය ලංකා සර මාධ්‍යවේදී පෝද්දල ලලිත් චාමින්ද වාර්තා කර තිබුණි.

වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු ගෙ කල්ල මරේ සම්බා හාල් ආනයනය

Image
  මෙරට වෙළඳ පොළ තුළ කිරි සම්බා හාල් හිඟයක් පවතින නිසා එම සහලට සමාන GR 11කාණ්ඩයට අයත් සහල් මෙට්‍රික් ටොන් 50000ක්ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කර තිබේ.ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වේ. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව සහල් ආනයනය කරුවන් හදුනාගැනීමේ ප්‍රමිතිගත ක්‍රමවේදය නොසලකා අමාත්‍යවරයා විසින් වෙළඳ අමාත්‍යංශ ලේකම්වරයා වෙත එස්එම්එස් පණිවුඩයක් එවා නියෝග කර ඇත්තේ එහි සඳහන් ව්‍යාපාරිකයන්ට එම සහල් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසය. ඇමතිවරයා  විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත එවා ඇති එස්එම්එස් පණිවිඩයේ සඳහන් වී ඇත්තේ පහත නම් සඳහන් ව්‍යපාරික පිරිස වේ. AZEEZ BROTHERS BENSON TRADERS RTS FOODS LTD ENSEN TRADING LTD VD HOLDING NANDANA ENTERPRICE GANAM IMPORTS PULSES PROCESDING LTD BARIK ENTERPRIZE PMMOHOMED ALI LTD මෙම ව්‍යාපාරික ආයතන සහල් ගෙන්වීම සඳහා තෝරාගත් පදනම කුමක්ද යන්න පැහැදිලි නැත.විවෘත දැන්වීමක් මගින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමාත්‍යවරයාගේ පෞද්ගලික ඕනෑකම මත මෙම ගනුදෙනුව සිදු වෙමින් පවතින බව අමාත්‍යංශ ආරංචි මාර්ග වලින් ප

කවුද අඩෝ අපේ ඇමතිතුමාට තර්ජනය කරපු එකා

Image
  පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනපති කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අප තිගැස්සන සුළුය.සාකච්ඡාවේදී බොහොම උණුසුම් ලෙස මේ දිනවල පැවැත්වෙන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ගැන කතා විය. පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනපති කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අප තිගැස්සන සුළුය.සාකච්ඡාවේදී බොහොම උණුසුම් ලෙස මේ දිනවල පැවැත්වෙන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ගැන කතා විය. ඒ මාධ්‍ය හමුවේදී ටිරාන් අලස් මෙසේ කීවේය. ඒ මාධ්‍ය හමුවේදී ටිරාන් අලස් මෙසේ කීවේය. සමහර අය පොලීසියේ වැඩ විවේචනය කරනවා.සමහර අය හිතනවා එහෙම බලපෑම්වලට නවත්වයි කියලා.නෑ එහෙම වෙන්නෙ නෑ.මේක පටන් ගන්න කලින් මම ජනපති තුමා හමුවුනා. එතුමට විස්තරය කිව්වා.එතුමා කිව්වේ මොකද්ද මට ඕන කුඩුයි,පාතාලෙයි මේ රටෙන් තුරන් කරන්න.ඔයා ඕන ඇක්ෂන් එකක් ගන්න.මට කියන්න ඒකට ඕන දෙයක් මොනව හරි තියෙනවානම් මට ඒක කියන්න. ජනපතිතුමයි මමයි ඉන්නකම් මම හිතන්නෑ කාටවත් බලපෑම් කරල මේක නවත්වන්න පුළුවන් කියලා.කුඩු බෙදා හරින ජාලය සහ ඊට සම්බන්ධ පාතාලය ඉලක්ක කරගෙන මේ මෙහෙයුම  දියත් කරලා තියෙන්නෙ .බුද්ධි අංශ වලින් හදල තිබුණා 4665 ක

අවජාතක ටිරාන් ගැන අපේ සත දෙක

Image
    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ගැනඅපටඇතිවන්නේදැඩිකණගාටුවකි.ලැජ්ජාවකි. හිරිකිතයකි.ඔක්කාරයකි.මාධ්‍යවේදීන් තුට්ටුවට දෙකට චීත්තය ඔසවන ගණිකාවන් ලෙස රූපාන්තරය වී තිබේ. ටිරාන් අලස් හා දේශබන්දු ගේ කුකුල් මස් කෑල්ලට හා අරක්කු කාලට පස්ස උස්සා දෙන  ඊනියා මාධ්‍යකාරයන් යැයි කියාගන්නා මේ පාහර පිංගුත්තරයන් සමාජය ඇද දමන්නට උත්සාහ කරන්නේ බරපතල අඳුරු ප්‍රපාතයකටය. යුක්තියේ මෙහෙයුම නමින් දැන් මෙරට සිද්ධ ⁣වන්නේ 89 බටලන්ද වදකාගාරයේ නව අත් හදා බැලීමය.අධිකරණමය නීතිමය ක්‍රියාවලිය බල්ලාට දමා ටිරාන් හා බන්දු ජෝඩුව රඟන මේ රැඟිල්ලට අත්පුඩි ගසන ⁣හුරේ දාන විසිල් ගහන උපාසක උපාසිකාවන්ට කක්කා බර හැදෙන්නේ තමන්ට කෙල වුන දවසටය.එහෙමත් නැතිනම් තමන්ගේ දරු⁣වෙකු මාංචු විලංගු දමා කූඩු කළ විටදීය. මාධ්‍ය පිංගුත්තරයන් ටික ටිරාන් බන්දු ඩබලගේ කක්කා පස්ස ලෙව කන තරමට හීලෑ වී තිබේ.අද මේ පිංගුත්තර රැළ කැඳවා ටිරාන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වද්දී ඔහුට ආ දුරකථන ඇමතුමක⁣ට පිළිතුරු දෙන සංදර්ශනාත්මක වැඩක් රටට දකින්නට හැකි විය.ටිරාන් අලස් හිතාගෙන ඉන්නේ මේ රටේ හැම එකාම පූනක්කු බොන ගොන් වස්සන් විදියටය.මේ දුරකථන ඇමතුම ගානට සැළසුම් කළ එකක් බව හො

ටිරාන් අලස්ට එරෙහිව නීතිඥ සංඟමය සටනට බසී

Image
  පාතාල සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දු⁣ටු පමණින් වෙඩි තබා ඝාතනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දුන් අනීතික නියෝගය හෙලා දකින බවත් ,මෙරට නීති පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙන විට අපරාධකරුවන් තමන්ට කැමති ආකාරයට ඝාතනය කිරීමට ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංඟමය අවධාරණය කර සිටී. නීතිඥ සංගමය මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙරට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මෙලෙස සිදු කළ ප්‍රකාශය ඉතා බරපතල බවත් නීතිඥ සංඟමය එම ප්‍රකාශය හෙලා දකින බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න  පවසා සිටින ලදී. ඔහු මෙසේද පැවසීය රට තුළ  විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසින් පාලනය කරන පාලන ක්‍රමයක් තිබියදී ආණ්ඩුවේ ඡ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද ? මේ රටේ අධිකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යන නීති පද්ධතියක් තියෙද්දි දැක්ක ගමන් මිනිසුන් ඝාතනය කරන්න මේ රටේ තියෙන්නෙ පොලිස් රාජ්‍යයක් නොවෙයි. ටිරාන් අලස් අමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී

ටිරාන් ගේ හා දේශබන්දුගේ තක්කඩි ගේම් ගැන ඇත්ත කතාව මෙහෙමය

Image
  ඇමති ටිරාන් ගේ හා වැබ පො දේශබන්දු ගේ හෙරොයින් මර්දන  විහිළු නාටකය දේශපාලනික ප්‍රබලයන්ගේ දෙදෙනෙකුගේ බලය පිළිබඳ ආරවුලක අතුරු ප්‍රතිඵලයක්  බව අනාවරණය වී තිබේ.   එය විශ්වාස කළ නොහැකි එහෙත් සිඳු වෙමින් පවතින සත්‍යයකි.මෙම දෙශපාලන ආරවුල ඇති වී තිබෙන පාර්ශවයන් දෙක වන්නේ සාගල රත්නායක හා වජිර අබේවර්ධනයන්ය. සාගල රත්නායක ජනපති රනිල් වික්‍රමසිංහ සමීපයේ සිටිනවා දකින්නට වජිර අබේවර්ධන අකමැතිය.වජිර අබේවර්ධන නිතර උත්සාහ කරමින් සිටින්නේ සාගල හා ජනපතිවරයා අතර පවතින සම්බන්ධය බිඳ වීමටය. ටිරාන් අලස් හා දේශබන්දු තුරුම්බුව වජිර අබේවර්ධන පිටියට දමන්නේ ඒ නිසාය.ඒ අතරේම වජිර අබේවර්ධන රාජපක්ෂ පවුල සමග ගණුදෙනු කරමින් සිටී.කොටින්ම කියතොත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනපතිවරයාට සම්බන්ධ කරමින් තිබෙන්නේ වජිර අබේවර්ධනය. රාජපක්ෂ පවුලේ අවශ්‍යතාව මත හා ටිරාන් අලස් ගේ මැදිහත්වීම මත දේශබන්දු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනපතිවරයා පොළඹවන්නේද වජිර අබේවර්ධනය. මේ හොරොයින් මර්දන නාටකය මිල්ටෙරි නන්දසේන බලයට ගෙන ඒමට නිෂ්පාදනය කළ කැලණි නයා නාටකයේ දෙවැනි කොටස ලෙස හැඳින්වූවත් එය නිවැරිදිය.එක ගලෙන් කුරුල්ලන

ඇමති ටිරාං ගේ හා වැබ දේශබන්දුගේ ඇස්බැන්දුම් පාතාල මර්ධනේ

Image
  ඇමති ටිරාන් අලස් පාතාල මර්ධනය හෙට සිට අරඹන බව විශේෂ ප්‍රවෘත්තියක් ලෙස අද (16)සිරස වාර්තා කරන ලදී.සිරසට ටිරාන් අලස් පිළිබඳව අමුතු ප්‍රේමයක් හට ගෙන තිබීම සැකයක් මතුවන කාරණයකි.පොදුජන පෙරමුණේ සම්මේලනයට ගිය ඇමති ටිරාන් අලස් හිටියේ මාර ගැම්මකිනි. රාජපක්ෂලාට එරෙහිව ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කිසියම් හෝ සැලසුමක් දියත් කෙරේ සැලසුම කුඩේ කුඩු කරන්නේ ඇමති ටිරාන් අලස්ය. ජනපතිවරයාට පොලිස් ඇමති කමෙන් ටිරාන් අලස් ඉවත් කිරීමට බැරි තරමේය.දැන් ටිරාන් අලස් හා වැබ දේශබන්දු ජනපති රනිල් වික්‍රමසිංහට හා සාගල රත්නායකට පවා අභියෝග කරමින් සිටී. ටිරාන් අලස්ට මේ හයිය පොම්ප කරන්නේ පොදු ජන පෙරමුණේ මැති ඇමති වරුන්ය.මෙහි අවසානය බරපතල අර්බුදයක් බව නම් අපට සහතිකය. ටිරාන් අලස් ඊයේ පැවති රැස්වීමකදී මෙරට නීතිඥ ප්‍රජාව හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ලදී.හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ වරුන් එම සැකකරුවන් සමග හෙරොයින් ජාවාරම් වල නිරත වන්නන් බවට ප්‍රකාශ කිරීම ඉතා බරපතල ප්‍රකාශයකි.ටිරාන් අලස් නීතිඥ ප්‍රජාව පිළිබඳව සිදු කළ එම

කොස්ගොඩ සුජී ගේ නියෝග මත වැබ පොලිස්පති දේශබන්දු රාජකාරි කරන බව හෙළිවේ

Image
  වැබ පොලිස්පති දේශබන්දුගේ ⁣හෙරොයින් මර්ධන වැඩපිළිවෙල එක්තරා බිහිසුනු යටි බිම්ගත සැලසුමක් බවට මේ වන විට හමුදා බුද්ධි අංශ වෙතින් අනාවරණය වේ.මෙහිදී දකුණු පලාතේ අම්බලන්ගොඩ බලපිටිය කොස්ගොඩ හා රත්ගම ආවරණය කරමින් පාතාල මර්ධනය සඳහා යැයි ප්‍රකාශ කරමින් දියත් කර ඇති එස්ටීඑෆ් මෙහෙයුම්වලින් අත් අඩංගුවට ගන්නේ කොස්ගොඩ සුජීවට එරෙහි ප්‍රතිවාදී කණ්ඩායම් වල සාමාජිකයන් පමණක් බව හමුදා බුද්ධි අංශ වලට නිරීක්ෂණය වී තිබේ.  මේ වන විටත් කොස්ගොඩ සුජීට එරෙහිව සිටින පාතාල ක්‍රියාකාරිකයකුවන ජයලත් සුද්දාා⁣ගේ ගෝලයකු හා ඌරගහ එස්එෆ් ඉන්දිකගේ ගෝලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති අතර රතුගම විදුර හා සම්බන්ධව සිටින ඔහුගේ ගෝලයන්ගේ නිවාස වලටද විශේෂ කාර්ය බලකාය කඩා පනිමින් සිටී.එහෙත් කොස්ගොඩ සුජී හා සමිබන්ධ මෙරට සිටින කිසිම පාතාල ක්‍රියාකාරිකයකු ගේ නිවාස සෝදිසි කිරීමට විශේෂ කාර්ය බලකාය මැදිහත් වීමක් වන්නේ නැති බවද හෙළි වී තිබේ.   බුද්ධි බලකායේ ඡ්‍යෙෂ්ඨයකු මරා දැමීමට සැළසුම් කරමින් සිටි සුජීගේ වෙඩික්කරු අබිරහස් ලෙස මිය යාම විශේෂ කාර්ය බලකායේ සුජී ⁣හිතවත් පාර්ශවයේ දැඩි කෝපයට හේතු වී ඇති බවද හෙළිවේ.මෙම වෙ

ඇමති ටිරාං ගේ හා වැබ දේශබන්දුගේ ඇස්බැන්දුම් පාතාල මර්ධනේ

Image
    ඇමති ටිරාන් අලස් පාතාල මර්ධනය හෙට සිට අරඹන බව විශේෂ ප්‍රවෘත්තියක් ලෙස අද (16)සිරස වාර්තා කරන ලදී.සිරසට ටිරාන් අලස් පිළිබඳව අමුතු ප්‍රේමයක් හට ගෙන තිබීම සැකයක් මතුවන කාරණයකි. පොදුජන පෙරමුණේ සම්මේලනයට ගිය ඇමති ටිරාන් අලස් හිටියේ මාර ගැම්මකිනි. රාජපක්ෂලාට එරෙහිව ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කිසියම් හෝ සැලසුමක් දියත් කෙරේ ඒ සැලසුම කුඩේ කුඩු කරන්නේ ඇමති ටිරාන් අලස්ය. ජනපතිවරයාට පොලිස් ඇමති කමෙන් ටිරාන් අලස් ඉවත් කිරීමට බැරි තරමේය.දැන් ටිරාන් අලස් හා වැබ දේශබන්දු ජනපති රනිල් වික්‍රමසිංහට හා සාගල රත්නායකට පවා අභියෝග කරමින් සිටී. ටිරාන් අලස්ට මේ හයිය පොම්ප කරන්නේ පොදු ජන පෙරමුණේ මැති ඇමති වරුන්ය.මෙහි අවසානය බරපතල අර්බුදයක් බව නම් අපට සහතිකය. ටිරාන් අලස් ඊයේ පැවති රැස්වීමකදී මෙරට නීතිඥ ප්‍රජාව හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ චෝදනා කරන ලදී.හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ වරුන් එම සැකකරුවන් සමග හෙරොයින් ජාවාරම් වල නිරත වන්නන් බවට ප්‍රකාශ කිරීම ඉතා බරපතල ප්‍රකාශයකි.ටිරාන් අලස් නීතිඥ ප්‍රජාව පිළිබඳව සිදු

කොස්ගොඩ සුජීවගේ වෙඩික්කරුට ඇඩ්‍රස් නෑ .

Image
  ඩුබායි රාජ්‍යයට පැන ගොස් එහි සිට සිය අපතයන් යොදවා ගෙන මෙරට   හෙරොයින් ජාවාරම සිදු කරන පාතාල ක්‍රියාකාරී අපතයකු වන කොස්ගොඩ සුජීව ගේ ⁣ඝාතන කොන්ත්‍රාතු සිඳු කළ ආමි රුවන් නැමැති ගෝතයා වත්තලදී අබිරහස් ආකරයට මරා  දුම්රිය මාර්ගයේ දමා ගොස්  තිබියදී පොලීසියට හමුවී තිබේ.අපට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු අනුව ආමි රුවන් නම් ගෝතයා පසුගියදා හමුදා බුද්ධි අංශයේ ඡ්‍යෙෂ්ඨයකු ඝාතනයට බලපිටිය ප්‍රදේශයේ සැරිසරා තිබේ.ඒ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට්න කොස්ගොඩ සුජීව ගේ සමීපතම ගෝතයන්  දෙදෙනෙකු ගේ කොන්ත්‍රාතුවකටය.ආමි රුවන් සිය ඉරණමේ අවසානය ඉක්මන් කර ගෙන ඇත්තේ හමුදා බුද්ධි අංශයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියා ඝාතනය කිරීමට සැළසුම් කිරීම නිසාය. හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු අප සමග පැවසුවේ කොස්ගොඩ සුජීව පොලිස් විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්  සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වන බවය.විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ ප්‍රධානියා වන කොළඹගේ  පවා කොස්ගොඩ සුජී ගේ සමීපතම මිතුරකු බවට හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබේ.මොහු කොස්ගොඩ සුජී හා සම්බන්ධ මෙරට හෙරොයින් ජාවාරම්කරුවන් සමග මාදු ගගේ සංචාරයක පවා

වැබ පොලිස්පති දේශබන්දුගේ සිදධාලේප සෙල්ලම

Image
  ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය දවසක වැබ පොලිස්පති දේශබන්දුට එරෙහිව දුන්න තීන්දුවෙ වග උත්තරකාර පාර්ශවය ඉදිරිපත් කරල ති⁣බුණ පෙත්සමේ සඳහන් දුක් ගැනවිල්ල කියෙව්වම දේශබන්දුගෙ කෙරුවාව ගැන හිතා ගන්න පුළුවන්.  මේ කෙරුවාව එක අතකට දේශබන්දුගෙ ඇබ්බැහි වීමක් වෙන්නත් පුළුවන්.මොකද මේ මනුස්සය ඉස්සර චීවරේ හිටිය පොරක්නේ.ඒ චීවරේ ගලවල දාල තමයි කුරුණෑගල මහ ඇමති හිටිය ජයවික්‍රම ගෙ ඩයිවරය වෙලා ඉඳල සිරිකොතේ සිකුරිටි රස්සාව කරල පොලීසියෙ යුනිෆෝම් අඳින්න සෙටි වෙන්නෙ.ඉතින් දේශබන්දුට පන්සල් සෙල්ලම අමතක කරන්න බැහැනේ කෝමත්. දැන් ඔය ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් අනීතිකව අත් අඩංගුවට අරගෙන කෲර වද හිංසා කරා කියල පෙත්සම ඉදිරිපත් කරපු පෙත්සම් කාරය ඒ පෙත්සමේ සඳහන් කරල තියෙනව මිරිහාන පොලීසියෙ තමන් අත් අත්අඩංගුවෙ රඳවා ගෙන ඉන්න කොට එතැනට ආව දේශබන්දු තෙන්නකෝන් තමන් නිරුවත් කරල තමන්ගෙ පුරුෂ ලිංගෙ සිද්ධාලේප ගාල පිටපස්ස හැරෙන්න කියල පුකට වයර් එකකින් පහර දුන්න කියල. තටිටම් වලට වේවැල් වලින් පහර දීල ආතල් ගන්න එක විකෘති ලිංගික ආසාවක් කියල දන්න අය දන්නව. ඉතින් හිතාගන්න පුළුවන්නේ දේශබන්දුගෙ තරමයි හිතේ හැංගිල තියෙන ආශාවයි කෝමද කියල.පන

දෙවියන් අහක බැලූ වැ.බ.පො.ප ගේ දේශබන්දු ගේ කරුමය

Image
  මෙරට මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තරයෙන් බරපතල චෝදනා එල්ලවෙමින් තිබියදී  පුරවැසියෙකු නීති විරෝධීව අත් අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමකට වරදකට  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14) දින වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට පොලිස් කොමිසමට හා නීතිපතිවරයාට නියෝග කරන ලදී.එහිදී වැඩිදුරටත් වැබ පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් සිවු දෙනෙකුට අගතියට ලක්වූ පාර්ශවයට පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 2ක වන්දි මුදලක් ගෙවන ලෙසටද තීන්දු කෙරිණි. මෙවැනි මානව හිමිකම් කඩකිරීම් ගණනාවක් සම්බන්ධයෙන් වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ම විභාගයට වෙමින් පවතී.⁣මේ නිසාම දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්  කිරීීමට එරෙහිව මෙරට බොහෝ මානව හිමිකම් සංවිධාන,පුරවැසි සිවිල් ක්‍රියාකාරිකයන් හා කාදිනල්  අති උතුම් මැලිකම් රංජිත් පියතුමාද ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය ප්‍රකාශ කරන ලදී.ජනපතිවරයා ⁣දේශබන්දු ටතන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත් කරන ලද්දේ එම මහජන විරෝධය නොතකාය.   මානව  හිමික