කවුද අඩෝ අපේ ඇමතිතුමාට තර්ජනය කරපු එකා

 


  • පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනපති කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අප තිගැස්සන සුළුය.සාකච්ඡාවේදී බොහොම උණුසුම් ලෙස මේ දිනවල පැවැත්වෙන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ගැන කතා විය.පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනපති කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අප තිගැස්සන සුළුය.සාකච්ඡාවේදී බොහොම උණුසුම් ලෙස මේ දිනවල පැවැත්වෙන පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් ගැන කතා විය.

    ඒ මාධ්‍ය හමුවේදී ටිරාන් අලස් මෙසේ කීවේය.

    ඒ මාධ්‍ය හමුවේදී ටිරාන් අලස් මෙසේ කීවේය.

    සමහර අය පොලීසියේ වැඩ විවේචනය කරනවා.සමහර අය හිතනවා එහෙම බලපෑම්වලට නවත්වයි කියලා.නෑ එහෙම වෙන්නෙ නෑ.මේක පටන් ගන්න කලින් මම ජනපති තුමා හමුවුනා. එතුමට විස්තරය කිව්වා.එතුමා කිව්වේ මොකද්ද මට ඕන කුඩුයි,පාතාලෙයි මේ රටෙන් තුරන් කරන්න.ඔයා ඕන ඇක්ෂන් එකක් ගන්න.මට කියන්න ඒකට ඕන දෙයක් මොනව හරි තියෙනවානම් මට ඒක කියන්න. ජනපතිතුමයි මමයි ඉන්නකම් මම හිතන්නෑ කාටවත් බලපෑම් කරල මේක නවත්වන්න පුළුවන් කියලා.කුඩු බෙදා හරින ජාලය සහ ඊට සම්බන්ධ පාතාලය ඉලක්ක කරගෙන මේ මෙහෙයුම  දියත් කරලා තියෙන්නෙ .බුද්ධි අංශ වලින් හදල තිබුණා 4665 ක ලිස්ට් එකක්.මම කිව්වෙ මේ සියලුම දෙනා ගන්න.මේ දවස් හතර ඇතුලෙ ඒ ලිස්ට් එකේ ඉන්න 731 ක් අරන් තියෙනවා.තවත් අය අහුවෙනවා.ලිස්ට් එකේ නැතිි අය හම්බවෙනවා.ඒ ඔක්කොම 8451ක් අත් අඩංගුවට අරගෙන තියෙනවා.

    නත්තලට දවස් දෙකක් සහ අලුත් අවුරුද්දට දවසක් විතරයි මෙහෙයුම නවත්වන්නෙ.අපි මේක දිගටම කරනවා.

    මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසුවේ මෙහෙම අත් අඩංගුවට අරගෙන යද්දි ඔබතුමාට කාගෙන්වත් කෝල් එනඑකක් නෑ නේද කියාය.

    ඇමතිවරයා මෙසේ කීවේය.

    "කෝල් ආවොත් මම ආන්මර් කරනවා.කෝල් එනවනේ මට හැමතැනින්ම.මම හැම කෝල් එකකටම ආනසර් කරනවා".

    "තර්ජන ආවොත් හෙම?"

    "ඒවත් ආනසර් කරනවා. ඒවට කියන්න තියන දේවල් කියනවා.ඉතින් ඒක හන්දා ප්‍රශ්ණයක් නෑ."

    ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාව නිමා කරන ලද්දේ එසේය.

    මේ මාධ්‍ය හමුව පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.සාකච්ඡාව අවසානයේ අමුත්තන්ගේ කාමරයට ඇමතිවරයා රැගෙන ගියේ තේ පැන් සංග්‍රහය සඳහාය.ජනාධිපති මාධ්‍ය අංශයේ නිළධාරින් සමග ඇමතිවරයා තේ පානය කරමින් සිටින අතර හරියටම මධ්‍යහන 12.08ට ඇමතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි.ඇමතුම ලැබී තිබුණේ විදෙස්ගත පාතාලයෙකුගෙන්ය.

    ඇමතිවරයා දුරකථනයේ ස්පීකර් ඔන් කෙරුවේය.ඒ ක්ෂණයෙන් මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මෙම දුරකථන සංවාදය පටිගත කෙරුවේය.මහින්දානන්ද  මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් පටිගත කරන ලද මෙම සංවාදය දැන් සමාජ මාධ්‍යවල වයිරල්ය.

    ( මහින්දානන්ද මන්ත්‍රීවරයෙකි.මන්ත්‍රී කාර්ය මණ්ඩලයට මාධ්‍ය ලේකම් වරයකු නැත.)

    කෙසේ වෙතත්  එම ඇමතුමේ කොටසක් දෙරණ ප්‍රවෘත්ති ජාලය පල කර තිබුණේ මේ තර්ජනාත්මක දුරකථන ඇමතුම එන්නේ මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි පහක් යන්ටත් පෙරය.😂😂තර්ජනය එන්නේ විදේශ රටක සිටය.

    එම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා මුලින්ම විමසා සිටියේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පාතාල නායකයන් මරා දමන බවට තර්ජනය කෙරුවේ කෙසේද යන්නය.

    තමා ප්‍රකාශ කෙරුවේ එවැන්නක් නොව පාතාලයට එරෙහි මෙහෙයුමේදී පාතාලය පොලීසියට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහ කළ හොත් එවිට උපරිම බලය යෙදීමට පසුබට නොවන බව පමණක් යැයි ඇමතිවරයා පැවසීය.අනතුරුව දීර්ඝ කතා බහකි.ඇමතම්කරු කීවේ තව පෝය හතෙන් අපි ඔයා ගැන බලාගන්නම් කියාය.

    "පෝය හතෙන් නොවෙයි දෙකෙන් මම මේක ඉවර කරන්නම්.පුළුවන් දෙයක් කරන්න" යැයි ඇමතිවරයා පැවසීය.

    කෙසේ වෙතත් දැන් අප ඉන්නේ බලවත් කම්පාවෙනි.මක්නිසාද යත් ටිරාන් අලස් යනු මහජන ආරක්ෂක ඇමතිවරයාය.ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනපති ජනපති ලේකම් කාර්යාලය තුළය.එම මාධ්‍ය සාකච්ඡාව සජීවී එකක් නොවේ.ජනපති මාධ්‍ය අංශය විසින් එය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වන්ටත් පෙර මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි පහක් යන්නට ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී සංවාදයට ලක් වූ කරුණු ඇතුළත් වන ආකාරය පිළිබඳ ඉඟි කරන ප්‍රශ්ණ කිරීමක් විදේශගත පාතාලයෙකුගෙන් ඇමතිවරයා වෙත එල්ල වෙයි.

    අප තිගස්වන්නේ එවැනි මාධ්‍ය සාකච්ඡාවක් නිම වී විනාඩි 05 ක්යන්නට පෙර අපේ ඇමතිවරයාට විදේශ පාතාලයෙන් තර්ජනය කිරීමය.එසේනම් මේ විදේශ පාතාලයන්
    වෙත තොරතුරු යවන අයවළුන් එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවූ අය අතර හිටියා වෙන්නත් පුළුවන.ඒ තත්ත්වය හරිම භයානකය.ඒ සම්බන්ධව විමර්ශනයක් කිරීම වඩාත් අවධාරණය කළ යුත්තේ ඒ නිසාය.

    ඇමතිවරයා ස්පීකර් ඔන් කර සංවාදය අවට අයට  ඇසෙන්නට සැළස්වීමත් මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එය පටිගත කර මාධ්‍යයට මුදා හැරීමත් පැසසීමට ලක් කළ යුත්තේ 
    අපේ ඇමතිවරයා ජාතිය වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් කරන්නේ මේ තරම් ජීවිත තර්ජන සහිතව ජීවිත පරිත්‍යාගයෙන් බව මේ රටේ වුන් දැන ගත යුතු නිසාය.😂

    යලි අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ.ටිරාන් අලස් ඇමතිවරයා යනු අපේ ඇමතිවරයා කියන එකය.කුඩු පාතාලය මර්ධනය කිරීමේ මෙහෙයුම අතර තර්ජන සහිත ඇමතුම් ආවොත් කුමක් කරන්නේදැයි මාධ්‍යවේදීන් ඇමතිවරයා විමසීමෙන් පසු නිමා කරන ලද මාධ්‍ය සාකච්ඡාවෙන්  අනතුරුව අපේ ඇමතිවරයාට පාතාලයකු තර්ජනය කර ඇත.ඇමතිවරයාට
    මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණයට ප්‍රායෝගිකව පිළිතුරු දීමට අවස්ථාව ලැබුණේය.ඒත් පාතාලයන් මේ ආකාරයෙන් තර්ජනය කිරීම පට්ට කුජීතය.

    (මෙම ලිපිය ලියා තිබුනේ ජානක ලියනාරච්චි මාධ්‍යවේදියාය.පල කර තිබුනේ ලංකාසර අන්තර්ජාල පුවත්පතේය.මෙහි අන්තර්ගතය හරියට ටිරාන් අලස් බබාට වටහා ගන්නට පුළුවන් විය හැකි යැයි අපි නොසිතමු.එහෙත් අපට ඔහුට කියන්නට දෙයක් තිබේ.ඒ ලැජ්ජාවක් තිබේ නම් බඩ කපා ගනින් වාහේ කියාය.)



     


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්