Posts

Showing posts from May, 2024

පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජද්‍රෝහීන් දහයකට ආසන්නයි

Image
  මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකු පිළිබඳව ලංකා දවස විසින් ⁣මීට පෙර අනාවරණය කරන ලදී.ඒ දෙදෙනා ඇමති ටිරාන් අලස් මන්ත්‍රී ආශු මාරසිංහ වේ.අපගේ වාර්තාව තව දුරටත් සත්‍ය බව තහවුරු කරමින් සමාජ හා සිවිල් සංවධානයක් හෙළි කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාව දහයකට ආසන්න බවය.ඉන් වැඩි දෙනෙකු දමිල ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බව පැවසේ.මේ අතර ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් පුශ්ණය ඇත්තේ ද්විත්ව පුරවැසි බව සඟවා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරුන් පිළිබඳවය.මෙම මන්ත්‍රීවරුන් දැන දැනම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රාජද්‍රෝහීන් ලෙස සැළකිය යුතුය.⁣ඒ මන්ද යත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජන කිරිිමට නොහැකි බව තීන්දු කර ඇත්තේ මෙරට අපරාධ හෝ සිවිල් නීතියේ නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් නිසාය. මෙහි බරපතලම කාරණය වන්නේ මෙරට නීතිය හා සාමය ආරක්ෂා කරන ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වන ටිරාන් අලස් වීමය.ලංකා දවස කෙරෙන මෙම චෝදනාව අසත්‍ය වන්නේ නම් ඒ බව තහවුරු කිරී

ටිරාන් අලස්ගේ දේශපාලන රැස්වීමට ඕඅයිසීලා ගෙන් මුදල් අය කෙරේ

Image
  පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් මුදල් එකතු කර තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවට තොරතුරක් ලංකා දවසට වාර්තා වී තිබේ. මෙහ රැස්වීම හෙට දින (17)පෙව 2.30 ට පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් බව පැවසේ. මීට මාස දෙකකට පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට තම පොලිස් බල ප්‍රදේශයේ කීර්තිමත් හා රජයේ විශ්‍රාමික ප්‍රභූවරුන් දෙදෙනෙකු ගේ නම් පොලිස්පති කාර්යාලයට ගෙන්වා ගෙන තිබුණි.එම නම් එවන ලද අයවළුන් ඇමතීමට නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බැවින් මෙම රැස්වීම සංවිධානය කර ඇති බව අනාවරණය වේ. ඒ අනුව පොලිස් කොට්ඨාශ 45 ක් නියෝජනය කරමින් නම් යෝජනා කරන ලද පුද්ගලයන් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් මෙදින රැස්වීමට කැඳවා ගෙන ආ යුතුය.ඒ සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වියදමින් වායු සමනය කරන ලද බස් රථයක් සැපයීම කළ යුතු අතර ඔවුන්ගේ ආහාරපාන සඳහා රුපියල් 7000ක මුදලක්ද පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සොයා ගත යුතු බවටද පොලිස් පති කාර්යාලයෙන් නියෝග කර තිබේ. 

ගුවන්තොටුපොලේ මදාවිකම් කළ ඇමති මැට්ටා ප්‍රසන්න රණවීරයි

Image
  මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් දෙදෙනෙකු පිළිබඳව ලංකා දවස විසින් ⁣මීට පෙර අනාවරණය කරන ලදී.ඒ දෙදෙනා ඇමති ටිරාන් අලස් මන්ත්‍රී ආශු මාරසිංහ වේ.අපගේ වාර්තාව තව දුරටත් සත්‍ය බව තහවුරු කරමින් සමාජ හා සිවිල් සංවධානයක් හෙළි කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් සංඛ්‍යාව දහයකට ආසන්න බවය.ඉන් වැඩි දෙනෙකු දමිල ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් බව පැවසේ.මේ අතර ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් පුශ්ණය ඇත්තේ ද්විත්ව පුරවැසි බව සඟවා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරුන් පිළිබඳවය.මෙම මන්ත්‍රීවරුන් දැන දැනම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රාජද්‍රෝහීන් ලෙස සැළකිය යුතුය.⁣ඒ මන්ද යත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජන කිරිිමට නොහැකි බව තීන්දු කර ඇත්තේ මෙරට අපරාධ හෝ සිවිල් නීතියේ නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් නිසාය. මෙහි බරපතලම කාරණය වන්නේ මෙරට නීතිය හා සාමය ආරක්ෂා කරන ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වන ටිරාන් අලස් වීමය.ලංකා දවස කෙරෙන මෙම චෝදනාව අසත්‍ය වන්නේ නම් ඒ බව තහවුරු කිරී

යුක්රේනයට හා රුසියාවට කුලී හමුදා සෙබළුන් යැවීමේ ප්‍රධානියා ඇවන්ගාඩ් බව හෙළිවේ

Image
  රුසියාවට හා යුක්රේනයට මෙරට විශ්‍රාමික සෙබළුන් යැවීම සම්බන්ධයෙන් මේ වන විට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු හා විශ්‍රාමික හමුදා  සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.   මෙම ජනරාල්වරයා හා විශ්‍රාමික හමදා සැරයන්වරයා මෙම මිනිස් ජාවරමේ පහලම ඇවරියේ සිටින පුද්ගලයන් බව ලංකා දවස⁣ට වාර්තා වී තිබේ. රුසියාවට හා යුක්රේනයට විශ්‍රාමික සෙබළුන් යැවීමේ ප්‍රධානියා ⁣ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාපති වේ.එම වැඩපිළිවෙලෙහි අනිත් කොටස් කරුවන් වන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නනහා හමුදාපති මේජර ජනරාල් විකුම් ලියනගේ  වේ.මොවුන් තිදෙනා පසුගිය කාලයේ විදේශීය සංචාරයක නිරත වූයේ මෙම රහසිගත වැඩපිළිවෙල හා සම්බන්ධ රුසියා හා යුක්රේන නියෝජිතයන් හමුවීමටය.⁣කුලී හමුදා සඳහා යොමු කෙරෙන විශ්‍රාමික හමුදා සෙබළකු සඳහා ලක්ෂ තිස් පහක් ගෙවීමට  එහිදී දෙපිරස අතර ගිවිස්නා ගෙන සක්‍රීය සේවයේ නිරත හමුදාපතිවරයකු විසින් විශ්‍රාමික හමුදා සෙබළුන් කුලී හමුදා වෙත අලෙවි කිරීම පිළිබඳව පළමු වාර්තා වන්නේ මේ  සිඳුවීමය.   ⁣මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න හා හමුදාපති මේජර් ජනරාල් විකුම් ලි

පොලිස් ඕඅයිසීලා හිඟන රස්සාවට පුහුණු කෙරේ

Image
  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත පොලිස් දෙපාර්මේන්තුව තුළ අරඹා ඇති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය සඳහා වූ "සුවසර කැදැල්ල" නම් වැඩසටහන නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් මුල්‍යමය ආධාර ඉල්ලීමට සිඳුවී ඇතැයි වාර්තා වේ.මෙම වැඩසටහන නිසා තමන් හිඟමන් යදින්නන් ලෙස රෑපාන්තරය වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරුන් බොහෝ දෙනෙකු ලංකා දවසට පැවසීය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ වගකීමක් මෙරට නීති පද්ධතියෙන් පොලීසිය වෙත පවරා නැත.එසේ පුනුරුත්ථාපනය කළ යුතු පුද්ගලයකු සිටී නම් පොලීසිය කළ යුතු වන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකුද යන්න ගැන වෛද්‍ය වාර්තාවක් ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර එම අධිකරණයේ නියෝගය යටතේ නිල පුනුරුත්ථාපන කඳවුරකට යොමු කිරීමය.එහෙත් ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු මෙම නෛතික ක්‍රියාවලිය නොතකා ⁣පොලිස් ස්ථාන වලින් සැක පිට අල්ලා ගන්නා මත් ද්‍රව්‍ය භාවිතයට ගන්නා පුද්ගලයන් පොලිස්පති ගේ සංකල්පයක් යැයි පැවසෙන සුවසර වැඩ සටහන නම් යටතේ පුනුරුත්ථාපනය කිරීමය.මෙම පුද්ගලයන් පුනුරුත්ථාපනය ක

රවි හා ශානි නැවත අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් හෙළිවේ

Image
  විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ⁣බොරු චෝදනාවකට පටලා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සැළසුමක් පිළිබඳව ලංකා දවසට වාර්තා  වේ. මේ දෙදෙනා මෙලෙස අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රහස් සාකච්ඡාව කර ඇත්තේ අමාත්‍ය ටිරාන් අලස් ,පොලිස්පති දේශබන්දු හා අපරාධ විමර්ෂන අංශයේ නියෝජ්‍ය පොලිස්පති රොහන් ප්‍රේමරත්න යන පිරිසය.මේ සාකච්ඡාව අතරතුර ටිරාන් අලස් ඇමතිවරයා දුරකථනය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සම්බන්ධ කර ගනිමින් උපදෙස් ලබා ගත් බවද අනාවරණය වේ.විනිසුරු තිලිණ ගමගේ විසින් බලපත්‍ර රහිතව අලි පැටවකු රඳවා තබා ගැනීම පිළිබඳව පැවති පොලිස් පරීක්ෂණය සිදු කරන ලද්දේ  එවකට රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වේ.මේ නිසා ව්නිසුරු තිලින ගමගේ තුළ ශානි අබේසේකර ගැන පවතින්නේ බද්ධ වෛරයකි. විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන පොලිස් විශ්‍රාම්කයන් ගේ සංගමයට සම්බන්ධව එහි සංවිධාන කටයුතු කරමින් සිටින බව⁣ට බුද්ධි තොරතුරු වාර්තා

සිය බ්‍රිතාන්‍ය පුරවැසිකම වසන් කරගෙන සිටින ටිරාන් අලස් දේශද්‍රෝහියෙක්

Image
  රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු නියෝජනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දුන් තීරණය අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් හා පාම සුරේෂ රාගවන් යන අයවළුන්ගේ පාර්ලිමේන්තු නියෝජනයන් හා ඔවුන්ගේ පුරවැසිභාවයන්  පිළිබඳවද වහාම සොයා බැලිය යුතු බවට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්  පිරිසක් ප්‍රකාශ කර සිටී. විශේෂයෙන් මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව කර ඇති සඳහන සත්‍ය බව ලංකා දවස වගකීමෙන් යුතුව හෙළිි කරමු.එල්ටීටී ත්‍රස්තවාදීන්ට මුල්‍යමය ආධාර සපයමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද ජාති ද්‍රෝහියකු වන ටිරාන් අලස් සිය බ්‍රිතාන්‍ය පුරවැසි බව වසන් කර ගනිමින් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නැවත වරක් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි XIV පරිච්චේදයේ ඡන්ද බලය,ඡන්ද විමසීම් හා මැතිවරණ ශීර්ෂය යටතේ, 89 වන ව්‍යවස්ථාවෙි ඡන්ද බලය අහිමිවීම යන (අ) අනු වගන්තියේ දැක්වෙන ආකාරයට යම්කිසි තැනැත්තකු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවෙි නම් ඒ තැනැත්තා ජනපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකද

චමුදිතගේ අමුඩය ඇමති චාමර සම්පත් ලිහා දමයි

Image
   හිරු සළකුණ වැඩ සටහනට ඊයේ (06) පැමිණි නියෝජ්‍ය අමාත්‍ය චාමර සම්පත් හා එම වැඩ සටහන මෙහෙයවූ චමුදිත සමරනායක අතර  ඇති වූයේ බරපතල වාග් සංග්‍රාමයකි.මේ වාග් සංග්‍රාමය සජීවීව විකාශයට කිරීමටද හිරු සළකුණ වැඩ සටහනේ නිෂ්පාදකයන් විසින් කටයුතු කෙරිණි. සැබැවින්ම එය ගමේ භාෂාවෙන් හඳුන්වනවා නම් බලු පොරයකි. රස්තියාදුකාර බල්ලන් ⁣දෙදෙනෙකු මුහුණට මුහුණ මුණගැසීමකි.බුරයි. .විලිස්සයි ගොරවයි.මයිල් පුප්පයි. චමුදිත ගේ හැඩයටම ගැලපෙන මිනිසා ඔහුට ඊයේ (06) මුණගැසිනි.දෙදෙනාම එකම හැඩයේ සතුන්ය. වෙනදා චමුදිත වැඩ පෙන්නුවේ අනෙකා හඬ යටපත් කර ගනිමිනි.එහෙත් චාමර සම්පත් ගේ හඬ යටපත් කර ගන්නට චමුදිතට නොහැකි විය.ඒ දෙදෙනාම හැසිරීමෙන් සමානයන් නිසාය. චාමර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය වරයා චමුදිත ගේ අමුඩය ගලවා ඉවතට විසි කෙරුවේය.කෙටියෙන්ම කියනවා නමි චමුදිතට සිද්ධ වූයේ තම අමු හෙළුව රටට පෙන්වන්ටය.ඒ අවස්ථාවේ චමුදිත ගේ කටේ කෙල හිඳී මුහුණ කලු වූ හැටි අපූරුවට දැක ගත හැකි විය.චාමර සම්පත්ට එරෙහිව චමුදිත මොන හෑලි දෙසුවත් වැඩක් වූයේ නැත.ඒ චාමර සම්පත්ට ආරක්ෂා කර ගන්නට තරමේ ශීලයක් නැති නිසාය.ඒ තරමට චාමර සම්පත් ලැජ්ජාවක් නැති එකෙකු බව ඔහු

ශානි අබේසේකර ගේ ⁣මානව හිමිකම් පෙත්සම විභාගයට ගනී

Image
    මිල්ටෙරි නන්දසේන ගෝඨාභය මෙරට ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසුව තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට පසුගියදා අවසර දුන් බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයාතිවාසිකම්කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සමෙහි වග උත්තරකාර පාර්ශව ය ලෙස හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න,ජාතික පොලිස් කොමිෂමේ සභාපති ඇතුළු සාමාජිකයන් ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සහ තවත් කිහිප දෙනෙකු නම් කර තිබේ. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම වග උත්තරකාර පාර්ශවයෙන් මිලියන 10 ක් අයකර දෙන ලෙස පෙත්සම්කරු වන ශානි අබේසේකර ඉල්ලා ඇත. 2019 නොවැම්බර් මස21 වන දින පැවති ජනපතිවරණයෙන් පසු දින හතරකින් තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර යවන ලද බවත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු නියෝජ්‍ය පොලිස්ප

විනිසුරු ප්‍රසන්න අල්විස්ට එරෙහිව මඩ ප්‍රචාරයක් සැළසුම් කෙරේ

Image
  මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ සාධාරණ විනිශ්චයන් ලබා දෙන විනිසුරුවරයකු ලෙස මහජනයා අතර ගෞරවණීය විශ්වාසයක් පවතින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ප්‍රසන්න අල්විස්ට  එරෙහිව අපහාසාත්මක මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණකාරී සැළසුමක්  පිළිබඳව අනාවරණය කෙරෙන වට්ස් ඇප් පණිවුඩයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.මහාධිකරණ විනිසුරුවරයකු ලෙස වර්තමානයේ උසස්වීම් ලබා ඇති ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් ධුරයේ කටයුතු කරන අවදියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත භාවිතා කළ නොහැකි බවට පූර්වාදර්ශී තීන්දුවක් ලබා දඅන්නේය.   එසේම අයිසීආරපී පනත අවභාවිතයට එරෙහිවද තීන්දු ගණනාවක් ලබා දී ඇති ඔහු පොලීසියේ අනීතික මැදිහත්වීම් හා තනි තනි පුද්ගලයන් ඉලක්ක කරමින් ⁣ ගොනු කරන ලද චෝදනා පිළිබඳව බොහෝ අවස්ථාවලදී ප්‍රශ්ණ කෙරුවේය.ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිණියට එරෙහිව ගොනු කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව විමර්ශනය නොකරන බවට අනාවරණය වූයේද ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදීය. හි

හමුදා බුද්ධි නිලධාරින් ගේ ඊමේල් හා වට්ස් ඇප් පණිවුඩ හැක් කරලා

Image
  රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයට  හමුදාවේ ඉහලම ප්‍රභලයන් ගේ දුරකතන ටැප් කරමින් හා  වට්ස් ඇප් ටැප් කරමින් සංවිධානාතමක  ජාවරම්ක් සිදු කරන බවට තොරතුරු ලැබී තිබේ .  නිලධාරින් ගේ පුද්ගලික විස්තර ලබාගන්නේ ද වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂක මංඩලයේ මීට සම්බන්ධ නිලධාරින් ගෙන් බවට ඉතා  විස්වාසවන්ත තොරතුරු ලැබී ඇත, ගජබා රෙජමේන්තු නිලධාරින් කීප දෙනෙකු හා  පරිඝණක දැනුම ඇති ශ්‍රි ලංකා යුධ හමුදා බුද්ධිඅංශ නිලධාරින් කීපදෙනෙකුසමබන්ධ කොට ගෙන ඔවුනට අවශ‍ය්‍ය පරිදි මුල්‍ය වංචා , අනියම් ලිං ගික සම්බන්ධතා  හා  ජාතිද්‍රොහි  බවට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කොට යුධ හමුදාව හා ඉහල නිලධාරින් අපකීර්තියට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ .  අවාසනාවට යුධ හමුදාති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේද මෙහි ඉලක්කයක් බවට පත්ව තිබේ. 

ටිරාන් ගේ හා සාගලගේ ජාවාරමක් මාට්ටු

Image
  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙලේ ගොඩ බැසීමෙන් පසු (On Arival) වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇති බව ජනතාවට හෙළි වූයේ සමාජ මාධ්‍ය මගින් සංසරණය වූ දර්ශන පටයක් නිසාය.එහි දැක්වෙන්නේ වීසා ලබා ගැනීමට සිඳුවූ ප්‍රමාදයක් හේතුවෙන් මෙරට ව්‍යාපාරික  තරුණයකු වීසා නිකුත් කිරීමේ කාර්යය සිඳු කළ ඉන්දියානු සමාගමට හා ආණ්ඩුවට බැණ වදින ආකාරයයි. මෙරට බොහෝ ව්‍යාපාරික ආයතන තිබියදී ඉන්දියානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන්ද මේ තරුණයා එහිදී විරෝධය දක්වනු ⁣පෙනී යයි. කෙසේ වෙතත් එම තරුණයාගේ බැණ වැදීම සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමගම ආණ්ඩුවේ බලධරයන් හොර රහසේ ගෙන ගිය මහා ජාවාරමක් අනාවරණය විය.නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරන ආකාරයට මෙම තීරණය 2023 දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල විසින් ගත් බවය.වසර දහයකට ආණ්ඩුව මෙම සමාගම සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී සිදු වීම අන්තර් ජාලයේ සංසරණය වීමත් සමගම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙතින් වහා නිවේදනයක් නිකුත් කෙරිණි. "...ශ්

පොලිස් වද කදවුරට කෝටි ගණන් ගෙවලා

Image
    කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය ඇතුළු පොලිස් කොට්ඨාශ හතරක් වද කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය කොළඹ 05 කිරුළපන ඇවනිව් පිහිටි භූටානි කැපිටල් ගොඩනැගිල්ල සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වසර හතරක් සඳහා කුලිය වශයෙන් රුපියල් කෝටි 48 කට වැඩි මුදලක් ගෙවා ඇති බව විගනකාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වේ. පසුගියදා පැහැරගෙන ගිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, මුසල්මානු කාව්‍ය රචකයකු වූ අහනෆ් ජමීන් වැන්නන් රඳවාගෙන සිටියේ මේ ගොඩනැගිල්ලේය.  මේ විගණනය 2022 වර්ෂයේ සිඳු කර ඇති අතර 2020 වසරේ සිට ජනවාරි 01 වන දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා වසර තුනකට එම ගොඩනැගිල්ලට කෝටි 23 කට අධික මුදලක් (රු.23400000)  ගෙවා ඇති අතර 2022 ජනවාරි මස 01 සිට 2023 දෙසැම්බර් 31 දක්වා වූ වසර දෙකකට රුපියල් කෝටි 24 කට අධික මුදලක් (රු.23960000) ගෙවා ඇති බව විගණන වාර්තාවේ සදහන් කර තිබේ. මෙම ගොඩනැගිල්ල සදහා ගෙවා ඇති මාසික විදුලි බිල ලක්ෂ තිහක් බවක්ද ⁣එම වාර්තාවේ සදහන් වේ. පාස්කු දින ප්‍රහාරයට පෙර මෙම පොලිස් කොට්ඨාශය මගින් ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා JMI සංවිධානය

ආණ්ඩුවේ රෙදි ගැලවෙන ඇමති මනූෂගේ කයිවාරු කෙරුවාව

Image
  මේ රටේ සංවර්ධන ව්‍යාපෘති කඩා කප්පල් කරන්නට පිටරටින් සල්ලි අරගෙන කම්හල් වලින් අල්ලස් අරගෙන තමා පහුගිය දවස්වල එක මිටට අර මිටට කියල වියදම් කෙරුවේ යැයි ප්‍රකාශ කරමින් ඇමති මනූෂ නානායක්කාර මැයි රැළියේදී චෝදනා කරන කරන ලද්දේ ජාතික ජන බලවේගයේ නායකයන් හටය. ඇමති පට්ටම ලබා ගැනීමට පෙර විපක්ෂයේ සමගි ජන බලවේගයට වී විරව පට්ටම් ගහගෙන කුල්ල කුජීත වී සිටි මනූෂ නානායක්කාර අද වන විට සුපිරි ධනපතියෙකි.මොහු අමාත්‍ය පදවියක් ලබා ගැනීම සඳහා දේශපාලන පොර පිටියේ ගැසූ තුරුම්බුව වූයේ පාස්කු දින සිදුවූ බෝම්බ ප්‍රහාරයයි.එම බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නකු ලෙස රඟ පෑ මේ තක්කඩියා තමන්ගේ දේශපාලන වෘත්තිමය වටිනාකම ඉන් ඉහළ දමා ගත්තේය.මොහුගේ අනෙක් සගයා වූයේ හරීන් ප්‍රනාන්දුය.හරීන් ප්‍රනාන්දු කතෝලිකයෙකි.නොම්මර එකේ කුඩ්ඩෙකි.මොවුන් දෙදෙනා විපක්ෂය පවා දී ආණ්ඩුවට පැන ගත්තේ තමන්ගේ ජීවිත ගොඩ දා ගැනීමට මිස වෙන කාරණයක⁣ට නොවේ.මනූෂ නානායක්කාර මේ වන විට උපයා ගෙන ඇති දේපොල ගැන සොයා බලන විට එය තහවුරු කර ගත හැකිය.මේ වන විටත් තරුණ තරුණියන්ට විදේශීය රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු දෙමින් ද

කොස්ගොඩ සුජීව නිදහස් කිරීමට ඇත්තේ තව දින ගණනයි -ඒත් පොලිස්පති නිහඬයි

Image
  මෙරට ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරික් ලෙස  මිනීමැරුම් 15 කට සෘජුව සම්බන්ධවී මෙරටින් ඩුබායි වෙත පලා ගිය ජගමුනි සුජීව සො⁣යිසා හෙවත් කොස්ගොඩ සුජීව නම් අපරාධකරු පසුගියදා අබුඩාබි රාජ්‍යයේ ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගැණිනි.⁣මෙම අපරාධකරුට එරෙහිව මෙරට අධිකරණයේ පවරා ඇති නඩු සංඛ්‍යාව පනහක⁣ට ආසන්න වන අතර අධිකරණය මගින් මොහු අත් අඩංගුවට ගන්නා ලෙසට ජාත්‍යන්තර රතු වරෙන්තු පවා නිකුත් කර තිබේ. කොස්ගොඩ සුජීව අබුඩාබි රාජ්‍ය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් එරටින් පැන යාමට සූදානම් වීමේදීය.මොහු මෙරටින් පලා යන ලද්දේද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමිනි.එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීම පිළිබඳ මෙරට පුද්ගලයන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන නඩු පවරන ලදී.   මෙම නඩුව පසුගියදා බලපිටිය මහාධිකරණයේ විභාගයට ගැණුන අතර විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.බලපිටිය මහධිකරණ විනිසුරුගේ නිල නිවසේ සාද සඳහා මාළු සපයන්නේ කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු බවට බුද්ධි අංශ  වලට තොරතුරු පවා ලැබී තිබුණ බව අපට අනාවරණය විය.   මේ වන විටත් අබුඩාබි රා

හොරු අල්ලන්න ගිය රොෂාන්ව මරා දැමීමට සැලැස්මක්

Image
    හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි රැලියකදී තමන්ගේ ශරීරයට වස ඇතුල් වී ඇති බවත් ජපානයේදී සිදු කෙරුණු පරීක්ෂණ වලදී ඒ බව හෙළි වූ බවත් සඳහන් කිරීම මේ වන විට  මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේද ඔහු තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් අමතර ආරක්ෂාවක් අවශ්‍ය බවත්  පාර්ලීමේන්තුවේදී ප්‍රකාශ කළේය.එම සමයේ ඔහුගේ නිරන්තර විවේචනයට ලක්වූයේ සාගල රත්නායක හා ක්‍රිකට් සභාපති  ෂම්මි සිල්වාය. එම නිසා රොෂාන් රණසිංහට වස දීම පිළිබඳව  සාගල හා ෂම්මි වගකිවයුතු බවට සැකයක් දැන් ගොඩ නැංවෙමින් තිබේ. මෙහිදී රොෂාන්ට කිට්ටුවෙන් සිටි ෂම්මිගේ අග සව්වකු වන නුවරඑළියෙ අශ්ව රේස් වලට හා සීසීසී ක්‍රීඩා සමාජයට සම්බන්ධ අයකු ගැනද සැක පහළ වී ඇත. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් සීඅයිඩියෙන් ඉල්ලා සිටීමට නුදුරේම රොෂාන් රණසිංහ කටයුතු කරන බව වාර්තා වේ.

අයුතු ලෙස අත් අඩංගුවට ගෙන පහරදුන්නාට ලන්ඩන් පොලිස් රාළහාමි වැරදිකරු වේ

Image
 ලන්ඩන් රොම්ෆෙන් සෞඛ්‍ය සායනයක වෘත්තිකයකු වූ රසික අත්නායක නම් ශ්‍රී ලංකිකයකු සාවද්‍ය ලෙස අත් අඩංගුවට ගෙන පහරදීමක් සිදු කරන ලදැයි චෝදනා ලැබූ ජොනතන් මාෂ් නම් පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණය මගින් සති 12 ක අත් හිටවූ සිර දඬුවමක් ලබා දී ඇති බව ලන්ඩනයෙන් වාර්තා වේ.වැඩිදුරටත් විත්තිකාර මාෂ් විසින් වන්දි  වශයෙන් පවුම් 1500 ක දඩයක්ද ගෙවිය යුතු බව තීන්දුවේ දැක්වේ. ජොනතන් මාෂ් නම් පොලිස් කොස්තාපල් වරයා 2022 නොවැම්බර් මාසයෙදී රසික අත්තනායක අත් අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය සායනයක දේපලවලට හානි කිරීමේ චෝදනාවකටය.එහෙත් පසුව එය වැරදි තොරතුරක් මත  සිදුවූ අත් අඩංගුවට ගැනීමක් බව අනාවරණය වී තිබේ.එහෙත් රසික අත්තනායක එසේ සාවද්‍ය ලෙස අත් අඩංගුවට ගෙන පහර දීම සම්බන්ධයෙන් පසුව පොලිස් කොස්තාපල් ජොනතන් මාෂ්ට එරෙහිව නඩු පවරා තිබේ. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ ඇනබෙල් ෆීලින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් කොස්තාපල් මාෂ් ගේ ක්‍රියාව පිළිකුල් සහගත අනවශ්‍ය මැදිහත්වීමක් බවය.සැළකිය යුතු වගකීම් සහිත පොලිස් නිළධාරියකු මෙසේ හැසිරීම තුළින් පොලීසිය පිළිබඳව පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බවද විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත

රතුපස්වල නඩු තීන්දුව කල් ගියේ නීතිපති වංගුවක් ගැසූ නිසාද

Image
  පසුගියදා ගම්පහ මහාධිකරණයෙන් ලබා දීමට නියමිතව තිබුණ රතුපස්වල ත්‍රිපුද්ගල ඝාතනයේ නඩු තීන්දුව කල් දැමීම සිදු කෙරුණේ විත්තිකරුවන් නිදහස් කිරීමේ යටි බිම් ගත සැළසුමකට බවට වින්දිත පාර්ශවය තුළ සැකයක් මතු වී තිබේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වුන මෙම නඩුවේ තීන්දුව ලබා දීම කල්දමන ලද්දේ පැමිණිලි පාර්ශවයේ දේශනය ඉදිරිපත් කිරීම සදහා නීතිපති නියෝජනය කරමින් කිසිම කනිෂ්ඨ නීතිඥයකු හෝ ඉදිරිපත් නොවීම නිසාය.කෙසේ වෙතත් නීතිපති හා අල්ලස් කොමිසම විසින් ⁣රාජපක්ෂවරුන්ගේ කාලයේ සිදු වූ දූෂණ අක්‍රමිතා හා මිනීමැරුම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති විත්තිකාර පාර්ශවයන් හට දක්වන සහනශීලී ප්‍රතිපත්තිය මත එම නඩු නිදහස් කිරීම සිඳු කෙරෙන බවට තහවුරු වෙමින් පවතී.   ඒ සඳහා ඇතැම් විනිසුරුවරුන් ගේ සම්බන්ධතාවන්ද පවතින බවට තොරතුරු ලැබෙමින් තිබේ.රතුපස්වල  නඩුවේ විත්තිකරුවන්ද නිදොස් කොට නිදහස් කිරීමට නීතිපතිවරයා වංගුවක් ගසා ඇති බවට සැකයක් මතුවන්නේ ඒ නිසාය.