මෙන්න අනීතික පොලිස් හපන්කම් වලට එරෙහිව තවත් තීන්දුවක්

 


2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පක විසින් සිඳු කරන ලද රිය අනතුරක් පිළිබඳව ඔහුගේ රියදුරු පොලීසියට ඉදිරිපත් කරන ලෙසට බලපෑම් කර ඔහුගේ බිරිද  හා අතදරුවාද ,මවද අල්ලාගෙන විත් අනීතිකව පැය කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා ගැනීම තුළින් පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති බවටත්,

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වග කිව යුතු කොළඹ අපරාධ කොට්ඨාශයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂවරයා වූ නෙවිල් සිල්වා හා එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන නිළධාරීන් තමන්ගේ පුද්ගලික මුදලින් රුපියල් 25000 බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (මැයි 31) තීන්දු කරන ලදී.

රජය මගින්ද පෙත්සම්කාරියට රුපියල් 10000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවටද එම තීන්දුවේ දැක්වේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්‍ඨාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ වරයා වූ නෙවිල් සිල්වා අධිකරණය ඉදිරියේ සිඳු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව සිහිපත් කරමින් සදහන් කර ඇත්තේ මෙවැනි පොලිස් නිළධාරීන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වන්නේ පොලීසිය තුළ පවතින රාජ්‍ය ත්‍රස්තවාදයේ ස්වරූපය බවය.මෙම පොලිස් නිළධාරීන් පොලිස් සේවාවට නුසුදුසු බවද වැඩිදුරටත් එම තීන්දුවේ දැක්වේ.එසේම වග උත්තරකාර පොලිස් නිළධාරීන් සිය නිදහස සදහා අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු විහිළු සහගත කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය බුද්ධිය⁣ටද කරන ලද නිග්‍රහයක් බවද තීන්දුවේ සඳහන්ය.වගඋත්තරකාර පොලිස් නිළධාරීන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට හා පොලීසියේ ප්‍රමිතිය පවත්වාගෙන යන ලෙසටත් පොලිස්⁣ කොමිෂම වෙත ⁣එම තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙි.

⁣මෙම නඩුවේ වගඋත්තරකරුවකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද ප්‍රකාශ කර ඇත්තේ නඩුවේ 11 වන වග උත්තරකරු වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් විසින් තමාට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වූ නෙවිල් සිල්වා හමුවීමට උපදෙස් දුන් බවත් ඒ අනුව ඔහු හමුවීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි ඉමදුවට ගොස් පෙත්සම්කාරිය ැත
දරුවා හා ඇයගේ මව කොළඹ රැගෙන ආ බවය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක විසින් සිඳු කරන ලදැයි පැවසෙන මෙම රිය අනතුර මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් විය. එහෙත් මෙම රිය අනතුර වන අවස්ථාවේ එම රිය තුළ හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක සිට නැති බව ප්‍රකාශ වේ.
 
කෙසේවෙතත් එම රිය අනතුර සිදු වූයේ තරුණයකු විසින් ධාවනය කරන ලද බලපත්‍ර රහිත අධිබලැති යතුරු පැදියක් නොසැලිකිලිමත් ආකාරයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක ගේ රිය පිටුපස හැප්පීම නිසාය.එහෙත් එවකට පැවති ජනපති ගෝඨාභය රාජපක්ෂ රජය හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක එම රිය අනතුරට සම්බන්ධ බවට හැඟවන ලෙස කටයුතු කරන ලෙසට පොලීසිය මෙහයවූ බවට චෝදනාවක් පවතී.

ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරු විනිසුරු වරුන් වන මහින්ද සමයවර්ධන ,අර්ජුන අබේසේකර හා එස්.තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්