Posts

Showing posts from October, 2023

රටේ මුදල් වැය කර කිසිවෙකුට බොරු නඩු පවරන්න එපා-කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සීඅයිඩීයට අවවාද කරයි

Image
  රටේ සම්පත් තව තවත් විනාශ කරමින් කිසිම සැකකරුවෙකුට සාධාරණ හේතුවක් නැතුව ⁣නඩු නොපවරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගියදා(26)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කර තිබේ.මෙහිදී ⁣ප්‍රධාන ⁣මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්⁣තේ සාධාරණ හේතු නොමැතිව නඩු පැවරීමෙන් රජයේ මුදල් පමණක් නොවඅධිකරණයේ හා සැකකරුවන්ගේ කාලය නිකරුණේ වැය වන බවය. තමා ජනපතිවරණයෙන් ජය ගත් පසු මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සම්බන්ධයෙන් වන ආරවුල් විභාග කිරීමට කාති උසාවි 100 ක් පිහිටුවන බවට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට මැතිවරණ පොරොන්දුවක් ලබා දී ඇති බවට අන්තර්ජාලය ⁣ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි චෝදනා කරමින් පසුගිය අරගලයේ ක්‍රියාකාරිකයකු වූ සුමිඳු සෙනරත් නම් නැමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව⁣ට අවවාද කර තිබේ.රජයේ රස පරීක්ෂක වරයාගේ රස පරීක්ෂණ වාර්තාව මේ දක්වා ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් යැවීමට නියෝගයක් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිළධාරියා ප්

ඩයනා ගමගේ දහවල් අළුත්කඩේදි රෙද්ද උස්සගෙන ඩාන්ස් කරන්නට නියමිතය

Image
  හෙට දින (31)මේ රටේ අධිකරණ ඉතිහාසයේ කොඳු නාරටිය පිළිබඳව විනිශ්චය කළ හැකි තීන්දුවක් ලබා දීමට නියමිතයි.ඒ බ්‍රිතාන්‍ය ජාතික ඩයනා ගමගේ මෙරට දරණ පාර්ලිමේන්තු නියෝජනය පිළිබඳව මෙරට අභියාචනාධිකරණය විසින් ලබා දෙන අවසාන තීන්දුවය.මෙම නඩුව පිළිබඳව අවධානයෙන් සිටි මෙරට දැන උගත් ජනතාවට නම් හෙට ලබා දිය යුතු තීන්දුව ගැන ඉතා හොඳ තක්සේරුවක් තිබෙනවා.ඩයනා ගමගේ හිරු නාලිකාවේත් දෙරණ නාලිකාවේත් ප්‍රකාශ කර තිබුණා තමන් බ්‍රිතාන්‍ය පුරවැසිකමට හිමි කම් තිබුණ බව.එලෙසම ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරවලත් ඒ කාරණය පැහැදිලිව කිය තිබෙනවා.එහිදී ඩයනා ගමගේ පවසා තිබෙනවා 2014 වර්ෂයේදී තමන් බ්‍රිතාන්‍ය පුරවැසිකම අත්හැර එම වර්ෂයේ ජනවාරි මස 24 දින N 5091386 අංක දරණ  ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලබා ගත් බව.එහෙත් ආගමන විගමන පාලක අධිකරණය⁣ට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ඇය කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පුරවැසිකම අයදුම්කර ගෙන නැති බවත් ඒ නිසා ඇයට පුරවැසි සහතිකයක් ලබා දී නැති බවය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත වල සටහන් වී ඇති ආකාරයට ඩයනා ගමගේ 2014 ජුලි 16 සහ 2014 ඔක්තෝම්බර් 05 යන දින දෙකේදිම 2014 ජුලි 02 නිකු

ඇහැලියගොඩ ඕඅයිසී මිය ගියේ බීමත්ව නිල අවියෙන් වැඩ කිඩ පෙන්නන්ට ගොසිනි

Image
  පසුගියදා ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රියංකර සිල්වා වෙඩි තබා ගෙන මිය ගියේය.ඔහුගේ අවමංඟල්‍ය කටයුතු සදහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවා සහභාගි විය.එම මරණය පිළිබඳව මරණ පරීක්ෂණ අවසන්ය.මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ සිය දිවි නසා ගත් බවය .පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ තොරතුරු සමාජයට වසන් විය. ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වාට සිය දිවි නසා  ගැනීමේ කිසිදු අදහසක් නොතිබුණි.සිද්ධිය වූයේ පොලිස් වැඩ අනියම් පෙම්වතියට පෙන්වීමට ගොසිනි.එය සැබවින්ම අත් වැරැද්දකි.තමන් අතින් සිඳු වූ අත් වැරැද්ද නිසාම ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ගේ ජීවිතය අවසන් විය. ඡෙ.පො.ප.සුජිත් ප්‍රියංකර විවාහක යෙක් වුවද ඔහු තවත් තරුණියක හා අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය අයෙකි.ඇතැම් අවස්ථාවලදී සුජිත් ප්‍රියංකර තමන් සමග අධ්‍යාපනය හැදෑරූ පාසැල් සගයන් හට දුරකතන ඇමතුම් ගෙන බිරිඳ තමන් සැක කරන බවත් ඒ නිසා ආරවුල් ඇතිවන බවත් පවසා තිබේ. සිද්ධිය වූ දින සුජිත් ප්‍රියංකර සිට ඇත්තේ කරටිය කැඩෙන තරමේ මත්පැන් පානය කොටය.පියවි සිහියක් නැති තරමට බීමත්ව සිටි සුජිත් සිය නිල නිවාසයේදී තමන්ගේ අනියම් පෙම්වත

කරන කලට පව් මීරිය මීසේ

Image
  තොට හෙණ ගහනවා යැයි අපේ පැරැන්නන් අනෙකාට සාප කෙරුවේ තමන්ට සිඳු වන අසාධාරණය ඉවසා ඉන්නට බැරි වන විටය.වැරදි කරන වුන්ට සමාජය සාප කෙරුවේ ඉබේනිස් නඩු අහන දවසට තීන්දුව බොහොම දරුණු විය හැකි බව කියාය.⁣⁣ජීවත් වෙද්දී කළ අවලම් පාහර මෙලේච්ඡ වැඩ වලට නීතියෙන් දඬුවම් ⁣නොලැබුනද ඉබේනිස් නඩුකාරයා දඬුවම් දුන් බොහෝ අය සිටී.ඉන් ඇතමුන් ඉබේනිස් ගේ දඬුවමෙන් විඳවා වල කජ්ජ  ගැසුවද තවත් සමහරු විඳව විඳ⁣වා ජීවත් වෙමින් සිටින බවට සාක්ෂි තිබේ.ඇඟේ පතේ හයිය ති⁣යන කම් බලු කම් කරන වුන් හිතාගෙන ඉන්නේ අපට හැමදාම මේ විදියට ඉන්නට පුළුවන් කියාය.ඒත් කෙලවෙන්නේ අත පය වලංගු නැති වුන දවසටය.අන්න ඒ දවස උදා වූ විට තමන් විසින් සිදු කළ සියළු බලු කම් හෘද සාක්ෂිය විසින් ප්‍රශ්ණ කරනු නිසැකය. 1971 කැරැල්ල අවදියේ කතරගම සිදුවූ තරුණියක ඝාතනය මෙරට ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් විය.එහිදී කතරගම පැවැති අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳා සිටි ප්‍රේමවතී මනම්පේරී නම් තරුණිය හමුදාවේ සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කෙරිණි .එම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරියට හා සැරයන් අමරදාස රත්නායකට සිර දඬු

බුද්ධික පතිරණ නීති විභාගයට හොරට ලියන්නට ගිහින් මාට්ටු වෙලා

Image
  පසුගියදා පැවැති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම්කරුවකු ලෙස පෙනී සිට ඇති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට එහි ප්‍රශ්ණ පත්‍රයට අදාල පිළිතුරු සටහන් තොගයක් සඟවා ලඟ තබා ගෙන සිටි බවට චෝදනාවක් එල්ල වී ඇති බවට වාර්තා වේ. මෙම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තු වෙන් අතර ඒ සඳහා පෙනී සිටින්නන් විශාල කොන්දේසි යටතේ පැවැත්වෙන විභාගයකි. බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ වංචා දූෂණ වලට එරෙහිව හඬ නගන මන්ත්‍රීවරයකු ලෙස ප්‍රචලිතය.එලෙසම ශිෂ්‍යත්ව විභාගය⁣⁣ට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ගණ දෙවි පූජා පවත්වා එම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය ලිවීමට මැතිරූ පෑනක් ලබා දෙන වැඩ සටහනක් සිදු කරගෙන යන අයෙකි.  බුද්ධික පතිරණට නීති විභාගය ලිවීමට ශිෂ්‍යත්ව ළමයින්ට ලබා දෙන ආකාරයේ  මැතිරූ පෑනක් ගෙන යාමට අමතක වන්නට ඇති බව අපට සිතේ.

පංචායුද කාර්යාලයේ කසිප්පු පැක්ටරියක් පොලීසියට මාට්ටු වෙලා

Image
  ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකට සම්බන්ධව කලුතර තියෙන ඔෆිස් එකක කසිප්පු පෙරලා.පොලීසිය කසිප්පු පෙරන්න අඩුම කුඩුම එක්ක කසිප්පු මුදලාලි අල්ලගෙන ගිහින් උසාවි දාලා.ප්‍රශ්ණය ඒක නොවෙයි.මේ නිවුස් එක ඔය ප්‍රධාන ධාරාවේ ඇහැට කණට මාධ්‍ය වල විතරක් නොවේ.සයිබරෙත් හරි හරියට පත්තු වෙලා තිබුණා. හැබැයි,ඔය නිවුස් එකේ ඒ දේශපාලන පක්ෂය මොකද්ද කටේ කෙල බිංදුවක් බිම⁣ට දාල තිබ්බෙ නෑ. නිවුස් එක කියවන හැම උන්දැම දැන් හුස්මක් කටක් ගන්නැතුව හෙව්වෙ කසිප්පු පෙරුව දේශපාලන පක්ෂය මොකද්ද කියල.දැන් ඉතින් එක එකා තමන්ට ඇලජික් පක්⁣ෂෙ වෙන්න ඇති ඒක කරන්ට ඇත්තෙ කියල හිතා හදා ගත්තා.ඒත් ඒකෙ බිල වැඩියෙන් ලියවුනේ කළුතර රත්තරන් රෝහිතය ගෙ නමට.මොකද ඉතිං පොරගෙ අයි.ආර්.සී.කැරැට්ටුව ⁣රටේ අහුමුල්ලක් ගානෙ සීරියස් විදියට ලියවිලා තියෙනවානේ.ඒකයි, එහෙම හිතන්නෑත්තෙ. හැබැයි මෙතැන තවත් හිතන්ට දෙයක් තිබුණා.ඒ මේ කසිප්පු ඔෆිස් එක  ජනතා විමුක්ති පෙරමුණට හරි ,ජාතික ජන බලවේගය⁣ට කිසිම සම්බන්ධයක් නැහැ කියල.අඩුම ගානෙ මාලිමාවෙ දේශපාලනයට සම්බන්ධ නායකයෙක් උපදින කොට වැදමහ කැපුව මිඩ්වයිෆ් නෝනාගෙ මහත්තයගෙ සීයාගෙ පවුලෙ කෙනෙක් වුනත් ඔය විදියෙ වැඩකට මාට්ටු

පොලිස්පති ධුරය මුදලට අලෙවි කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ

Image
    පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමුතුම මාදිලියේ ජාවාරම්කාර ගණුදෙනුවක නිරත වෙමින් සිටින බවට ලංකා දවසට වාර්තා වී තිබේ. මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු  පක්ෂය තුළ මතුවී ති⁣බෙන බල අර්බුදය කේන්ද්‍රීය කර ගනිමින් ඡෙ.නි⁣.පො. දේශබන්දු තෙන්නකෝන් මෙම ගණු දෙනුව සැළසුම් කර ඇති බව අනාවරණය වේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට නිමල් ලන්සා මන්ත්‍රීවරයා සමග ජනපතිවරයාට ඉදිරි දේශපාලන කටයුතු වලදී සහයෝගය දැක්වීම එකඟතාව ප්‍රකාශ කර ඇත.මේ කණ්ඩායම සිය දේශපාලනික මැදිහත්වීම  වඩාත් පුළුල්ව  පවත්වාගෙන යාම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ දේශපාලන කාර්යලයක්ද පසුගිය දිනවලදී විවෘත කරන ලදී.මෙම දේශපාලන කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂගේ න්‍යායාචාර්ය ලෙස ක්‍රියා කළ සිරිපාල අමරසිංහ වේ.නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වෙමින් පවතින මෙම දේශපාලන එකමුතුව රාජපක්ෂවරුන්  නොතකා කටයුතු කරමින් සිටී. ඒ අතරේ රාජපක්ෂ වරුන් සමග තවමත් සමීපව සිටින මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක්  නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ නව දේශපාලන

සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගුට සිතාසි නිකුත් කෙරේ

Image
බොරැල්ල පැවැති සාමකාමී රැස්වීමකදී සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වසන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු හට මානව හිමිකම් කොමිෂන් සභාව සිතාසි නිකුත් කර තිබේ. පසුගියදා බොරැල්ල පැවැති එම සාමකාමී සැමරුමට බාධා කරමින් තමා ඇතුළු පිරිසකට හිරිහැර කිරීම හා තමාගේ ඇසකට රත්වූ පොල් තෙල් විසි කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු වග උත්තරකරු වකු ලෙස නම් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ හා නීතිඥ ⁣ශ්‍රීනාත් පෙරේරා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව මේ පැමිණිල්ල පිළිබඳව විශේෂ පරීක්ෂණයක් හෙට (26 ) දින පැවැත්වීමට නියමිතය.   

එල්ටීටී ත්‍රස්තවාදී වැඩ නිසා මෙරට අසාදු ලේඛන ගත කර සි⁣ටි එමිල් කාන්තන් හා සගයකුට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණේ ගෙන් තෑග්ගක්

Image
    මෙරට ත්‍රස්තවාදී කටයුතු වලට හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛන ගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ⁣ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙන වව්නියාව,වෙප්පම්කුලම්,මරදවාඩි මාවතේ පදිංචි නික්ලාපිල්ලේ ඇනත්නී එමිල් ලක්ෂමි කාන්තන් හා යාපනය නල්ලූර් කච්චේරි පාරේ පදිංචි මුරුගේසු ශ්‍රී ශන්මුගරාජා යන පුද්ගලයන් එලෙස මෙරට අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබේ.එමිල් කාන්තන් 2014 වර්ෂයේ සිට මෙරට අසාදු ලේඛනය⁣ට ඇතුළත් කරන ලද්දේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්  2010 ජුලි 27 වන දා සිට අන්තර්ජාතික පොලීසිය වෙතින් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවය. කළුතර බන්ධනාගාරය තුළදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හට පහරදී බරපතල තුවාල සිඳු කර මරා දැමීමට තැත් කළ බව⁣ට චෝදනා ලැබ සිටි එමිල් කාන්තන් ⁣එල්ටීටී සංවිධානයේ මුල්‍ය අංශ ප්‍රධානියාද ලෙස කටයුතු කර තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කළ ජනපතිවරණයේදී ඔහු හා එල්ටී

ජනපති හා පොහොට්ටුව අතර ඇතිවී ඇති ආරවුල අතේ රෝලක්

Image
  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඉදිරියට සහාය නොදක්වන්නේ  නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරවා හැර මහ මරතිවරණයකට යාමට ජනපතිවරයා⁣ ගේ අවධානය යොමු වී ඇතැයි සඳහන් ප්‍රවෘත්තියක් මෙරට මාධ්‍ය ගණනාවක අද දින (24)පල කර ඇති බව දැක ගන්න⁣ට තිබේ. මෙම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ජනතාව දැඩි අපහසුතාවෙන්  සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩි කර නිකරුණේ ජනතා මුදල් තව දුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටකත් ඉඩ නොදෙන බවට ජනපතිවරයා පැවසූ බවය. මෙම ප්‍රවෘත්තිය ජනතාව මුලා කිරීමට ආණ්ඩුව සිඳු කරමින් තිබෙන යටි මගඩි ප්‍රචාරණයේ තවත් එක් දිගුවක් බව ලංකා දවසේ අදහස වේ. ජනපතිවරයා හා පොදු ජන පෙරමුණ අතර ආරවුලක් පවතින බවට අදහසක් සමාජගත කර ආණ්ඩුවේ ඉදිරි සැළසුම් කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක කිරීම මෙහි අපේක්ෂාව බව පැහැදිලිය.පොදු ජන පෙරමු⁣ණේ මන්ත්‍රී කණ්ඩායම මේ අවස්ථාවේ පාර්ලි⁣මේන්තුව විසුරවා මැතිවරණයකට යාමට කිසිසේත්ම එකග නොවේ.ජනපතිවරයාටද තම දේශපාලන පෞරෂය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය.එහිදී දෙපාර්ශවයටම ගත හැකි හොඳම අවස්ථාව ඇත්තේ දෙපාර්ශවය අතර විරසකයක් හා ගැටුමක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර

උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බවට ප්‍රකාශ කරමින් ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඵෙතිහාසික තීන්දුවක් දෙයි

Image
  ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා දකුණු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට සහභාගි වූ දෙනෛකු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අවස්ථාවේ,එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත් පොලීසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවටත් ප්‍රකාශ කරමින් පොලීසියට අවවාද කරන ලදී. ගාල්ල පොලීසිය මගින් පසුගිය දින (23මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම,පොලිස් නිළධාරීන්ගේ රාජකාරිය⁣ට බාධා කර තුවාල සිදු කිරීම,සාපාරාධී බලහත්කාරය, අයුතු ඇතුළු වීම අනර්ථය යන චෝදනා  රාශියක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටින ලද්දේ මේ සිදුවීමේදී තුවාල ලද පොලිස් නිළධාරීන්ට සැකකරුවන් හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම සඳහාත් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධ

මෙන්න ගංඟානි සැඟවූ ඡන්ද පත්‍රිකා

Image
   පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නාම යෝජනා කැඳවා තිබූ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව කෝටි 100 ක පමණ මුදල් වියදම් කර රජයේ මුද්‍රණාලයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරිණි.එහෙත් ජනපති රනිල් රාජපක්ෂ හා ර⁣ජයේ මුද්‍රණාලධිපතිණි ගංඟානි කල්පනී ලියනගේ විසින් කූඨ යටි බිමි ගත සැළසුමක් දියත් කරමින් එම පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කරන ලදී. රජයේ මුද්‍රණාලය මගින් මහජන මුදල් වැය කර මුද්‍රණය කරන ලද එම ඡන්ද පත්‍රිකා තොගය මෙහි ඡායාරූප වලින් දැක්වේ. මෙම පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම බරපතල ව්‍යවස්ථානු කූල වරදක් බව ව්‍යවස්ථා විශාරදයන්  බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිඳු කළ වරදට වගකිවයුතු  අදාල පාර්ශවයන්ට කිසියම් දිනයකදී මෙරට අධිකරණය ඉදිරියේ වග උත්තරකරුවන් වීමට සිඳුවන බව නිසැකය. මෙරට මැතිවරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට හඟවා ජාත්‍යන්තර මුල්‍ය ආධාර ලබා ගනිමින් මෙරට සාධාරණ මැතිවරණ සඳහා එක් කාල සීමාවකදී  මැදිහත් වූ  "මං හිටපු ගවනර්" කීර්ති තෙන්නකෝන් නම් තක්කඩියා මේ වන විට රනිල් රාජපක්ෂගේ වැසිකිලි පස්ස සෝදන සට්ටැඹියෙකු  බවට රූපාන්තරය

රනිල් ගේ ආණ්ඩුවේ පජාත පාදඩයන්ට ඇමරිකාව තහනම් වේ

Image
  ඇමරිකාව බලා යාමට නියමිතව සිටි මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක නායකයා ලෙස පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග නොහොත් කප්පම් ප්‍රසන්නට රටට ඇතුළු වීම සඳහා වීසා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.  පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ සංවිධායක වරයාද වන  කප්පන් ප්‍රසන්න පිළිබඳව ජාත්‍යන්තරව පවතින තක්සේරුව මේ සිදුවීම තුළින් සිතා ගත හැකිය. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා ප්‍රතික්ශේප කෙරිණි.සරත් වීරසේකර යනු මෙරට නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙසද කටයුතු කළ තැනැත්තෙකි. තමාට ඇමරිකාව වීසා නිකුත් නොකිරීම  පිළිබඳව ප්‍රකාශයක් කළ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පවසා තිබුණේ ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නේ තමන් ගෙන් බවය. මෙවැනි විහිළුකාරයන් වංචාකාරයන් දූෂිතයන් රැසක් මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කරන  රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ ආණ්ඩුව සංවර්ධනය පිළිබඳව කෙතරම් කයිවාරු ඇද බෑවද ජාත්‍යන්තරය ඉදිරියේ ඉතා බරපතල ආකාරයෙන් හෑල්ලු වෙමින් පවතී. එයට හොඳම නිදසුනක් ලෙස ගත හැක්කේ මේ වන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට ඇමරිකාවේ සංචාරයකට වීසා නිකුත් කර තිබීමය.

මෙරට දේශපාලනයේ හෙට දවසේ ඉරණම පිළිබඳව අපේ අනාවැකිය

Image
  ජනපතිවරයා එම ධුරයේ හිඳුවා ඔහුට රජය පිහිටුවා කටයුතු කිරීම සඳහා පූර්ණ සහයෝගය දුන් පොදු ජන එක්සත් පෙරමුණ සම්බන්ධව නොසලකා ජනපතිවරයා නව කැබිනට් සංශෝධනයේදී ගත් අදූරදර්ශී තීන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණට කනස්සල්ලක් විරෝධයක් මෙන්ම කණගාටුවක් ඇති බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි. මෙහිදී වැඩ්දුරටත් පොදුජන පෙරමුණේ ලේකම් වරයා මෙසේද පැවසීය ⁣".....මේ කැබිනට් සංශෝධනය සිඳු වූ ආකාරය ගැන අපේ යම් කණගාටුවක් තියෙනවා.අප ඒ පිළිබඳව ජනපතිවරයා දැනුම්වත් කළා.මේ පාර්ලිමේන්තුවෙ බලය පවතින්නෙ පොදු ජන පෙරමුණ සතුවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්නෙ මන්ත්‍රීවරුන් 05 දෙනයි.එතැනදි පොදු ජන පෙරමුණට තිබුණා.  ඇමතිකමක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දී තිබෙනවා.ඒ සම්බන්ධව අප සතුටු වෙන්නේ නැහැ.ඒක වැරදි දෙයක්.වැරදි දේ වැරදියි කියන්න අප බය නැහැ.ජනපතිවරයාට එසේ නොකර ඉන්න තිබුණා.නමුත් අප පක්ෂයක් ලෙස තීරණයක් අරන් නැහැ ජනපතිවරයාට සහාය නොදී ඉන්න.අනාගතයේදී ඒ සම්බන්ධව පක්ෂයක් ලෙස තීරණයක් ගන්න වේවි . පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගේ මේ ප්‍රකාශයෙන් ආණ්ඩුව හා පොදු ජන පෙරමුණ අතර පවතින විර

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ව්‍යාජ ඖෂධ ගැන තොරතුරු හෙළිකරයි

Image
  පසුගියදා මෙරට සෞඛ්‍ය වි ක්ෂේත්‍රය තුළ වි⁣ශාල ආන්දෝලනයකට හේතු වූ  Immunogloulin ඖෂධය ව්‍යාජ ලිපි ලේඛන යොදා ගෙන ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කළ බව කීවත් එය එසේ ගෙන විත් ඇති බවට තොරතුරු නැති බවත්,එය ලංකාවේ නිෂ්පාදනය කරන්න⁣ට ඇතැයි සැකයක් පවතින බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තාක්ෂණික ඇගයුම් කමිටුවට  මේ ඖෂධය ගැන නිසි දැනුමක් තිබී නැති බවද අනාවරණය වී ඇති බවද ප්‍රකාශ කර ඇති හිටපු අමාත්‍යවරයා ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත කර මෙම ඖෂධය ලංකාවට ආවේ යැයි කීවත් එය සැක සහිත බව පවසා ඇත. පසුගිය 19 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්ණ කළ විට ඔවුන් එහිදී ලබා දුන් පිළිතුරු මගින් මෙම ඖෂධ වංචාව ගැන තොරතුරු හෙළදරව් වූ බවද ඔහු ප්‍රකාශ කරයි. තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරණ කාලයේදී මෙම ඖෂධ සමාගම  මෙරට තුළ ඖෂධ නිෂ්පාදනයට සහ ඇසුරුම් කිරීම සඳහා නිතර ඉල්ලීම් කෙරුවද ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලීමට එම සමාගම⁣ට නොහැකි වූ නිසා තමන් ඒ සඳහා අවසරය ලබා නොදුන් බව පවසා ඇති හිටපු අම

ලබන වසරේ ජනපතිවරණය පවත්වනවා -ජනපතිවරයා පවසයි

Image
    අද (21) දින පැවැති එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය ඇමතූ ජනපතිවරයා එළඹෙන වසරේදී ජනපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කරන ලදී. Smart country ජයගමු 2048 යන මැයෙන් මෙම පක්ෂ සම්මේලනය පැවැත්විණි. ජනපතිවරණයට පසුව පාර්ලිමේන්තු මැතිවරණයද අවස්ථාවක් ලද හොත් 2025 වසරේ මුල් භාගයේදී පලාත් සභා මැතිවරණයද පැවැත්වීමට කටයුතු කරන බවද ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. මෙම පක්ෂ සම්මේලනය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසා ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 100 කින් ජයග්‍රහණය කරනු ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසන ලදී ".....දැන් අපට තියෙනවා වගකීමක්.අපි දැන් ලෑස්ති වෙන්න ඕන අපි සියලු දෙනා එකතු වෙලා බලය ලබා ගන්න.සාමාජිකයො හැටියට අපට බැරිවුනා බලය ලබා ගන්න.අපි පරාජිතයි.හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ තීක්ෂණ ඥාණය පාවිච්චි කරලා අපට බලය ලබා දුන්නා    

නීතිඥ හිජාස් හිසබුල්ලාට එරෙහිව දුන් සාක්ෂි අසත්‍ය බව සාක්ෂිකරුවකු මහාධිකරණයේදී පිළිගනී

Image
  නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ විදුහල්පතිවරයකු ලෙස සේවය කරන ලද මොහොමඩ් ශකීල් යන අයවළුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයිසීසීපීආර් පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුව පසුගියදා (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නඩුවේ දෙවන සාක්ෂිකරු වන මොහොමඩ් ෆවුසාන් නැමැත්තා විසින් තමන් මෙම නඩුවේ මුල් අවස්ථාවේ ලබා දුන් සාක්ෂි අසත්‍ය බව අධිකරණය ඉදිරියේදී පිළිගන්නා ලදී. එහිදී ඔහු විසින් මීට පෙර සහරාන් හෂීම් පුත්තලම අල් සහීයීරා මද්‍රසා පාසැලට පැමිණ දේශන පැවැත්වීම,ෆාතිමා හා සාරා ජෙස්මින් යන කාන්තාවන් එම පාසැලට පැමිණ දේශන පැවැත්වීම,ප්‍රක්ෂේපන යන්ත්‍රයක් යොදා ගෙන යුද්ධය පිළිබඳව එහිදී වීඩියෝ දර්ශන පෙන්වීම ආදිය සිඳු කළ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි දී සඳහන් කර තිබුණි.තමන් දුන් එම සාක්ෂිය සම්පූර්ණයෙන් අසත්‍ය බවට මොහොමඩ් ෆවුසාන් විසින් මෙහිදී පිළිගෙන තිබේ. මෙම නඩුවේ නීතිපතිවරයා නියෝජනය කරන ලද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් ප්‍රසන්න සිල්වා පැමිණිල්ලට අගතියදායක සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් සාක්ෂි ආඥා පනතේ 154 වගන්තිය යටතේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්ණ කිරීමට මහාධිකරණ විනිසුර

ටිරාන් අලස් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රයක යෙදී ඇතැයි සැකයක් මතුවෙලා

Image
  නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳගේ සමීපතමයකු ලෙස ප්‍රසිද්ධ ලක්ෂමන් ෆොන්සේකා ඉතා රහසිගතව කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ගොස් ඇතැයි ලංකා දවසට තොරතුරු ලැබී තිබේ. තම පුද්ගලික වාහනයෙන් ටිරාන් අලස් ඇමතිවරයා විසින් ලක්ෂමන් ෆොන්සේකා කටුනායකට රැගෙන ⁣යන විට සිය පරිවාර පොලිස් ආරක්ෂක රථ හා ආරක්ෂක නිළධාරීන් පවා කැඳවා ගෙන ගොස් නැති බවද වාර්තා වේ. ඉතා රහසිගතව සිඳුවී ඇති මෙම සිඳුවීම ආණ්ඩුවේ අභ්‍යන්තරයේ බරපතල සාකච්ඡාවකට හේතු වී ඇතැයිද දැන ගැන්මට තිබේ. මෙහිදී ටිරාන් අලස් යනු ගේම් කාරයකු හා හොඳ පාවා දෙන්නකු බව ප්‍රකාශ කර ඇති ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ⁣එවැනි ගේම් කාරයන්ට ආණ්ඩුවේ ආයුෂ කාලය ගැන හොඳ ඉවක් තිබෙන බවත් එය ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණයක්ද විය හැකි බැවින් සියළුම දෙනා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ.

ආණ්ඩුව උපාධි කඩ ගෙන ඒමේ කුමන්ත්‍රණයක නිරත වන බව නුගේගොඩ ඡෙ.පො.අධිකාරී ලිඛිතව තහවුරු කරයි

Image
    පොලීසිය වෙතින් රෝහල් වල කාර්ය මණ්ඩලවල සේවාව ලබා ගැනීම සඳහා අනියම් ලෙස බලපෑම් කරන බවට අනාවරණය කෙරෙන ලිපියක් අප වෙත ලැබී තිබේ.මේ ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2023/10/27 දින යොමු කර ඇත්තේ නුගේගොඩ  කොට්ඨාශයේ ඡ්‍යෙෂඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ වේ. 2023/10/18 වන 12.00 පැයට මිරිහාන පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පවත්වන විරෝධතාවක් යම් හෙයකින් විසිරුවා හැරීමට යාමේදී තුවාල ලබන ආරක්ෂක නිළධාරීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් සේවකයන් පොරොත්තු ලේඛනයේ තබා ගන්නා ලෙසට මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.   මෙම ලිපිය මගින් තහවුරු වන්නේ රජයේ රෝහල් වල සේවාව ඉටු කළ යුතු වන්නේ ආරක්ෂක නිළධාරීන්ට පමණක් බව පොලීසිය කල්පනා කරන බවය. තවදුරටත් මෙම ලිපිය ⁣වෙනත් රාජ්‍ය සේවාවකට සිදු කරන අනියම් බලපෑමක් ලෙසද  සඳහන් කළ හැකිය. මේ සියල්ලටම වඩා මෙම ලිපිය මගින් නුගේගොඩ කොට්ඨාශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්.ජයමහ විසින් ආණ්ඩුව මෙරට නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව වනසන කුමන්ත්‍රණයක නිරතව සිටින බව පිළිගෙන තිබේ. එම ලිපියේ ඒ බව දැක්වෙන්නේ මෙසේය. "....වෛද්‍ය පීඨ ශිෂ්‍ය ස

හරක් කටා හට සුපිරි ආහාර සපයා ගැනීමට මහේත්‍රාත් තිලිණ ගමගේ අවසර දෙයි

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා හට සුපිරි වෙළඳ හළකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවසර ලබා දී ⁣තිබේ. නඳුන් චින්තක නොහොත් හරක් කටා තමන්ගේ නීතිඥයන්ගේ මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්ණ කරන මෙම සැකකරු එම දෙපාර්තමේන්තුවේ දුක් ගන්නා රාළ බවට පත්වී තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මොහුගෙන් ප්‍රශ්ණ කරනවාට වඩා මොහු වෙතින් බොහෝ මුල්‍යමය ආධාර ලබා ගනිමින් සිටින බවට අනාවරණය වේ. අලියකු අනීතිකව තබා  ගත්තේ යැයි චෝදනා ලද ⁣මහේස්ත්‍රාත් තිලිණ ගමගේටද නඳුන් චින්තක නොහොත් හරක් කටා ගෙන් මුදල් කුට්ටියක් ලැබී ඇති බවට සැක කළ හැකිය.මේ මහේස්ත්‍රාත්වරයා කැසිනෝ සමාජ ශාලා වල කරක් ගසන්නෙක් බවට අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රචලිතය.එක අවස්ථාවක කැසිනෝ සමාජශාලාවකදී මොහු පිස්තෝලයක් ගෙන පෙන්වමින් වෙනත් පුද්ගලයෙකුට තර්ජනය කරන ලද සිඳුවීමක්ද ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේ

ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කරන්නේ කුඩු මුදලාලිලාගේ ඉත්තන් බව ලංකාදීපය කියයි

Image
  වයස අවුරුදු 60 ඉක්මවූ නිළධාරීන් නැවත සේවා දිගු ලබා දීම නොහැකි බවට වූ නෛතික පදනම මත ව්‍යවස්ථා දායක සභාව විසින් පොලිස්පතිවරයාට ලබා දී ඇති සති තුනක සේවා දිගුව වැරදි බවට තීරණය කරන ලදී.එහෙත් මේ වන විට චීනයේ සංචාරයේ නිරත ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාව ගත් එම තීන්දුව අවලංගු කර නැවතත් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත් කර තිබේ. ජනපතිවරයා විසින් ව්‍යවස්ථා දායක සභාව ගත් තීන්දුව නොතකා හැරීම ලංකාදීප පුවත්පත ඇතුළු බොහෝ මාධ්‍යය වල පල වී ඇත්තේ ජනපතිවරයාත් නීතිය හා සාමය භාර ඇමතිවරයාත් විදේශගතව සි⁣ටියදී පොලිස්පති වරයා සම්බන්ධයෙන් ගත් තීරණය කුමන්ත්‍රණයක් බවය. ලංකාදීප පුවත්පත හා ඇතැම් මාධ්‍යවල පල කර ඇති මෙම පුවතේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ජනපතිවරයාත් නීතිය හා සාමය බාර ඇමතිවරයාත් නැති අවස්ථාවක පොලිස්පති  සී.ඩී වික්‍රමරත්න ඉවත් කිරීම කුඩු ව්‍යාපාරිකයන් ගේ ඕනෑකමට සිදු වූවක් බවට එක්තරා අමාත්‍යවරයකු ප්‍රකාශ කළ බවය. වෙනත් මාධ්‍ය  කෙසේවෙතත් ලංකාදීප පල වී ඇති ප්‍රවෘත්තිය අපි විශ්වාස කරමු.ඒ ලංකාදීප පුවත්පත ජනපතිවරයාගේ පවුලේ පුවත්පත නිසාය. මේ ප්‍රවෘත්තියෙන් අපට බරපතල තොරතුරක් අනාවරණය වී තිබේ.ඒ ව්‍යවස්ථාදාය

පොලිස්පතිකම ගැන ජනපති හා ව්‍යවස්ථාදායක සභාව ගැටේ

Image
  පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සී.ඩී.වික්‍රමරත්නට දෙවන වරට ලබා දී තිබූ මාස 03 ක කාලය පසුගිය ඔක්තෝම්බර් මස 09 වෙනිදායින් පසුව ජනපතිවරයා විසින් ඔහුට ඔක්තෝම්බර් 13 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සති 03 ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා විය. එහෙත් වයස අවුරුදු 60 ට වැඩි රජයේ නිළධාරීන්ගේ සේවය දීර්ඝ නොකිරීමට රජය ගෙන ඇති තීරණය අනුව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබා දීම අනුමත කළ නොහැකි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තීන්දු කර ඇතැයි දැන ගැන්මට තිබේ. අද (17)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇති ව්‍යවස්ථාදාවක සභා රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරියවසම්, සහ සිවිල් නියෝජිතයන් සහභාගි වූ බව පැවසේ.එහෙත් ව්‍යවස්ථා දායක සභාවේ  සාමාජිකයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම රැස්වීමට සහභාගි වී නැත.ඔහු මේ වන විට ඉන්දි⁣යාවේ සංචාරයක නිරත වේ. එහෙත් දැනට චීනයේ සංචාරයක නිරත වන ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාව ගත් මෙම ⁣තීන්දුව පිළිබඳව දැඩි කෝපයට පත් වූ බවත් ඒ අනුව එම තීන්දුව නොතකා නැවතත් සී.ඩී