පංචායුද කාර්යාලයේ කසිප්පු පැක්ටරියක් පොලීසියට මාට්ටු වෙලා
ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකට සම්බන්ධව කලුතර තියෙන ඔෆිස් එකක කසිප්පු පෙරලා.පොලීසිය කසිප්පු පෙරන්න අඩුම කුඩුම එක්ක කසිප්පු මුදලාලි අල්ලගෙන ගිහින් උසාවි දාලා.ප්‍රශ්ණය ඒක නොවෙයි.මේ නිවුස් එක ඔය ප්‍රධාන ධාරාවේ ඇහැට කණට මාධ්‍ය වල විතරක් නොවේ.සයිබරෙත් හරි හරියට පත්තු වෙලා තිබුණා. හැබැයි,ඔය නිවුස් එකේ ඒ දේශපාලන පක්ෂය මොකද්ද කටේ කෙල බිංදුවක් බිමට දාල තිබ්බෙ නෑ.නිවුස් එක කියවන හැම උන්දැම දැන් හුස්මක් කටක් ගන්නැතුව හෙව්වෙ කසිප්පු පෙරුව දේශපාලන පක්ෂය මොකද්ද කියල.දැන් ඉතින් එක එකා තමන්ට ඇලජික් පක්ෂෙ වෙන්න ඇති ඒක කරන්ට ඇත්තෙ කියල හිතා හදා ගත්තා.ඒත් ඒකෙ බිල වැඩියෙන් ලියවුනේ කළුතර රත්තරන් රෝහිතය ගෙ නමට.මොකද ඉතිං පොරගෙ අයි.ආර්.සී.කැරැට්ටුව රටේ අහුමුල්ලක් ගානෙ සීරියස් විදියට ලියවිලා තියෙනවානේ.ඒකයි, එහෙම හිතන්නෑත්තෙ.හැබැයි මෙතැන තවත් හිතන්ට දෙයක් තිබුණා.ඒ මේ කසිප්පු ඔෆිස් එක ජනතා විමුක්ති පෙරමුණට හරි ,ජාතික ජන බලවේගයට කිසිම සම්බන්ධයක් නැහැ කියල.අඩුම ගානෙ මාලිමාවෙ දේශපාලනයට සම්බන්ධ නායකයෙක් උපදින කොට වැදමහ කැපුව මිඩ්වයිෆ් නෝනාගෙ මහත්තයගෙ සීයාගෙ පවුලෙ කෙනෙක් වුනත් ඔය විදියෙ වැඩකට මාට්ටු වුනා නම් හෙම හිරු දෙරණ අයිටීඑන් රූපවාහිනී ලේක්වුස් මව්බිම වගේ මීඩියා නියම බයිට් එකක් වෙන එක ෂුවර්.
ඒ හන්ද මේ කසිප්පු ඔෆිස් එක ජවිපෙ හරි මාලිමාවෙ නොවෙන වග සීයට දෙසීයක් ෂුවර් එකට හිතන්ට පුළුවන් වුනා. එතකොට කාගෙද මේ කසිප්පු ඔෆිස් එක .පස්සෙ තමයි අපට නිවුස් එකේ බ්ලැක් හෝල් එක තේරුම් ගන්ට පුළුවන් වුනේ.බලද්දි ඒ කසිප්පු ඔෆිස් එක අපේ පංචායුද කුමාරයාගෙ පක්ෂෙ මේජර් ජනරාල් කෙනෙකුට අයිති එකක්.මගෙ අම්මෝ පඩයක් පැඩ්ඩත් අමුම අමු සිංහල බෞද්ධකම මව්බිම සිරි ලංකා විදියට හැඩයට රවුමට කැරකිල වේට්ටු දාල ස්වීට් කරල රස දිව පිනා යන විදියට යවන අයනේ උන්දැල.
පංචායුද කුමාරය නොහොත් විමලේ ඉතිං පිටරට බඩු වලට වඩා දේශීය නිශ්පාදන ඉහලට උස්සන්න කොච්චර ට්‍රයි එකක් දෙනවද.මිනිහ යූඑන් එක ඉස්සරහ උපවාසෙ වෙලාවෙදිත් කෑවෙ මැලිබන් ලෙමන් ෆෆ් විතරමයි.කෝමද වැඩේ.ඒ උපවාසෙ නවත්වන්ට කියල මයින්ද මහත්තය ඇවිල්ල බොන්න දුන්නෙත් කැලණිය පන්සලේ වත්තෙන් කඩං ආපු තැඹිලි ගෙඩියක තැඹිලි වතුර වීදුරුවක්.ඕං එහෙමයි මව්බිමට බොක්කෙන්ම ආදරේ පක්ෂ නායකයො.පක්ෂෙ ලාංඡනේට ගත්තෙත් පංචායුදේ.මේ රටේ උන්දැල තමන්ගෙ කිරි සප්පයන්ගෙ ආරස්සාවට පංචායුදයක් බෙල්ලෙ බඳිනව නේ.ඔය කිරි සප්පය කිරි දත් එනකොට පංචායුදේ හපනව කුල්ල කුජීත වෙලා යනකම්ම.දැන් ඔය විමලෙ තමුන්ගෙ පක්ෂෙ ලාංඡනේට පංචායුදේ ගන්ට ඇත්තෙත්එයා එක්ක පොදි බඳින්න එකතුවෙන්නෙ දේශපාලනේඅ යන්නවත් නොදන්න කිරි සප්පයො නිසා හිතල වෙන්ටත් ඇති.කෝම හරි ඉතින් එයාල කරන කියන ඒව දැක්කම ඇහුනම අපට හිතන්ට වෙලා තියෙන්නෙ පංචායුදේ බෙල්ලෙ බැඳල ඉන්න හුරතල් කිරි සප්පයන්ගෙ වැඩ කෑලි තමා ඉතින්.විමලෙ ඇතුළු ඔය පක්ෂෙ කල එළි බහින ලීඩර්ල ටික මාර සීරියල් පොරවල්.වෙලාවකට දුටුගැමුණුට අඳිනවා.තවත් වෙලාවකටමහාවංශෙ කරේ තියාගෙන යනවා.සැළලිහිණි සංදේශෙ කට පාඩමේ කියනවා.ඇමරිකාවත් එක්ක ගේම් එක ඉල්ලනවා.මෙයාලගෙ කටේ දිවේ කණේ ඇට දෙකේ අතේ ඇඟිලි දහය අස්සෙන් දේශප්‍රේමිත්වය තමා ගලා ගලා යන්නෙ ඉතින්. අර ඊයෙ පෙරේද දවසක එයාලගෙ පක්ෂෙ බඩ ඉරිඟු දුටු ගැමුණු මන්ත්‍රිතුමාගෙ කාර් එකට තමා කවුදෝ නන්නාඳුන එකෙක් වෙඩි තියල තිබ්බෙ.නන්නාඳුන කිව්වට එයාගෙ ගාඩ් එකේ ඉන්න එවුන් තමයි කියල තමයි පොලීසිය සැක කරන්නෙ.ඕං ඉතින් එයාලගෙ පක්ෂ ලීඩර් විමලයත් ඔය වගේ යටි කූට්ටු ගේම් ගහන එකේ ඔය වෙඩිල්ල තඹ දොයිතුවකට ගණන් ගන්න ඕන නෑ.දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා වගේ ගේම් තමා ඒවා.දැන් ඔය කසිප්පු පැක්ටරිය දාල තියෙන්නෙ විමලෙගෙ පක්ෂෙ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙ ඔෆිස් එකේ.ආණ්ඩුවෙ ජී.ඩයනා ඇමතිතුමිය,අම්පාරෙ පිස්සු හුටං විමලෙ මන්තිරිතුමා හෙම දේශීය නිෂ්පාදනයක් විදියට ලයිසන් දීලකසිප්පු පෙරිල්ල නීතිගත කරන්න ෆුල් ට්‍රයි එකක් දෙන වෙලාවෙ විමලෙගෙ පක්සෙ ජයන්ත සමරවීර මන්තිරිතුමාටත් හිතෙන්ට ඇති ඒ වැඩ පිළිවෙලට සහයෝගය දක්වන්න.ඉතින් ඒකෙ වැරැද්දක් තියෙනවයැ.ඔය විදේශීය ආක්‍රමණිකයන්ගෙ රට බීම බොනවට වඩා සීයට දෙසීයක් සිංහල බෞද්ධ කසිප්පු කොච්චර හොඳද.දේශප්‍රේමියකු නොවී විප්ලව වාදියෙකු වෙන්ට බැහැ කියල පංචායුද විමලෙ එයා නෝන්ඩි වුන ඇත්ත නැත්ත පොතේ අන්තිම පිටුවෙ ලියල තියෙනවා.ඒකනේ...ඒකනේ.....ඒකනේ.....පළමුවත්දෙවනුවත් තෙවනුවත් මව්බිම....ඒ මව්බිමේ නිෂ්පාදනය කරන කසිප්පුඅති විශිෂ්ඨයි නේද සහෝදරවරුනේ
Comments
Post a Comment