අටමස්ථානාධිපති නායක හිමිට කුලප්පුව හැදිලා
අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වූ අපරාධමය වරදකට පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. නිට්ටුඹව ප්‍රදේශයේ ලැගුම්හලකදී තරුණයකු සමග සිටියදී මේ බාල වයස්කාර දැරිය අත් අඩංගුවට පත් වී තිබුණි.එහිදී පොලීසියට අනාවරණය වී ඇත්තේ මේ දැරිය මුලින්ම අපයෝජනය කරන ලද්දේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බවය.දැරියගේ මව සහ පියා රුවන්වැලි සෑය ආසන්නයේ මල් විකුනන අයවළුන් බවත් ඔවුන් දෙදෙනා අටමස්ථානාධිපති නායක හිමියන් ගෙන් ණය මුදලක් ගෙන තිබී එය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිය දියණිය ඒ හිමි නමගේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා බාර දී ඇතැයි මෙතෙක් සිඳු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. පොලීසිය අපහරණයට ලක් කරන ලද දැරිය සමග ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවා සිඳු කර ඇති අතර අනුරාධපුරය තුන් රෝද රථ හිමියන් කිහිප දෙනෙකුගෙන්ද මෙම අපරාධය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගෙන ඇති බව පැවසේ. තමන් දූෂණය කිරීම නිසා ආ රුධිරය තැවරුන රෙදි වලලා දැමූ බවද එම දැරිය පවසා තිබේ. මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා සමාජයේ ඉහල තැන් වලින් පොලීසියට බලප...