අටමස්ථානාධිපති නායක හිමිට කුලප්පුව හැදිලා
අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වූ අපරාධමය වරදකට පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
නිට්ටුඹව ප්‍රදේශයේ ලැගුම්හලකදී තරුණයකු සමග සිටියදී මේ බාල වයස්කාර දැරිය අත් අඩංගුවට පත් වී තිබුණි.එහිදී පොලීසියට අනාවරණය වී ඇත්තේ මේ දැරිය මුලින්ම අපයෝජනය කරන ලද්දේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බවය.දැරියගේ මව සහ පියා රුවන්වැලි සෑය ආසන්නයේ මල් විකුනන අයවළුන් බවත් ඔවුන් දෙදෙනා අටමස්ථානාධිපති නායක හිමියන් ගෙන් ණය මුදලක් ගෙන තිබී එය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිය දියණිය ඒ හිමි නමගේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා බාර දී ඇතැයි මෙතෙක් සිඳු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
පොලීසිය අපහරණයට ලක් කරන ලද දැරිය සමග ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවා සිඳු කර ඇති අතර අනුරාධපුරය තුන් රෝද රථ හිමියන් කිහිප දෙනෙකුගෙන්ද මෙම අපරාධය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගෙන ඇති බව පැවසේ.
තමන් දූෂණය කිරීම නිසා ආ රුධිරය තැවරුන රෙදි වලලා දැමූ බවද එම දැරිය පවසා තිබේ.
මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා සමාජයේ ඉහල තැන් වලින් පොලීසියට බලපෑම් කරමින් සිටින බවද මේ වන විට ඇතැම් මාධ්‍ය මගින් චෝදනා කෙරේ.
සැකකාර නායක හිමියන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැතත් එම අපරාධමය වරද සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇති බව අනාවරණය වේ.
මේ අතර දැරිය මානසික රෝගයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කොට අටමස්ථානාධිපති නායක හිමි නම චෝදනා වලින් ගලවා ගැනීමේ සැළසුමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත.පසුගියදා නීති විරෝධීව දඩ මස් තබා ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා පොලීසියට කට උත්තර ලබා දී තිබුණේ එම දඩ මස් තමන් සන්තකයේ තබා ගෙන සිටින ලද්දේ අටමස්ථානාධිපති නායක හිමියන්ගේ දානයට බවය.
.png)
Comments
Post a Comment