සිසුවෙකු අපයෝජනය කළ දහම් පාසැල් ගුරෙකුට සිර දඬුවම්
පහලොස් හැවිරිදි සිසුවෙකු බරපතළ අපයෝජනයට ලක් කල දහම් පාසැල් ගුරුවරයෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලීන්ද හේවාවසම් මහතා විසින් වසර 24 ක, සිර දඬුවමක් (30) නියම කරමින් සිය තීන්දුව ලබා දෙන ලදි.
මෙලෙස මහාධිකරණයෙන් සිර දඬුවම් නියම වූයේ මොණරාගල ඇතිමලේ පදිංචි , ඌරූමුත්ත ගමගේ චන්දන නමැති 47 වියැති දහම් පාසැල් ගුරුවරයෙකුටය.
චූදිත 2015 වසරේදී වින්දිත පිරිමි ළමයා සිය පාපැදියේ නංවාගෙන රහසිගත ස්ථානයකට රැගෙන ගොස් එහිදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබූ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.චෝදනා දෙකක් චූදිතට එරෙහිව ඔප්පුවී තිබුණි ,ඒ අනුව එක චෝදනාවකට වසර 12 බැගින් වසර 24 ක ,සිර දඬුවම් නියම කෙරුණු අතර,එම දඬුවම වසර 12 ක ,කාලයකින් ගෙවී යන පරිදි එක්වර ක්‍රියාත්මක කිරීමටද නියෝග කෙරිණි.
රජයේ අධිනීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණල්ල වෙනුවෙන් පෙනී සිටියේය.චූදිතට එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් සහ වින්දිත සිසුවාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 05 ක ,මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කරන ලදි.

Comments
Post a Comment