කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගනී
ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත්තේ යැයි පැවසෙන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඇප මත මුදා හැර සිටි කපිල චන්ද්‍රසේනට අධිකරණය මගින් ප්‍රකාශිත ඇප අවලංගු කර ඔහු නැවත අත් අඩංගුවට ගන්නා ලෙසට ඊයේ (07)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කෙරුවේය.ඒ අල්ලස් කොමිසම මෝෂමකින් මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කරන ලද ඉල්ලීමක් සළකා බලමිනි.
අලුත්කඩේ අධිකරණය සමීපයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 15000ක් බැගින් වූ මුදල් ගෙවා එම පුද්ගලයන් ඇපයට තබමින් කපිල චන්ද්‍රසේන ඇප කොන්දේසි කඩ කර ඇති බව හා අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඔහුගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම එම මෝෂම මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට නිකුත් කළ ඇප අවලංගු කර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත්කර කළේය.
අලුත්කඩේ අධිකරණය අසළ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් 15000 බැගින් ගෙවා ඔහුට පැනවූ ඇප තැන්පත් කිරීමට ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.
සැකකාර කපිල චන්ද්‍රසේනට ඇප අත්සන් කරන ලද පුද්ගලයන් දෙදෙනා මේ වන විටත් පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර කර තිබේ.
.png)
Comments
Post a Comment