ඇමති කියන හැටියට වැඩ කරන්න යැයි අගමැති ලේකම් පැවසුවා හිටපු ලේකම්වරිය සාක්ෂි දෙමින් කියයි

 


අධ්‍යාපන සුදුසුකම් නැති පාක්ෂික හිතවතුන් පිරිසක් රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙසට තමන්ට යහපාලන සමයේදී කාන්තා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන  ඇමතිවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර තමන්ට බලපෑම් කළ බව එම අමාත්‍යංශයේ  හිටපු ලේකම් වරිය වන දර්ශනා සේනානායක පසුගිය 05 වෙනිදා කොළඹ මහාධිකරණයේ සාක්ෂි දෙමින් පැවසුවාය.


වැඩි දුරටත් සාක්ෂි දුන් හිටපු ලේකම්වරිය මෙසේද පැවසුවාය.

ඒ අවදියේදී වියලි කලාප සංවර්ධන වැඩ සටහනට අදාලව කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව සේවකයන් 12 දෙනෙකු බඳවා ගැනීමට තිබුණා. ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දැන්වීම් ප්‍රසිද්ධ කර අයදුම්කරුවන් නිසි සම්මුඛ පරීක්ෂණ කැඳවා ඉන් සමත් වන අයවළුන් බඳවා ගැනීම නිසි ක්‍රම වේදය වුනා.ඒත් ඇමතිවරිය නිත්‍යනුකූල ක්‍රම වේදයෙන් තොරව අනුරාධපුරයේ පදිංචි තමන්ගේ දේශපාලන පාක්ෂිකයන්  දාල තනතුරු වලට බඳවා ගන්නා ලෙසට මට බලපෑම් කෙරුවා.එහිදී එම තනතුරු වලට බඳවා ගන්නා ලෙසට මට එවන ලද නාම ලේඛනයේ නම් සඳහන් අයවළුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් පවා සටහන් වී තිබුණේ නැහැ.
ඊටත් වඩා එම නාම  ලේඛනයේ වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ පුද්ගලයන් දෙදෙනෙකුගේ නමිද ඇතුළත් කර තිබුණා.වයස අවුරුදු හැට පහ  ඉක්මවූවන් කොන්ත්‍රාත් පදනම මත හෝ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නොහැකි බැවින් ඇමතිවරියගේ නියෝගය ක්‍රියාත්මක කළ හොත් මතුවිය හැකි නෛතික ගැටළු සළකා මෙය කළ නොහැකියි යන සඳහන ලිඛිතව සටහන් කර ගොනුව ඇමතිවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වෙත යැව්වා.එහෙත් එවැනි දැනුම් දීමක් කර තිබියදීත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 52 /3 වගන්තිය ප්‍රකාරව ඇමතිවරයා⁣ගේ උපදෙස් පිලිපැදීමට අමාත්‍යංශ ලේකම්වරයා බැඳී සිටින බව සඳහන් කරමින් ඇමතිවරිය ලිපියක් මගින් මට බලපෑම් කෙරුවා.මේ දැඩි බලපෑම නිසා මා රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඒ බව එවකට  අග්‍රාමාත්‍ය ලේකම් සමන් දිසානායක දැනුවත් කෙරුවා.ඔහු මට උපදෙස් දුන්නේ ඇමතිවරිය දෙන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසය. 
දෙදහස් දහනවය වස⁣රේ පැවැත්වීමට  නියමිතව පැවැති මැතිවරණය ඉලක්ක කර ගනිමින් වියලි කලාපයේ අනෙකුත් ප්‍රදේශ නොසළකා හැර තම අනුරාධපුර   මැතිවරණ කොට්ඨාශයට පමනක් රාජ්‍ය මුදල් යෙදවීමේ දැඩි අවශ්‍යතාවක් ඇමතිවරියට තිබුණා.

හිටපු ලේකම්වරියගේ සාක්ෂි ගැනීම අවසන් කිරීමෙන් පසුව ඊළඟ නඩු දිනයේදී 3 වන 4 වන සාක්ෂිකරුවන් කැඳවන ලෙසට මහාධිකරණ විනිසුරු නියෝග කරන ලදී.

අල්ලස් පනත යටතේ අල්ලස් හෝ දූෂණ  කොමිෂම මගින් හිටපු ඇමතිනී චන්ද්‍ර බණ්ඩරට එරෙහිව පවරා ඇත්තේ 2019 ජන⁣වාරි 04 හා එම මස 31 කාලය තුළ
කළමනාකරණ සේවා චක්‍රලේඛ උල්ලංඝනය කරමින් එම්.එම්.චන්ද්‍රවංශ ඇතුළු 13 දෙනෙකුට පත්වීම් ලබා දීම සම්බන්ධයෙනි.                                                  

 

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා