ජනාධිපති අපේක්ෂකයන් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරිණි.ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතේ ඇති මුදල රුපියල් 67000 ක් වන අතර ඔහු විසින් ගෙවීමට ඇති ණය මුදල මිලියන 50 කට වැඩිය.සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳට ඇති බැංකු ගිණුම් සංඛ්‍යාව 14 ක් වන අතර ඒ බැංකු අතර ලංකා බැංකුව ,සෙලාන් බැංකුව,එන්ඩීබී බැංකුව,නේෂන් ට්‍රස්ට් බැංකුව ආදිය වේ.ඒ අතරම ඔහුට සමාගම් දෙකක කොටස් වටිනාකම 2,257,640කි.සජිත් ප්‍රේමදාස පොල් සහ වී වගාවෙන් යුක්ත ඉඩමක හිමි කරුද වේ. ඔහු විසින් 2024 දී ලබා ගත් රුපියල් 3,130,138ක ණය මුදලක් ඒ ආකාරයෙන්ම පවතින අතර දිනය යොදා නැති හා ලබා ගත් ණය මුදල ප්‍රදර්ශනය නොවෙන ලෙස කළු කර ඇති ණය මුදලක ඉතිරිිය වශයෙන් රුපියල් මිලියන 8.41ක් දැක්වේ. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස විසින් ලබා ගත් ණය පිළිබඳව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු වන්නේ ඔහු විසින් එම ණය නොගෙවා ඇති නිසාය.මෙහිදී 2014 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.8ක ,2015 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.285 ක ,2016දී ලබා ගෙන ඇති රුපියල් ම...
Comments
Post a Comment