බුද්ධික පතිරණ නීති විභාගයට හොරට ලියන්නට ගිහින් මාට්ටු වෙලා
පසුගියදා පැවැති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම්කරුවකු ලෙස පෙනී සිට ඇති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට එහි ප්‍රශ්ණ පත්‍රයට අදාල පිළිතුරු සටහන් තොගයක් සඟවා ලඟ තබා ගෙන සිටි බවට චෝදනාවක් එල්ල වී ඇති බවට වාර්තා වේ.මෙම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තු වෙන් අතර ඒ සඳහා පෙනී සිටින්නන් විශාල කොන්දේසි යටතේ පැවැත්වෙන විභාගයකි.බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ වංචා දූෂණ වලට එරෙහිව හඬ නගන මන්ත්‍රීවරයකු ලෙස ප්‍රචලිතය.එලෙසම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ගණ දෙවි පූජා පවත්වා එම දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය ලිවීමට මැතිරූ පෑනක් ලබා දෙන වැඩ සටහනක් සිදු කරගෙන යන අයෙකි.බුද්ධික පතිරණට නීති විභාගය ලිවීමට ශිෂ්‍යත්ව ළමයින්ට ලබා දෙන ආකාරයේ මැතිරූ පෑනක් ගෙන යාමට අමතක වන්නට ඇති බව අපට සිතේ.
Comments
Post a Comment