උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක් බවට ප්‍රකාශ කරමින් ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඵෙතිහාසික තීන්දුවක් දෙයි

 


ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා දකුණු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට සහභාගි වූ දෙනෛකු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අවස්ථාවේ,එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත් පොලීසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවටත් ප්‍රකාශ කරමින් පොලීසියට අවවාද කරන ලදී.

ගාල්ල පොලීසිය මගින් පසුගිය දින (23මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම,පොලිස් නිළධාරීන්ගේ රාජකාරිය⁣ට බාධා කර තුවාල සිදු කිරීම,සාපාරාධී බලහත්කාරය, අයුතු ඇතුළු වීම අනර්ථය යන චෝදනා  රාශියක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටින ලද්දේ මේ සිදුවීමේදී තුවාල ලද පොලිස් නිළධාරීන්ට සැකකරුවන් හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම සඳහාත් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණය වෙත කරුණු දක්වමින් පවසන ලද්දේමෙම සැකකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් සිඳු කිරීමේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම උද්ඝොෂණය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් පැවැත්වූ උද්ඝෝෂණයක් වුවද පොලීසිය එම අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවය.

දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතිවාසිකමක් බවත්,මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම බැඳී සිටින බවත් පවසා සිටියේය.ඒ අනුව ගාල්ල අධිකරණ කලාපය තුළ ඕනෑම සාමකාමී උද්ඝෝෂණයකට පොලීසිය විසින් පහරදී මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කිරීම සිඳු නොකළ යුතු බවත් ,මින් ඉදිරියට එවැනි සිඳුවීම් වාර්තා වුව හොත් අදාල පොලිස් නිළධාරීන්ට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවටත් අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ ශරීර ඇපයක් මත මුදා හැරීමටද නියෝග  කෙරුවේය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් අවධාරණය කරන ලද්දේ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පොලීසියට හා පාලකයන්ට හැකියාවක් නොමැති බවත් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම කැපවී මැදිහත් වන බවය.   

ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනෙකු වන ධම්මික නයන කුමාර හා මේනක වික්‍රමනායක මෙලෙස පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ජෝති රත්න කදිරහෙට්ටිආරචිචි, ප්‍රසිත වල්ගම,ගෝපිකා ලොකුගේ,අජිත් කුමාර, රජීන්ද්‍ර නාරංගොඩ හා පිනිපා ගොඩගේ පෙනී සිටියහ.   

(ප්‍රවෘත්ති මූලාශ්‍රය / rata.lk වෙතිනි)

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්