ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කරන්නේ කුඩු මුදලාලිලාගේ ඉත්තන් බව ලංකාදීපය කියයි

 


වයස අවුරුදු 60 ඉක්මවූ නිළධාරීන් නැවත සේවා දිගු ලබා දීම නොහැකි බවට වූ නෛතික පදනම මත ව්‍යවස්ථා දායක සභාව විසින් පොලිස්පතිවරයාට ලබා දී ඇති සති තුනක සේවා දිගුව වැරදි බවට තීරණය කරන ලදී.එහෙත් මේ වන විට චීනයේ සංචාරයේ නිරත ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාව ගත් එම තීන්දුව අවලංගු කර නැවතත් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත් කර තිබේ.

ජනපතිවරයා විසින් ව්‍යවස්ථා දායක සභාව ගත් තීන්දුව නොතකා හැරීම ලංකාදීප පුවත්පත ඇතුළු බොහෝ මාධ්‍යය වල පල වී ඇත්තේ ජනපතිවරයාත් නීතිය හා සාමය භාර ඇමතිවරයාත් විදේශගතව සි⁣ටියදී පොලිස්පති වරයා සම්බන්ධයෙන් ගත් තීරණය කුමන්ත්‍රණයක් බවය.

ලංකාදීප පුවත්පත හා ඇතැම් මාධ්‍යවල පල කර ඇති මෙම පුවතේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ජනපතිවරයාත් නීතිය හා සාමය බාර ඇමතිවරයාත් නැති අවස්ථාවක පොලිස්පති 
සී.ඩී වික්‍රමරත්න ඉවත් කිරීම කුඩු ව්‍යාපාරිකයන් ගේ ඕනෑකමට සිදු වූවක් බවට එක්තරා අමාත්‍යවරයකු ප්‍රකාශ කළ බවය.

වෙනත් මාධ්‍ය  කෙසේවෙතත් ලංකාදීප පල වී ඇති ප්‍රවෘත්තිය අපි විශ්වාස කරමු.ඒ ලංකාදීප පුවත්පත ජනපතිවරයාගේ පවුලේ පුවත්පත නිසාය.

මේ ප්‍රවෘත්තියෙන් අපට බරපතල තොරතුරක් අනාවරණය වී තිබේ.ඒ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන්නන් කුඩු ජාවාරම් කාරයන් හා සම්බන්ධ බවය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල කාරියවසම්,අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්,හා ආචාර්ය ප්‍රතාප් රාමුනුජම්, ආචාර්ය දිනේෂා සමරරත්න,වෛද්‍ය දිල්කුෂි අනුලා ⁣විජේසුන්දර ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කරති.

ව්‍යවස්ථාදායක සභාව වෙතින් පොලිස්පතිවරයා ගේ සේවා දීගුව වැරදි බවට ගත් තීන්දුව බෙදුන තීන්දුවක් හෝ ඒකමතිකව ගත් තීන්දුවක්ද යන්න අපි නොදනිමු.එය බෙදුන  තීන්දුවක් ලෙස ගත්තේ නම් මෙරට  කුඩු ව්‍යාපාරිකයන්ට සම්බන්ධ අයවළුන් එම තීන්දුවෙන් හඳුනා ගත හැකිය.එසේ නැතිනම් එම තීන්දුව ඒකමතිකව ගත් එකක් නම් ව්‍යවස්ථාදායක සභා⁣වේ සම්පූර්ණ නියෝජනයම කුඩු ව්‍යපාරිකයන්ට සම්බන්ධ බව සිතිය හැක. ලංකාදීපයට තොරුතුරු සැපයූ එක්තරා ඇමතිවරයාය එය තහවුරු කර තිබේ.

ව්‍යවස්ථා දායක සභාවෙ රෙදි නෑ ඕයි....

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්