රනිල් ගේ ආණ්ඩුවේ පජාත පාදඩයන්ට ඇමරිකාව තහනම් වේ

 


ඇමරිකාව බලා යාමට නියමිතව සිටි මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක නායකයා ලෙස පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග නොහොත් කප්පම් ප්‍රසන්නට රටට ඇතුළු වීම සඳහා වීසා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 

පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ සංවිධායක වරයාද වන  කප්පන් ප්‍රසන්න පිළිබඳව ජාත්‍යන්තරව පවතින තක්සේරුව මේ සිදුවීම තුළින් සිතා ගත හැකිය.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා ප්‍රතික්ශේප කෙරිණි.සරත් වීරසේකර යනු මෙරට නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙසද කටයුතු කළ තැනැත්තෙකි.

තමාට ඇමරිකාව වීසා නිකුත් නොකිරීම  පිළිබඳව ප්‍රකාශයක් කළ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පවසා තිබුණේ ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නේ තමන් ගෙන් බවය.

මෙවැනි විහිළුකාරයන් වංචාකාරයන් දූෂිතයන් රැසක් මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කරන  රනිල් රාජපක්ෂ ජනපතිවරයාගේ ආණ්ඩුව සංවර්ධනය පිළිබඳව කෙතරම් කයිවාරු ඇද බෑවද ජාත්‍යන්තරය ඉදිරියේ ඉතා බරපතල ආකාරයෙන් හෑල්ලු වෙමින් පවතී.

එයට හොඳම නිදසුනක් ලෙස ගත හැක්කේ මේ වන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට ඇමරිකාවේ සංචාරයකට වීසා නිකුත් කර තිබීමය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්