පොලිස්පතිකම ගැන ජනපති හා ව්‍යවස්ථාදායක සභාව ගැටේ

 



පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සී.ඩී.වික්‍රමරත්නට දෙවන වරට ලබා දී තිබූ මාස 03 ක කාලය පසුගිය ඔක්තෝම්බර් මස 09 වෙනිදායින් පසුව ජනපතිවරයා විසින් ඔහුට ඔක්තෝම්බර් 13 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සති 03 ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා විය.

එහෙත් වයස අවුරුදු 60 ට වැඩි රජයේ නිළධාරීන්ගේ සේවය දීර්ඝ නොකිරීමට රජය ගෙන ඇති තීරණය අනුව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබා දීම අනුමත කළ නොහැකි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තීන්දු කර ඇතැයි දැන ගැන්මට තිබේ.

අද (17)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇති ව්‍යවස්ථාදාවක සභා රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරියවසම්, සහ සිවිල් නියෝජිතයන් සහභාගි වූ බව පැවසේ.එහෙත් ව්‍යවස්ථා දායක සභාවේ  සාමාජිකයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම රැස්වීමට සහභාගි වී නැත.ඔහු මේ වන විට ඉන්දි⁣යාවේ සංචාරයක නිරත වේ.

එහෙත් දැනට චීනයේ සංචාරයක නිරත වන ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාව ගත් මෙම ⁣තීන්දුව පිළිබඳව දැඩි කෝපයට පත් වූ බවත් ඒ අනුව එම තීන්දුව නොතකා නැවතත් සී.ඩී වික්‍රමරත්න පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියෝග කර ඇත.ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දුව නොතකා  ජනපති වරයා නැවත පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න පත්  කිරීමට නියෝග කිරීම පිළිබඳව මේල් නර්ස් සමන් හා මං හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් ආදීන් අද දින සහවස ජනපති ලේකම් කාර්යාලය තුළ සාදයක් පවත්වා තිබේ.ඔවුන් දෙදෙනා එහිදී ප්‍රකාශ කර ඇත්තේ රනිල් ගේ වැඩ හා හැඩ හෙට අනිද්දා වෙන වන විට කාට කාටත් බලාගන්නට පුළුවන් වන බවය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්