මෙරට දේශපාලනයේ හෙට දවසේ ඉරණම පිළිබඳව අපේ අනාවැකිය
- Get link
- X
- Other Apps
- ජනපතිවරයා එම ධුරයේ හිඳුවා ඔහුට රජය පිහිටුවා කටයුතු කිරීම සඳහාපූර්ණ සහයෝගය දුන් පොදු ජන එක්සත් පෙරමුණ සම්බන්ධව නොසලකා ජනපතිවරයා නව කැබිනට් සංශෝධනයේදී ගත් අදූරදර්ශී තීන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණට කනස්සල්ලක් විරෝධයක් මෙන්ම කණගාටුවක් ඇති බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.මෙහිදී වැඩ්දුරටත් පොදුජන පෙරමුණේ ලේකම් වරයා මෙසේද පැවසීය".....මේ කැබිනට් සංශෝධනය සිඳු වූ ආකාරය ගැන අපේ යම් කණගාටුවක් තියෙනවා.අප ඒ පිළිබඳව ජනපතිවරයා දැනුම්වත් කළා.මේ පාර්ලිමේන්තුවෙ බලය පවතින්නෙ පොදු ජන පෙරමුණ සතුවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්නෙ මන්ත්‍රීවරුන් 05 දෙනයි.එතැනදි පොදු ජන පෙරමුණට තිබුණා. ඇමතිකමක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දී තිබෙනවා.ඒ සම්බන්ධව අප සතුටු වෙන්නේ නැහැ.ඒක වැරදි දෙයක්.වැරදි දේ වැරදියි කියන්න අප බය නැහැ.ජනපතිවරයාට එසේ නොකර ඉන්න තිබුණා.නමුත් අප පක්ෂයක් ලෙස තීරණයක් අරන් නැහැ ජනපතිවරයාට සහාය නොදී ඉන්න.අනාගතයේදී ඒ සම්බන්ධව පක්ෂයක් ලෙස තීරණයක් ගන්න වේවි .පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගේ මේ ප්රකාශයෙන්ආණ්ඩුව හා පොදු ජන පෙරමුණ අතර පවතින විරසකය ගැන ඉඟියක් අනාවරණය වේ.මේ වන විටත් පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සා ඇතුළු එම පෙරමුණේම තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනපතිවරයා සමග සම්බන්ධව සිටී.මෙම මන්ත්‍රී කණ්ඩායම තුළ පවතින අදහස වන්නේ ඉදිරියේදී රාජපක්ෂ වරුන් සමග කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවන බවය.ජනපතිවරයාගේ පාර්ශවයද ඉතා කුමන්ත්‍රණකාරීව පොදු ජන පෙරමුණ තුළ පවතින පාර්ලිමේන්තු බලය ඩැහැ ගැනීමට විවිධ සැළසුම් දියත් කරමින් සිටී.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ කිහිප දෙනෙකුගේ සහයෝගයද ජනපතිවරයාට ලැබී තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නෙරපා හරින්නේ ජනපතිවරයාට සහයෝගය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ සැලසුමකටය.දැන් පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂය තුළ පවතින්නේ බරපතල අර්බුදකාරී තත්වයකි.ජනපතිවරයාගේ පාර්ශවය පොදු ජන පෙරමුණ බිඳවීමට ගනිමින් සිටින ක්‍රියා මාර්ග පිළිබඳව රාජපක්ෂවරුන්ගේ සතුටට හේතු නොවන බව පැහැදිලිය.එහෙත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව මේ වන වාට රඳා පවතින්නේ ජනපතිවරයා සතුවය.ඉදිරියේදී මේ දෙපාර්ශවය අතර ඇතිවන ඝට්ටනය දේශපාලනික බලය සඳහා නම් නොවන බව වටහා ගත හැකිය.ඒ ප්‍රශ්ණය ඇති වන්නේ දෙපාර්ශවය අතර දේශපාලනික පෞරෂය ආරක්ෂා කර ගැනීම පිළිබඳව වන්නට පුළුවන.එහි අවසානය පාර්ලිමේන්තුව විසුරවා හැරීම දක්වා දිග හැරෙන ගැටුමක් විය හැකි බවද සැක කළ හැකිය.එහෙත් එහිදී දෙපාර්ශවයම කල්පනා කරන කාරණයක් තිබේ.ඒ තමන් දෙපාර්ශවයටම විරෝධයක් දක්වන පොදු සතුරෙක් මෙරට සමාජය තුළ නිර්මාණය වී සිටින බවය.ඒ ජාතික ජන බලවේගයයි.ජාතික ජන බලවේගයේ ප්‍රහාරයත් සමගම පොදුජන පෙරමුණ හා ජනපතිවරයා ගේ පාර්ශවය අතර පවතින ගැටුම එක පිලක් හැට් ඕෆ් කර පියවරක් පසුපසට ගන්නටත් ඉඩ තිබේ.ඒ දේශපාලනයට වඩා තමන්ගේ ඉදිරි අනාගතය සිර ගෙවල් ලැගීමට ඇති නොකැමැත්ත නිසාය.ජාතික ජන බලවේගය මෙරට පොදු ජන සමාජය තුළ ජනප්‍රිය වී ඇත්තේමෙරට බංකොලොත් කරන ලද දේශපාලන තක්කඩියන්ට නීතිමය දඬුවම් ලබා දෙන බවටත් ඔවුන් විසින් වංචා කර ඇති දේපොල නැවත පවරා ගන්නා බවට කරන ප්‍රකාශයන් නිසාය.අද මෙරට පොදු ජන සමාජය සිය ආර්ථිකය බිඳ වැට්ටවූ තක්කඩි දේශපාලඥයන් පිළිබඳව සිටින්නේ බලවත් ක්‍රෝධයකිනි.ජාතික ජන බලවේගය ඉතා මනාව හා විධිමත්ව ඒ ක්‍රෝධය කළමනාකරණය කරමින් සිටින බව දකින්නට තිබේ.මෙහිදී ජාතික ජන බලවේගය පොදු දේශපාලනික සමාජය තුළ වඩාත් ඉහළට එසවූ මහා සාධකය වන්නේ විශ්‍රාම්ක රණවිරු ප්රජාවය.මේ වන විට ජාතික ජන බලවේගයේ අයෝමය පදනම වී ඇත්තේද මේ රණවිරු මූලාශ්රයයි.මේ වන විට ජාතික ජන බලවේගය සමාජය වෙත මුදා හරිමින් තිබෙන රට සංවර්ධනය කිරීම සඳහා වන පොරොන්දු බලය ලබා ගත් විට මග හැර කටයුතු කරන්නට නොහැකි වන සමාජ වටපිටාවක්ද ඒ තුළ නිර්මාණය වී තිබෙන බවද සඳහන් කළ යුතුය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment