පොලිස්පති ධුරය මුදලට අලෙවි කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ

 


 පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමුතුම මාදිලියේ ජාවාරම්කාර ගණුදෙනුවක නිරත වෙමින් සිටින බවට ලංකා දවසට වාර්තා වී තිබේ.


  • මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු  පක්ෂය තුළ මතුවී ති⁣බෙන බල අර්බුදය කේන්ද්‍රීය කර ගනිමින් ඡෙ.නි⁣.පො. දේශබන්දු තෙන්නකෝන් මෙම ගණු දෙනුව සැළසුම් කර ඇති බව අනාවරණය වේ.

    පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට නිමල් ලන්සා මන්ත්‍රීවරයා සමග ජනපතිවරයාට ඉදිරි දේශපාලන කටයුතු වලදී සහයෝගය දැක්වීම එකඟතාව ප්‍රකාශ කර ඇත.මේ කණ්ඩායම සිය දේශපාලනික මැදිහත්වීම  වඩාත් පුළුල්ව  පවත්වාගෙන යාම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ දේශපාලන කාර්යලයක්ද පසුගිය දිනවලදී විවෘත කරන ලදී.මෙම දේශපාලන කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂගේ න්‍යායාචාර්ය ලෙස ක්‍රියා කළ සිරිපාල අමරසිංහ වේ.නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වෙමින් පවතින මෙම දේශපාලන එකමුතුව රාජපක්ෂවරුන්  නොතකා කටයුතු කරමින් සිටී.

    ඒ අතරේ රාජපක්ෂ වරුන් සමග තවමත් සමීපව සිටින මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක්  නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ නව දේශපාලන සන්ධානයට සම්බන්ධ කිරීමට ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන්⁣ හැකියාවක් පවතින බව නීතිය හා සාමය භාර අමාත්‍ය ටිරාන් අලස් ජනපතිවරයාගේ පාර්ශවය දැනුවත් කර තිබේ.නමුත් ඡෙ.නි.පො.දේශබන්දු තෙන්නකෝන් ඒ සඳහා මැදිහත් වන්නේ පොලිස්පති ධුරය ලබා දෙන්නේ නම් පමනක් බවද ටිරාන් අලස් එහිදී ප්‍රකාශ කර ඇති බවද පැවසේ. මෙම සාකච්ඡාවේදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එම ඉල්ලීම පිළිබඳව යම් එකඟතාවකට පැමිණ ඇති බවද අනාවරණය වේ.

    මේ වන විට ඡෙ.නි.පො.දේශබන්දු තෙන්කෝන්⁣ පොදු ජන පෙරමුණේ රාජපක්ෂ වාදී මන්ත්‍රීවරුන් ගණනාවක් හමුවී සාකච්ඡා  කර ඇති බවද හෙළිිවී තිබේ.එම සාකච්ඡාවලදී ඡෙ.නි.පො. දේශබන්දු තෙන්නකෝන් ඇතැම් මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ රාජපක්ෂ වරුන්ගේ දේශපාලන සමීපත්වයෙන් ඉවත්ව ජනපතිවරයාට සහයෝගය දැක්වීමට සූදානම් නම් කෝටි පහක මුදලක් ගෙවීමට තමන් සූදානම් බවය.
    අපට ලැබී ඇති තොරතුරු අනුව ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම මුදල් ගනුදෙනුවට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

    ⁣ඡෙ.නි.පො දේශබන්දු තෙන්නකෝන් විසින් ගෙනයන මේ වැඩපිළිවෙල පිටුපස නීතිය හා සාමය බාර අමත්‍ය ටිරාන් අලස් සිටී.කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලය තුනී කර දැමීම සඳහා ජනපතිවරයාගේ පාර්ශවය පොලිස්පති ධුරය  හරක් කටා නොහොත් නඳුන් චින්තකට වුවද දීමට සූදානම් බව මේ සිද්ධියෙන් තහවුරු කර ගත හැකිය.ඒ අතරේම පොලිස්පති ධුරය කෝටි ගනනකට අලෙවි විය හැකි ආකාරයක්ද  පෙනෙන්ට තිබේ.  

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්