රටේ මුදල් වැය කර කිසිවෙකුට බොරු නඩු පවරන්න එපා-කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සීඅයිඩීයට අවවාද කරයි

 


රටේ සම්පත් තව තවත් විනාශ කරමින් කිසිම සැකකරුවෙකුට සාධාරණ හේතුවක් නැතුව ⁣නඩු නොපවරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගියදා(26)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කර තිබේ.මෙහිදී ⁣ප්‍රධාන ⁣මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්⁣තේ
සාධාරණ හේතු නොමැතිව නඩු පැවරීමෙන් රජයේ මුදල් පමණක් නොවඅධිකරණයේ හා සැකකරුවන්ගේ කාලය නිකරුණේ වැය වන බවය.

තමා ජනපතිවරණයෙන් ජය ගත් පසු මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සම්බන්ධයෙන් වන ආරවුල් විභාග කිරීමට කාති උසාවි 100 ක් පිහිටුවන බවට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන විසින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට මැතිවරණ පොරොන්දුවක් ලබා දී ඇති බවට අන්තර්ජාලය ⁣ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි චෝදනා කරමින් පසුගිය අරගලයේ ක්‍රියාකාරිකයකු වූ සුමිඳු සෙනරත් නම් නැමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව⁣ට අවවාද කර තිබේ.රජයේ රස පරීක්ෂක වරයාගේ රස පරීක්ෂණ වාර්තාව මේ දක්වා ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් යැවීමට නියෝගයක් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිළධාරියා ප්‍රධාන මහේස්ත්‍රාත්වර යාගෙන් ඉල්ලු අවස්ථාවේ ඒ සඳහා කාලයක් වැය කිරීම පවා නුසුදුසු බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.

සිය සේවාදායකයා එවැනි තොරතුරක් අන්තර්ජාලයට මුදා හැර ඇත්නම් එය නඩු පැවරීමට තරමේ චෝදනාවක්දැයි විමසා ඇති එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල 2020 වසරේදී මෙම චෝදනාව ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිට පසුව මුදා හරින ලද සිය සේවාදායකයාට කිසි පදනමක් නොමැති චෝදනාවක් නිසා වසර ගනනාවක් කාලය හා ධනය වැය කරමින්  අධිකරණයට පැමිණීමට සිඳු වී ඇතැයිද පවසා තිබේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්