කරන කලට පව් මීරිය මීසේ
- Get link
- X
- Other Apps
- තොට හෙණ ගහනවා යැයි අපේ පැරැන්නන් අනෙකාට සාප කෙරුවේ තමන්ට සිඳු වන අසාධාරණය ඉවසා ඉන්නට බැරි වන විටය.වැරදි කරන වුන්ට සමාජය සාප කෙරුවේ ඉබේනිස් නඩු අහන දවසට තීන්දුව බොහොම දරුණු විය හැකි බව කියාය.ජීවත් වෙද්දී කළ අවලම් පාහර මෙලේච්ඡ වැඩ වලට නීතියෙන් දඬුවම් නොලැබුනද ඉබේනිස් නඩුකාරයා දඬුවම් දුන් බොහෝ අය සිටී.ඉන් ඇතමුන් ඉබේනිස් ගේ දඬුවමෙන් විඳවා වල කජ්ජ ගැසුවද තවත් සමහරු විඳව විඳවා ජීවත් වෙමින් සිටින බවට සාක්ෂි තිබේ.ඇඟේ පතේ හයිය තියන කම් බලු කම් කරන වුන් හිතාගෙන ඉන්නේ අපට හැමදාම මේ විදියට ඉන්නට පුළුවන් කියාය.ඒත් කෙලවෙන්නේ අත පය වලංගු නැති වුන දවසටය.අන්න ඒ දවස උදා වූ විට තමන් විසින් සිදු කළ සියළු බලු කම් හෘද සාක්ෂිය විසින් ප්‍රශ්ණ කරනු නිසැකය.
1971 කැරැල්ල අවදියේ කතරගම සිදුවූ තරුණියක ඝාතනය මෙරට ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් විය.එහිදී කතරගම පැවැති අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳා සිටි ප්‍රේමවතී මනම්පේරී නම් තරුණිය හමුදාවේ සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කෙරිණි .එම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරියට හා සැරයන් අමරදාස රත්නායකට සිර දඬුවම් ලැබුණි.ලුතිනන් ඇල්ප්‍රඩ් විජේසූරියගේ පියා කොළඹ රේස් කෝස් පිටියේ අශ්වයන් රේස් සඳහා යෙදවූ විශාල ධනපතියෙකි.එහෙත් සිය පුත්‍රයා දඬුවමෙන් බේරා ගැනීමට ඔහුට නොහැකි විනි.ලුතිනන් ඇල්ප්‍රඩ් ව්ජේසූරිය වැලිකඩ හිරගෙදරදී පාචනය වැළදී රෝගාතුරව සිටියදී හෘදයාබාධයකින් මියගියේය.සැරයන් අමරදාස රත්නායක දඬුවම විඳ නිදහස්ව දෙවුන්දර ප්‍රදේශයේ ඔහුගේ නිවසට ගොස් ජීවත්ව සිටියදී පිහි ඇණුමකට ලක් වී මෙලොව හැර ගියේය.
මහින්ද රාජපක්ෂ කියන්නේ අමුම අමු වනචරයෙකි.කාඩයෙකි.ඇහැට කණට පෙනෙන ළමිස්සියෙක් මුන්දෑට පෙන්නන්නට බැරි බව දන්නෝ දනිති.බීවේ ගල් අරක්කුය.බයිටය හරක් මස්ය.කට ඇරියොත් කිව්වේ අම්බ කුණු හරුපය.ඒත් මුන්දෑ සමාජයට පෙන්නුවේ තමන් තරම් විනීත උපාසකයකු සිංහල බෞදධ ඉතිහාසයේවත් නැති බවටය.මුන්දෑ ගේ වනචරකම හොඳට දැන ගෙන හිටියේ නම් නාකි උපාසකම්මා කෙනෙක්වත් අහල පහල ඉන්නේ නැත.කරන කලට පව් මීරිය මීසේ කිව්වා වාගේම එදා කළ ඒ පව්කාර කම් වලට ඉබේනිස් නඩුකාරයා දඬුවම් දී තිබේ.ඒ තුන් වේලට බත් පිඟානක් සයිස් එකේ බෙහෙත් පෙති කැප්සූල් බොන්නටය.ඉන්ජක්සන් කටු වලින් හම හිල් කර ගන්ටය.හුජ්ජ කරන මල්ල බඩේ එල්ලාගෙන ඇවිදින්ටය.මුන්දෑ ඇඟේ හයියෙන් හා දේශපාලන බල පුළුවන් කාර කමින් සිදු කළ පව්කාර වැඩ වලට නීතියෙන් දඬුවම් නොදුන්නාට දැන් බඩු හම්බ වී තිබේ.විඳවන රෝගය වැළඳී ඇත්තේ මුන්දෑ වැඩියෙන් භාවිතා කළ පුරුෂ ලිංඟය ආශ්‍රිතවය.හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස හා හිටපු ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න දෙදෙනා මේ රටේ මහ පොළව මිනිස් රුධිරයෙන් පොඟවන්නට දායක වූ මෙලෙච්ඡයන් දෙදෙනෙකි.මේ සාහසිකයන් දෙදෙනාම මහ පාරේ අළු දූලි බවට පත් වී සුන්නත්දූලි වී ගියේය.භීෂණය රට පුරා පැතිර ගිය අසූ නවය වර්ෂයේදී ඇඹිලපිටිය සිඳුවූ අහිංසක දරුවන්ගේ ඝාතනයට අණ දුන් බ්‍රිගේඩියර් පැරී ලියනගේ නම් ලොල්ලා මිය ගියේ වකුගුඩු අමාරුව හැදී අපා දුක් විඳමින් කෙඳිරි ගගා ජීවත්ව සිටය.ජනපතිවරණයෙන් පැරදුන ජනරාල් සරත් ෆොන්සේකා රාජපක්ෂ මදාවියන්ගේ නියෝග වලට අනුව අත් අඩංගුවට ගත්තේ මේජර් ජනරාල් සුමිත් මානවඩුය.ජනරාල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගත් අවස්ථාවේ මේජර් ජනරාල් සුමිත් මානවඩු විසින් ඔහු මහ පාරේ දන ගස්වා පයින් හිසට පහර දී තිබුණි. මේජර් ජනරාල් සුමිත් මානවඩු මිය ගියේ තමන් ගේ නිවසේ මැද බාල්කය හිස උඩට වැටී චප්ප වීමෙනි.රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට සම්බන්ධ වූ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පිලිකාවක් වැළඳී විඳවා මිය ගියේය.රාජපක්ෂවරුන්ගේ සාහසික ඝාතන සඳහා අත් උදව් සැපයූ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරද විඳවා වල කජ්ජ ගැසුවේය.දේශපාලනිකව සිදු කළ මෙලේච්ඡ කම් මෙලොවදීම ඇස් පනා පිට පටිසන් දීමේ වන විටත් ඇඳ උඩ ගූ හුජ්ජ වල දැවටී විඳවන පාදඩයෙක් සිටී.ඒ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරය.එහෙමත් නැතුව හඳුන්වනවා නම් විදුලිබල ඇමති කාංචන විජේසේකරගේ අප්පාය.මොහු ඇමතිවරයකු ලෙස සිටියදී සිදු කළ පාහර මදාවි වැඩ ගැන දන්නා කියන අයවළුන්ට නම් මේ විඳවිල්ල ගැන අමුතුවෙන් කරුණු කාරණා හිතන්නට ඕනෑ නැත.මේ රටේ සිටි විශාලම කුඩු ජාවරම්කාරයා මහින්ද විජේසේකරය. මෙරටට හොරොයින් තොග ගානට ගෙන ආවේ ඔහුගේ බිරිඳට අයත් බහුදින යාත්‍රා වලිනි.දකුණේ සිඳු වූ මිනිස් ඝාතන රැසකට දායකවී පසුව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ මනෝජ් මෙන්ඩිස් ඝාතනය වූයේ හිසට වෙඩි පහරවල් එල්ල වීමෙනි.අද ඔහුගේ බිරිඳ පවුල් කන්නේ ඔහු අසල සිටි පාතාලයකු සමගය.මනෝජ් මෙන්ඩිස්ට පොලීසියේ රැකවරණය සැපයූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට පොලීසියෙන් ගෙදර යන්නට සිද්ධ වූයේ අධිකරණයෙන් දඬුවම් ලබමිනි.ඡ්යෙෂ්ඨනියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් සේවාවේ සිටියදී සිදු කෙරුවේ පජාත පාදඩකම්ය.දැන් ලලිත් ජයසිංහට ජීවිතය ගෙනියන්නට සිද්ධ වී ඇත්තේ හූල්ල හූල්ලාය.පොලිස් සේවාවේදී බොහෝ අනීතික මිනිස් ඝාතන වලට ප්‍රසිද්ධියක් ඉසිලූ නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්ධන අද වැලිකඩ හිරගෙදර එචි මැදිරියේ විඳවන්නේ ජම්පරය ඇඳගෙනය.ඔහු විතරක් ඒ විඳවිල්ල විඳවනවා නම් මැදෑ.ජමිපරය ඇඳ ගත් පුතාද ඔහු සමග විඳවමින් සිටී.අජිත් පැරකුම් ජයසිංහ නම් මාධ්‍යවේදියා රචනා කරන ලද කේ පොයින්ට් නම් ග්‍රන්ථය ලියවී ඇත්තේ 89 භීෂණය කාලයේදී හමුදා වද කඳවුරකදී ඔහුට විඳින්නට සිඳුවූ ශාරිරික හිංසනය පිළිබඳවය.අත් අඩංගුවේ සිටියදී ඔහු උස්සා පොළොවේ ගසා විනෝද වූ සෙනෙවිරත්න නම් හමුදා සැරයන් වරයකු ගැන අජිත් පැරකුම් එහි සඳහනක් කර ඇත.මේ සැරයන් සෙනෙවිරත්න ඒ දින වල මෙලෙච්ඡ මිනිස් ඝාතකයෙක් ලෙස ප්‍රචලිතව සිටියේය.මාතර කඹුරුපිටියේ පදිංචි කරුවකු වූ ඔහු මිනිස් ඝාතනයන්ට නැඹුරු වූයේ ඔහුගේ සහෝදරයා දේශප්‍රේමී බලකාය විසින් මරා දැමීම නිසා බව කියවේ.මේ කාලයේදී සැරයන් සෙනෙවිරත්න විවාහය සඳහා දින නියම කර ගෙන සිටි අතර සිය බිරිඳ වීමට අපේක්ෂිත තැනැත්තියට ස්වර්ණාභරණ අරගෙන දීමට ඇය පැමිණෙන තුරු ඔහු එක් දිනක තර්ස්ටන් හන්දියේ පිහිටි ත්‍රිවිධ හමුදා මෙහෙයුම් කඳවුරේ ගේට්ටුව අසලට වී බලා ගෙන සිටියේය.මෙහිදී කඳවුර ඇතුළතට වේගයෙන් පැමිණෙන වෑන් රථයක් දැක සෙනෙවිරත්න ඉදිරියට ගියේ එම වෑන් රථය නැවැත්වීමේ අපේක්ෂාවෙනි. ත්රස්තවාදීන් ගේ මරාගෙන මැරෙන මෙහෙයමක් සඳහා ඉලක්ක පථයට පැමිණි ඒ වෑන් රථය පිපිරී ගියේ සැරයන් සෙනෙවිරත්නගේ සිරුරේ ඇට කැබැල්ලක්වත් හොයා ගන්නට බැරි වන ආකාරයටය.බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු ලෙස කටයුතු කළ සරත් සමරජීව 89 භීෂණය අවදියේදී ජවිපෙ සාමාජිකයන් තොග ගණනට ඝාතනය කිරීමට සම්බන්ධ වූ අයෙකි.මොහු හට එම ඝාතනයන් කිරීමට එවකට හිටපු ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න විසින් ආයුද පවා සපයා තිබුණි.මේ වන විට සරත් සමරජීව මානසික ආබාධිතයකු බවට පත්ව කරුමය ගෙවමින් සිටී.සරත් සමරජීව සමග ජවිපෙ තරුණයන් ඝාතනය කළ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ලෙනෝරා හදිසි රිය අනතුරකට ලක්ව මිය ගියේය.මේ රිය අනතුර සිදුවූ ස්ථානය උප පොලිස් පරීක්ෂක ලෙනෝරා විසින් අත් අඩංගුවට ගන්නා තරුණයන් ඝාතනය කළ ස්ථානයම විය.ලෙනෝරා ගමන් ගත් වාහනයේ හත් අට දෙනෙකු සිටියද ඔවුන් කිසිවෙක් අනතුරට ලක් නොවීය.එවකට මෙම කල්ලිය සමග සම්බන්ධව සිටි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ රණසිංහ ගේ දෙකකුලේම නිතර සැරව ගලා යන කුෂ්ඨයක් මතුව වේදනා විඳ පසුව මිය ගියේය.ලෙනෝරා ගේ මිනීමරු කණ්ඩායමේ සිටි පොලීසියේ සැරයන් දිසානායක මානසික ආබාධිතයෙක් බවට පත්ව කලුතර ප්‍රදේශයේ ජීවත් වේ.
මේජර් මුතාලිබ් යනු 89 භීෂණය දිනවල කොළඹ පිහිටා තිබූ කැපටේරියා නම් හමුදා වදකාගාරය බාරව සිටි හමුදා නිළධාරියා විය.මොහු අමු තිරිසන් මිනිස්ඝාතයෙක් බව ඒ දින වල අත් අඩංගුවේ සිට නිදහස් වූ බොහෝ දෙනෙකු අනාවරණය කර තිබේ. පසු කලකදී මේජර් මුතාලිබ් ඝාතනය වූ අතර එහි වගකීම එල්ටීටී කල්ලියට බැර විය.එහෙත් ඔහු ඝාතනය කරන ලද්දේ තමන් සමග එකට බුද්ධි බලකායේ රාජකාරි කළ පිල්ලෙයාන් ගේ කණ්ඩායමක් වෙතිනි.රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ වූ මේජර් ජනරාල් අල්ගම එල්ටීටී බෝම්බයකට හසුව කොළඹදී ශරීරය කුඩු වී මෙලොව හැර ගියේය.ඒ හා සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති රොනී ගුණසිංහද හිටපු ජනපති ප්‍රේමදාස රණසිංහ ඝාතනය කරන ලද මිනිස් බෝම්බයට හසුව කුඩු පට්ටම් විනි.විජේවීර ඝාතනය කිරීමෙන් පසුව ඔහු ගෑස් පිළිස්සුමට විසි කළ හමුදා සැරයන් වරයකු වූ ත්රීමාවිතාන විශ්‍රාම ගොස් සිටියදී යතුරු පැදි අනතුරකට ලක්ව හිස කුඩු වී මිය ගියේය.මිල්ටෙරි නන්දසේන බලයට පත් කිරීම සඳහා නාග ලෝකයෙන් ධාතු ගෙන ආවේ යැයි ප්‍රචාරය කිරිමේ සිද්ධියට සම්බන්ධ වූ තරුණයා මේ වන විට අංශ භාග රෝගය වැළඳී කළ පව් ගෙවමින් සිටී.මිල්ටෙරි නන්දසේන බලයෙන් පහ කර එලවා දැමීමට පැමිණි අරගල කරුවන් අතර සිටි විශ්‍රාමික හමුදා බලලත් නිළධාරීවරයකුට හිසට පොලු පහරක් වැදී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ මාස ගණනාවක් විඳවමින් සිට මිය ගියේය.මේ හමුදා බලලත් නිළධාරීයා සිය රෙජිමෙන්තුව තුළ හැඳින්වූ අනවර්ථ නම වූයේ පැකින්ය.පැකින් යනුවෙන් ඔහු හැඳින්වීමට පසුබිම් අර්ථයක් තිබුණි.ඒ 89 භීෂණ සමයේදී අත් අඩංගුවට ගෙන හමුදා කඳවුරට ගෙන එන ලද ජවිපෙ තරුණයන් මරා කැබලි කර පුළුස්සා දැමීම සඳහා ගෙන යාමට ගෝනි වලට දැමීම බාර වූයේ මොහුට නිසාය.මොහු විවාහ වීමෙන් පසු ලද වැඩිමහල් දරුවාද මන්ද මානසික දරුවෙක් විය.කීත් නොයාර් හා උපාලි තෙන්නකෝන්ට සාහසික ලෙස පහර දීමට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි බුද්ධි බලකායේ වීරරත්න නම් හමුදා සෙබලා මෑතකදී කරන්දෙණිය හමුදා කඳවුරෙන් ටී පනස් හයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.වසර විස්සක පමණ හමුදා සේවා කාලයක් සපුරා ඇති මොහු තව අවුරුදු දෙකකින් විශ්‍රාම යාමට නියමිතව සිටියේය.එහෙත් දැන් ඔහුට විශ්‍රාම වැටුප අහිමිව හිරේ විලංගුවේ විඳවීමේ ඉඩ කඩ වැඩිය.ඊයේ පෙරේදා දවසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂක ගේ ආරක්ෂක ඛණ්ඩයට අයත් පොලිස් පරීක්ෂක එම්.ජී.ප්‍රදීප් ගේ සත් හැවිරිදි දරුවා මිය ගියේ මොළයට විෂ බීජයක් යාමෙනි.රගර් ක්‍රීඩක තාජුඩීන් අමු අමුවේ ඝාතනය කර ඔහුගේ රථය තුළම පුළුස්සා දැමීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූයේ මේ උප පොලිස් පරීක්ෂක එම්.ජී.ප්‍රදීප් වේ.ඝාතනය කෙරුණ තාජුඩීන්ගේ ඡායාරූප මාධ්‍ය වල පලවන්නේ ඔහු සිය හුරතල් දරුවා සමග සිටින ඡායාරූප වේ.එහෙත් උප පොලිස් පරීක්ෂක එම්.ජී.ප්‍රදීප්ට හා රේනුකා සමන්ති නම් වූ ඔහුගේ බිරිඳට මිය ගිය තම පුතා වෙනුවෙන් මුහුණ පොතෙහි ශෝකී සටහනක් යෙදීම පවා රාජපක්ෂ පවුල තහනම් කර තිබේ.ප්‍රදීප් ගේ පුත්‍රයා මිය යෑම හා ඔහු සම්බන්ධ කරගෙන රාජපක්ෂ පවුල සිඳු කරන ලද මිනීමැරුම් ක්‍රියාකාරකම් ගැන දන්නා යම් යම් පුද්ගලයන් රාජපක්ෂ වරුන්ට එරෙහිව එම සිඳුවීම ඈදා ගැනීමට ඉඩ ඇති හෙයින් එම වාරණය පනවන ලද බව අනාවරණය වූයේය.රජ බිසවගේ පා සළඹ සොරකම් කෙරුවේ යැයි පත්තිනි දේවියගේ සැමියා වූ පාලඟ කුමරු නිරපරාදේ චෝදනා කර මරණයට පත් කරයි.මින් වේදනාවට පත් පත්තිණි දේවිය සිය පයෝදරය කඩා පොළොවේ ගසා සාප කරයි.ඉන් නැඟුණ ගින්නෙන් පඬි රට දැවී හළු වේ.මේ පත්තිණි දේවිය පිළිබඳ පුරා වෘත්තයේ සංක්ෂිප්තයයි.අප ඒ පුරාවෘත්තය මෙහි සඳහන් කෙරුවේ වර්තමානයේ සිඳු වූ එවැනිම සිඳුවීමක් සිහිපත් කරන්ටය.සන්ධ්‍යා එක්නැළිගොඩ නම් වීර්ය සම්පන්න ගැහැණිය අවුරුදු ගණනාවක් තිස්සේ සාධාරණය ඉල්ලා සටන් කරන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ නම් තම සැමියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන ලෙසට බල කරමිනි.මෑතකදී ඇය මහා භද්‍ර කාලී දේවාලයේදී හිස මුඩු කොට පොල් ගසා මහා භද්‍ර කාලියට බාරයක් වී සාප කෙරුවේ තමන් ගේ සැමියා අතුරුදන් කළ මිනීමරුවන්ට එරෙහිවය.ලිංගික ක්‍රියාවන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අපහාස කරමින් චෝදනා කළ මාගල්කන්දේ සුදත්ත නම් චීවරධාරියාට මෙලොවදීම ඒ අපහාස කිරීමේ කර්ම විපාක වලට මුහුණ දෙන්නට සිඳු වූයේ මෑතකදීය.
සමාජය සන්ධ්‍යාගේ පලි ගැහිල්ල එතරම් ගණනකට ගත්තේ නැත.එහෙත්ඒ පලි ගැසීම හා සාප කිරීම සිදු කර ගෙවී ගියේ ඉතා සුළු කාලයකි.මුළු රට පුර කෝවිඩ් වසංගතය පැතිරී ගියේ හරියටම පත්තිනි දේවිය කළ සාපයෙන් පඬි රට විනාශ වූ හැඩයටමය.අනතුරුව ප්‍රගීත් ගේ අතුරුදන් වීමට ප්‍රධාන සැකකරු වූ මිල්ටෙරි නන්දසේනට ලැජ්ජා සහගත අයුරින් ජනපති කම අත්හැර පලා යන්නට සිඳුවිය.මිල්ටෙරි නන්දසේන අවදිවන සෑම උදෑසනකමද නින්දට යන සෑම රාත්රියකමද තමන්ට සිඳු වූ මේ විපත ගැන හූල්ලන්නේ නැති නම් පුදුමය.මුන්දෑ අදටත් සිටිනවා ඇත්තේ විඳවමිනි.විද්‍යාත්මකව වර නගන විට මේ සිදුවීම් විශ්වාස කරන්නට නොහැකිය.එහෙත් මේ සිදුවීම් වල යම් අද්භූත බවක් හා සාධාරණීකරණයක් පවතී.අපේ පැරැන්නන් කාගෙන් බේරුනත් ඉබේනිස් ගෙන් බේරෙන්න බෑ යැයි කිව්වේ ජීවත්ව සිටියදී පව් පින් නොතකා තුච්ඡ නින්දිත වැඩ කළ වුන් ඇස් පනා පිට මෙලොවදීම පල දී දුක් විඳන හැටි අත්දුටු මේ අත්දැකීම් මත පිහිටා බව අපට නිගමනය කළ හැකිය.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment