ඇහැලියගොඩ ඕඅයිසී මිය ගියේ බීමත්ව නිල අවියෙන් වැඩ කිඩ පෙන්නන්ට ගොසිනි
පසුගියදා ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රියංකර සිල්වා වෙඩි තබා ගෙන මිය ගියේය.ඔහුගේ අවමංඟල්‍ය කටයුතු සදහා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවා සහභාගි විය.එම මරණය පිළිබඳව මරණ පරීක්ෂණ අවසන්ය.මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ සිය දිවි නසා ගත් බවය .පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ තොරතුරු සමාජයට වසන් විය.ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ප්‍රියංකර සිල්වාට සිය දිවි නසා ගැනීමේ කිසිදු අදහසක් නොතිබුණි.සිද්ධිය වූයේ පොලිස් වැඩ අනියම් පෙම්වතියට පෙන්වීමට ගොසිනි.එය සැබවින්ම අත් වැරැද්දකි.තමන් අතින් සිඳු වූ අත් වැරැද්ද නිසාම ඡ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ගේ ජීවිතය අවසන් විය.ඡෙ.පො.ප.සුජිත් ප්‍රියංකර විවාහක යෙක් වුවද ඔහු තවත් තරුණියක හා අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය අයෙකි.ඇතැම් අවස්ථාවලදී සුජිත් ප්‍රියංකර තමන් සමග අධ්‍යාපනය හැදෑරූ පාසැල් සගයන් හට දුරකතන ඇමතුම් ගෙන බිරිඳ තමන් සැක කරන බවත් ඒ නිසා ආරවුල් ඇතිවන බවත් පවසා තිබේ.සිද්ධිය වූ දින සුජිත් ප්‍රියංකර සිට ඇත්තේ කරටිය කැඩෙන තරමේ මත්පැන් පානය කොටය.පියවි සිහියක් නැති තරමට බීමත්ව සිටි සුජිත් සිය නිල නිවාසයේදී තමන්ගේ අනියම් පෙම්වතියට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන තමන්ගේ නිල පිස්තෝලය ගෙන ඉහලට වෙඩි දෙකක් තබා තමන්ගේ කෙරුවාව පෙන්වා ඇත.අනතුරුව පිස්තෝලයේ පතොරම් ගැබ ඉවත්කර පිස්තෝලයේ කට හිස ළඟට ලංකර පෙන්වා තමන් වෙඩි තබා ගන්නා බවට ඇඟවීමක් කර තිබෙි.සුජිත් ප්‍රියංකර සිහියේ තිබුණේ සිය පිස්තෝලයේ පතොරම් ගැබ නැති බව පමණය.විනෝදය සඳහා සිය අනියම් පෙම්වතිය බිය ගැන්වීම ඔහුගේ අරමුණ විය.එහෙත් සුජිත් ප්‍රියංකර පිස්තෝලය එල්ල කිරීමට පෙර ඉහලට වෙඩි දෙකක් තබා පතොරමි ගැබ ඉවත් කෙරුවද ස්වයංක්‍රීයව තවත් පතොරමක් අවිය තුළ තුළට යන බව සිතන්නට තරමේ මානසිකත්වයක ඔහු නොසිටියේය.ඒ බීමත් කම නිසාය.සිය අනියම් පෙම්වතිය බිය වද්දා ආස්වාදයක් විඳින්නට ගිය සුජිත් ප්‍රියංකර ගේ මරුවා වූයේ පිස්තෝලයේ ස්වයංක්‍රීයව රැඳී තිබුණු පතොරමයි.ඡෙ.පො.ප.සුජිත් ප්‍රියංකරගේ ජීවිතය අවසන් වූ සිද්ධියේ රටට වසන් වූ සත්‍යය එයයි.මේවා හැම දෙනාටම පාඩම්ය.
Comments
Post a Comment