ටිරාන් අලස් ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රයක යෙදී ඇතැයි සැකයක් මතුවෙලා

 


නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳගේ සමීපතමයකු ලෙස ප්‍රසිද්ධ ලක්ෂමන් ෆොන්සේකා ඉතා රහසිගතව කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ගොස් ඇතැයි ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.


තම පුද්ගලික වාහනයෙන් ටිරාන් අලස් ඇමතිවරයා විසින් ලක්ෂමන් ෆොන්සේකා කටුනායකට රැගෙන ⁣යන විට සිය පරිවාර පොලිස් ආරක්ෂක රථ හා ආරක්ෂක නිළධාරීන් පවා කැඳවා ගෙන ගොස් නැති බවද වාර්තා වේ.

ඉතා රහසිගතව සිඳුවී ඇති මෙම සිඳුවීම ආණ්ඩුවේ අභ්‍යන්තරයේ බරපතල සාකච්ඡාවකට හේතු වී ඇතැයිද දැන ගැන්මට තිබේ.

මෙහිදී ටිරාන් අලස් යනු ගේම් කාරයකු හා හොඳ පාවා දෙන්නකු බව ප්‍රකාශ කර ඇති ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ⁣එවැනි ගේම් කාරයන්ට ආණ්ඩුවේ ආයුෂ කාලය ගැන හොඳ ඉවක් තිබෙන බවත් එය ආණ්ඩුව බිඳ දැමීමේ කුමන්ත්‍රණයක්ද විය හැකි බැවින් සියළුම දෙනා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා