නීතිඥ හිජාස් හිසබුල්ලාට එරෙහිව දුන් සාක්ෂි අසත්‍ය බව සාක්ෂිකරුවකු මහාධිකරණයේදී පිළිගනී

 


  • නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ විදුහල්පතිවරයකු ලෙස සේවය කරන ලද මොහොමඩ් ශකීල් යන අයවළුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයිසීසීපීආර් පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුව පසුගියදා (19) කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නඩුවේ දෙවන සාක්ෂිකරු වන මොහොමඩ් ෆවුසාන් නැමැත්තා විසින් තමන් මෙම නඩුවේ මුල් අවස්ථාවේ ලබා දුන් සාක්ෂි අසත්‍ය බව අධිකරණය ඉදිරියේදී පිළිගන්නා ලදී.

    එහිදී ඔහු විසින් මීට පෙර සහරාන් හෂීම් පුත්තලම අල් සහීයීරා මද්‍රසා පාසැලට පැමිණ දේශන පැවැත්වීම,ෆාතිමා හා සාරා ජෙස්මින් යන කාන්තාවන් එම පාසැලට පැමිණ දේශන පැවැත්වීම,ප්‍රක්ෂේපන යන්ත්‍රයක් යොදා ගෙන යුද්ධය පිළිබඳව එහිදී වීඩියෝ දර්ශන පෙන්වීම ආදිය සිඳු කළ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි දී සඳහන් කර තිබුණි.තමන් දුන් එම සාක්ෂිය සම්පූර්ණයෙන් අසත්‍ය බවට මොහොමඩ් ෆවුසාන් විසින් මෙහිදී පිළිගෙන තිබේ.

    මෙම නඩුවේ නීතිපතිවරයා නියෝජනය කරන ලද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් ප්‍රසන්න සිල්වා පැමිණිල්ලට අගතියදායක සාක්ෂි සැපයීම සම්බන්ධයෙන් සාක්ෂි ආඥා පනතේ 154 වගන්තිය යටතේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්ණ කිරීමට මහාධිකරණ විනිසුරු තුමියගෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අධිකරණය අවසරය ලැබී ඇත.ඒ අනුව සිඳු කළ හරස් ප්‍රශ්ණ ඇසීමේදීද සාක්ෂි කරු තමන් මීට පෙර ලබා දී ඇති සාක්ෂි අසත්‍ය බවට පිළිගෙන තිබේ.

    පසුව මේ සම්බන්ධයෙන් තීන්දුව ලබා දී ඇති  මහාධිකරණ විනිසුරුතුමිය මෙම සාක්ෂිකරුට එරෙහිව අපරාධ නඩු  විධාන සංග්‍රහයේ 449 වගන්තිය යටතේ ක්‍රියා කරන ලෙස නියෝග කරන ලද බව වාර්තා වේ. 

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පාස්කු ඉරිදා බෝම්බ කරුවන්ට ආධාර අනුබල දීම සහ ප්‍රජාවන් අතර ආගමික සංහඳියාවට හානිකර යැයි සැලකෙන කටයුතු වල නියැලීම යන චෝදනා පදනම් කරගනිමින් 2020 අප්‍රේල් 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන තිබුණි.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්