එල්ටීටී ත්‍රස්තවාදී වැඩ නිසා මෙරට අසාදු ලේඛන ගත කර සි⁣ටි එමිල් කාන්තන් හා සගයකුට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණේ ගෙන් තෑග්ගක්

 


 

මෙරට ත්‍රස්තවාදී කටයුතු වලට හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛන ගත කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ⁣ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.



ඒ අනුව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙන වව්නියාව,වෙප්පම්කුලම්,මරදවාඩි මාවතේ පදිංචි නික්ලාපිල්ලේ ඇනත්නී එමිල් ලක්ෂමි කාන්තන් හා යාපනය නල්ලූර් කච්චේරි පාරේ පදිංචි මුරුගේසු ශ්‍රී ශන්මුගරාජා යන පුද්ගලයන් එලෙස මෙරට අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබේ.එමිල් කාන්තන් 2014 වර්ෂයේ සිට මෙරට අසාදු ලේඛනය⁣ට ඇතුළත් කරන ලද්දේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් 
2010 ජුලි 27 වන දා සිට අන්තර්ජාතික පොලීසිය වෙතින් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවය.

කළුතර බන්ධනාගාරය තුළදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හට පහරදී බරපතල තුවාල සිඳු කර මරා දැමීමට තැත් කළ බව⁣ට චෝදනා ලැබ සිටි එමිල් කාන්තන් ⁣එල්ටීටී සංවිධානයේ මුල්‍ය අංශ ප්‍රධානියාද ලෙස කටයුතු කර තිබුණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කළ ජනපතිවරණයේදී ඔහු හා එල්ටීටී නායක ප්‍රභාකරන් අතර රහස් ගිවිසුමක් ඇති කිරීම සඳහා මැදිහත්කරුවා ලෙස ක්‍රියා කළ එමිල් කාන්තන් එහිදී සිඳු වූ බවට කියවෙන සියලුම මුදල් ගණුදෙනු වලට සම්බන්ධ වූ බවට වාර්තා වී ඇත.

වව්නියාව ප්‍රදේශයේ උපත ලද එමිල් කාන්තන් තරුණ විය ගත කර ඇත්තේ  කොළඹය.පසුව දුරකථන සේවා සමාගමක උතුරු පලාතේ නියෝජිතයා වශයෙන් කටයුතු කර තිබේ.එම සමාගමේ ඉඳිකිරීම් කොන්ත්‍රාත්කර ගෙන ඇත්තේ මේ වන විට නීතිය හා සාමය අමාත්‍යවරයා වන ටිරාන් අලස් වේ.මහින්ද රාජපක්ෂ ජනපතිවරණයේදීරනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීම සදහා එල්ටීටීයට මුදල් ගණුදෙනුව සම්බන්ධීකරණය කළ එමිල් කාන්තන් සමග එම මුදල් ගෙන යාමට ටිරාන් අලස් බැසිල් රාජපක්ෂ හා ශ්‍රීපති සූරියආරච්චි යන අයවළුන් එක් වූ බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබූණි.
 
එම ගණදෙනුව නිම වී නැවත කොළඹ පැමිණ අරලිය ගහ මන්දිරයට ගිය විට මහින්ද රාජපක්ෂ ඔවුන් වැළඳ ගෙන සුබ පැතූ බවද පැවසේ.පසු කාලයකදී ශ්‍රීපති සූරියආරච්චි අබිරහස් ලෙස මිය ගිය අතර එමිල් කාන්තන් ඩුබායි රාජ්‍යයට ගොස් ඇතැයි වාර්තා විය.පසු කලකදී රාජපක්ෂ රජය විසින් එමිල් කාන්තන් අත්අඩංගුව⁣ට ගැනීමට සූදානම් වූ අතර එහිදී එමිල් කාන්තන් ප්‍රකාශ කරන ලද්දේ තමන් අත් අඩංගුවට ගන්නවානම් ඊට පෙර රාජපක්ෂ වරුන්ගේ අවශ්‍යතා අනුව තමන් අතරමැදියකු වශයෙන් එල්ටීටීයට හා කළ මුල්‍යමය ගණුදෙනුව සිඳු කර ඇති ආකාරය වීඩියෝ කර ඇති බවත් එය අන්තර්ජාලයට මුදා හරින බවත්ය.රාජපක්ෂ රජය ඉන් අනතුරුව එමිල් කාන්තන් අත් අඩංගුවට ගැනීමේ සැළසුම ඉවත් කර ගන්නා ලදී. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්